කෙල්ල රැවටිලා.............

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
කෙල්ල රැවටිලා.............

තුමා පබා බලමින් සිටියේය. පිහි ඇනුම් කේස් එකක් ගැන අයියාට තදින් දොස් කියූ ඇය කාමරයට වැදී දොර වසා ගත්තාය. තුමා හිතුවේ ඩිරෙක්ටර් ඊළඟට පබා අඬන ලෝන්ග් ෂොට් එකකින් ක්ලොසප් එකකට යනු ඇත කියාය. නමුත් එහෙම ෂොට්ස් මෙතර්ඩ් එකක් තිබුණේම නැත. ටික වේලාවකින් පබාගේ යෙහෙළිය කාමරයට ගියේ ෂුවර් එකටම පබා දොර වසාගෙන අඬනවා ඇතැ’යි සිතා අනේ, හුනේ තොත්ත පුහුලේ කියා නලවා ගන්නටය. එහෙත් පබා තියා මොන මළ සෙහොනෙක්වත් කාමරේ සිටියේ නැත. කාමරයට ගිය එකීත් ආපසු ආවේ මිනිහා මූදු ගිහින් මළ ගාණට අඬාගෙනය. නාට්ටියේ ඊළඟට ගියේ කෙල්ල අතුරුදන් වූ බවට එක එකා නැගූ මැසිවිලිය. මේ විකාරය බලා සිටි තුමාට අසූහාර දහටම නැග්ගේය. මෙහෙමත් නාට්ටි ලියන මීහරක් ඉන්නවාද යකෝ කියා කල්පනා කළ තුමා ඒත් එක්කම දිගින් දිගටම හිතන්නට පටන් ගත්තේ පබාව අරන් ගිය කොබා කවුරු විය හැකිද කියාය.

මේ අතුරුදන්වීම සම්බන්ධයෙන් තුමා පෞද්ගලිකව මැදිහත් වී පොලීසියෙන් ඇසුවේ බඳින නොබඳින ගාණට හොර ගල් අහුල අහුලා සිටි පබාගේ කොල්ලා වැඩේට සැක නැද්ද කියාය. සැකයි සර් කී පොලීසිය පබා ප්‍රඩක්ෂන් එකේ එවුන්ටත් පහර දී චණ්ඩියා වී රට ගොස් යළි ඇවිත් සෙම හල හලා සිටි කොල්ලා අල්ලා රිඹ යන්න නෙළුවේය. ඔය කිව්වට පබාගේ අයියත් අප්සට් කැරැක්ටර් එකක් නේදැ’යි තුමා ඇසූ සැණින් පොලිස් නිලධරියෝ සමගිපුර වසන්තයා ගෙනැවිත් අගේ මධ්‍ය ලක‍ෂයෙන් තිබූ අංගෝපාංගයකට නයිලෝන් නුලක් දමා බාල්කයක එල්ලුහ. ඊළඟට තුමා පොලීසියෙන් ඇසුවේ පබාගේ තාත්තා කංසා උරා මත්වී කෙල්ලව කාටහරි වික්කා වෙන්න බැරිද කියාය. ඇත්ත නේන්නම් සර් ඒකත් වෙන්න පුළුවන් කියූ පොලීසිය පබාගේ මහ එකා අල්ලා අකෙන් පුතදා කණපිට නොගැසුවා පමණි. සේරම අත්අඩංගුවට ගත්තත් අයියාට බැන්න සීන් එකෙන් කාමරයට කට්වූ කෙල්ල නැහැ කියා ළතවෙමින් සිටි පොලීසියට තුමා යෝජනා කළේ පබා එකේ ඩිරෙක්ටර්ගෙන් ප්‍රශ්න කළොත් මොකද කියාය. ඒක කියන අසක්කුවෙන් ඩිරෙක්ටර් ශාන්ත පොලීසියේය. පස්සෙ මූව බාල්කෙ එල්ලනවා කියා සිතූ නිලධාරියා ශාන්තගෙන් ඇසුවේ කෝ ඕයි පබා කියාය. ශාන්ත කීවේ පිටපතේ හැටියට ඉතිං පබා අතුරුදන් වුණා. එච්චරයි කියාය.

අනේ හලෝ අපි නොදන්න පිටපත්, අපට තුමා කිව්වෙ තමුසෙලා ඇක්ෂන් කිව්වට පස්සෙත් පිටපත ලියනවා කියලයි කියූ පොලිස් නිලධාරියා හමුවේ වරද පිළිගත් ශාන්ත බිම බලාගෙන මහපටැඟිල්ලෙන් සිමෙන්තිය හාරන ගමන් කීවේ සමහර වෙලාවට රඟපාන ගමන්ම පිටපත ලියනවා තමයි කියාය.

යක්කු ඔළුවට ආරූඪ වූ පොලිස් නිලධාරියා ඇසුවේ ඇයි ඕයි ඔය විධියට කොහොමද උසස් ටෙලිනාට්‍ය කලාවක් බිහිවන්නේ කියාය. පබා ගැන මේ හැටි තුමා උනන්දු මොකදැ’යි හදිසියේ ඇසූ ශාන්තට පොලීසිය කීවේ තීරණාත්මක ජනාධිපති ඡන්දයක් අවු අස්සේ පවා ශ්‍රී ලංකන් ලයිෆ් එකේ කොල්ලා දිනන හැටි ඒ ටු ඉසැඩ් බලා සිට ඌට සුභ පැතූ ජනාධිපති කෙනෙක් පබා නාට්ටිය ගැන උනන්දු ඇයි කියා අහන එකම ගොං ප්‍රශ්නයක් බවය.

පබා අතුරුදන්වීම ගැන අමුතු කතා කනින් කොණින් ආරංචි වන්නට පටන් ගත්තේ මේ අතරය. එක් කතාවකින් කියැවුණේ පබාගේ කොල්ලා මෙන් හතර ගුණයක් විතර ලොකු ගණ උඩු රැවුලක් වවාගත් නැඩයකු පබා සිටි කාමරයේ ජනෙල් පොලූ ගලවා කෙළී මොරදෙද්දී රැගෙන ගිය බවය. වත්තේ පයිප්පය ළඟදී ඇසුණු තවත් කතාවකට අනුව කියැවුණේ පබාගේ අයියා වැනි චණ්ඩින් හක්කේ තියා සෙම ඇරිය හැකි වර්ගයේ හමුදාවෙන් පැන්න නොපැන්න ගානේ ඉන්න උසට උසේ ආ උඩු රැවුල්කාරයකු කාමරයේ බිත්තිය කඩා පබා කුදලාගෙන යද්දි එකී මීක් නොගා අවනතව සිටි බවකි. තවත් සමහරු කීවේ රට්ටු සියල්ල අතහැර තමන් ගැනම උනන්දු වන නිසා එය දරාගත නොහැකිව පබා රුහුණු කුමාරිට පැන්න බවකි. මේවා අතරින් සමහර ප්‍රචාර බොරු කරමින් පබා කලඑළි බැස්සේ මාව නාට්ටියෙන් අයින් කරන්න සැලසුමක් තියනවා. මාව කළුවර කාමරේක දාන සීන් එකක් ෂූට් කළේ ඒ නිසයි කියා පත්තරයකට කියමිනි.

පත්තරකාරයා අසා තිබුණේ ඇයි ඔයා හදිසියේම හංසයාගේ කරේ යන්න හිතුවේ කියාය. ඒ නිසා නේද මේ සේරම බාධක කියා වැඩිදුරටත් ඇසු ඔහුට පබා උත්තර දුන්නේ අනෙක් පැත්තේ නිළියන් පොරකන නිසා මේ පැත්තේ ඉන්න එකම තරගකාරියට ෆයිට් එකක් දි තමන්ට ජයගත හැකි බවට ඇති වූ විශ්වාසය නිසා මේ වේදිකාවට නැග්ගා කියාය.

ඔබ සඳහන් කරන ඔබේ එකම තරගකාරිය කවුදැයි කියා පත්තරකාරයා ඇසූ ප්‍රශ්නයට පබා කීවේ අනෝමා ෆොන්සේකා කියාය. එම ඉන්ටව් එක බලා පත්තරය ගුලිකර ජනේලෙන් එහා පැත්තට දැමූ තුමා ළඟ සිටි ගොතයකුට පරාජිතව කීවේ රැල්ල කෙවටිලා කියාය. නැත්නම් පොන්ටිං රවට්ටගෙන කියාය. ඔයින් මෙයින් අන්තිමට මාරම හුටප්පරයක පැටලූණේ අධ්‍යක‍ෂ ශාන්තය. මෑන්ට එක දිගටම ඉහළින් ටෙලිෆෝන් කෝල්ස් එන්නට පටන් ගත්තේය. මිනිහා, පොල්ගස් උඩ පවා කෝල් කරන එකා ඉන්නවාදැ’යි බල බලා ඒවාට උත්තර දුන්නේ තුම් මුනින් දාඩිය පෙරමිනි. පබා කපලා පබා කරන්න අමාරුයි සර්. ඒකට මං මැරිලා ඉපදෙන්න ඕනෙ කියන වචන ටික යාන්තං ගැටගසා ගත් ශාන්තයා අඬන ඇඬිල්ල ගැන දුක සිතුණු උඩ ඉන්න උඩප්පුවා උඩප්පරං ගසමින් ඇසුවේ මං ඔය චරිතෙට අනර්කලී එවන්නද කියාය. දෙන්නම සිංහල නොදන්න කොස්ගහට දෙල්ගහ කියන අයනේ හෙලෝ කියු උඩප්පුවා තමුසේ ඉතුරු එපිසෝඩ් ටික මං කියන විදියට ෂූට් කරනවා කියා දුරකතනය තිබ්බේය. ශාන්තයා පබාගේ අයියගේ ටයිප් එකට වැටී අඤ්ඤකොරොස් ලීලාවෙන් පුටුවකට ඇද වැටුණේය. අනතුරුව මෑන් ජාතික ප්‍රශ්නය තරම්ම ජනප්‍රිය වූ නාට්‍යයක් කිච නොකර බේරාගැනීම ගැන සිතුවේය. පළමුව ඔහු, පබා ඇක්සිඩන්ට් එකකින් මරන්නට තීරණය කළත්, ඒ ඉරණම කෘෘර වැඩියැ’යි සිතුණු බැවින් පබා රට යවන්නට තීරණය කළේය. එසේත් නැතහොත් මිස් ෆයර් එකකින් මැරුණොත් පබා ගැන ජනතාව තුළ මතු වු ආදරය තව වැඩිවන බවද කල්පනා කළ ශාන්තයා ලබන 26 වැනිදා වනතුරු මොකක් හෝ ගැටයක් ගසා පබා ඉබාගාතේ යවන වැඩපිළිවෙළක් සැට් නොකළහොත් තමන්ට, අත්හැර දැමු ලොකේෂන් එකක ලොකප් වෙන්නට සිදුවනු ඇති බවද කල්පනා කළේය.ඔය අලකලංචි මැද්දේ පබා ටවුම මැදින් ගමන් කර පාර අයිනේ දුරකතන කුටියකට ඇතුල් වුණාය. ඇය ෆලෝ කරමින් පැමිණි පුද්ගලයකු වාහනය නවත්වා දුරකතන කුටිය ඇතුළට ගිය පබා පැහැරගෙන යළි මෝටර් රථයට ඇතුල් වුණේය. පබා ඉදිරි අසුනේ ඇලවූයේ ඒ කාලේ කරවල වාඩිවලට පැහැරගෙන ගිය පොඩි එකකු බිල්ලා දුන් ටොෆිය කා මත්වූ විලාසයෙනි. මෝටර් රථය පදවමින් සිටි පුද්ගලයා තමන් බඳින්න ඉන්න ආමන්ත මෙන් හතර ගුණයකින් විතර නැඩයකු වුවත් ඒ ආමන්තයැ’යි පබා අඩසිහියෙන් සිතුවාය. මොකක්ද අනේ ඔයා කරන්න යන්නේ කියා ඇසූ පබාට ඉදිරි අසුනේ සිටි නැඩ ආමන්තයා කීවේ මං ඡන්දෙ ඉල්ලනවා. ඔයාගේ ෆුල් සපෝට් එක ඕනෑ කියාය. විස්මයට පත් පබා ඔයා කවදාවත් දේශපාලනයට එයි කියලා මං හිතුවෙ නැහැ කියා කොයි ප්‍රාදේශීය සභාවටද ඉල්ලන්නේ කියා ඇසුවාය. ආමන්තයා කීවේ ප්‍රාදේශීය සභාවට නොවෙයි මේ පාර ජනාධිපතිවරණයට ඉල්ලනවා කියාය. ඔයාට නම් හොඳටම පිස්සු කියූ පබා ආමන්තගේ මුහුණ බැලූවාය. වාහනය එලවමින් සිටියේ ආමන්තයා නොව කොල්ලූපිටියේ ගල්පල්ලිය ගාව හේමන්තයා බව දුටු පබා සිහිසුන් වූවාය.

source : Ravaya
 
Last edited: