කෙල්ලව ෂේප එකේ තියාගන්න පැඟිරි නීති...

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    කෙල්ලව ෂේප එකේ තියාගන්න පැඟිරි නීති...

    අද මේ ලව් සික් එක ගොඩක්ම අදාළ වෙන්නේ කොල්ලන්ට. ඒත් ඉතිං පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර කෙල්ලොත් මේ ගැන දැනගෙන ඉන්න ඕනෙ. මචං... කොල්ලනේ... සමහර කෙල්ලො ඉන්නවා, අයියෝ.... කියලා වැඩක් නෑ... නන්නත්තාරයි!! හැමතිස්සෙම මල පනිනවා, රණ්ඩු වෙනවා, වලි දාගන්නවා. ෂික්!! තමන් ආදරේ කරන කෙල්ලව

    ෂේප් එකේ තියාගෙන ඉන්නවා කියන්නේ ලල් ඇදවෙන මාරම අමාරු වැඩක් කියලා හැම කොල්ලෙක්ම අත්දැකීමෙන් දන්වා ඇති කියලා මම විශ්වාස කරනවා!! ඇත්තම කියනවනම් ඒ ගැන මමත් හොඳට දන්නවා! කෙල්ලව
    ෂේප එකේ තියාගන්නවා කියන්නේ විද්‍යාත්මක කලාවක් කියලත් කියන්න පුළුවන්. ඔන්න ඉතිං අද මම උඹලට කියන්න යන්නෙ තමන්ගෙ පෙම්වතියව ෂේප් එකේ තියාගන්න පුළුවන් දෙල් ‍ෙදා‍ෙදාල් වෙන තොල් තො¼දාල් වෙන නීති කිහිපයක් ගැන. උඹලත් මේවා අත්හදා බලලා ප්‍රතිඵලේ මොකද්ද කියලා මට කියන්න.

    • තමන්ගේ කෙල්ලට, පස්සෙ මාට්ටුවෙන බොරු කියන්න එපා. බොරුව මාට්ටු වුණොත් ඉතිං මල හත්ඉලව්වයි.
    • කෙල්ල අකැමැතිනම් එයාගේ අතින්වත් අල්ලන්න එපා. මොන දේ කළත් ඒක තමන්ගේ කෙල්ලගේ කැමැත්ත අරගෙන කරන්න. ටිකක් බලකළාට කමක් නෑ. ඒත් අනවශ්‍ය විදියට බලකරන්න නම් යන්න එපා මහත්තයෝ.
    • ප්‍රේම සම්බන්ධය පටන්ගත්ත දිනය, පෙම්වතියගේ උපන්දිනය වගේ විශේෂ දින අමතක කරන්න එපා. අමතක වෙනවනම් කොහේ හරි ලියලා තියාගනිං. ඒවා අමතක වුණොත් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.

    • අඩුම තරමින් දවසකට මැසේජ් දෙකක්වත් යවන්න. කෙල්ලොන්ට ඒ මැසේජ් එක මහ මෙරක් තරම් වටිනවා. එතකොට ඉතිං පිස්සු පීකුදු බොක්ක පිරිසිදු වෙලා යනවා.
    • හැමතිස්සෙම පෙම්වතියත් සමඟ ඇයගේ ගුණ වර්ණනා කරන්න. අතිශයෝක්තියෙන් වර්ණනා කරන්න ගිහිල්ලා වැඩේ අනාගන්නත් එපා.
    • තමන්ගේ කෙල්ලත් එක්ක කතා කරනකොට අනෙක් කෙල්ලන්ව වර්ණනා කරන්න එපා. කෙල්ලො ඒකට කැමැති නෑ. ඒත් අකැමැත්ත පෙන්නන්නෙත් නෑ. ඒත් ඒ අය හිතින් ඒවගේ දේවලට අකැමැතියි.
    • කෙල්ලත් එක්ක කෑමක් කනකොට උඹලගේ අතින්ම කෙල්ලට ඒ කෑමවලින් ටිකක් කවන්න අමතක කරන්න එපා. එතකොට ආදරේ තවත් වැඩි වෙනවා.

    • කසාඳබඳින එක පරක්කු කරන්න ඕනෙ, කල් දාන්න ඕනෙ කියලා කවදාවත් කියන්න එපා. තමන්ගේ පෙම්වතිය ඉක්මනට බඳින්න ඕනෙ කියලා එයාට හඟවන්න.
    • අමාරුවෙන් හරි කෙල්ලත් එක්ක ෂොපිං කරන්න යන්න. ෂොපිං ගියහම තමන්ගේ කෙල්ලත් එක්ක ඇඳුම් තෝරන්න රැක් එකෙන් රැක් එකට ගිහිල්ලා එයාට ඇඳුම් තෝරන්න උදව් වෙන්න. වැඩේ අමාරුයි තමයි, ඒත් කොහොම හරි කරන්න. එයා මොකක් හරි ඇඳුමක් අරගෙන ලස්සනයිද කියලා ඇහුවොත්, ඒ ඇඳුම අරගෙන කෙල්ලගේ ඇඟට තියලා ටිකක් වෙලා ඒ දිහා සුපරික්‍ෂාකාරීව බලාගෙන ඉඳලා ලස්සනයි කියලා කියන්න. ඒ ලස්සනයි කියලා කියන ස්වරය, ඇඳුමෙන් ඇඳුමට වෙනස් කරන්න.

    • පළමු වතාවෙදි හිනාවෙලා ලස්සනයි කියන්න. ඊට පස්සෙ වතාවෙදි බැරෑරුම් විදියට ලස්සනයි කියන්න. ඔය විදියට එක එක ස්වරවලින් එක එක විදියට ලස්සනයි කියලා කියන්න. ඒත් චාටර්ම චාටර් මෙලෝ රහක් නැති නන්නත්තාර ඇඳුමක් තෝරගත්තොත් කෙල්ලට ඇත්තම කියන්න.
    • සමහර වෙලාවට කෙල්ලෝ එක එක විදියේ ෆැෂන් කරගෙන කොල්ලව හම්බවෙන්න එනවා. එහෙම ඇවිල්ලා තමන් කරපු ෆැෂන් එක ගැන කිසිම දෙයක් දන්නෙ නෑ වගේ ඒ ගැන නොකියා ඉන්නවා. කෙල්ලො එහෙම කරන්නෙ කොල්ලගේ කටින්ම ඒ අලුත් ෆැෂන් එක ගැන අහගන්න ඕනෙ නිසා. ඒත් තමන් කරපු අලුත් ෆැෂන් එක කොල්ලට පෙනුණේ නැත්නම් ඒ ගැනත් කෙල්ලෝ ඔරොප්පු වෙනවා. උදාහරණයක් විදියට තමන්ගේ කෙල්ල කොණ්ඩෙට පොඩි හයිලයිට් එකක් කළා කියලා හිතන්නකෝ. ඒක කොල්ලා දැකලා ෂාාා නියමයි කියයි කියලා තමයි කෙල්ල හිතාගෙන ඉන්නේ. ඒ නිසා තමන්ගේ කෙල්ලව හම්බවුණහම ඒ කෙල්ලගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා පරීක්‍ෂාකරලා බලන්න.

    • තමන්ගේ කෙල්ල මොකක් හරි අලුත් විලාසිතාවක් කළොත් ඒක දැක්ක මුල්ම අවස්ථාවේදී උඹලා සතුටෙන් පුදුම වෙන්න. ඒ ෆැෂන් එක වර්ණනා කරන්න. ඒ වගේ දේවල් කෙල්ලොන්ට මාර ආතල්. ඒත් ඉතිං ඒ ෆැෂන් එකේ පට්ටපල් තැනක් තිබුණොත් ඇත්තම කියන්න.
    • තමන්ගේ කෙල්ලගේ අතින් මොකක් හරි වැරැද්දක් වුණොත් තමන්ගේ පරණ කෙල්ලගේ අතින් නම් මේ වගේ වැරැදි වෙලා නෑ වගේ කතා කියන්න එපා. තමන්ගේ කොල්ලගේ පරණ කෙල්ලො තමන්ටත් වඩා හොඳයි කියලා තමන්ගේ කොල්ලගේ කටින් අහගන්න කිසිම කෙල්ලෙක් කැමැති නෑ.

    • තමන්ගේ කොල්ලා තමන්ව පුදුමයට පත්කරලා සතුටු කරනවට කෙල්ලො පට්ට කැමැතියි. උදාහරණයක් විදියට තමන්ගේ කොල්ලා තමන්ට කියන්නෙත් නැතිව තමන්ගේ උපන්දිනයට දියමන්ති මුද්දක් අරන්දෙනවා වගේ දේකට කෙල්ලෝ මාරම කැමැතියි. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ කෙල්ලව පුදුමයට පත් කරන්න. ඒත් ඉතිං කෙල්ලොන්ව පුදුමයට පත්කරන්න වියදම් වෙන ගාණ නිසා කොල්ලොන්ව පුදුමයට පත් වෙනවා කියලා කෙල්ලො දන්නෙ නෑ.
    • තමන්ගේ පෙම්වතා ආශ්‍රය කරන අනෙක්් යාළුවො අතර ඉන්න කෙල්ලන්ගේ අඩුපාඩු තමන්ගේ පෙම්වතාගේ කටින් අහගන්න කෙල්ලො මාර ආසයි. ඒ නිසා කාටවත් හානියක් නොවෙන විදියට එහෙම කළාට කිසි අවුලක් නෑ.
    තමන්ගේ කෙල්ලගේ අඩුපාඩුවක් ගැන වැරැද්දක් ගැන නොගැළපෙන දෙයක් ගැන කියනකොට පොල්ලෙන් ගහනවා වගේ කියන්න එපා. ඒක කියන්න ඕනෙ හරිම පරිස්සමෙන්, පරංගියා කෝට්ටෙ ගියා වගේ කියන්න පුළුවන් නම් නියමයි. කෙල්ලගේ හිත රිදෙන්නේ නැති විදියට තමයි ඒ දේ ගැන කියන්න ඕනෙ. කෙල්ලගේ වැරැද්දක් පෙන්නලා දෙන්න ඕනෙ හරිම රොමෑන්ටික් විදියට. එහෙමයි කියලා ඉතිං ඔළුව අතගාලා ටොක්කක් අනිනවා වගේ කරන්නත් එපා.

    • සමහර දවස්වලට තමන්ගේ කෙල්ලට කිසිම තේරුමක් නැතිව, කිසිම හේතුවක් නැතිව කේන්ති යනවා කියලා උඹලට දැනිලා ඇති. එහෙම වෙන්නේ හේතුවක් නැතිවම නෙවෙයි. තමන්ගේ කොල්ලට පවා නොකියන ශාරීරික හේතුවක් නිසා සමහර කෙල්ලන්ට ඒ විදියට කේන්ති යනවා. ඒ නිසා ඒ විශේෂ දවස්වල තමන්ගේ කෙල්ලට කේන්ති ගියහම අපි ටිකක් ඉවසන්න ඕනෙ.
    • තමන්ට මෝටර් බයික් එකක් තියනවානම් ඒ බයික් එකේ වෙන කෙල්ලෙක්ව දාගෙන යනවට උඹේ කෙල්ල කවදාවත් කැමැතිවෙන එකක් නෑ. කාර් එකක වෙන කෙල්ලෙක්ව දාගෙන ගිහිල්ලා මාට්ටු වුණොත් අමාරුවෙන් හරි නඩුව ගොඩදාගන්න පුළුවන්. ඒත් මෝටර් බයික් එකක වෙන කෙල්ලෙක්ව දාගෙන ගිහිල්ලා මාට්ටු වුණොත් ඉතිං කෙළින්ම නඩුව පාරදයි.

    ලක්මිණ රණසිංහ

    Bump rep dunnata ahitak ne....:rofl::rofl::rofl::rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    aththa aththa :P

    • අමාරුවෙන් හරි කෙල්ලත් එක්ක ෂොපිං කරන්න යන්න. ෂොපිං ගියහම තමන්ගේ කෙල්ලත් එක්ක ඇඳුම් තෝරන්න රැක් එකෙන් රැක් එකට ගිහිල්ලා එයාට ඇඳුම් තෝරන්න උදව් වෙන්න. වැඩේ අමාරුයි තමයි, ඒත් කොහොම හරි කරන්න. එයා මොකක් හරි ඇඳුමක් අරගෙන ලස්සනයිද කියලා ඇහුවොත්, ඒ ඇඳුම අරගෙන කෙල්ලගේ ඇඟට තියලා ටිකක් වෙලා ඒ දිහා සුපරික්‍ෂාකාරීව බලාගෙන ඉඳලා ලස්සනයි කියලා කියන්න. ඒ ලස්සනයි කියලා කියන ස්වරය, ඇඳුමෙන් ඇඳුමට වෙනස් කරන්න.

    • පළමු වතාවෙදි හිනාවෙලා ලස්සනයි කියන්න. ඊට පස්සෙ වතාවෙදි බැරෑරුම් විදියට ලස්සනයි කියන්න. ඔය විදියට එක එක ස්වරවලින් එක එක විදියට ලස්සනයි කියලා කියන්න. ඒත් චාටර්ම චාටර් මෙලෝ රහක් නැති නන්නත්තාර ඇඳුමක් තෝරගත්තොත් කෙල්ලට ඇත්තම කියන්න.
    • සමහර වෙලාවට කෙල්ලෝ එක එක විදියේ ෆැෂන් කරගෙන කොල්ලව හම්බවෙන්න එනවා. එහෙම ඇවිල්ලා තමන් කරපු ෆැෂන් එක ගැන කිසිම දෙයක් දන්නෙ නෑ වගේ ඒ ගැන නොකියා ඉන්නවා. කෙල්ලො එහෙම කරන්නෙ කොල්ලගේ කටින්ම ඒ අලුත් ෆැෂන් එක ගැන අහගන්න ඕනෙ නිසා. ඒත් තමන් කරපු අලුත් ෆැෂන් එක කොල්ලට පෙනුණේ නැත්නම් ඒ ගැනත් කෙල්ලෝ ඔරොප්පු වෙනවා. උදාහරණයක් විදියට තමන්ගේ කෙල්ල කොණ්ඩෙට පොඩි හයිලයිට් එකක් කළා කියලා හිතන්නකෝ. ඒක කොල්ලා දැකලා ෂාාා නියමයි කියයි කියලා තමයි කෙල්ල හිතාගෙන ඉන්නේ. ඒ නිසා තමන්ගේ කෙල්ලව හම්බවුණහම ඒ කෙල්ලගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා පරීක්‍ෂාකරලා බලන්න.

    • තමන්ගේ කෙල්ල මොකක් හරි අලුත් විලාසිතාවක් කළොත් ඒක දැක්ක මුල්ම අවස්ථාවේදී උඹලා සතුටෙන් පුදුම වෙන්න. ඒ ෆැෂන් එක වර්ණනා කරන්න. ඒ වගේ දේවල් කෙල්ලොන්ට මාර ආතල්. ඒත් ඉතිං ඒ ෆැෂන් එකේ පට්ටපල් තැනක් තිබුණොත් ඇත්තම කියන්න.
     
    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    තියරිය නම් හරි ඒ උනාට ප්‍රැක්ටිකල් අංශය ගැනත් වැඩිදුර හිත යොමුකරන එක අනාගතයට හොඳයි
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    • ප්‍රේම සම්බන්ධය පටන්ගත්ත දිනය, පෙම්වතියගේ උපන්දිනය වගේ විශේෂ දින අමතක කරන්න එපා. අමතක වෙනවනම් කොහේ හරි ලියලා තියාගනිං. ඒවා අමතක වුණොත් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.

    ....................

    Bump rep dunnata ahitak ne....:rofl::rofl::rofl::rofl:

    Mata oka unane :dull::dull::dull::dull::dull:
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඕවා ගැන කතාකරනකොටත් මටනම් නිකන් පිස්සු වගේ! :baffled:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83

    • ප්‍රේම සම්බන්ධය පටන්ගත්ත දිනය, පෙම්වතියගේ උපන්දිනය වගේ විශේෂ දින අමතක කරන්න එපා. අමතක වෙනවනම් කොහේ හරි ලියලා තියාගනිං. ඒවා අමතක වුණොත් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.

    Bump rep dunnata ahitak ne....:rofl::rofl::rofl::rofl:

    මමනම් google notes වල ඔක්කොම ටික save කරල තියෙන්නෙ.අමතක උනොත් නම් ඉතින් අනාතයි. :P
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    කාර් එකක වෙන කෙල්ලෙක්ව දාගෙන ගිහිල්ලා මාට්ටු වුණොත් අමාරුවෙන් හරි නඩුව ගොඩදාගන්න පුළුවන්. ඒත් මෝටර් බයික් එකක වෙන කෙල්ලෙක්ව දාගෙන ගිහිල්ලා මාට්ටු වුණොත් ඉතිං කෙළින්ම නඩුව පාරදයි.