කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

BSZyo

Member
Jul 12, 2018
111
8
0
කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

මචන් ලස්සන කෙල්ලෙක් හම්බවුනා, මන් දවස් දෙකක් විතර බස් එකේදී අයි කන්ටැක්ට් පාරක් දුන්නා. දෙකක් කීවට එක දවසයි 100% ලයින් එකට වැටුනේ.. මට පළවෙනි දවසෙම දැනුනා මේකි මට කැමතී තමා කියලා.. මට ඔය දවස් දෙකෙන් එකකවත් කෙල්ලත් එක්ක කතා කරන්න අවස්තාවක් හම්බවුනේ නෑ.. ඔය දවස් දෙක පහුවෙලා දවස් කීපයක් ගියා. ඒ දවස් ටිකේ කතා කරන්න හම්බුනෙත් නෑ, එක දවසක් මන් හිටගෙන යනකොට බස් එකේ ඒකිට බෑග් එක දුන්නා, ආපහු මන් ගන්නකොට තෑන්ක්ස් කීව. එච්චරයි😂😂..
කෝම හරි මේ සඳුදා මන් ස්ටෑන්ඩ් එකෙන් නැගලා ඉඳගෙන ආවේ, මේකි හැමදාම මඟින් නගින්නේ... එදා මන් හිටියේ දෙකේ සීට් එකක.. මන් ඒකි නඟිනකොට මූණ දිහා බැලුවා, මේකි මාව දැක්කා, ඊට පස්සේ සෙනිකව ඉඳගත්තා.. ඉතින් මන් නංගි වතුර තියේද අහලා පටන් අරන් ඒකි බහිනකම්ම කතා කර කර ආවා.. ඒකි වැඩිය කතා කරන්නේ නෑ. ඒත් නොකරන්නෙත් නෑ.. අනේ මන්දා..
බහින්න කලින් නම්බර් එක ඉල්ලලා මගෙ ෆෝන් එක දුන්නා ටයිප් කරලා දෙන්න කියලා. නම්බරෙක මතක නෑ කීවා. බොරු කියන්න එපා කීවම නම්බර් තුනක් තියේලු එකක්වත් මතක නෑලු. ඉස්සෙල්ලම කීවෙ ෆෝන් එකක් නෑ කියලා, ගෙදරින් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ කීව.. ඊට පස්සෙ තමා එයා කීවෙ ඒ බොරුවට කීවේ මට නම්බර් එක මතක නෑ කියලා.. ඇත්ත මොකක්ද දන්නෙ නෑ. මේකි බැස්සා, බහිනකොට මට 'මන් බහිනවා කියලා කීවෙත් නෑ😔'

දෙවෙනි දවසේ ස්කෝලෙ ගියෙ නෑ, තුන්වෙනි දවසේ මන් එයා නඟින තැනට ගියා, පොඩි චැටක් දැම්මා. මට දැනුනා මේකි මාත් එක්ක කතා කරන්නෙ නෑ, මඟාරිනවා වගේ කියලා.. (ගණන් උස්සනවද මන්දා😂) ඊට පස්සෙ මන් සේප් එකේ හිටියා, බස් එකේදි මේකි ඉඳගෙන මන් හිටගෙන, මේකි ඔලුවට අත තියන් නිදාගෙන වගේ හිටියේ, මන් බස් එක මඟක් ආවට පස්සේ බෑග් එක දෙන්න හැදුවා,(ඔඩොක්කුවෙන් වගේ තිබ්බා) මේකි ඔලුව ඉස්සුවේ නෑ, ඊට පස්සෙ අතට තට්ටුවක් දැම්මා, ඒත් ප්‍රතිචාරයක් නෑ, විලිලැජ්ජයි මට, බස් එකේ ඒළඟ ඉඳපු ඔක්කොම සීන් එක දැක්කා.ඊට පස්සෙ ඒකි හිටපු සීට් එකට පස්සහ සීට් එකේ අයියා කෙනෙක් බෑග් එක ගත්ත..අන්තිමේ මට එයා හිටපුතැන ඉඳගන්න හම්බවුන, මන් ඉඳගත්තට කතා කලේ නෑ,මළ පැනලා හිටියේ කලින් සීන් එකට, අනික ලැජ්ජාව😂.. අන්තිමේ එයා බහින්න ලංවෙලා ප්‍රශ්න දෙක තුනක් ඇහුවා මන්.. එච්චරයි, එයා ගියා. එදත් බහිනවා කියලා කීවෙ නෑ😔..

ඊට පස්සෙ දවසෙ ස්කෝලෙ ගිය නෑ එයා..අද හම්බවුනා, හෝල්ට් එකේදි හම්බවුනා මන් එයත් එක්ක හිටපු යාලුවා යනකම් ඉඳලා ළඟට ගිහිල්ලා හලෝ කොහොමද කීවා, එයා හිනාවුනා.. ඊයෙ ගියෙ නැත්තෙ ඇයි ඇහුවා නිවාඩු කීව, ඇයි අහපුවම විභාගෙලු, ඕම තව චුට්ටක් කතා කලා මොනාද මන්දා මම🤔... ආ මම ඇහුව ඔයාලට විභාගෙ නැද්ද කියලා නෑ කීවා, මන් ඇහුවා ඇයි නැත්තෙ කියලා එයා සද්ද නැතිව හිටියා ඊට පස්සේ ඒ ප්‍රශ්නෙත් එක්කම තව මොකක් හරි ඇහුවා, ඒකට ටිකක් මළ පැනලා වගේ, එපාවෙලා වගේ, මන් කටට අත දාල වචනයක් ගන්නව වගේ... ඔය වගේ😐😅🤔 උත්තරේ දුන්නා.
මන් ආයෙ එතනින් එහා කතා කලේ නෑ, බස් එක ආවා. අපි නැග්ගා.. දෙන්නම එක ළඟ හිටගෙන.. මන් හෙන දුරක් එනකම් කතා කලේ නෑ.. කලින් අර විදියට කියපු හින්දා එයත් එක්ක මළ පැනලා වගේ, ගණන් උස්සලා වගේ හිටියා.. මේකි මන් දිහා සේප් එකේ බලනවා මට පේනවා
( මම හොරැහින් බලන් හිටියේ එයා දිහා😜). අන්තිමේ මන් කතා කලා, ඇහුවා හෙට ස්කෝලෙ යනවද කියලා, එයා හෙට කොහෙද ස්කෝලෙ කියලා හිනාවෙලා කීවා. ( මට ඔය උත්තරේ ගන්න ඕනි නිසා ඒම ඇහුවේ, උබලා දන්නවනේ ට්‍රික්ස්😉)
ඊට පස්සෙ මන් ' ආ ඔව්නේ හෙට සෙනසුරාදනෙ නේද කීවා, කියලා හෙට ඔයාට ක්ලාස්ද ඇහුවා😐' අන්න ඒක තමා මේ දවස් ටිකේ එයත් එක්ක ගත කරපු සුන්දරම මොහොත😍.. මේකි එවෙලෙ කීවනේ බන් "ඇයී අහන්නේ ඔයාට මොකටද" කියලා, මගෙ රෙදි නෑ අපි හිටන් ඉඳපු තැනම කපල් එකක් ඉඳගෙන.. උන් දෙන්නටත් ඇහුනා. තව අපි ගාව හිටන් ඉඳෞ උන්ටත් ඇහුනා. අර කපල් එකට ඉස්සරහ සීට් එකේ මන් ඉදිරියේදි ටෝක්ස් කරන්න හිටපු කෑල්ලකුත් හිටියා. ඒකිටත් ඇහුනද කොහෙද😭. මට එවෙලේ පොළව පලන් යන්න තරම් විලිලැජ්ජයි බන්😭😭.. මන් ඒකි බහින තැන එනකම්ම ආයෙ මූණවත් බැලුවෙ නෑ.. ඒත් මට දැනෙනවා මේකි මන් දිහා බලනවා කියලා, එක පාරක් බලන් ඉන්නකොට මට මාට්ටු, ඒකි සුටුස් ගාලා අහක බලාගත්තා..😂. ආයෙ බහින්න යනකොට මන් ඇස් දෙක දිහා බලන් හිටියා, මේකිත් බලාගෙන, හිතෙන් මට නිකන් සමච්චලේට (අහිංසක හිනාවක්ද මන්දා බන්😂) හිනාවෙනවා වගේ දැනුනා😂.
ඇයි බන් කෙල්ලෝ මේම, තේරුම් ගන්නම බෑනේ මුන්.. මන් කලින් අර විදියට බැන්න ගමන්ම හිතුවා මේක ක්ලෝස්, අනිත් එකට යනවා කියලා😂, ඒත් මට හිතෙන්නෙම එයා මට කැමතී කියලා🤔 නමුත් අර විදියට කියපු එකයි, මාව නිකන් මඟාරිනවා වගේ දැනෙන එකයි මතක් වුනාම හෙන අවුල් මට.. උබලා කියපල්ලා මන් මොකෝ කරන්නේ?
ඉදිරියට කරගෙන යන්නද එපාද, ඒකි අර විදියට කරන්නෙ ඇයි?
 
  • Like
Reactions: jsandun

Rampage

Banned
Jul 10, 2018
421
36
0
Idiot no free way to the fuck. You have to keep trying and earn it. Once you hit the jackpot she even offer you a ring job. :yes:
 
visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එයාද? එයා මැත්ස් කරන්නේ..

    උබ මැත්ස් නෙවෙයිද කරන්නෙ.මැත්ස් කරන් කෙල්ලො ඔහොම තමයි.අනිවා තාම ඒකිට තාම එක කොල්ලෙක්වත් නැතුව ඇති.කොහොමහරි දැන්ම සෙට් කරගනින් කෙල්ලෙක්ව සිරා කරන්න.නැත්තම් තව අවුරුද්දක් දෙකක් ගියොත් සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමය් හොයාගන්න වෙන්නෙ.එතකොට පරක්කුයි.උබට මීට කලින් කෙල්ලෙක් ඉදල නැද්ද?
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Kello hina wela hitiyata kemathi wage pennuwata podi deyak athi wenas wenna. So wediya hithanna epaa . Thaw tikak katha baha karala fit wenna. Yaluwek margen kollek innawada hoyala balanna. Exam kaale samahara kello love hutapata walata wadiya na igena ganna ekamai wade . Samahara kellontath kollonta crush 1k tyanawa but ita wada lassana or wena mona hari tyana kollek dakkoth eyatath crush 1k athi wenawa. So wediya hithan nathuwa talk karahan
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    මන් දැන් ඔයාට දෙන්න ඕනි උත්තරේ දාපු පෝස්ට් එකට පරස්පර විරෝධී😂😂.. ඒ හින්දා කෙල්ලෝ ඉඳලා තියේ කියලා විතරක් කියන්නම්😜
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    giya senasurada gewal patte kellek line una sathi 2k witara. meki horen balala hina wenawa.(as karakawala balala hinawenne) mai yaluwoi hitan hitiy. okkoma hari. kella ekenma kamati kiyala. math eki cls arena welawat hoyagena cls eka gawata gihin eki enakn yaluwekut ekka idala ekita number eka denakota eki "mokadda? mata epa" kiyala yaluwa gawata ikmanata awidagena giya. pare kawruwat hitiyet na. nattan wili lajjawe pana yanawa :rofl: ita passe edama bus eke yaddi eka siduweemak dakka. wade close kara etaninma.:rolleyes:
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    එයාද? එයා මැත්ස් කරන්නේ..

    Kello hina wela hitiyata kemathi wage pennuwata podi deyak athi wenas wenna. So wediya hithanna epaa . Thaw tikak katha baha karala fit wenna. Yaluwek margen kollek innawada hoyala balanna. Exam kaale samahara kello love hutapata walata wadiya na igena ganna ekamai wade . Samahara kellontath kollonta crush 1k tyanawa but ita wada lassana or wena mona hari tyana kollek dakkoth eyatath crush 1k athi wenawa. So wediya hithan nathuwa talk karahan

    උබ මැත්ස් නෙවෙයිද කරන්නෙ.මැත්ස් කරන් කෙල්ලො ඔහොම තමයි.අනිවා තාම ඒකිට තාම එක කොල්ලෙක්වත් නැතුව ඇති.කොහොමහරි දැන්ම සෙට් කරගනින් කෙල්ලෙක්ව සිරා කරන්න.නැත්තම් තව අවුරුද්දක් දෙකක් ගියොත් සෙකන්ඩ් හෑන්ඩ් එකක් තමය් හොයාගන්න වෙන්නෙ.එතකොට පරක්කුයි.උබට මීට කලින් කෙල්ලෙක් ඉදල නැද්ද?

    giya senasurada gewal patte kellek line una sathi 2k witara. meki horen balala hina wenawa.(as karakawala balala hinawenne) mai yaluwoi hitan hitiy. okkoma hari. kella ekenma kamati kiyala. math eki cls arena welawat hoyagena cls eka gawata gihin eki enakn yaluwekut ekka idala ekita number eka denakota eki "mokadda? mata epa" kiyala yaluwa gawata ikmanata awidagena giya. pare kawruwat hitiyet na. nattan wili lajjawe pana yanawa :rofl: ita passe edama bus eke yaddi eka siduweemak dakka. wade close kara etaninma.:rolleyes:

    බඩුවක්ද ඒකි
     
    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    Oki kamati oi...ahawal ekatada no eka illanna giye palaweni dwsema

    පුරුද්දට ඉල්ලුනා බන්😔.. ආයෙනම් කෙල්ලෙක් තව දවසක් හම්බෙනවා කියලා මට සුවර්නම් දෙවෙනි දවසෙ තම නම්බර් එක ඉල්ලන්නේ😐
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    you're being a creep and a stalker. If she doesn't want to talk to you that means she doesn't like you. Leave her alone and keep your dignity, and possibly your freedom because you might arrested if you keep this up. Just because a girl smiles at you or talks to you doesn't mean that she wants to fuck you. This is exactly why most sri Lankan girls don't interact with men
     
    • Like
    Reactions: craabeysinghe

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    you're being a creep and a stalker. If she doesn't want to talk to you that means she doesn't like you. Leave her alone and keep your dignity, and possibly your freedom because you might arrested if you keep this up. Just because a girl smiles at you or talks to you doesn't mean that she wants to fuck you. This is exactly why most sri Lankan girls don't interact with men
    අන්න කතාව ඕයි.සිරා කෙල්ලො වැඩිය කතා කරන්නෙ නැති හේතුව ඕක වෙන්න ඕනෙ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මටත් ඔය වගේම සීන් එකක් උනා බං. ඒකි හොඳට හිනා වෙලා. මම එනකන් බලන් ඉඳලත්(මම ඈතින් එනවා දැකල කඩේ ඇතුලට යන්නේ නැතුව දොර ගාවට වෙලා ඉඳල හිනාත් වෙලා) පස්සේ number එක දුන්නම ගත්තේ නැ.