කෙල්ල ගැන කොල්ලෙක් කියන කතාවක්

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    කෙල්ල ගැන කොල්ලෙක් කියන කතාවක්

    ආදරේ කියන්නේ හරියට ෆෝන් එකට හයි කරපු GPS සිස්ටම් එකක් වගේය. කොල්ලා කොහේ ගියත් කෙල්ල අප්ඩේට්ය
    “සුදූ… මම කොටුවට ආවා…. ,
    මම දැන් පානදුර බස් එකට නැග්ගා බෝඩිමට ගිහිල්ලා ගන්නාම්.. ,
    සුදූ… මම බෝඩිමට ආවා..
    කෝල් කරන්න පරක්කු උනාට සොරී…..බ්ලා බ්ලා බ්ලා……”

    කොල්ලත් ඒ වගේය. කෙල්ලගේ මුලු සරුවාංගය ගැනම කොල්ලා අප්ඩේට්ය
    “බලන්ඩකෝ නලීන් ඔයා ගෙනල්ල දුන්න ක්‍රීම් එක ගෑවට පස්සේ පිම්පල්ස් ඇවිල්ලා…,
    මම ඇඳගන ඉන්නේ එදා ගත්ත ටී ෂර්ට් එක. එකට මම පොඩ්ඩක් මහතයිද මංදා අනේ…,
    මම මාමා රටින් ගෙනල්ල දුන්න පර්ෆියුම් එක ගෑවා පුදුම සුවඳයි අනේ….
    අලුත් ඩියොඩ්‍රන්ට් එකට අත් යට කලු වෙනවා අනේ….බ්ලා බ්ලා බ්ලා…..”


    කෝල් කරන වෙලාව තීරණය වෙන්නේද කෙල්ලට ඕනෑ විදියටය..
    කෙල්ල අටයි තිහේ නාට්ටිය බලනකං කොල්ලාට කෝල් කොරන්ඩ තහනම්ය බැරිවෙලාවත් කෝල් එකක් ගත්තොත්
    “මොකක්ද අනේ. මම හැමදාම බලන ටෙලි ඩ්‍රාමා එකනේ. අනේ තව පොඩ්ඩකින් ගන්නකෝ…..”
    කොල්ලා මැච් එකක් බලනකොට ඕකේ අනික් පැත්තය.කෙල්ල තර්ජනාත්මක ලෙස කෙඳිරිගායි
    “මොකක්ද අනේ… ඔයාට හැමදාම මැච් තමා ලොකු. ඔය මැච් බැලිල්ල නවත්තලා පොඩ්ඩක් මමත් එක්ක කතාකරන්න වෙලාවක් ඇත්තෙම නැද්ද? ඔයාට මැච් එකද වටින්නේ මමද වටින්නේ?”
    කොල්ලට ඒ වෙලාව්ට “මැච් එක තමා වටින්නේ ඕයි…” කියා කියන්ට සිතුනත් එසේ කියන උන් ගැන මම අහල නැත.

    ඔය කිව්වා වගේ තව සිද්ධි n සංඛ්‍යාවක් ඇත. ලව් කරන උන් ඒව්වා ගැන ඕනෑතරම් දන්නේය.
    කොටින්ම කිව්වොත් කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන හිතක් පහල වී එකිව එපා වෙනකම්ම කොල්ලා කෙල්ලගේ බල්ලාය.

    කොල්ලො කෙල්ල දාලා ගියාම අරක්කු බොති. මෝඩම එවුන් වහ බොති.හැබැයි සමහරු ජයපැන්ද බොති.
    කෙල්ලෝ එසේ නැත . ඔය හැම කල්හිම ස්කින් එක ලස්සන වෙන්ට පපායා ජූස් බොති.

    සුජීව ප්‍රසන්න ආරච්චි සහ පියා හිතන විදියට ආදරේ කියන්නේ ගින්දරක්ය…
    ඉතින් මොන රෙද්දටද බං ඔය ගින්දරට පනින්නේ.
    ආදරේ කියන්නේ ගින්දරක්නං
    සයිඩ් එකක් අල්ලං ගිනි තැපපං, මස් ටිකක් පුච්චගෙන කාපං, වැඩේ ආතල්නං තව දර ටිකක් දාපං..

    repost nam sorry.
    blog ekakin issuwe
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    ආදරේ කියන්නේ ගින්දරක්නං
    සයිඩ් එකක් අල්ලං ගිනි තැපපං, මස් ටිකක් පුච්චගෙන කාපං, වැඩේ ආතල්නං තව දර ටිකක් දාපං..

    මසුරං කතාව
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    ආදරේ කියන්නේ ගින්දරක්නං
    සයිඩ් එකක් අල්ලං ගිනි තැපපං, මස් ටිකක් පුච්චගෙන කාපං, වැඩේ ආතල්නං තව දර ටිකක් දාපං..

    පට්ට කතාව මචෝ
    0
    0
    0

    මහා BUMP දන්සල
    ඔන්න
    උඹටත්
    ගනින්
    BUMP
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    මේ film එක බලපන්:lol::lol::lol::lol::lol::lol:...........

    Pyaar+Ka+Punchnama+%25282011%2529.jpg