කෙස් අකලට සුදුවෙනවාද?
කෙස් කළඹ අකලට සුදුවෙනවාද?
මෙන්න ආයුර්වේද ප්‍රතිකාර
අද සමාජයේ තරුණ පරපුර අතර පවතින තවත් ගැටලුවක් ලෙස කෙස් කළඹ හා සම්බන්ධ වන ගැටලු බොහොමයක් දක්නට ලැබේ.
ඒ අතර හිසකෙස් ගැළවී යාම, හිස්හොරි, අකලට හිසකෙස් සුදුවීම, හිසකෙස් තුනීවී තට්ටය පෑදීම ආදී හිතට වදදෙන ගැටලු ප්‍රධාන වශයෙන් පෙනෙන්නට තිබේ.
මේ හිසකේ සම්බන්ධ ගැටලු බොහෝ දුරට පරම්පරාගත (ආරයට යාම) හේතු මත, වයස මෙන් ම පරිසරය හා දේශගුණික තත්ත්වයන්ද හේතුකොටගෙන ඇතිවේ.
සාමාන්‍යයෙන්, මිනිස් හිසක ලක්ෂයකට අධික ප්‍රමාණයක් හිසකේ රැඳී පවතී.
කෙස් ගසක සජීවී කොටස පවතින්නේ සම ඇතුළත වන්නට පිහිටි කේශ කුහරය තුළය. අපගේ ඇසට පෙනෙන දිගට වැඩුණු කොටස කෙස් ගසේ මැරුණු කොටස ලෙස සැලකේ.
කෙස් කළඹ හා සම්බන්ධ ප්‍රධාන ගැටලුවක් ලෙස අකලට හිසකෙස් පැසීම අද පවතින, මනසට වදදෙන ගැටලුවකි. හිසකෙස් අකලට සුදුවීම සඳහා බලපාන හේතු ගණනාවක් තිබේ.
1. ආරයට හෙවත් පරම්පරාගත හේතු.
2. හෝමෝනවල බලපෑම මෙන් ම, කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හා අධික ලෙස රුධිර වහනය සිදුවීම.
3. පීනස් රෝගය හා රක්තවාත රෝග තත්ත්වයන්.
4. ආහාර හා පෝෂණ තත්ත්වයන්.
සීත ආහාර මෙන් ම, උෂ්ණ ආහාර නිතර නිතර ආහාරයට ගැනීම මේ තත්ත්වයට බොහෝදුරට හේතුවේ.
5. පොටෑසියම් හා විටමින් හිඟකම.
6. පුරුද්දක් ලෙස රාත්‍රී කාලයේ දී ස්නානය කිරීම.
7. ඇතැම් ඔසු වර්ග පාවිච්චි කිරීම
8. මානසික පීඩනය, දුක් පීඩා ආදිය.
9. අධික සීත පරිසරයක නිරන්තරයෙන්ම ගැටීම.
ආදී හේතු මේ සඳහා බලපෑ හැකිය.
මේ සඳහා මුලින් ම කළ යුත්තේ පවතින රෝගාබාධවලට නිවැරැදි ප්‍රතිකාර ලබා ගැනීමයි.
වෙළෙඳ පොළේ පවතින සැර සබන් වර්ග හා ෂැම්පෝ වර්ග භාවිත නිසා ද හිසකෙස්වලට හානි සිදුවිය හැකිය.
අකලට හිස කෙස් සුදුවීම පාලනය කිරීමට ආයුර්වේද ප්‍රතිකාර අතර ඇති පංචකර්ම ප්‍රතිකාර තුළින් ‘ශීරෝධාර’ ප්රතිකර්මය එක් ක්රමයකි.
පීනස මෙන් ම, රක්තවාත රෝගීන්ගේ ද කෙස් කළඹ අකලට පැසීම හා කෙස් යාම සිදුවේ. ඒ සඳහා පොදුවේ තෙල් වර්ග භාවිත කිරීමෙන් ප්‍රතිකාර ලබාගත හැකි ය. ඒවා ආයුර්වේදයේ සඳහන්් පරිදි හිස සම්භාහනයට යොදා ගැනීම ප්‍රතිඵල සහිත ය.
1. ත්රිපලාදී තෙල්, කේශ රංජනී, අම්ලක්රී තෙල, භෘංගමාලක, නීල්‍යාදී තෙල්, චන්දනාදී හා පිරිසුදු පොල් තෙල් වශයෙන්
2. පිරිසුදු ඔලිව් තෙල්, තැඹිලි තෙල්, බිත්තර ආදිය
3. ත්රිපාලාදී කෂාය, රතු ලූණු තෙල්, නිම්බාදී ක්වාතය.
4. නෙල්ලි ඉස්ම, මුකුණුවැන්න ඉස්ම, කීකිරිඳිය, කෝමාරිකා ඉස්ම ආදිය යොදා හිස සම්භාහනය කිරීම යෝග්‍ය වේ.
5. ගොටුකොළ ඉස්ම, බිත්තර, ලෞහාසවය බෙහෙතද යොදා ගැනීම යෝග්‍ය වේ.
පානය කිරීම සඳහා
1. අමුක්කරා අල, තල සමඟ ගොටුකොළ තම්බා කෂාය කර පානය.
2. අභයාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් උදේ සවස බීම.
3. නෙල්ලි තැම්බූ වතුර පානය.
4. කොළ කැඳ වර්ග පානය.
පොටෑසියම් ආදී විටමින් පදාර්ථ අඩුවීම නිසා කොණ්ඩයට හානි සිදුවේ. විවිධ පළා වර්ග නිතර ආහාරයට ගැනීම සුදුසු ය. කජු, කොස්ඇට වැනි ආහාරවලින් මේ පෝෂණ ඌණතාව මඟහරවා ගත හැකි ය.
නීරෝගී කෙස් කළඹක් සඳහා උපදෙස්
1. හිස කෙස් සතියකට වරක් හෝ තෙල් වර්ගයක් යොදාගෙන ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.
2. රසායනික ආලේපනවලින් වළකින්න.
3. අධික හිරු එළියෙන් ආවරණය වන්න.
4. තෙත සහිතව කොණ්ඩය ගැටනොගසන්න.
5. හිසකේ දිනකට දෙතුන් වරක් හිස්කබලද සම්බාහනය වනසේ පීරන්න.
6. වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ කෙස් කළඹ මුදාහැර, මඳක් විවේක ගන්න.
7. ක්ලෝරීන් සහිත ජලය කෙස් කළඹට අහිතකර වේ.
8. දෙහි, උළුහාල් තම්බා හිස හොඳින් සෝදා හරින්න.
9. කෝමාරිකා ඉස්ම හිසේ ආලේප කර තබා, සෝදා හැරීම යෝග්‍ය වේ.
10. අරළු, බුළු, නෙල්ලි තම්බා බීමට මෙන් ම හිස සේදීමට ද ඉතා හොඳය.
11. ගොඩපර ගෙඩි තම්බා හිස සෝදන්න.
මේ අයුරින් ඔබට ඔබගේ කෙස් කළඹ දිගුකලක් ආරක්ෂා කර තබා ගැනීමට මේ උපදෙස් පිළිපැදීමෙන් හැකියාව ලැබෙනු ඇත.
පිළියන්දල
සර්වාංග ආයුර්වේද වෛද්යාචාර්ය
ගාමිණී හෙට්ටිආරච්චි
නන්දි අලුත්ගේ රත්නවීර
http://www.dinamina.lk/arogya/art.asp?id=2010/06/09/apg06_1

Last edited: