මට සහෝදරයො දෙන්නගෙන් ලොකු ප්‍රශ්න ගොඩාක් ඇවිල්ල බන් තියෙන්නෙ. එක එක කෙල්ලන්ව පෙන්න පෙන්න මට කසාද බන්දන්න හදනවා. මේ ටිකේ ගැස්ට්‍රික් පේන්ස් සීන් එකක් වගේ බන් කොච්චර කෑවත් කල්පනා කරලම බඩත් එක්කම පිච්චෙනව වගේ. මමත් මගෙ වැඩක් කරන්නෙ බන් නැතුව එක එකාට කඩේ ගිහිල්ල සල්ලි හමබ කරන මෙන්ටැලිටි එකක් නැහැ. මට නං මම ආදරය කරන ගෑණු ලමයව අමතක කරන්න බෑ. ඉක්මනටම සාර්ථක වෙලා ගිහිල්ල එයාලගෙ තාත්තගෙන් ආයෙ අහනවා. එයා කසාද බැඳල නන්.... මෙහෙම ඉන්නව බන්. ශාරීරිකව නැති වුණත් එයාට හැකි හැම විදියකටම මාව හැම වෙලාවකම දිරිමත් කරන්නයි වැඩ කළේ. එයා වෙන කෙනෙක්ව බැඳල තිබුණත් මම ඒ කැප කිරීම අමතක කරන්නෙ නැහැ. කරන්න බැහැ. උඹට මට තරම්ම අමාරු නොවෙන්න කියල මම යාඥා කරනවා මචන්. උඹට යහපතක්ම වේවා.