කෙහෙළිය

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    පුතාගේ සිද්ධිය සුළු දෙයක් බව ඇමැති කියයි
    ‘පරීක්ෂණයකට සහාය දෙනවා‘
    2013 ජූලි මස 03 11:19:18 | තරිඳු ජයවර්ධන

    ක්‍රිකට් ක්‍රීඩකයකු වන තම පුත් රමිත් රඹුක්වැල්ල බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයකින් ගමන් කරද්දී මුහුණ පෑවේ සුළු සිද්ධියකට බව එම ගුවන්සේවයම පවසා ඇතත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඩේලි මේල් පත්‍රයේ පළ වූ පුවතට වැඩි බරක් දී ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකාදීප එසැණ සමග පැවසීය.
    ‘පුතා ලංකාවට ආ ගමන් මේ ගැන මට කීවා. යානයේ සිටි අයගෙන් සමාව ගත් බවත් කීවා. යානයේ පසුපස දොරත්, වැසිකිළි දොරත් අතර දුර මීට දෙකක්වත් නෑ. ඕනෑ කෙනකුට මෙවැනි වැරදීමක් වෙන්න පුළුවන්. මීට පෙරත් සිදුවෙලා තියනවා. ඉදිරියටත් විය හැකි බව බ්‍රිතාන්‍ය ගුවන් සේවය කියනවා.‘
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන පරීක්ෂණයකට තම සහාය දෙන බව ද ඇමැතිවරයා කීවේය.
    ‘මේක සුළු සිද්ධියක්. කනගාටුවට කරුණ තමයි බ්‍රිතාන්‍ය ගුවන් සේවයෙන් වාර්තාවක් නිකුත් කර තියෙද්දී හැම මාධ්‍යයකම වගේ ගියේ ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයේ තිබුණු දේ විතරයි. ඩේලි ටෙලිග්‍රාෆ් පත්‍රයේ තියෙන්නේ අවුරුදු 23ක කෙනෙකු බියවී කෑ ගැසුවා කියලා. ඒක තමයි මාධ්‍ය වල අරගෙන තිබුණේ.
    බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ වාර්තාව මා ළඟ තිබෙනවා. ඒකේ තියෙන්නේ මේක සුළු සිද්ධියක් කියලා. මීට පෙරත් මේවගේ සිදුවීම් වෙලා තිබෙනවා සහ ඉදිරියටත් මේවගේ දේවල් වෙන්න පුළුවන් කියා තිබෙනවා.
    කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ ප්‍රසිද්ධ කෙනෙක් නිසා වෙන්න ඇති එයාගේ පුතාගේ සිද්ධියට මෙච්චර ප්‍රචාරයක් ලැබුණේ.
    lankadeepa