කෙල්ලන් ගැන කොල්ලන් නොදත් අලුත්ම රහස් ටි&#3482

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    කෙල්ලන් ගැන කොල්ලන් නොදත් අලුත්ම රහස් ටි&#3482

    කෙල්ලන් ගැන කොල්ලන් නොදත් අලුත්ම රහස් ටික:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    bigstock-romantic-couple-eating-ice-cre-52119334-REV.jpg

    1.කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මුසු මුහුණින් තබන කොල්ලන්ටයි.
    2. තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත.
    3. කෙල්ලන් තම පෙම්වතා සමඟ ඕනම රහස් දෙයක් කතා කිරීමට කැමැත්ත දක්වයි.
    4.කෙල්ලන්ට තම හැගීම් සඟවාගෙන සිටීමේ හොද හැකියාවක් ඇත.
    5. කෙල්ලන්ට කොල්ලෙක් ලස්සනයි යැයි කියනවා තරම් සතුටක් තවත් නැති තරම්.

    6.කෙල්ලෙක්ට ලස්සනයි යැයි සැමදාම කීවද ඇය එය අමතක කරයි. නමුත් කැතයි යනුවෙන් එක දවසක් කීවොත් මුලු ජීවිත කාලෙම ඇය එය අමතක නොකරයි.
    7. කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුලුයි.
    8. කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට.
    9. කෙල්ලන් ටෙඩි බෙයාර්ස්ලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් තම ඇඳ පුරා තබාගෙන සිටී.
    10 .තමන් යන්න හැරලා විසිල් කරන කොල්ලන්ට කෙල්ලන් කැමති නෑ. එය ඔවුන් දකින්නේ තමන්ට කරපු මදිකමක් ලෙසසි.

    11. කෙල්ලන්ගේ සිතේ ස්වභාවය සැමවිටම වෙනස්වෙන සුලුයි.
    12. පිළිවෙලකට ඉන්න පි‍්‍රයමනාප කොල්ලන්ට කෙල්ලන් කැමැත්තක් දක්වයි.
    13. කෙල්ලන්ගේ හිත් කියන්නේ රහස් සාගරයක්. මුලු ජීවිත කාලෙම ඔවුන්ට රහස් හිතේ තබාගෙන ජීවත් විය හැක.
    14.කෙල්ලෙක්ගෙන් සමාව ගන්න වුනොත් ඇයව මුලින්ම සන්සුන්කර සිටීම වැදගත්. නැතහොත් ඇය කිසිවිටෙකත් ඔබට සමාව නොදෙනු ඇත.
    15. කෙල්ලන් කොල්ලන්ට වඩා කායිකව දුර්වල නමුත් ඔවුන් ප‍්‍රශ්න හමුවේදි කොල්ලන්ට වඩා මානසිකව ශක්තිමත්ය.

    16. කෙල්ලන් ඉතා ඉක්මනින් පොඩි දේටත් හඬන පිරිසකි. එමගින් ඔවුන් තම දුක නැති කරගැනීමට සමත් වේ.
    17. කෙල්ලන් තම පෙම්වතාගෙන් ආරක්‍ෂාව රැකවරණය දැඩිලෙස බලාපොරොත්තු වේ.
    18. කෙල්ලන් සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා සැලසුමක් ඇතිව වැඩකරන පිරිසකි.
    19. කෙල්ලන් මේකප් භාවිතා කිරීමට මහත් කැමැත්තක් දක්වයි. ඒ ඔවුන් තුල තම රූපය පිළිබද ඇති අවිශ්වාසය නිසා නොව ඔවුන් සැමවිටම කැමතියි තම භාහිර පෙනුම ඉස්මතු කර පෙන්වීමට.
    20. තමන් සිතින් ආදරය කරන කොල්ලා සමග කතාබහ කිරීමේදි ගොතගැසෙන ස්වභාවයක් කෙල්ලන් තුල පවතී.

    21. කෙල්ලන්ගේ ලෝකයේ ඔවුන් ආසකරන බොහෝ කොල්ලන් සිටිය හැක. නමුත් ඔවුන් සැබැවින්ම ආදරය කරන්නේ එක කොල්ලෙකුට පමණී.
    22. කොල්ලන්ට වඩා වේගයෙන් කෙල්ලන් වයසට යාමේ ප‍්‍රවනතාවක් ඇත.
    23. එමෙන්ම කොල්ලන්ට වඩා තරබාරු වීමේ වැඩි නැඹුරුවක්ද කෙල්ලන් තුල පවතී.
    24. කොල්ලන්ට වඩා ඉතා ඉක්මනින් කෙල්ලන් කනස්සල්ලට හා බියට පත්වේ.
    25. තමන්ව පුදුමයට පත්වී සතුටක් ගෙන දෙන දේවල් සිදුවෙනවා දැකීමට කෙල්ලන් මහත් කැමැත්තක් දක්වයි.

    26. කෙල්ලන් තම ආදර සම්බන්ධය තමන් කියවපු නවකතාවක් හෝ චිත‍්‍රපටයක සේ සිදුවෙනවා දැකීමට කැමැත්තක් දක්වයි.
    27. ඔබගේ සමාව ගැනීමේ විලාශය අවංක යැයි ඇයට හැගුනොත් කෙල්ලන් ඉතා ඉක්මනින් සමාවදෙන සුලුයි.
    28. තමන් සිතින් ආදරය කරන කොල්ලට වෙන කෙල්ලෙක් ඇතැයි දැනගත් පසු තම හැගීම් යටපත් කරන් සිටීමේ හැකියාවක් කෙල්ලන්ට ඇත.
    29. කෙල්ලන් තම ශරීරයේ බර ගැන සැළකිල්ලෙන් පසුවෙන පිරිසකි.
    30. කෙල්ලන් තම පෙම්වතා සමග පේ‍්‍රමාන්විත වීමට මහත් කැමැත්තක් දක්වයි.

    31. එමෙන්ම හුදෙකලා පෙදෙසක තම පෙම්වතා සමග තනිවී කතාබහ කිරීමට කැමැත්තක් දක්වයි.
    32. කෙල්ලන් ආදරයේදි බොලඳයි. ඒ වගේම ස්පර්ශයට බොහෝ සේ ඇලුම් කරයි.
    33. කෙල්ලන් පළල් උරහිසක් හා පළල් පපුවක් හිමි කොල්ලන්ට වැඩිපුර කැමැත්තක් දක්වයි.
    34. තම හැගීම් සපුරාලිය හැකි කොල්ලෙක්ව කෙල්ලෙක් කිසිදා අත් නොහරී.
    35. කොල්ලන්ට සාපේක්‍ෂව කෙල්ලන් ඉතා සංවේදි පිරිසකි.


    මේක උස්සපු එකක්.....හොදයි නම් බුම්ප්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    34. තම හැගීම් සපුරාලිය හැකි කොල්ලෙක්ව කෙල්ලෙක් කිසිදා අත් නොහරී. :dull:
     
    • Like
    Reactions: chathuranirmal

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kello pissu kelinawa prashna waladi.stress eka dara ganna puluwan godk kollonta thama.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    22. කොල්ලන්ට වඩා වේගයෙන් කෙල්ලන් වයසට යාමේ ප‍්‍රවනතාවක් ඇත.
    23. එමෙන්ම කොල්ලන්ට වඩා තරබාරු වීමේ වැඩි නැඹුරුවක්ද කෙල්ලන් තුල පවතී.

    මෙහෙම නොවෙන කෙල්ලෝ ඇත්තෙම නැද්ද බන්......???:no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    15. කෙල්ලන් කොල්ලන්ට වඩා කායිකව දුර්වල නමුත් ඔවුන් ප‍්‍රශ්න හමුවේදි කොල්ලන්ට වඩා මානසිකව ශක්තිමත්ය.

    මේ ගැන නම් සැකයි...මම දැකල තියනවා කෙල්ලෙක්ට ප්‍රශ්නයක් උනාම උන් හෙන අවුල්..මාර විදිහට කලබල වෙනවා..කරන්නේ මොනවද කියල හිතාගන්න බරුවත් ඉන්නවා..:baffled:

    මම හිතන්නේ මෙතැනදී කියන්නේ ප්‍රශනයක් සිද්ද උනාට පස්සේ කොල්ලෝ වගේ බීගෙන නටන්නේ නැහැ කියන එක වගේ දෙයක් :)...ප්‍රශ්නයක් විසදද්දී නම් කොල්ලොන් කෙල්ලොන්ට වඩා ශක්තිමත් කියලයි මම දැකල තියෙන්නේ...හැබැයි කෙල්ලොන්ට ඔය ප්‍රශ්න උනාට පස්සේ සේරම අමතක කරලා ආතල් එකේ ඉදීමේ හැකියාව නම් තියෙනවා :lol:

    19. කෙල්ලන් මේකප් භාවිතා කිරීමට මහත් කැමැත්තක් දක්වයි. ඒ ඔවුන් තුල තම රූපය පිළිබද ඇති අවිශ්වාසය නිසා නොව ඔවුන් සැමවිටම කැමතියි තම භාහිර පෙනුම ඉස්මතු කර පෙන්වීමට. :rofl::rofl::lol:

    මේකට නම් කියන්න තියෙන්නේ අනේ පව් කියල :lol::lol::lol:

    18. කෙල්ලන් සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා සැලසුමක් ඇතිව වැඩකරන පිරිසකි. :shocked:

    මේ ගැන නම් කියන්න යන්නේ නැහැ..කොල්ලෝ දැකල ඇතිනේ කෙල්ලොන්ට වැඩක් භාර දුන්නොත් අන්තිමට වෙන දේ...මට නම් හොද අත්දැකීම් තියෙනවා...:rofl:

    35. කොල්ලන්ට සාපේක්‍ෂව කෙල්ලන් ඉතා සංවේදි පිරිසකි. :rolleyes:

    :dull::dull::dull:

    මේ පොස්ට් එක කෙල්ලන් ගැන නිසා කොල්ලෝ ගැන නොකිව්වනම් හොදයි කියලයි මට හිතෙන්නේ..මොකද එතකොට අනිත් දේවල් වලටත් කොල්ලෝ ගාවගන්න වෙනවනේ...

    එහෙම බැලුවොත්...

    8. කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට. :no:

    මොකෝ කොල්ලෝ කැමතිද කෙල්ල එනකන් පාරේ බලන් ඉන්න? :dull:
    කවුරුත් කැමති නැහැ එහෙම නිකන් රස්තියාදු වෙන්න...නමුත් කොල්ලෝ කෙල්ල නිසා බලන් ඉන්නව ඉවසගෙන...කෙල්ලෝ නම් ඒ අතින් විනාඩි 5 ක් හිටියත් මූණ දෙක කරගන්නවා..කොල්ලෝත් කැමැත්තෙන් ඉන්නවා නෙමෙයි.:no::no: