කෙල්ලෝ ගැන තරහින් ලියමි

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    කෙල්ලෝ ගැන තරහින් ලියමි

    මේක ලියන්නේ ගෑනුත් එක්ක පට්ට තරහිනි.තරහින් ලියන නිසා සමහර කාරනා කිසිම තර්කානූකූල බවක් නැතිව පට්ට නෝන්ඩි වීමට ඉඩ ඇත.ඒ උනත් ලියමි.පොස්ට් එක නිසා අනාගැනීමට/නාගැනීමට සෑගෙන පොසිබිලිටියක් ඇත.තරහ ඊට වඩා වැඩිය.මතකතබාගන්න මම මෙහෙම ලිව්වාට කොලුකාරයෙක් නොවෙමි(ගෑනුත් නොව්න පිරිමිත් නොවන කාරයෙකුත් නොවෙමි ).මම පොඩිකාලේ සිටම වැඩිය කෙල්ලො සබ්ජෙක්ට් එකේ හිටපු එකෙක් නෙවේය.(ඒ කියන්නේ මම කොල්ලො සබ්ජෙක්ට් එකේ හිටපු එකෙක් කියලා වරදවා වටහාගන්ට එපාය). මම මොන්ටිසෝරි ගියෙත් නැත.එක වසරේ සිට දහතුන වෙනකංම ගියේ පිරිමි පාසල් වලටය. ටියුෂන් වලදී, බස් එකේදි සහ දහම්පාසලේදී ඇරෙන්ඩ කෙල්ලෙක් එක්ක කතාකරන්ඩ තියා කෙල්ලෙක් කතාකරනවා වත් ඇහෙන්නේ නැත.අනික අපි කොච්චර කතා කලත් උන් උත්තර දෙන්නේ තනිවචනයෙනි. මම වැඩියෙන්ම අහපු වචනේ “බෑ” ය.

    කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය. ලපටි උනත් අම්බානක කපටිය. මොකක් හරි වැඩක් අතරමඟ හිර උනොත් උන්ගේ එක්සෙප්සන් පනිනවාය.ඊට පස්සේ මොකුත් කරගන්න බැරුව මොකෙක් හරි කොරලා දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය. කෙල්ලො හිතාගන ඉන්නේ එයාලා හරිම ලාමක ජාතිය කියාලාය.කුනුහරුපයක් එහෙම කියන්නේම නැත. තව සමහරු කියන්න තියා අහලාවත් නැත. බැරිවෙලාවත් කුනුහරුපයක් ඇහුනොත් ප්‍රෙග්නන්ට් වෙනවාය කියා සිතන කෙල්ලොද ඕනෑ තරම්ය.

    කෙල්ලො එහෙම හිතාගන හිටියාට මට ලඟදි කොල්ලෙක් පොඩි බඩුවක් කීවේය.”මචං මම ඔෆිස් එකේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට යන්කොට නදීකා හිටියා කොම්පුටරේ දිහා බලාගෙන. මම පිටිපස්සෙන් ගියපු නිසා ඒකිට මාව පෙන්නේ නෑ මට එකිගෙ මොනිටරේ පේනවා. මෙහෙමයි සීන් එක… එකි බ්‍රවුසර් වින්ඩෝ දෙකක් ඇරන් . එකක් විතරක් පොඩි කොටුවක් වෙන්ඩ පොඩි කරලා. මම බැලුවා මේකි ඔෆිස් වෙලාවේ හොරාට වැල බලනවද කියලා. මොන වැලද… එකි ලාස්ට් රෝ කියවනවා”

    ඔය බ්‍රවුසර් පොඩි කරන් අන්තිම පේලිය බලන නදීකා නංගි වැනි නංගිලාට හා නංගිලා කියලා හිතන් ඉන්න ඇන්ටිලාට කියන්න ඇත්තේ , උඹලා දන්න කුනුහරුප වලින් හතලිහෙන් එකක් වත් මේ තෙලැස්ට්‍රෝවේ ලියැවෙන්නේ නැත. බොරු නොකර ඔන්න ඔව්වා මැක්සිමයිස් කරගෙන කියවපල්ලා.

    ගෑනු මෝඩය. උන් මෝඩ නිසාම උන් එක්ක දෙයක් කතාකරලා විසඳගන්න බැරිය.ගෑනු කොහොමත් වාද වලින් අන්තිමේ දිනනවාය. ඒ උන්ගේ තර්ක කොච්චට මෝඩ උනත් කොච්චර ගොන් කතා කිව්වත් අපිට කොරන්ඩ දෙයක් නැති නිසාය. ගෑනුන්ගේ ගොබ්බ කතාවලට අපට කොච්චර මලපැන්නත් අත පුරවලා හොම්බට දෙකක් අනින්ට බැරිය.ඒ ගෑනුන්ට අතක් ඉස්සුවොත් ගේම ඉල්ල්න්ඩ කාන්තා සංවිදාන හැත්තෑහතරකුත් තව තුනහමාරක් විතර ඉන්න නිසාය.

    කාන්තා සංවිදාන මතක් වෙනකොට තවත් ලේ රත්වෙයි.එව්වායේ ඉන්නේ ලිප්ස්ටික් ගාගෙන පිකටින් යන ඇහැක් ගැහුවත් කොල්ලෙක් ලඟට නේන කලටි ඇන්ටිලාය.හොඳම කතාව එයාලා සමතැන ඉල්ලන එකය. අනි අම්මේ ඔය සමතැං කතාව අපිට නොකියා ඔලිම්පික් කමිටුවටවාගේ කිව්වානං හරිය. ඊලඟ ඔලිම්පික් එකේ ඉඳං මීටර් සීය කාන්තා පිරිමි ඉසව් දෙකක් නොතියා දෙගොල්ලෝම එකට දුවන ඉවෙන්ට් එකක් තිබ්බානම් හරිය. එතකොට කාන්තාවන්ට ලැබෙන “සම තැන” බලාගන්ඩ පුලුවන්ය.

    සමහර කෙල්ලොන්ගේ පුදුම හැදියාවක්ය. ඒ මදිවට ඔක්කොම නලලේය. කලින් කතාවකත් කිව්වා වගේ උන් යන්නේ බිම බලාගෙනය.ජීවිතේට ඔලුව උස්සලා කොල්ලෙක් තියා නලුවෙක් දිහාවත් බලන්නේ නැතිය.උන්ගේන් යාලුවෙන්ඩ අහලා වැඩක් නැත. යන එන පාරක “අයි ලවු යූ” කියා බිම වැල්ලේ ලිවිය යුතුය.
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    කොල්ලෝ එක එක මූඩ් ගසති. ඒ උනාට කෙල්ලෝ හැම වෙලේම ඉන්නේ සර්වයිවල් මූඩ්ය. ඕන සීන් එක්කදී කෙල්ලො දඬුවම් විඳින්නේ බොහොම අඩුවෙනි. කොටින්ම කියනවානම් උන් දඬුවම් විඳින්නේ නැති තරම්ය.කැම්පස් කාලයේ කිසිම හේතුවකට සස්පෙන්ඩ් වෙච්ච (පන්ති තහනමකට ලක් වෙච්ච ) කෙල්ලෙක් ගැන මගේ මතකයට එන්නේම නැත.ඔය මොන වැඩේට පස්ස ගැහුවත් මුන්ට සමතැන නං ඕනෑය.කටට කුනුහරුප එන්නේ ඔය කාන්තා විමුක්ති සමතැං වේලිච්ච කලටි පොශ් බඩු ටික මතක් වෙද්දීය.

    ඔෆිස් වලනම් අපිට වඩා කාන්තාවන්ට තැනක් ඇත.අපිට ෂෝට ගහන් ඔෆිස් යන්ඩ බැරිය. ආම් කට් ඔෆිස් එකට අඳින්න බැරිය.සෙරෙප්පු දාගෙන යන්ඩ බැරිය. ඒකටත් එක්ක නංගිලාට කිසි අවුලක් නැත.සාය කොච්චර කොට උනත් කාටවත් අවුලක් නැත. අත් කොට නෙවේ උඩට පොඩි පටි කෑලි දෙකක් විතරක් ඇඳන් ආවත් කිසි ප්‍රෂ්නයක් නැත.(මම කියන්නේ කෙල්ලන්ට කොටට ගහන් යන්න දෙන්න එපා කියලා නෙවේය, අපිටත් පොඩි සෙරෙප්පු කෑල්ලක් එහෙම ගහන් ඔෆිස් එකට යන්න චාන්ස් එකක් දෙන්න කියාලාය )

    අපේ ලකියාට ඔය නිකැලැල් ලයින් දෙන කෙල්ලන්ව පෙන්නඩ බැරිය. ඊටත් වඩා කටගහගෙන එන කෙල්ලෝ උට වහය.කෙල්ලො කටගහගන ආවොත් ඌ මූනටම සරල කුනුහරුපන් බැනලා දායි.

    “අනේ පල Hxx යන්ඩ. එනව මෙතන බඩුව වෙන්ඩ.තොගෙ %^$^$&(*(*&)…….. ” ඌ එක දිගට කුනුහරුප වැලක් කියවාගෙන යයි.ඔය වෙලාවට කෙල්ල ලෙන්සුවෙං මූන වහගෙන පැත්තකට දුවයි. සීන් එක වෙලා ටික වෙලාවකින් කෙල්ලගේ තෝල්ක කෙල්ලො සෙට් එක එයි.

    “ඔයා කරපු වැඩේ හරි වැරදියි නේද? මොනවා උනත් ගැනු ලමයෙක්ට එහෙම ක්තාකරන එක හරි නෑනේ . ” කෙල්ල දේසනාව පටන් ගද්දිම කලින් කෙල්ලට කියපු ටිකම මේ කෙල්ලටත් කියයි.

    “අනේ පල vc යන්න.#@$@%^&^%* තෝ ආවේ මෙතන නඩු කතාකරන්නද **&*&**##….. “ තවත් කුනුහරුප වැලකි.

    ඒ නිසා ලකියා ගැන දන්නා ඕන කෙල්ලෙක් ලකියා එක්ක නඩු කතාකරන්ඩ එන්නේ නැත.

    කෙල්ලො පිටට ඔහොම පෙන්නුවාට උන් හරි අමුතු ජාතියය.උන් එන්නේ මොකාටද කියලා හිතාගන්ඩ බැරිය.

    ඉස්කොලේ කාලේ අවුරුද්දකට සැරයක් දෙපාරක් විතර ක්‍රීඩා තරඟාවලි වලට (සිංහලෙන් Tournament වලට ) කොලඹ යැවෙනවාය.අපි නවය වසරේ විතර ඉද්දි ක්‍රීඩා තරඟාවලියකට කොලඹ ගියෙමු. කොහොමත් ඔය තරඟාවලි සතියක් විතර ඇදෙන එව්වාය. අපි නැවතිලා හිටියේ සර්වෝදය ආයතනයේ තැනකය. අපි විතරක් නෙවේ තව ඔය කොලඹින් පිටත ගොඩක් ඉස්කෝල වල ක්‍රීඩා කන්ඩායම් නවතින්නේ ඔය වාගේ තැන්වලය. අපි සර්වෝදයේ ඉන්නකොට නුවර බාලිකා පාසලක ක්‍රීඩා කන්ඩායමක්ද ඒකේ නැවිතිලා හිටියාය.දවස් තුනක් යද්දි රෑට කන්ඩ කැරම් පාරක් ගහන්ඩ වගේ දෙවල් වලට මුන් අපිත් එක්ක සෙට් උනේය. එකදවසක් කයිය ගගහා ඉද්දි එකපාරටම එකියක් මෙහෙම ඇහුවාය

    “මේ ඇත්තද අනේ ඔය බොයිස් ස්කූල් වල සර්ලා ලමයි අතර අනියම් සම්නන්දතා තියනව කියන්නේ.”

    එතකොට කොට කලිසම් ගහන වයසේ හිටපු අපි කොර උනෙමු.අපේ එවුන් ඔක්කොම තුෂ්නිම්භූත වෙලා බලාසිටියෙමු. එක්සයිට් වෙච්ච එක්සයිට් විල්ලට වදන් නැතිව විනාඩි පහක් විතර නිස්සද්දව හිටියෙමු. උත්තරයක් දුන්නැත්තං ඉස්කොලෙටත් ඊටත් වඩා අපටත් පට්ට නෝන්ඩිය.හොඳ වෙලාවට අපේ කට තිබ්බ එකෙක්

    “අපේ ඉස්කෝලෙ නම් ඔව්වා නෑ. ඒ උනාට මේ ඔය ගෑනු ලමයින්ගේ ඉස්කෝලවල වෙනවා කියන ටෙස්ට් ටියුබ් සිද්දි එහෙම ඇත්තද?”

    ඊට පස්සේ උන් අපිත් එකක් කන්ඩ වත් කතාකරන්ඩවත් ආවේ නැත.

    ඒ උනාට අර කතාව කියපු කෙල්ලගේ නමයි මූනයි මට තාම මතකය.කොච්චර නාකියෙක් බැඳලා හිටියත් ලමයි තුන්දෙනෙක් විතර හම්බෙලා තිබ්බත් පාරක තොටක දැක්කොත් අඳුරා ගන්ඩ බැරිවෙයි කියා හිතන්නේ නැත.ඒ තරමටම මූන මතක මට ඒවගේ කතාවක් කියපු පලවෙනි කෙල්ල ඒ කෙල්ල නිසාය.


    මෙය මා විසින් රචනා කරන ලද්දක් නොවන අතර තනිකරම උපුටා(copy) ඇලවීම(paste)කි.
    උපුට ගැනීමhttp://tlr.thelastrow.net/
     
    • Like
    Reactions: LKS007

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය. ලපටි උනත් අම්බානක කපටිය
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය. ලපටි උනත් අම්බානක කපටිය

    කොල්ලො එක්කො ලපටිය නැත්නම් කපටිය කපටි සහ ලපටි වෙන්න පුලුවන් කෙල්ලන්ට පමනක්ය
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    බැරිවෙලාවත් කුනුහරුපයක් ඇහුනොත් ප්‍රෙග්නන්ට් වෙනවාය කියා සිතන කෙල්ලොද ඕනෑ තරම්ය.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Maxxa bn...