කෙල්ලව මතක් වෙනව බන් 😞

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,485
    8,972
    113
    උඹ දැන් මොකද කරන්නෙ කියල කියපන්කො මොනව කරන්නද හිතාගෙන ඉන්නෙ මටත් ඔය දේම වුණා මචන් දැන් ඉස්සරහට ඇදගෙන යන්න හීනයක් නැහැ
    සල්ලි තමා හීන. කෙල්ලො දිනාගන්ඩ වැඩකරලා හරියන්නැ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113
    අවුරුද්දක් කියන්නේ relationship එකක් අමතක වෙන්න තරන් ලොකු කාලයක් නෙමෙයි බන්. තව අවුරුදු දෙක තුනකින් උඹට ඕක අමතක වෙලා යයි. හැබැයි ඒකිගේ social media චෙක් කරනන් ඒකිව contact කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ උඹට ඕක අමතක වෙන්න තවත් කල් යන එක
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    උඹ දැන් මොකද කරන්නෙ කියල කියපන්කො මොනව කරන්නද හිතාගෙන ඉන්නෙ මටත් ඔය දේම වුණා මචන් දැන් ඉස්සරහට ඇදගෙන යන්න හීනයක් නැහැ
    ඔව් බන් මටත් ඔය වගේ තමා. ඩිප ගහල ඉන්න එකෙන් ගොඩ ඇවිල්ල අමතර ආදයම් ටිකක් හදාගන්න ඕන.

    ඔය ප්‍රශ්නෙ හින්ද නන්නත්තාර වෙලා හිටිය කාලෙ කරපු ගොන් වැඩ කීපයක් තියෙනව හරි ගස්සන්න ඕන

    ---

    comment කරපු හැමෝටම ස්තූතියි 🙏
     

    nidarsha91

    Well-known member
  • මට සහෝදරයො දෙන්නගෙන් ලොකු ප්‍රශ්න ගොඩාක් ඇවිල්ල බන් තියෙන්නෙ. එක එක කෙල්ලන්ව පෙන්න පෙන්න මට කසාද බන්දන්න හදනවා. මේ ටිකේ ගැස්ට්‍රික් පේන්ස් සීන් එකක් වගේ බන් කොච්චර කෑවත් කල්පනා කරලම බඩත් එක්කම පිච්චෙනව වගේ. මමත් මගෙ වැඩක් කරන්නෙ බන් නැතුව එක එකාට කඩේ ගිහිල්ල සල්ලි හමබ කරන මෙන්ටැලිටි එකක් නැහැ. මට නං මම ආදරය කරන ගෑණු ලමයව අමතක කරන්න බෑ. ඉක්මනටම සාර්ථක වෙලා ගිහිල්ල එයාලගෙ තාත්තගෙන් ආයෙ අහනවා. එයා කසාද බැඳල නන්.... මෙහෙම ඉන්නව බන්. ශාරීරිකව නැති වුණත් එයාට හැකි හැම විදියකටම මාව හැම වෙලාවකම දිරිමත් කරන්නයි වැඩ කළේ. එයා වෙන කෙනෙක්ව බැඳල තිබුණත් මම ඒ කැප කිරීම අමතක කරන්නෙ නැහැ. කරන්න බැහැ. උඹට මට තරම්ම අමාරු නොවෙන්න කියල මම යාඥා කරනවා මචන්. උඹට යහපතක්ම වේවා.