කෙසෙල් ගෙඩි

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    කෙසෙල් ගෙඩි ගැන අපි ඇත්තටම කොච්චර දන්නවාද?
    කෙසෙල් ගෙඩි ගැන අපි ඇත්තටම කොච්චර දන්නවාද?





    කෙසෙල් ගෙඩි වල සීනී වර්ග 3ක් තියනවා. ඒ සුක්රෝසස්, ෆ්රසක්ටෝස් හා ලැක්ටෝස්. මේවා තියෙන්නේ තන්තු එක්ක බැඳිලා. එක කෙසෙල් ගෙඩියකින් ඉහල දිගු කල් පවතින ශක්තියක් ලබාගන්න පුලුවන්. කෙසෙල් ගෙඩි දෙකකින් මිනිත්තු 90ක එක්සර්සයිස් එකකට අවශ්යය ශක්තිය ලැබෙනවා. ඒ නිසා තමා ලෝකේ වටේ ඉන්න ක්රීහඩකයන් අතර ජනප්රි5යම පලතුරත් කෙසෙල් ගෙඩි වෙන්නේ. ශක්තියට අමතරව කෙසෙල් තව ගොඩක් ලෙඩ අඩු කරන්න උදව් වෙනවා.
    1. ඩිප්රෙසශන් හෙවත් අවතතිය.

    මෑතකදි කරපු පරීක්ශණයකට අනුව අවතතියෙන් පෙලෙන ගොඩක් අයට කෙසෙල් ගෙඩියක් කෑවට පස්සේ සතුටු හිතෙනවා. මේකට හේතුව කෙසෙල් වල තියන ට්රිගප්ටොෆන්. මේ ප්රෝයටීනය ඇඟ ඇතුලෙදී සෙරටොනින් බවට පත් වෙනවා. සෙරටොනින් මානසික ආතතිය අඩු කරලා පුද්ගලයාව සතුටු කරනවා.
    2. යකඩ ඌනතාවය.

    රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය වැඩි කරන්න කෙසෙල් වල තියන යකඩ වලට පුලුවන්.
    3. රුධිර පීඩනය.

    රුධිර පීඩනය පාලනය කරන්නත් කෙසෙල් වලට පුලුවන්. ඒ කෙසෙල් පොටෑසියම් ඉහල සෝඩියම් අඩු කෑමක් නිසා. කෙසෙල් ගෙඩි කෑමෙන් අධි රුධිර පීඩනය, ස්ට්රෝඩක්ස් වගේ දේවල් මගහරවා ගන්න පුලුවන්.
    4. මානසික ශක්තිය.

    එංගලන්තයේ ට්විකන්ම් ඉස්කොලේ ලමයි 200කට කෙසෙල් ගෙඩි උදේ, දවල් හා ඊට අතර වේලාවේ හැමදාම කන්න දීලා එග්සෑම් හොඳට කරන්න උදව් කරලා තියෙනවා. මේක කරන්නේ කෙසෙල් වල තියන පොටෑසියම් මානසික ශක්තිය වැඩි කරන නිසා.
    5. මල බද්ධය.

    වෙන බෙහෙත් පෙති ගන්නේ නැතුව කෙසෙල් වල තියන තන්තු වලින් මල බද්ධය ලේසියෙන්ම සුව කරගන්න පුලුවන්.
    6.වෙරිබව.

    වෙරි වුනාම ඉක්මනින්ම සාමාන්යය තත්වයට එන්න පුලුවන් ලේසිම ක්රමය තමා මී පැණි තියන කෙසෙල් ගෙඩි මිල්ක් ශේක් එකක් හදන එක. කෙසෙල් ආමාශය තැන්පත් කරන ගමන් කිරි මුලු ඇඟටම ශක්තිය දෙන අතර මී පැණි රුධිර ග්ලුකෝස් මට්ටම යථා තත්වයට පත් කරනවා.
    7. හදවතේ දැවිල්ල.

    කෙසෙල් ගෙඩි ඇඟේ ආම්ලික ගතිය අඩු කරනවා. මේ නිසා හදවතේ දැවිල්ලට හොද ප්රීතිකාරයක්.
    8. ගර්භණී අයට ඇති වෙන උදා ආබාධය.

    ආහාර වේල් අතරතුර කෙසෙල් ගෙඩි කෑමෙන් උදා ආබාධය අඩු කරගන්න පුලුවන්.
    9.මදුරු තුවාල.

    කෙසෙල් ලෙල්ලේ ඇතුලත කොටස මදුරු තුවාල වල ගෑවම ලොකු සහනයක් ලැබෙනවා.
    10. මානසික ආතතිය හා කලබලය.

    කෙසෙල් වල ගොඩක් විටමින් බී තියනවා. විටමින් බී ස්නායු පද්ධතියට සහනයක් ලබා දෙනවා.. වැඩකරනකොට හරි පාඩම් කරනකොට හරි ගොඩක් කලබල ගතිය දැනෙනවා නම් චොක්ලට් වගේ දේවල් කන්නේ නැතුව කෙසෙල් ගෙඩියක් කන්න. හැම පැය 2න් 2කට කෙසෙල් ගෙඩියක් කන එකෙන් මනස කලබල කරගන්නේ නැතුව තියාගන්න පුලුවන්.
    11. අල්සර්ස් හෙවත් බඩවැලේ තුවාල.

    කෙසෙල් ගෙඩි කියන්නේ ආම්ලික ගතිය අඩු, ආහාර පද්ධතියේ ගොඩක් ලෙඩ වලට හොඳ පලතුරක්. මේකේ සුමුදු බව ඒකට එක හේතුවක්. ඒ වගේම ආමාශය ඇතුලේ කොටස සියුම් ව වහලා ඇවිස්සීම් වගේ දේවලුත් අඩු කරනවා.
    12. උෂ්නත්ව පාලනය.

    කෙසෙල් ගෙඩි ඇඟේ වගේම මනසේ උෂ්නත්වය අඩු කරන පලතුරක්. තායිලන්තයේ ගර්භණී කාන්තාවන් ශරීර උෂ්නත්වය අඩු මට්ටමෙන් බබාව හම්බවෙන්න කෙසෙල් ගෙඩි කනවා.
    කෙසෙල් ගෙඩියක ඇපල් ගෙඩියකට වඩා 4 ගුණයක් ප්රො ටීන්, 2 ගුණයක් කාබෝහයිඩ්රෙනට්, 3 ගුණයක් ෆොස්පරස්, 5 ගුණයක් විටමින් ඒ සහ 2 ගුණයක් අනිත් විටමින් හා ලවණ තියනවා.ඒ නිසා ඇත්තටම දොස්තර ගාවට යන එක අඩු කරන්න නම් ඇපල් එකකට වඩා හැමදාම කෙසෙල් ගෙඩියක් කන එක තමා හොඳ.

    මොකද හිතන්නේ?


    “USSAPU EKAK, WADAGATH KIYALA HITHUNA”
     
    • Like
    Reactions: SHANUXLK