මරු විස්තරේ අඩුපාඩු හදාගන්න කෙනෙක්ටමං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..
මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..
මං හිතන් හිටිය මගේ අඩුපාඩු :
1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
2. මගේ අත පය කෙට්ටුයි..
3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි
මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..
1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..
2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..
3. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..
4. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..
5. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..
6. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..
මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
ඒ කිව්වට බන් කෙට්ටු කෝටුව වගේ ඉන්න උන්ට කවුද කැමති වෙන්නේ.මම ට්රයි නොකරපු දෙයක් නෑ මහත් වෙන්න.
අනික මගේ පෙණුමත් වයසට වඩා ගොඩක් ලාබලයි.මගෙන් අහලා තියෙනවා A/L කරනවද කියලත්.
ඔහොම තියාගෙන කොහොමද බන් කෙල්ලෙක්ගෙන් අහන්නේ.නිකන් චාටර් වෙනවනේ.
ඕක හින්දා සීන් එක අත අරලම දාලා ඉන්නේ.

danata 3 years walata kalin mama hithanne 