කෙල්ලෙක් තමන්ට කැමතිද නැද්ද කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ මේවා තමයි!

chathuvition

Active member
  • Dec 14, 2010
    129
    56
    28
    signs-she_s-not-interested_-thumb.jpg



    දැන් සාමාන්‍යයෙන් රටේ ලෝකේ වෙන විදිය තමයි, කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් යන එක. ඒ කියන්නේ කෙල්ලෝ කවුරුහරි කොල්ලෙක්ට කැමති වුනත් සියේට අනූවක් වෙලාවට ගණන් උස්සලා තමයි ඉන්නේ. ඉතින් කොල්ලා පස්සෙන් ගිහින් ගිහින් ඕන කෙල්ලව යාලු කරගන්න. හැබැයි ඉතින් මෙහෙම ප්‍රශ්නෙකුත් ඔතනදී වෙනවා. කෙල්ල ඇත්තටම තමන්ගේ පස්සෙන් එන කොල්ලා ගැන ඉන්ටරස්ට් නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් කොල්ලට ඕක තේරෙන්නෙ නෑ. අනේ ඉතින් ඌ පස්සෙන්ම යනවා. අන්තිමට කොල්ලා නතර වෙන්නේ තමන්ගේ කාඩ් එකත් කුඩු කරගෙන වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, කොල්ලෙක් දැනගන්න ඕන කෙල්ලෙක් තමන් ගැන ඉන්ටරස්ට් නැහැයි කියලා කලින්ම දැනගන්න පුළුවන් ලක්ෂණත් මොනවද කියලා. ආන්න එතකොට කෙල්ල තමන් ගැන ඉන්ටරස්ට් නැති නම්, එක පාරක් දෙපාරක් ට්‍රයි කළාට පස්සේ කෙල්ලටත් පාඩුවේ ඉන්න දීලා, තමන්ගේ තත්ත්වේ පල්ලෙහාට දාගන්නෙත් නැතුව අයින් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ කෙල්ල ඔයාට ඉන්ටරස්ට් නැහැයි කියලා අඟවන කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ!

    1. ලේසියෙන් ආන්සර් නෑ

    signs-she_s-not-interested_1.jpg



    දැන් කාලේ අපි ගොඩක් වෙලාවට හිත ගියපු ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධතාවය පටන් ගන්නේ ෆේස්බුක් එක හරහානේ. නොම්බරේ ලැබුණත් කෙලින්ම කෝල් එකක් ගන්නවට වඩා මැසේජ් එකක් දාලා තමයි වැඩේ පටන් ගන්නේ. දැන් ඔය ගෑණු ළමයි කොහොමත් පොඩ්ඩක් ගණන් උස්සලනේ ඉන්නේ. අන්න ඒ නිසා කොහොමත් වැඩේ පටන් ගත්තු ගමන් හැරෙන තැපෑලෙන් රිප්ලයි එන එකක් නෑ. හැබැයි ඉතින් දිගින් දිගටම රිප්ලයි එන එක සෑහෙන්න පරක්කු වෙනවා නම්, සමහර වෙලාවට මෙසේජ් පහකට විතර එක රිප්ලයි එකක් නං එන්නේ, ඒ කියන්නේ ගෑණු ළමයා වැඩේට ඒ හැටි ඉන්ටරස්ට් එකක් නෑ. සමහර වෙලාවට ඒක අපේ වැරැද්ද වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගෑණු ළමයෙක් එක්ක ඉන්ටරෙස්ටින් විදියට චැට් කරන්න අපි දන්නැති කම වෙන්න පුළුවන්. ඒ කෝක වුනත් මේක සලකුණක්, ගෑණු ළමයා අපි ගැන ඉන්ටරෙස්ට් නෑ කියන්න!




    2. ෂෝට් හැබැයි නොට් ස්වීට්
    signs-she_s-not-interested_2.jpg


    ඔය උඩින් කියපු කතන්දරේ එක්ක තමයි මේකත් එන්නේ. සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් චැට් කරන්න පටන් ගත්තහම ෂෝට් උත්තර වලින් තමයි ගොඩක් වෙලාවට පටන් ගන්නේ. හායි, යෙස්, නෝ, වයි වගේ පොඩි පොඩි වචන කෑලි වලින් තමයි ඒ පැත්තෙන් කථාව යන්නේ. හැබැයි ඉතින් කොල්ලා මේ පැත්තෙන් රචනා ලියනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ගතිය ටිකක් දෙන්නාගේ කතාව ඇදිලා යනකොට වෙනස් වෙන්න එපැයි. හැබැයි කතාව දවස් කීපයක් යනකොටත් කෙල්ල දෙන්නේ ෂෝට් උත්තර නං, අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන් දේ තමයි කොල්ලා ගැන කෙල්ල ඉන්ටරස්ට් එකක් නැති වීම. අන්න එහෙමනම් වෙන අතක් බලාගන්න එක තමයි හොඳ!




    3. හෙට හමුවෙමුද අපි?

    signs-she_s-not-interested_3.jpg


    ගෑණු ළමයෙක් එක්ක කයිය පටන් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ගෑණු ළමයට ඇල්ම කරන කොල්ලට ඕන කරන්නේ නියමාකාරයේ ඩේට් අවුට් එකකට යන්නනේ. ඒ කියන්නේ නිකම් ෆේස්බුක් එකේ චැට් කර කර ඉන්නෙ නැතුව ඇත්ත ලෝකෙදී මුණගැහිලා, කෝපි එකක් බොන්න හරි ලන්ච් එකට හරි එක්කගෙන යන්න. ගෑණු ළමයත් බෑ කියන්නෙ නෑ. හැබැයි හා කියන්නෙත් නෑ. ගොඩක් දුරට ගෑණු ළමයට එක එක වැඩ සෙට් වෙනවා. එතකොට ඒ වැඩ පිටින් දාලා සොරි කියලා මුණගැහෙන එක කල්දානවා. ඕක එකපාරක්, දෙපාරක්, ඕන නම් උපරිම තුන්පාරක් වෙන්න පුළුවන්. හැබැයි ඊටත් එහා දිගින් දිගටම මුණගැහෙන ප්ලෑන් කැන්සල් වෙනවා නම්, ලොකුවට හිතලා වැඩක් නෑ. ගොඩක් දුරට එයාට ඔයාව මුණගැහෙන්න වුවමනාවක් නෑ. ඒ කියන්නේ ඔයා ගැන ඉන්ටරස්ට් එකක් නෑ.




    4. යාලුවෝ අපි යාලුවෝ!

    signs-she_s-not-interested_4.jpg


    අපි කියමු ගෑණු ළමයා අපිත් එක්ක හොඳට කතා බහ කරනවා, කෝල් එහෙමත් කරනවා, ඕන නම් මුණගැහෙන්නත් එහෙම පස්ස ගහන්නෙ නැති ෆෝවර්ඩ් දැරිවියක් කියලා. හැබැයි දැන් අපේ හිතේ පෙම් හැඟුම් උතුරා ගියාට, ගෑණු ළමයා හැම තිස්සෙම අඟවන්නේ අපි යාලුවෝ කියන එක විතරයි. සමහර වෙලාවට අපිත් එක්ක ඉන්නෙත් මචං ලෙවල් එකෙන්. ඒ විතරක් නෙවෙයි, අපි නිකම් ලව් ටෝකකට එහෙම එනකොට කෙලින්ම අහනවා පිස්සුද අනේ ඔයාට අපි යාලුවොනේ කියලා. එතකොට ඔය අද ඔයා හරිම ලස්සනයි වගේ කොම්ප්ලිමෙන්ට් එකක් දුන්නත්, ඒක ගණන් ගන්නෙ නැතුව එයා සබ්ජෙක්ට් එක වෙනස් කරන්න පුළුවන්.


    වැඩේ වෙන්නේ එහෙමනම් තත්ත්වය සෝචනීයයි මිතුරේ. එයාට ඔයා යාලුවෙක් විතරයි! වෙන ඉන්ටරස්‍ට් එකක් නෑ!!




    5. නෝ ඉන්ටිමසි!

    signs-she_s-not-interested_5.jpg




    ඒ කුණුහරුපෙ මොකද්ද? මෙහෙමයි. දැං ඔය ආල හිත් එක්ක අනිවාර්යයෙන්ම එන එකක් තමයි රාග හිත. ඒ කියන්නේ කෙලින්ම කෙල්ලව ඇඳට තල්ලු කරගෙන යන්න හිතෙන එක නෙවෙයි. හැබැයි අර ප්‍රේමයත් එක්ක එන පොඩි මෙව්වා එකක් දැනෙනවා. සිප ගන්න, වැළඳ ගන්න, ලඟට වෙලා ඉන්න වගේ එක එක එව්වා. අපිට කෙනෙක් ගැන පිළිබඳ හිතක් ඇතිවුනාට පස්සේ ඕවා අනිවාර්යයෙන්ම එන ෆීලින්ග්ස් තමයි. හැබැයි එයා අපි ගැන ඉන්ටරස්ට් එකක් නැතිනම්, අපි නිකම් පොඩි පොඩි ඉඟි දුන්නත් කථාව මාරු කරයි. ලඟින් හිටියත් අතින්වත් අල්ලනවට කැමති වෙන එකකුත් නෑ. කොටින්ම කිවුවොත් එහෙම සිප ගැනීමක්, වැළඳ ගැනීමක් තියා ස්පර්ෂයකටවත් ඉන්ටරෙස්ට් කියලා පෙන්නන එකක් නෑ. අන්න ඒ කියන්නේ එතන ආල හිතකුත් නෑ.




    6. ඉස්සර වෙන්නෙ නෑ!
    signs-she_s-not-interested_6.jpg



    මෙන්න මේක නම් බොහොම පැහැදිලි ලකුණක්. ඒ කියන්නේ එයා කවදාවත් ඔයාට ඉස්සරවෙලා ටෙක්ස්ට් කරන්නෙ නෑ. එයා ඔයාට කෝල් කරන්නෙත් නෑ. ඔයා ටෙක්ස්ට් කළොත් ටෙක්ස්ට් කරයි, ඔයා කතා කළොත් කතා කරයි. සමහර වෙලාවට එහෙම කථා කරන්නේ හෝ ටෙක්ස්ට් කරන්නේ අර මනුස්සයෙක් විදියට එහෙම නොකළොත් හරි නැහැ කියලා හිතන නිසා වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් හැමදාමත් කතා කරන්නේ, ටෙක්ස්ට් කරන්නේ ඔයා නම්, එයාගෙන් කවදාවත් ඒක එන්නේ නැති නම් කණගාටුයි, එයා ඔයා ගැන ඉන්ටරස්ට් නෑ.




    7. හරිම ෆෝමල්!

    signs-she_s-not-interested_7.jpg


    LOL! මේක නොදන්න කෙනෙක් මේ සයිබර් යුගයේ ඉන්න විදියක් නෑ. හැබැයි මේකෙන් කියන්නේ Laugh out loud කියන එක වුනාට, ගොඩක් වෙලාවට අපි කියන මොන විහිළුවටත් එයා එවන්නේ මේක නම්, ඒකෙන් කියවෙන්නේ එයා ඇත්තටම ඔයාගේ විහිළු වලට හිනාවෙනවා කියන එක නෙවෙයි. ඒක එයා එවන්නේ ඩීසන්ට් රිප්ලයි එකක් විදියට කියන එක. ඒ වගේම තමයි, අපි ගිහින් ටෙක්ස්ට් කරනකොටත් නිකම්ම Hey එකක් විතරක් නම් රිප්ලයි එක විදියට එන්නේ, ඊට පස්සෙත් ගොඩක් වෙලාවට ෂෝට් මැසේජස් නම් එන්නේ, එයින් කියන්නෙත් එයා අපි ගැන ලොකු ඉන්ටරෙස්ට් එකක් නැහැයි කියන එක තමයි.




    8. කෙලින්ම ඇහුවහමත්!

    signs-she_s-not-interested_8.jpg


    ඔන්න දැන් ඉඳලා ඉඳලා බැරිම තැන අපි කෙලින්ම අපේ හැඟීම් ප්‍රකාශ කරනවනේ. අන්න එතකොට එයාට මග අරින්නත් බැහැනේ. හැබැයි එතකොට එයා කියන්නේ මට එහෙම ෆීලින්ග්ස් ඔයා ගැන නෑ කියලා. එහෙම නැතිනම් ඔයා මගෙ යාලුවෙක් වගේ කියලා. සමහරු කියන්න පුළුවන් ඔයා මට සහෝදරයෙක් වගේ කියලත්. අන්න එතකොට අපිට තව මැප් ගහලා කියලා දෙන්න ඕන නැහැනේ එයා අපි ගැන ඉන්ටරෙස්ටින් නෑ කියලා.





    හැබැයි සමහර වෙලාවට එයා කෙලින් උත්‍තර දෙන්නෙත් නෑ. අඩු ගාණේ මට ටිකක් කල් ඕන, මට හිතන්න ඕන වගේ දෙයක් කියන්නෙත් නෑ. බොහොම නොපැහැදිලි දේවල් තමයි ඒ වෙලාවට කියන්නේ. ආන්න ඒක දෙතුන් පාරක් වෙනවා නම්, ඒ කියන්නේ එයාට ඔයා ගැන එහෙම ලව් ඉන්ටරෙස්ට් එකක් නෑ කියන එක තමයි.





    ඉතින් තත්ත්වය ඔයාකාරයි නම්, කරන්න තියෙන්නේ තමන්ගේ ලෙවල් එක තියාගෙන, තමන්ගේ ගෞරවයත් තියාගෙන වෙන අතක් බලාගන්න එක තමයි. තරහ වෙන්න යන්න එපා. මොකද, අපෙන් කෑල්ලක් කඩාගත්තේ නැහැනේ. තමන්ගේ මමත්වය නිසා ගේම ඉල්ලන්න යන්නත් එපා. ඒ වගේම දෙයියන්ගේ නාමෙන් පස්සෙන් යන්න ලෑස්ති වෙන්නත් එපා!
     

    Attachments

    • signs-she_s-not-interested_7.jpg
      signs-she_s-not-interested_7.jpg
      22.1 KB · Views: 84

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කෙටියෙන් පොයින්ට් කරලා කියන්න බැරිද?
    කෙල්ලෝ ගැන ඔච්චර හෑලි කියවන්න කම්මැලි
    කෙලින්ම කෙල්ල ලගට ගිහින් උම්ම එකක් දීල මම කැමතියි ඔයාට කියන්න තියෙන්නෙ
     
    • Love
    • Like
    Reactions: Tharaka_x and NK123

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඇයි බන් ඔය මුකුත් නැතුව අඟර දඟර දාල ලව් නොකියා හෝප්ස් දීලා, ඒකිගේ වැඩ සෙට් එකම කොල්ලට කියල කරගෙන කොල්ල කෙලින්ම කාරනේට බහිනකොට ඒකි කිව්වොත් මම ඔයාව එහෙම හැගීමකින් නෙමෙයි ආශ්‍රය කලේ කියල කිව්වම ඔය කියන කිසිම තියරියක් අදාල වෙන්නේ නෑනේ බන්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඇයි බන් ඔය මුකුත් නැතුව අඟර දඟර දාල ලව් නොකියා හෝප්ස් දීලා, ඒකිගේ වැඩ සෙට් එකම කොල්ලට කියල කරගෙන කොල්ල කෙලින්ම කාරනේට බහිනකොට ඒකි කිව්වොත් මම ඔයාව එහෙම හැගීමකින් නෙමෙයි ආශ්‍රය කලේ කියල කිව්වම ඔය කියන කිසිම තියරියක් අදාල වෙන්නේ නෑනේ බන්.
    මෙහෙම කිව්වොත් මොකද කරන්නේ :lol:
     
    • Like
    Reactions: Heshan Daminda

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    View attachment 80206


    දැන් සාමාන්‍යයෙන් රටේ ලෝකේ වෙන විදිය තමයි, කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් යන එක. ඒ කියන්නේ කෙල්ලෝ කවුරුහරි කොල්ලෙක්ට කැමති වුනත් සියේට අනූවක් වෙලාවට ගණන් උස්සලා තමයි ඉන්නේ. ඉතින් කොල්ලා පස්සෙන් ගිහින් ගිහින් ඕන කෙල්ලව යාලු කරගන්න. හැබැයි ඉතින් මෙහෙම ප්‍රශ්නෙකුත් ඔතනදී වෙනවා. කෙල්ල ඇත්තටම තමන්ගේ පස්සෙන් එන කොල්ලා ගැන ඉන්ටරස්ට් නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් කොල්ලට ඕක තේරෙන්නෙ නෑ. අනේ ඉතින් ඌ පස්සෙන්ම යනවා. අන්තිමට කොල්ලා නතර වෙන්නේ තමන්ගේ කාඩ් එකත් කුඩු කරගෙන වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, කොල්ලෙක් දැනගන්න ඕන කෙල්ලෙක් තමන් ගැන ඉන්ටරස්ට් නැහැයි කියලා කලින්ම දැනගන්න පුළුවන් ලක්ෂණත් මොනවද කියලා. ආන්න එතකොට කෙල්ල තමන් ගැන ඉන්ටරස්ට් නැති නම්, එක පාරක් දෙපාරක් ට්‍රයි කළාට පස්සේ කෙල්ලටත් පාඩුවේ ඉන්න දීලා, තමන්ගේ තත්ත්වේ පල්ලෙහාට දාගන්නෙත් නැතුව අයින් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ කෙල්ල ඔයාට ඉන්ටරස්ට් නැහැයි කියලා අඟවන කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ!

    ඔන්න ලයික් කලා...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    යකෝ කතා කරොත් විතරක් කතා කරන මැසේජ් කරොත් මැසේජ් කරන කොල්ලොත් ඉන්නවා බන්. එක ඉස්කෝලේ පන්තියේ මචං ගාගෙන හිටපු.. කෙල්ලෝ නම් කමක් නෑ.. වේලාසනම අන්න ඒවගේ එවුන්ව හලලා හිටපන්
     
    • Haha
    Reactions: S_M_S