කෙල්ලන්ගේ ලයින්ස්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    කෙල්ලන්ගේ ලයින්ස්

    ඇයි කොල්ලො විතරද? කෙල්ලො කොල්ලොන්ට ලයින් දාන්නෙ මෙහෙමයි ;)

    :love: බැලුම් හෙලා :love:

    lmyoVfU.gif


    කෙල්ලො ඉතින් වැඩි හරියක් කතා කරන්නෙ ඇස්වලින්ලුනෙ. ඇස් කරකෝල බලන එකත් ඉතින් අර 64න් එකක් තමයිලු ;) කොල්ලෙක්ට හිත ගියාමත් මුලින්ම කරන්නෙ ඒ කොල්ල දිහා බලන් ඉඳල කොල්ල බලපු ගමන් අහක බලාගන්න එක. පස්සෙ කොල්ල බැලුවමත් තප්පර ගාණක අයි කන්ටැක් එකක් තියන් ඉඳල බලන් හිටියෙ නෑ වගේ වෙන පැත්තක් බලනව.

    හීන් හිනා

    75BCWhC.gif


    බැලුම් හෙලීමේ ඊළඟ පියවර අර බැල්මත් එක්ක ලාවට හිනා වෙන එක. කට කොනකින් ලැජ්ජාවෙන් වගේ හිනා වෙලා එයාට නෙවෙයි වගේ යාලුවෙක් එක්ක කතාවට වැටෙනව. ආපහු හොරෙන් බැල්මක් දාල බලන්නෙ අර හිනාවට කොල්ල වහ වැටුනද කියල දැනගන්න. ඔය හීන් හිනා සහ ඇස් කතා බාසාව කොල්ලෙක් උනාම පොඩ්ඩක් දැනගෙන ඉන්නම වෙනව ඔන්න.

    යාළු මාළු දැලේ දා ගැනීම

    EQ9hcUL.jpg


    හිත ගිය කොල්ලට ළංවීමේ ඊළඟ ස්ටෙප් එක තමයි ඒ කොල්ලගෙ හිතවත් යෙහෙළියො එක්ක හිතවත්කමක් ඇති කරගන්න එක. ඕකෙ ඉතින් අරමුණු දෙක තුනක්ම තියෙනව. එකක් තමයි අර කොල්ල ගැන පොඩි විස්තර ටිකක් හොයාගන්න එක. එයාට කෙල්ලෙක් ඉන්නවද එයාගෙ හැසිරීම කොහොමද වගෙ දේවල්. අනිත් එක තමයි ඒ කෙල්ලො මාර්ගයෙන් අර කොල්ල එක්ක පොඩි චැට් එකක් දාන්න එහෙමත් නැත්නම් එකට ඉන්න චාන්ස් එක පොඩ්ඩක් වැඩි කරගන්න එක. කොල්ලගෙ අවධානය දිනා ගන්නත් ඉතින් නිතර ළඟපාතක පේන්න ඉන්න එපැයි.

    අවධානය ගන්න ඕන එකක්

    KKfMLd1.jpg


    ඔන්න ඔය අවධානය කියන එක නම් කෙල්ලෙක්ට ඕනෙමයි. කොටින්ම කසාද දික්කසාද දක්වා දුර යන අංක එකේ හේතුවක් ඕක. ඉතින් තමන් කැමති කොල්ලගෙ අවධානය පොඩ්ඩක් දිනාගන්න එයා එයාගෙ යාළුවො එක්ක ඉද්දි තේරුමක් නැති දේකට පොඩි කතාවක් ඇදගෙන වාද කරන එක ඒ හැටි වැඩක් නෙවෙයි කෙල්ලෙක්ට. කෙල්ලො ඉතින් වැඩකට නෑ වගේ පේන ගොඩක් ඒව කරන්නෙ මොකක් හරි හේතුවකටම තමා. ඒකත් 64න් එකක්ලු. :P

    එයාගෙ නොම්බරේ

    FWpa037.jpg


    ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලො වගේම ඉතින් නැහැදිච්චකමක් නැතත් කෙලින් වැඩ කරන කෙල්ලොත් ඉන්නවනෙ. එහෙම කෙල්ලෙක් නම් ඉතින් කෙලින්ම කතා කරල ෆෝන් නම්බර් එක ඉල්ලගන්නව. නැත්නම් ඉතින් යාළුවෙක් මාර්ගෙන් නම්බර් එක ඉල්ලගෙන ක්ලාස් එකේ වැඩකට වගේ ශේප් එකේ කතා කරනව.

    ලයික් එකෙන් චැට් එකට

    HIXP8C8.gif


    ඒත් අද දවසෙ මොඩන් කෙල්ලට මොන නොම්බරද? ඔය Facebook, Twitter, Instagram වගේ social mediaවල කොල්ලගෙ අකවුන්ට් වලට ඇඩ් වෙලා ලයික් කමෙන්ට් දාන ගමන් චැට් එකට හිමීට සෙට් වෙනව. චැට් කරන්න ඉතින් වෙලාවක් කලාවක් නෑනෙ. තමන්ගෙ හිත ගිය කොල්ලව දැලේ දාගන්නකම් චැට් එක දිගටම යනව ඉතින්.

    යාළු මාළු ටැන්කියෙන් ඉවතට

    e28W3T7.jpg


    ඔන්න වැඩේ සීරියස් වේගෙන එද්දි වෙන දෙයක් තමා ඉරිසියාව වැඩි වීම. ඔය ඉරිසියාව සිරියාවට වැඩිය ලොකුයි කිව්වට ඒක ඊටත් වඩා සෑහෙන ලොකුයි. ඉරිසියාවේ ප්‍රථිපලයක් හැටියට හෙමින් හෙමින් අර කොල්ලව එයාගෙ යාළු කෙල්ලොන්ගෙන් ඈත් කරවන එක තමා ඊළඟ පියවර. ඕකට ඉතින් බොරු බේගල් ඇදබාන එක වරදක් හැටියට පේන්නෙම නෑනෙ. ආදරේදියි යුද්ධෙදියි ඔක්කොම සාධාරණයිලුනෙ.

    පොල්ලෙන් ගැහුව වගේ :lol:

    su1x7nT.gif


    කලිනුත් කිව්වනෙ ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලො වගේම නැහැදිච්චකමක් නැතත් කෙලින් වැඩ කරන කෙල්ලො ඉන්නව කියල. ඉතින් ඔහොම කෙල්ලො සමහර වෙලාවට අර මායම් පාවිච්චි කර කර ඉන්නෙ නෑ කෙලින්ම ගිහින් මූණටම කියනව මං ඔයාට කැමතියි කියල.

    හොද නම් සලකගෙන පලයල්ලා


    Source
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mage 1st love:love::love: eka set uneth me widiyatama thmai..... heik hik...

    බැලුම් හෙලා | හීන් හිනා

    menna me deken.....:D:D:D:D:D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    බැලුම් හෙලා | හීන් හිනා
    බැලුම් හෙලා | හීන් හිනා
    බැලුම් හෙලා | හීන් හිනා
    බැලුම් හෙලා | හීන් හිනා
    බැලුම් හෙලා | හීන් හිනා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බැලුම් හිනා | හීන් හෙලා
    බැලුම් හිනා | හීන් හෙලා
    බැලුම් හිනා | හීන් හෙලා
    බැලුම් හිනා | හීන් හෙලා
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    balum hela ekai hin hina kiyana eka goddak kello karanawane bn!?:shocked: man ithin wadiya ganan ganne na. man hithan hitiye un hamotama ehemai kiyala:nerd: