කෙහෙළිය අත්අඩංගුවට අරන්ලු

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොච්චර කම්මැලි විදියට ද මේ ටික හරි කරගත්තේ 😂

    රටින් පනින්න ගිහින්
    CID එකට කට උත්තර දෙන්න ආපු වෙලාවේ අල්ලාගෙන කියලා කිව්වේ. පැය 10ක් විතර ප්‍රකාශ සටහන් කරගත්තා කිව්වේ
    ------ Post added on Feb 2, 2024 at 7:51 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,623
    113


    හිටපු සෞඛ්‍ය ඇමති බොරු කිව්වා - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

    February 2, 2024 07:18 pm

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10කට ආසන්න කාලයක් පුරා මේ වනවිටත් ප්‍රශ්න කරමින් සිටී.
    ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අමාත්‍යවරයාට ඊයේ (01) ලබාදුන් නියෝගයට අනුවය.
    ඒ අනූව උදෑසන 10ට පමණ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
    මෙම නඩුව ඊයේ (01) පස්වරුවේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවුණු අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට CIDය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා තිබියදී ඔහු ඒ සඳහා නොපැමිණ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.
    ඇය සිදුකළ ඉල්ලීමක් මත මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට නියෝග කළේ, අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටය.
    ඒ අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් ද කරමිනි.
    එම නියෝගය ඇතුළත් ලිපිය විමර්ශන නිලධාරින් ඊයේ පස්වරුවේම අමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවස වෙත ගොස් භාරදුන් අතර අමාත්‍යවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ඒ අනුවය.
    අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදෙමින් සිටින අතරතුර සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොච්චර කම්මැලි විදියට ද මේ ටික හරි කරගත්තේ 😂


    CID එකට කට උත්තර දෙන්න ආපු වෙලාවේ අල්ලාගෙන කියලා කිව්වේ. පැය 10ක් විතර ප්‍රකාශ සටහන් කරගත්තා කිව්වේ
    ------ Post added on Feb 2, 2024 at 7:51 PM
    Ok

    https://lankacnews.com/කෙහෙලිය-ගුවන්-තොටුපලේදී/
     
    • Wow
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සපිරි ගේ තමාගේ නිවස මෙන් දැනේවා.

    පස්සේ මේවා බොරු කියලා කටවහ පනත වැඩ පෙන්නුර්වොත් අපිට යන්න වෙයි නැත්තං
    කෝකටත් දෙරණේ breaking news එක download කරගෙන තියාගන්න ඕන 😁
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මහජන මුදල් මන්කොල්ල කාලා හොර බාල බෙහෙත් ගෙනැත් මිනිස්සු මැරුවට, මිනිස්සු අන්ධ කලාට නාකි මල පෙරේත නූගත් වේස ගෝරිලි පකයට මරන දඬුවම දෙන්න ඔනේ හරිනම් :angry::angry::angry: