අපි ඉස්සර හිතන් හිටියෙ රටේ ඉන්න හැම කෙල්ලටම " අහ් ඒකිට මන් ගැව්වා" ගගා යන එක කොල්ලන්ට තියෙන ලෙඩක් කියලා.. බැලින්නම් අර කලාත්මාගෙ පෝස්ට් එක කියෙව්වම තේරුනා බන් කොල්ලන්ට වඩා ඒ ලෙඩේ දරුණුවටම තියෙන්නෙ කෙල්ලන්ට


කොල්ලෙක් බැලුවත් " ඌ මට ගහන්නයි ට්‍රයි කලේ " කියලා කියාගන්න මාර ආසාවක් බහුතරයකට තියෙන්නෙ ..

ඒකත් බැලුවෙ සෙලිබෙට්ටෙක් නම් ඒ බලපු එක කොතනක හරි කියාගන්නකල් උන්ට නින්ද යන්නෙත් නැද්ද කොහෙද??

ඔය ඔතන තිබ්බ කමෙන්ට්ස් දැක්කම හිතුනෙ ඔය ගොඩක් එවුන් ඇත්තටම උන් දිහා බලලත් නෙමෙ ඔය. එක්කො ඔය උන්ගෙ කරගෙන කියවන්නෙ අනුන්ගෙ අත්දැකීම්. එක්කො තව උන් වගේම අහසෙ ඉන්න උන් උන් එක්ක කියෝපුවා!!
අනිත් කාරනේ ඔය කොකං පාන එවුං ( ඉංග්‍රීසියෙන් කියන්නෙ flirting ) එහෙම කරා කියලා නෝට් වෙන්නත් අපිත් උන් දිහා බලන්න ඕනෙ?

හැබයි අර කොල්ලන්ට මේ ලෙඩේ හැදෙනවට වඩා භයානකයි කෙල්ලන්ට මේ මේනියාව හැදුනම.
ඌ මන් දිහා බැලුවා කියලා පුළුවන් නම් උගෙ ගෑනිටත් ගිහින් කියන ලෙවල් එකක් තියෙන්නෙ ඌ මට ගහන්න ට්‍රයි කරා කියලා


හරිනම් පිරිමි එහෙම කියවද්දි විතරක් නෙමෙයි පිළිකුල් වෙන්න ඕනෙ.., ගෑනු එහෙම කියවද්දිත් අරු මූ මන් දිහා බැලුවා වන් නයිට් ස්ටෑන්ඩ් එහෙකට තමා ඌ ඒ සැරසුනෙ වගෙ මනස්ගාත කියෝන ගෑනුන්ටත් ඒ හැන්දෙන්ම බෙදන්න ඕනෙ!
ඕකුං ඔය දුකට කියවන්නෙ බලලා විතරක් අරුන් නිකා හිටපු හින්දා බන්


