කෙල්ල​ රූම් ගිහින් ගත්තු Photos, Internet eke

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
කෙල්ල​ රූම් ගිහින් ගත්තු Photos, Internet eke

Source: Gossip Lanka

අනුරාධපුර ප‍්‍රදේශයේ දුෂ්කර ගමක පදිංචිව සිටි මේනකා හැඩකාර තරුණියක සේම ඈ පෞද්ගලික රෝහලක හෙදියක් ලෙස වෘත්තියේ නියැලී කටයුතු කළා. ඒ වෙනුවෙන් ඇයට ලැබුණේ රුපියල් දහදාහක වගේ පුංචි වැටුපක්. නමුත් ඒ වැටුපෙන් ඇයට කළ යුතු බොහෝ රාජකාරී තිබුණා. වෘත්තීය අතර තුර දී බාහිර උපාධිය හැදෑරූ මේනකා ඇගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගන්නවා වගේම නිවසේ
කටයුතුවලටත් උදව් උපකාර කළේ මේ වැටුපෙන්... ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ ඇයට ආදරය තහනම් වචනයක් වුණා. ඒ ඇගේ ලෝකයේ සිහින මැද්දේ බලාපොරොත්තු ගොඩාක් තිබුණ නිසා.

මේනකා සිය අධ්‍යාපන කටයුතු වගේම නංගිගේ සහ මල්ලිලා දෙන්නාගේ අධ්‍යාපන කටයුතු වලත් වගකීම් ඇයට පැවරුණා. රැකියාව, යුතුකම්, අධ්‍යාපනය අතර, හෙම්බත්ව සිටි මේනකාගේ සිතට මුරකාවල්ලා තිබූ ආදරයේ අවශ්‍යතාව යොවුන් තරුණියක වූ ඇයට තදින්ම දැනුණා. හේතුව ඇය මේ සිදාදියේ හුදකළාවීම. ~මිනුක~ කියන්නේ පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක්. දවසක් ඔහුගේ බයිසිකලය අනතුරකට ලක්වුණා. අතේ ලේ ගලමින්ම ඔහු ඇතුළු වූයේ මේනකා රැකියාව කළ රෝහලට....

වෛද්‍යවරයා බැලූ පසු මිනුකගේ අතට ඛෙහෙත් දැමීම මේනකාට බාරවුණා. මේනකාගේ තැන්පත් ගතිගුණ ළඟ මිනුක අතරමන් වුණා. අතට ඛෙහෙත් දාගෙන රෝහලෙන් පිටමන් වුණත්, මිනුකගේ හිත රෝහලේ නතරවුණා. ආයෙත් සැරයක් ඒ කරුණාවන්ත හෙදිය බලන්න ඇත්නම් කියා මිනුකගේ හිත හඬා වැටුණා.

ඒ ඉල්ලීම නිසාම දවස් ගාණක් රස්තියාදු වූ මිනුක මේනකා සිටින ඉසව්ව සොයා ගත්තා. අහඹුවකින් හමු වූ බව මවාපාමින් ඔහු මේනාකාත් සමඟ කතාබහ කළා. කොළොන්තොටේ හුදකළා වී සිටි මේනකාට මිනුකගේ මිතුරුකම අලූත් අත්දැකීමක් වුණා. ඔහු දැකීමත්, ඔහු සමඟ කතාකිරීමත් ප‍්‍රීිතියට කරුණක් වුණා.

දවස් ගණන් හමුවී කතා කළ ඔවුන් පෙම්වතුන් බවට පත්වෙන්න ලොකු කාලයක් ගියේ නැහැ.... මිනුකත්, මේනකත් ඔවුන්ගේ ජීවිතයට ආදරනීය බලාපොරොත්තු එකතු කර ගත්තා. ඒ නිසාම ඔවුනොවුන් ආදරය පිළිබඳව ගෙවල්වල වැඩිහිටියන්ටත් පැවසුවා.

මේනකා දිළිඳු පවුලක වුවත් ලස්සන, ගුණ යහපත්, උගත් ගෑනු ළමයෙක් නිසා මිනුකගේ පවුලේ අය ඇයට කැමැත්ත දුන්නා. ආදරය විවාහයෙන් අවසන්වීමට පෙරුම්පුරණ මේ පෙම්වතුන්ගේ ආදර කතාවට සීමාමායිම් නොතිබුණා. විවාහවීමටත් ප‍්‍රථම ඔවුන් හදවත්වලින් ඔවුන්ගේ කරගත්තා. ඒ නිසාම මේනකා, මිනුක කියන හැමදේම කළා.

‘‘පැණිවරකා ගහටත් හෙණ ගහනවා...’’ කියන්නේ කතාවට නෙවෙයිනේ.... ඉතින් ඒ වගේම දෙයක් මේ දෙන්නගේ ආදරයටත් සිද්ධවුණා. ඒ මේනකාගේ යාළුවෙක් කියූ එක් කතාවක් නිසා. මේනකා යාළුවන් එක්ක අන්තර්ජාලයේ එක් වෙබ්සයිට් එකක් පරීක්ෂා කළා. මේනකාගේ දෑසින් තරු විසිවුණේ ඒ වෙලාවේ. ඒ වෙබ් සයිට් එකේ තිබුණේ මිනුකයි, මේනකයි ටි‍්‍රප් එකක් ගියපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක්.

මේනකා අතීතය සිහපත් කළා. ටි‍්‍රප් එක ගිය දවසේ ඔවුන් නැවතුනේ එක කාමරයක.... මේ ආදරවන්තයින් අතර සිමා මායිම් බිඳ දමමින් බොහෝ දේ වුණා.... මිනුක ඒ හැමදේම හොරෙන්ම වීඩියෝ කළා.... ඒත් මේනකා ඒක දැකලා මිනුකට දොස් කිව්වා.... ඒ වෙලාවෙම මිනුක ඒ වීඩියෝ එක මකලා දැම්මා... එහෙනම් කොහොමද ඉන්ටනෙට් එකට ඒ වීඩියෝ එක ආවේ....?

මේනකා අහස පොළව ගැටලන්න කල්පනා කළා.... හොඳටම අඩුවා.... මුළු ජීවිතයම ගිනිගන්නවා වගේ දැණුනා.... අමාරුවෙන් අප‍්‍රාණික ගත නැගී සිටියා... මිනුකගේ නම්බර් එක එබුවේ විදුලි වේගයෙන්.

තමුසේ මහ පාහරයෙක් මාව රැවට්ටුවා.....මේනකා අඬමින් කියාගෙන කියාගෙන ගියා. මිනුක කරන්ට් වැදිලා වගේ බලාගෙන හිටියා.... එකපාරටම මේනකාට වූවේ කුමක්දැයි ඔහු කල්පනා කළා.... කාර්යාලයේ කටයුතු කිරීමට තරම් ඔහුට මනස හදාගන්න බැරිවුණා.... යතුරුපැදියට නැගි ඔහු මේනකා සොයා ගියා.

ඒ වනවිටත්, මේනකා ඇගේ යාළුවත් සමඟ අඬමිනුයි හිටියේ.... හිස ගිනිගත් මිනුකට කිසිවක් තේරුම්ගත නොහැකි වූවා.

‘‘ඇයි මේ.... ඇයි මිනූ... මට කෑගැහුවේ...? ඇයි ඔයා ඔහොම අඬන්නේ.....?’’ මිනුක ප‍්‍රශ්න කෝටියක් අසනවා. ඒත් මේනකා ඔහුගේ මුහුණවත් බලන්න කැමති වූණේ නැහැ.... ඇගේ යහළුවා සමී, මිනුකට අන්තර්ජාලයේ ඇති වීඩියෝව පෙන්නුවා. මේනකා වගේම මිනුකත් හොඳටම කලබල වුණා. ඔහු දෑස් පිහදාගෙන යළිත් ඒ දෙස බලා සිටියා....

‘‘මේක කොහොමද වුණේ....?’’ ඔහු අහස පොළව ගැටලන්න කල්පනා කළා. මිනුකට ඔහුගේ නැති වූ ෆෝන් එක ගැන මතක් වූයේ ඒ වෙලාවේ.... ඒත් ඒ වීඩියෝ එක මකලනේ තිබ්බේ...? මිනුකට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුණා. වීඩියෝ එක වගේම මේනකාගේ විරසකයත් මිනුකට දරාගන්න බැරිවුණා. දවස් දෙකක්ම සේවයට නොගිය මේනකා නිවාඩු දාලා ගමේ ගියා.

මිනුකට මේනකාගේ නිහඬතාව දරාගන්න බැරිවුණා. ඒ වගේම මේ වීඩියෝ එක අයින් කර ගන්නේ කොහොමද කියලා දසඅතේ කල්පනා කළා... මේ උභතෝකෝටික ගැටලූව නිසා කාර්යාලයේ වැඩ ගොඩක් අතපසු වුණා.... මිනුකගේ නොසන්සුන්තාව දුටු ඔහුගේ මිතුරා ඒ පිළිබඳව ඔහුගෙන් විමසුවා. ලැජ්ජාවෙන් වුවත් සිදුවී ඇති සියලූ දේ ඔහු යාළුවාට පැවසුවා.

ඒ අනුවයි මිනුක ශ්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය පිළිබඳ තොරතුරු දැන ගත්තේ... ඇත්තටම සිදුවෙලා තිබුණේ මිනුකත් හීනෙකින්වත් නොහිතූ දෙයක්. එදා සිදුවීම මිනුක ෆෝන් එකෙන් මකලා දැම්මත් එය සම්පූර්ණයෙන්ම අයින් වී නැහැ.....

මිනුකගේ ෆෝන් එක කොහොම හරි නැතිවුණා. ඒත් එහි ගත යුතු කිසිවක් නොතිබූ නිසාත් පරණ ෆෝන් එකක් නිසාත් ඒ පිළිබඳ කිසිම දෙයක් ඔහු හොයන්න ගිහින් නැහැ..... ඒත් එය හොරාගත් කෙනා කුමන ආකාරයකට හෝ ෆෝන් එකේ පරණ මකලාදාපු ෆයිල් අරගෙන බලලා. එකේ මැකුවත් මැකී නොතිබූ මෙම වීඩියෝ එක අන්තර්ජාලයට එකතු කරලා.

මිනුක මේ සියලූ දේ මේනකාට කිව්වා. ඔහු කියන දේ විශ්වාස කරනවා හැරෙන්න ඇයට වෙන කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. ඒ නිසා ඔවුන් දෙදෙනාම එකතුවෙලා හදිසි ප‍්‍රතිචාර සංසදයේ පිහිටෙන් මෙම වීඩියෝ එක අයින් කර ගත්තා... ඒත් ඔබට හිතන්න බොහෝ දේ ඉතිරි කළා. ඔබ විවාහයට පෙර සදාචාරයට පටහැනි විය යුතුද...?

තවමත් සංස්කෘතියක්, සදාචාරයක් ඉතිරිව තිඛෙන අපේ රටේ, විශේෂයෙන්ම ගැහැනිය යනු කාගේ හෝ දියණියකි, සොයුරියකි, බිරිඳකි. ඇය තමුන්ගේම බිරිඳවූවත් ඇගේ නිරුවත වීඩියෝවකට ගත යුතුද....? කුමන හෝ ආකාරයකින් එය තවෙකකු අතට පත්වුවහොත් අපහසුතාවට පත්වන්නේ ඔබම නොවේද..? සිය බිරිඳට, පෙම්වතියට, දරුවන්ගේ මවට මුළු ලෝකෙටම පේන්නට එසේ අගෞරවයක් ලබාදිය යුතුද....?
 
  • Like
Reactions: DimuthTharindu

Undead

Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    bump.. mama adamay danne mehema hadisi prathichara sansdayak tiayanwa kiyala.. ela macho.. good post
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොන හුට්ටටද බන් තමන් ආදරේ කරන කෙල්ලගෙ නිරුවත රෙකෝඩ් කරන්නෙ ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හුට්ටටද බන් තමන් ආදරේ කරන කෙල්ලගෙ නිරුවත රෙකෝඩ් කරන්නෙ ?
    :lol::lol::lol:
    ඒක මචං අමුතු මේනියාවක්..පෙලක් අයට තියෙනවා.. හනිමූන් එක රෙකෝඩ් කරනවා පෙලක් අය..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මොන හුට්ටටද බන් තමන් ආදරේ කරන කෙල්ලගෙ නිරුවත රෙකෝඩ් කරන්නෙ ?


    සිරාවට ඕයි. හැමදාම බලන්ඩ පුලුවන් එක රෙකෝඩ් කරන්ඩ ඕනෙ නෑනෙ බන් :lol::lol:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :lol::lol::lol:
    ඒක මචං අමුතු මේනියාවක්..පෙලක් අයට තියෙනවා.. හනිමූන් එක රෙකෝඩ් කරනවා පෙලක් අය..
    උඹ දැකලා තියෙනවාද එක හනිමූන් කපල් එකක් ඔහොම ගත්තු ෆොටෝස් සෙට් එකක් ස්ලයිඩ් ෂෝ එකක් විදිහට හදලා එක සයිට් එකක දාලා තිබුණා?:baffled:
    මුල ඉඳලා අගටම දාලා තිබුණා!!:dull:
    පව් බන් උන් දෙන්නා!!:(

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ශ්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය ගැන විස්තරයක් කියන්න කවුරුහරි...:):)

    ඔව් ඔය ගැන විස්තර කලොත් ගොඩක් අයට ප්‍රයෝජවත් වෙයි...ගොඩක් අය දැනුවත් නෑ මේ වගේ දේකදි කරන්න පුලුවන් දේ ගැන...:yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම දැන් ONLINE ඉන්නවෝ.. ඉක්මනට ඔබගේ REQUEST එක දමන්න.... :rolleyes:
    2n1gtox.jpg

    https://beta.hive.im/join/f6bf
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    mata me gana athdakeemak tiyenawa...

    ape nadee wena akka kenek mage lagata cam ekak aran awa babage gahapu photo ne ,balanna kiyala,,,mama recovery kara...akkage husbend ge malli eyage girlfried ekata gatta hena photo set ekak tibuna,,

    eath mata oya asahane ne..eaka nisa mama ara akkage photo tika eyata deela arunge photo tika makuwa...

    eata satiyakata withara passe akkage husbend ge amma nati una..mala gdara giya..arun denna hitiya...mata upset ekakwath ,dukak wath mokuth hitun ne,,hodata katha kara...mama dannawa godak aya awasthawa labuna gaman oya wage dewal karanawa kiyala...

    eath machanla EPA!!! EPA!!! EPA!!! EPAAAAAA!! ubaalge kellage /ubage /kellek nam Thamange //photo- chip/memory walata ganna epaaaaa..

    meka eka ath dakeemak witharai..saha 100% aththa,,,,:nerd:

    eaka nisa oya gon wade karanna nam epa!!!:no::no:
     
    Last edited:
    • Like
    Reactions: chathu05

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    උඹ දැකලා තියෙනවාද එක හනිමූන් කපල් එකක් ඔහොම ගත්තු ෆොටෝස් සෙට් එකක් ස්ලයිඩ් ෂෝ එකක් විදිහට හදලා එක සයිට් එකක දාලා තිබුණා?:baffled:
    මුල ඉඳලා අගටම දාලා තිබුණා!!:dull:
    පව් බන් උන් දෙන්නා!!:(


    video ekakma thynwa bn .mulu wedding ekamath ekka .paw bn :(
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    Next time make sure you 'FORMAT' the bloody memory card.

    And GIRLS >>> Do not do anything in front of the camera that you will regret later ;)
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    mata me gana athdakeemak tiyenawa...

    ape nadee wena akka kenek mage lagata cam ekak aran awa babage gahapu photo ne ,balanna kiyala,,,mama recovery kara...akkage husbend ge malli eyage girlfried ekata gatta hena photo set ekak tibuna,,

    eath mata oya asahane ne..eaka nisa mama ara akkage photo tika eyata deela arunge photo tika makuwa...

    eata satiyakata withara passe akkage husbend ge amma nati una..mala gdara giya..arun denna hitiya...mata upset ekakwath ,dukak wath mokuth hitun ne,,hodata katha kara...mama dannawa godak aya awasthawa labuna gaman oya wage dewal karanawa kiyala...

    eath machanla EPA!!! EPA!!! EPA!!! EPAAAAAA!! ubaalge kellage /ubage /kellek nam Thamange //photo- chip/memory walata ganna epaaaaa..

    meka eka ath dakeemak witharai..saha 100% aththa,,,,:nerd:

    eaka nisa oya gon wade karanna nam epa!!!:no::no:

    I salute you Macho !!!​