කේන්දරයට යටවෙලා ඉන්න ඔබට වචන කීපයක්..
කෙන්දරය කියන්නේ ජ්‍යෙතීර්විද්‍යාව අනුව පුද්ගලයෙක්ගේ හැඳුනුම් පත්‍රය. මේ කේන්දරය නිසා මේ ලෝකේ ඇතැම් පිරිස් ජීවිත නරාවලක් කරගෙන ඉන්නවා වගේම තවත් පිරිසක් කේන්දරයට යටනොවී ජීවිතේ ලස්සනට ගතකරනවා. මෙහෙම වෙන්නේ කේන්දරවල වරදක්වත්, ජ්යෙතීර්විද්යාවේ වරදක්වත් නිසා නෙවෙයි,
එක්කෝ ඒක ඔබේ ආකල්පවල වරදක්, නැත්නම් ඔබට අමූලික බොරු කියන ඇතැම් ජ්යෙතීර්වේදීන්ගේ හෙවත් කේන්දරකරුවන්ගේ වරදක්. ඒ නිසා කේන්දරවලට යටවෙලා ජීවිතේ එකතැන පල්කරගෙන ඉන්න, ඒත් නැත්නම් ජීවිතේ අනාගෙන ඉන්න ඔබට මේ වචන ටික වැදගත් වෙයි.
කේන්දර බොරුද?
මෙහෙමයි, ජ්‍යෙතීර්විද්‍යාව කියන්නේ ලෝකයේ පැරණිතම දෛව ශාස්ත්‍ර ක්‍රමවේදයක්. ග්‍රහ සහ තාරකාවන් පදනම් කරගෙන මිනිසුන්ගේ ජීවිතවල වර්තමානය සහ අනාගතය ගැන ‘පලාපල’ (ඵල සහ අපල) බැලීම මේ විද්‍යාව අනුව සිදුකරනවා. ඒ වගේම සුභ සහ අසුභ කියන සංකල්ප පදනම් කරගෙන කාලය බෙදීමක් කරලා විවිධ දේ සඳහා යහපත් පදනමක් ලබාදෙනවා.
එක් පැත්තකින් කේන්ද්‍රය කියන්නේ පුද්ගලයෙක් මේ ලෝකයට බිහිවෙන මොහොතේ අහසේ පිහිටි තෝරාගත් ග්‍රහ තාරකාවන් කීපදෙනෙක්ගේ පිහිටි ස්ථාන සටහන් කර තිබෙන ගණිතමය පත්‍රිකාවක්. ගණිතය ක්‍රියන ශාස්ත්‍රය මුසාවක් නොවන නිසා එයින් බිහිවුණු නක්ෂත්රය කියන්නෙත් මුසාවක් නෙවෙයි. එය මිනිසුන් පිළිබඳ දීර්ඝකාලයක් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රායෝගිකව භාවිතා කරමින් අනාගතය ගැන අනාවැකි කීම වගේම වර්තමානයේ සුභ සහ අසුභ කාලයන් ගැන කරන ප්රකාශනයක්.
හොඳක් ඇත්තෙම නැද්ද?
ජ්‍යෙතිශ්‍ය මගින් පුද්ගලයෙක්ගේ ජීවිතයට මානසික වශයෙන් සහනයක් සහ කරදරකාරී කාලයන්ට කලින්ම සූදානම් වීමට අවශ්‍ය මානසික ශක්තිය ලබාදීම තමයි අතීතයේ සැබෑ ලෙසම සිදුකරලා තියෙන්නේ. ඒත් වර්තමානයේ විවිධ ඊනියා ජ්‍යෙතීර්වේදීන් විදිහට කටයුතු කරන බිස්නස්කාරයන් පිරිසක් මාධ්‍ය සහ පුද්ගලික බලවත් සබඳතා පාවිච්චි කරලා මිනිසුන්ගේ ‘බය’ කියන දේ තුලින් විශාල වශයෙන් මුදල් උපයන්න කටයුතු කරනවා.
ඒ නිසා අද වෙද්දි කේන්දර සහ ජ්‍යෙතිශ්‍ය මුලාවක් මුසාවක් කියලා මිනිස්සු අතරේ පිළිගැනීමක් මෑත කාලීනව ඉතා ප්රබලව මතුවෙමින් තිබෙනවා. ඒත් අදටත් මේ ශාස්ත්‍රය ඉතා හොඳින් ප්‍රගුණ කරපු, මූල්‍ය ප්රතිලාභ පසෙකලා ශාස්ත්‍රීය වටිනාකමකින් මිනිසුන්ගේ ජීවිතවලට යහපතක් කරන්නට ඉන්න ජ්‍යෙතීර්වේදීන් මේ රටේ ඉන්නවා. ඒත් කුණු ගොඩවල් වලින් මැණික් යටවෙලා තිබෙන නිසා හොයාගන්නට ටිකක් අමාරුයි.
මුලාවෙන්න එපා
ඔබට කේන්දරයක් තිබෙන්න පුළුවන්. ඒත් මේ කේන්දරය නිසා ඔබේ ජීවිතය එකතැන හිරකරගන්න එපා. උපන් වෙලාවේ ඉඳන් විභාගයක් ලංවෙද්දි, රස්සාවකට යද්දි, පිටරට ගමනක් යද්දි, විවාහයට, දරුවෙක් ලැබුණම, ගෙයක් හදද්දි මේ වගේ හැමදේටම කේන්දරය ගාවගෙන වැඩ එපාකරගන්න එපා.
සුබ වැඩක් කරද්දි ඒකට යහපත් වේලාවක් බලාගන්න කේන්දර පරික්ෂා කරගත්තට කමක් නෑ. ඒත් ඒකට වහල් වෙන්න එපා. එහෙමත් නැත්නම් සුබ වේලාවක් ඔබටම ලිතෙන් බලාගෙන යහපත් විදිහට මානසික ශක්තියකින් ගමනක් ආරම්භ කරන්න පුළුවන්. විවාහයට පොරොන්දම් බලලා ගලපන්න ගිහින් නාකි වෙලා මැරිලා යන අනන්තවත් අය ලංකාවේ ඉන්නවා. ඒ නිසා පොරොන්දම් පැත්තකින් තියලා තමන්ව තේරුම්ගන්න පුළුවන් බුද්ධියක් ඇති දැනුමක් ඇති කෙනෙක් එක්ක ජීවිතය පටන්ගන්න, මුලාවෙන්න එපා.
බලපෑම් වැඩියි
ඇතැම් වෙලාවට ඔබට කේන්දර බලන්න වත්, පලාපල බලන්නවත් ඕන නැතිවුණාට දෙමව්පියන්ට, නෑදෑයන්ට අවශ්‍ය නිසා ඔබ ඒ මත්තේ හිරකරන්න පුළුවන්. ඒත් ඔබට ආත්ම ශක්තියක් තිබෙනවා ඔබට අවශ්‍ය දේ කරන්න. ඔබේ හිත හයියනම් ඔබේ කේන්දරය කවදාවත් නරක පලාපල ඔබට කියන එකක් නෑ, ඔබට ආත්ම ශක්තිය තිබෙනවනම් හැම වෙලාවක්ම ඔබට සුබ වෙලාවක්. ඒ නිසා බලපෑම්වලට යටත්වෙලා කේන්දරයට ඔබව යටකරන්න දෙන්න එපා.
හදාරන්න
මේක ඇත්තටම හොඳ ශාස්ත්‍රයක්. ඔබට ගණිතය ගැන හොඳ දැනුමක් සහ ලෝකය ගැන හොඳ අවබෝධයක් තියනවනම් ජ්යෙතීර්වේදය කියන්නේ ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් ඉතා හොඳ ක්ෂේත්රයක්. ආචාර්ය උපාධිය දක්වාම දිවෙන අධ්‍යාපනික පසුබිමක් වගේම පුද්ගලික රසාස්වාදනය වෙනුවෙන් කරන ස්වයං අධ්‍යයනය දක්වා වෙන පරාසයකදී ඔබට මේ ශාස්ත්‍රය ඉගනගන්න පුළුවන්. එතකොට ඔබ කොහොමත් කේන්ද්‍රයට යටත් වෙන්නේ නෑ.
සුබවාදීව හිතන්න
ජීවිතය ගැන සුබවාදීව හිතන මිනිස්සු උදේට ටීවී එක ඉස්සරහට එන කපිට කේන්දරකාරයන්ගේ බොරු මැජික්වලට, හක්ගෙඩි කෑලිවලට, පූජාවලට තමන්ගේ ආත්ම ශක්තිය යටකරන්නේ නෑ. ඔබ සුබවාදීව හිතලා නිවැරදි දේ කරන තාක්කල් ඔබට බයවෙන්න දෙයක් නෑ. මොකද කේන්දරවලින් මිනිස්සු ගොඩයනවනම් ලංකාවයි, ඉන්දියාවයි තරම් කිසිම රටක් ලෝකේ නොතියෙන්න තිබුණා. ඒත් ලෝකේ ආකල්ප අතින් දියුණු මිනිස්සුන්ගේ රටවල් ඉදිරියට යදිද් අපි එකතැන පල්වෙන්නේ මේ දේවල්වලට යටවෙලා ඉන්න නිසා. ඒ නිසා කේන්දරය පිළිගන්න, ඒත් ඒකට වහල්වෙන්න එපා. ඒක ඔබේ දියුණුවේ කොටසක් කරගන්න.
උපුටා ගැනීම - www.her.lk