කේන්දර බැලිල්ල බුදු දහමට අනුව වැඩක් නැති එක අවස්ථාවක්.

hpalpola

Well-known member
  • කේන්දර බැලිල්ල බුදු දහමට අනුව වැඩක් නැති එක අවස්ථාවක්.

    බුදු දහම කියන්නේ දුක නැති කිරීම ගැන උගන්වන දහමක්. හුඟක් ආගම් වල දුක නැතුව සතුටින් ඉන්න ඉගැන්නුවට බුදු දහම ඒවයින් වෙනස් වෙන්නෙ බුද්ධ ඉගැන්වීමට අනුව දුක නැති කරන වැඩේ තමුන් විසින් ම කළ යුතු නිසා. අත්තාහි අත්ත නො නාථො කියලා නැත්නම් අත්තදීපා විහරථ කියලා මේක පෙන්වලා දෙනවා. හැබැයි ආගම්වල මීට වඩා වෙනස්. ඒවායෙ දුක නැති කරන්නෙ තව කෙනෙක් නැත්නම් තව දෙයක් (නිදසුනකට සර්වබලධාරි දෙවියන්වහන්සේ) මත පදනම් වෙලා.

    බුදු දහමට අනුව දුක නැති කිරීමේ මාර්ගය තමයි ආර්යෂ්ටාංගික මාර්ගය. මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනා තමයි සංයෝජන නැති කර ගෙන ඉස්සරහට යන්නෙ. ඔය සංයෝජන අතරෙ තියෙනවා සීලබ්බත පරාමාස කියලා සංයෝජන ධර්මයක්. මේ ධර්මතාවය අයින් කරන්න හරි අමාරුයි. සරලව ගත්තම මෙතැනදි සිද්ධ වෙන්නෙ දුක නැති කරන්න බුදු දහමෙ තියෙන ඉගැන්වීම් වලට වඩා වෙනස් ඉගැන්වීම් වලට තමන් තුළ ඉඩ දෙන එක. අන්න එහෙම කරන එකක් තමයි කේන්දර බැලිල්ල.

    කේන්දර ගැන විශ්වාසය තියන මිනිස්සු තමුන්ව විශ්වාස කරනවට වඩා විශ්වාස කරන්⁣නෙ කේන්දරයේ තියෙන දේ. තමුන්ට හරි දන්න කෙනෙක්ට හරි ලෙඩක් දුකක් හැදුනම දුවලා යනවා කේන්දරය බලා ගන්න. කේන්දර බලන මහත්මයා හරි මහත්මිය කියන දේ තමයි විශ්වාස කරලා වැඩ කරන්නෙ. තමුන්ගෙ ළමයා කන්නෙ නැත්නම්, කසාදයක් හරි නොයනවා නම්, රස්සාවක් නැත්නම්, ඉගෙන ගන්න බැරි නම්, මිනිස්සු බණිනවා නම්, නිතරම ලෙඩ ගානෙ ඉන්නවා නම්, එකී මෙකී ඕනෑම දේකට දුවන්නෙ කේන්දරය බලන්න.

    ඉතින් මතක තියා ගන්න ඕන මේවා කරන බෞද්ධයො ඉන්නවා නම් මෙන්න මේ අංග 4 වෙනුවෙන් මොන ජගතා කේන්දරේ බැලුවත් වැඩක් නැහැ කියන එක මතක තියා ගන්න. ඒ තමයි "ජරාව, ව්‍යාධිය, මරණ ස්වභාවය සහ අකුසල් විපාක ලැබීම" කියන අංග 4. මේක කියන්නෙ මම නෙමෙයි බුදුරජාණන්වහන්සේ. ඒ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන පටිභෝග රහිත සූත්‍රයෙ දි. ඒ සූත්‍රය මෙහෙමයි.

    "මහණෙනි, ධර්ම සතරකට ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙකු නොවේ. කවර සතර දෙනෙකුටද යත්.

    “ජරා ස්වභාවය නොදිරේවයි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.

    “ව්‍යාධි ස්වභාවය, ව්‍යාධි නොවේවයි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.

    “මරණ ස්වභාවය, නොමැරේවයි ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.

    “කිලුටුකරණ, පුනර්‍භවය ඇතිකරවන, කෙලෙස් විඩාව සහිත, දුක්ඛ විපාකවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති, යම් ඒ ලාමක කර්‍ම කෙණෙක් ඇත්ද, ඔවුන්ගේ විපාකය නොඉපදේවායි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත."

    නිකමට හිතලා බලන්න කෙනෙක් කේන්දර බලන්න යන හේතු කීයක් නම් ඔය කියන කරුණු 4 න් ආවරණය වෙනවා ද කියලා. ඔයත් කේන්දර බලන්න ගියා නම් තේරෙනවා ඇති. මෙතැනදි මතක තියා ගන්න ඕන තව දෙයක් තමයි අපිට දුක දැනෙන සතුට දැනෙන ඕනම දෙයක් ගැන බුදු දහමෙ කියැවෙනවා කියන එක. නිදසුනකට බලන්න කසාද බඳින්න කලින් මිනිස්සු ගැලපෙනවද කියලා බලනවට වඩා බලන්නෙ පො⁣රොන්දම් ගැලපෙනවද බලන්න. එහෙම ගලපලා කරපු කසාද කීයක් නම් දික්කසාද වෙලා තියෙනව ද නැත්නම් දික්කසාද වෙනවද කියලා බලන්න යන්න ඕනා දිසා අධිකරණයට. එහෙම පොරොන්දම් බලලා ගලපලා කසාද බැඳපු ගැහැණු මිනිස්සු දුක් විඳින හැටි අහන්න බලන්න යන්න ඕනා මහේස්ත්‍රාත් අධිකරණයට. ඕකයි තත්ත්වය. පොරොන්දම් බලලා බලාපොරොත්තු වෙන්නෙ දුකක් වේදනාවක් කරදයක් නැතුව කසාදෙ ගෙවන්න ලැබෙයි කියලා. වෙන්නෙ හිතුවෙවත් නැති දෙයක්. දැන් අපි බුදු දහමට අනුව බැලුවොත් මේ හැම දේටම හේතු හොයා ගත හැකි. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නෙ කේන්දරේ.

    මේකෙ බරපතලකම ඒක නෙමෙයි. අපි කේන්දර බලන්නෙ සෘජුව හෝ වක්‍රාකාරව අපේ දුක නැති කරන්න අරමුණු කරලා නම් ඒක කලින් කිව්ව සීලබ්බත පරාමාස වලට වැටෙන බව. උපුටපු සූත්‍ර ධර්මයත් එක්ක ඒ බව තවත් පැහැදිලි කර ගත හැකි. සීලබ්බත පරාමාස කියන්නෙ අයින් කරලා දාන්න ඕන දෙයක් මිසක් වඩ වඩා වර්ධනය කරන්න ඕන දෙයක් නෙමෙයිනෙ.

    මේ නිසා අපි තේරුම් ගන්න ඕන නමට බෞද්ධ නැතුව වැඩ වලිනුත් බෞද්ධ වෙන්න අදහසක් තියෙනවා නම් මේ වගේ මිථ්‍යා වැඩ වලින් ඈත් වෙලා තමුන්ට පහණක් වෙන්න.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @Lovtus නමට බෞද්ධ නැතුව වැඩ වලිනුත් බෞද්ධ වෙන්න අදහසක් තියෙනවා නම් මේ වගේ මිථ්‍යා වැඩ වලින් ඈත් වෙලා තමුන්ට පහණක් වෙන්න.
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    @Lovtus නමට බෞද්ධ නැතුව වැඩ වලිනුත් බෞද්ධ වෙන්න අදහසක් තියෙනවා නම් මේ වගේ මිථ්‍යා වැඩ වලින් ඈත් වෙලා තමුන්ට පහණක් වෙන්න.
    තෝ ත්නමට බෞද්ධ නැතුව වැඩ වලිනුත් බෞද්ධ වෙන්න අදහසක් තියෙනවා නම් මේකෙ එවුන්ට කැරි වැඩ නොකර තමුන්ගෙ
    බෙහෙත් ටික හරියට බීපන් සහනාධාර පොන්නයා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932

    Owa gana hitanna one ne ලෞකික diyunuwata mewa yoda ganna , sinhala සංස්කෘතිය apita ath arinna be , neda @Lovtus
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @Lovtus නමට බෞද්ධ නැතුව වැඩ වලිනුත් බෞද්ධ වෙන්න අදහසක් තියෙනවා නම් මේ වගේ මිථ්‍යා වැඩ වලින් ඈත් වෙලා තමුන්ට පහණක් වෙන්න.

    කේන්දර balala puka ira gaththu wesige puthek dan kiyana katha, meeta wada hoda nedda ube ammata ballo dala hikuwanam
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,964
    113
    කේන්දර බැලිල්ල බුදු දහමට අනුව වැඩක් නැති එක අවස්ථාවක්.

    බුදු දහම කියන්නේ දුක නැති කිරීම ගැන උගන්වන දහමක්. හුඟක් ආගම් වල දුක නැතුව සතුටින් ඉන්න ඉගැන්නුවට බුදු දහම ඒවයින් වෙනස් වෙන්නෙ බුද්ධ ඉගැන්වීමට අනුව දුක නැති කරන වැඩේ තමුන් විසින් ම කළ යුතු නිසා. අත්තාහි අත්ත නො නාථො කියලා නැත්නම් අත්තදීපා විහරථ කියලා මේක පෙන්වලා දෙනවා. හැබැයි ආගම්වල මීට වඩා වෙනස්. ඒවායෙ දුක නැති කරන්නෙ තව කෙනෙක් නැත්නම් තව දෙයක් (නිදසුනකට සර්වබලධාරි දෙවියන්වහන්සේ) මත පදනම් වෙලා.

    බුදු දහමට අනුව දුක නැති කිරීමේ මාර්ගය තමයි ආර්යෂ්ටාංගික මාර්ගය. මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනා තමයි සංයෝජන නැති කර ගෙන ඉස්සරහට යන්නෙ. ඔය සංයෝජන අතරෙ තියෙනවා සීලබ්බත පරාමාස කියලා සංයෝජන ධර්මයක්. මේ ධර්මතාවය අයින් කරන්න හරි අමාරුයි. සරලව ගත්තම මෙතැනදි සිද්ධ වෙන්නෙ දුක නැති කරන්න බුදු දහමෙ තියෙන ඉගැන්වීම් වලට වඩා වෙනස් ඉගැන්වීම් වලට තමන් තුළ ඉඩ දෙන එක. අන්න එහෙම කරන එකක් තමයි කේන්දර බැලිල්ල.

    කේන්දර ගැන විශ්වාසය තියන මිනිස්සු තමුන්ව විශ්වාස කරනවට වඩා විශ්වාස කරන්⁣නෙ කේන්දරයේ තියෙන දේ. තමුන්ට හරි දන්න කෙනෙක්ට හරි ලෙඩක් දුකක් හැදුනම දුවලා යනවා කේන්දරය බලා ගන්න. කේන්දර බලන මහත්මයා හරි මහත්මිය කියන දේ තමයි විශ්වාස කරලා වැඩ කරන්නෙ. තමුන්ගෙ ළමයා කන්නෙ නැත්නම්, කසාදයක් හරි නොයනවා නම්, රස්සාවක් නැත්නම්, ඉගෙන ගන්න බැරි නම්, මිනිස්සු බණිනවා නම්, නිතරම ලෙඩ ගානෙ ඉන්නවා නම්, එකී මෙකී ඕනෑම දේකට දුවන්නෙ කේන්දරය බලන්න.

    ඉතින් මතක තියා ගන්න ඕන මේවා කරන බෞද්ධයො ඉන්නවා නම් මෙන්න මේ අංග 4 වෙනුවෙන් මොන ජගතා කේන්දරේ බැලුවත් වැඩක් නැහැ කියන එක මතක තියා ගන්න. ඒ තමයි "ජරාව, ව්‍යාධිය, මරණ ස්වභාවය සහ අකුසල් විපාක ලැබීම" කියන අංග 4. මේක කියන්නෙ මම නෙමෙයි බුදුරජාණන්වහන්සේ. ඒ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන පටිභෝග රහිත සූත්‍රයෙ දි. ඒ සූත්‍රය මෙහෙමයි.

    "මහණෙනි, ධර්ම සතරකට ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙකු නොවේ. කවර සතර දෙනෙකුටද යත්.

    “ජරා ස්වභාවය නොදිරේවයි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.

    “ව්‍යාධි ස්වභාවය, ව්‍යාධි නොවේවයි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.

    “මරණ ස්වභාවය, නොමැරේවයි ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත.

    “කිලුටුකරණ, පුනර්‍භවය ඇතිකරවන, කෙලෙස් විඩාව සහිත, දුක්ඛ විපාකවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති, යම් ඒ ලාමක කර්‍ම කෙණෙක් ඇත්ද, ඔවුන්ගේ විපාකය නොඉපදේවායි, ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් හෝ, යම් කිසිවෙක් ඇපකාරයෙක් නැත."

    නිකමට හිතලා බලන්න කෙනෙක් කේන්දර බලන්න යන හේතු කීයක් නම් ඔය කියන කරුණු 4 න් ආවරණය වෙනවා ද කියලා. ඔයත් කේන්දර බලන්න ගියා නම් තේරෙනවා ඇති. මෙතැනදි මතක තියා ගන්න ඕන තව දෙයක් තමයි අපිට දුක දැනෙන සතුට දැනෙන ඕනම දෙයක් ගැන බුදු දහමෙ කියැවෙනවා කියන එක. නිදසුනකට බලන්න කසාද බඳින්න කලින් මිනිස්සු ගැලපෙනවද කියලා බලනවට වඩා බලන්නෙ පො⁣රොන්දම් ගැලපෙනවද බලන්න. එහෙම ගලපලා කරපු කසාද කීයක් නම් දික්කසාද වෙලා තියෙනව ද නැත්නම් දික්කසාද වෙනවද කියලා බලන්න යන්න ඕනා දිසා අධිකරණයට. එහෙම පොරොන්දම් බලලා ගලපලා කසාද බැඳපු ගැහැණු මිනිස්සු දුක් විඳින හැටි අහන්න බලන්න යන්න ඕනා මහේස්ත්‍රාත් අධිකරණයට. ඕකයි තත්ත්වය. පොරොන්දම් බලලා බලාපොරොත්තු වෙන්නෙ දුකක් වේදනාවක් කරදයක් නැතුව කසාදෙ ගෙවන්න ලැබෙයි කියලා. වෙන්නෙ හිතුවෙවත් නැති දෙයක්. දැන් අපි බුදු දහමට අනුව බැලුවොත් මේ හැම දේටම හේතු හොයා ගත හැකි. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නෙ කේන්දරේ.

    මේකෙ බරපතලකම ඒක නෙමෙයි. අපි කේන්දර බලන්නෙ සෘජුව හෝ වක්‍රාකාරව අපේ දුක නැති කරන්න අරමුණු කරලා නම් ඒක කලින් කිව්ව සීලබ්බත පරාමාස වලට වැටෙන බව. උපුටපු සූත්‍ර ධර්මයත් එක්ක ඒ බව තවත් පැහැදිලි කර ගත හැකි. සීලබ්බත පරාමාස කියන්නෙ අයින් කරලා දාන්න ඕන දෙයක් මිසක් වඩ වඩා වර්ධනය කරන්න ඕන දෙයක් නෙමෙයිනෙ.

    මේ නිසා අපි තේරුම් ගන්න ඕන නමට බෞද්ධ නැතුව වැඩ වලිනුත් බෞද්ධ වෙන්න අදහසක් තියෙනවා නම් මේ වගේ මිථ්‍යා වැඩ වලින් ඈත් වෙලා තමුන්ට පහණක් වෙන්න.
    ඔය වැල් බයිලා ඔක්කොම පැත්තකින් තියලා මට මුලින්ම කියපන් "කේන්දරේ" කියන්නේ මොකක්ද? අර්ථදක්වපන් 🥴