කේට් කුමරිය

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ නිරුවත් ජායාරූප ප්‍රසිද්ධ වී මාසයක් ගතවෙද්දී විලියම් කුමරුගේ බිරිඳ වන කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් ප‍්‍රංශ සඟරාවක් පසුගියදා ප්‍රකාශයට පත්කලා.

ක්ලෝසර් නම් එම සඟරාව විසින් පිටු 4ක් පුරාවට පල කර ඇති එම ඡායාරූප කේට් හා ඇගේ සැමියා වන විලියම් කුමරු පසුගියදා ප‍්‍රංශයේ දී ගත කළ පෞද්ගලික නිවාඩුවක් අතරතුරේදී ගත් ඡායාරූපයි.

යාර 1,000ක් පමණ දුර සිට දිගු කැමරා කාච යොදාගන ගෙන ඇති මෙම ජායාරූප පැහැදිලි බවින් අඩු වුවද ඒවායේ සිටින්නේ කේට් බව පැහැදිළිව හඳුනාගත හැකි බවයි පැවසෙන්නේ.

අක්කර 640ක භූමියකින් යුතු වූ ලැවැන්ඩර් මලින් පිරීගිය ඔවුන් නැවති සිටි එම හෝටල රැජිනගේ බෑනා කෙනෙකුට අයත්වූ එකකි. කේට් මෙලෙස උඩුකය නිරුවත්ව සිට තිබෙන්නේ එහි වූ පිහිනුම් තටාකයක් අසල අව්ව තපින අවාස්ථාවේදීයි.

ඒ අසල පිහිටි ප්‍රසිද්ධ පාරකට එම හෝටලය නිරාවරණය වන අතර ජාරාරූප ශිල්පියා විසින් එම මාර්ගයේ සිටයි මෙම ජායාරූප ගෙන තිබෙන්නේ.

ඩයනා කුමරියද මීට පෙර ස්පාඤ්ඤයේ බැල්කනියකදී මෙවැනිම උඩුකය නිරුවත් චායාරූපයකට හසුකරගැනීමට පැපරාසීන්ට හැකිවී තිබුණා.

කේට් හා විලිඔයම් මෙම සිද්ධිය දැනගන්නා විට ඔවුන් සිටියේ මැලේසියාවේය. මැලේසියාව යනු මුස්ලිම් රටක් නිසා එහි සංචාරය කරන විට කේට්ද හිස වසාගන ගමන් කළාය. ඉන්පසුව ඔවුන් ගියේ සොලමන් දූපත් වෙතයි.

මෙම ඡායාරූප සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන බි‍්‍රතාන්‍ය රජ පවුලේ නියෝජිතයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ ප‍්‍රංශ සඟරාව විසින් විලියම් හා කේට් ගේ පෞද්ගලිකත්වය අසාධාරණ ලෙස උල්ලංඝනය කර ඇති බැවින් එම සඟරාවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවයි.

මෑත ඉතිහාසයේ රජ පවුල විසින් සිවිල් නඩුවක් සඳහා පිහිට පැතූ පලමු අවස්ථාව මෙයයි.

කෙසේවුවද බ්‍රිතාන්‍යයට අයත් වෙබ් අඩවි හා පුවත්පත් විසින් මෙම ජායාරූප පල කිරීමෙන් වැලකී තිබෙනවා. ක්ලෝසර් සඟරාවද එම ජායාරූප ඔවුන්ගේ සඟරාවේ පල වුවද ඔවුන්ගේ වෙබ් අඩවියෙන් එම ජායාරූප ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත් බ්‍රිතාන්‍යයේ ඩේලිස්ටාර් පුවත්පත ඊයේ දිනයේ එම ජායාරුප පල කල අතර පසුව ඔවුන් ඒ පිළිබඳව සමාව ඉල්ලා තිබෙනවා.



http://gutteruncensored.me/2012/09/kate-middleton-topless-photos-from-south-of-france-holiday/
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
tks for info machan.

Rep added +

2ptwllh.gif
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ වැඩේ නම් පට්ටම බලු වැඩක් තමයි..ඒ මිනිස්සුන්ට මෙලෝ නිදහසක් නෑ..කරන හැම රෙද්දම හොයනවා....මේ ගැන හැදුන් ‍ෆිල්ම් එකකුත් තියෙනවා..අන්තිමට ඔය පැපරාසි හැත්තම තමයි සම්බන්ධතාවලුත් කඩලා දාන්නේ..ඩයනට කලෙත් ඕකම තමයි...කේට් නම් ඩයන වගේ සයිලන්ස් නෑ නේ..ඇහේ ඉඳන් පට්ට ගහයි ආපහු ආවම...
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඒ වැඩේ නම් පට්ටම බලු වැඩක් තමයි..ඒ මිනිස්සුන්ට මෙලෝ නිදහසක් නෑ..කරන හැම රෙද්දම හොයනවා....මේ ගැන හැදුන් ‍ෆිල්ම් එකකුත් තියෙනවා..අන්තිමට ඔය පැපරාසි හැත්තම තමයි සම්බන්ධතාවලුත් කඩලා දාන්නේ..ඩයනට කලෙත් ඕකම තමයි...කේට් නම් ඩයන වගේ සයිලන්ස් නෑ නේ..ඇහේ ඉඳන් පට්ට ගහයි ආපහු ආවම...

    :yes::yes::yes::yes::yes: