දවසක් විශාඛා උපාසිකාව (ඇය අවුරුදු 7 න් සෝවාන් වූ තැනැත්තියක්) බුදුරජාණන්වහන්සේ දකින්න එනවා බොහොම දුක්ඛිත මුහුණකින්. ඇගේ ඇඳුම් වලින් තෙත බේරෙනවා. ඇගේ කෙස් තෙතයි. එන්නෙත් දිවා කාලයේ. ඇය ඇවිත් බුදුරජාණන්වහන්සේට වැඳලා වාඩි වුනාම බුදුරජාණන්වහන්සේ අහනවා ඇගෙන් මොකද අද වෙලා තියෙන්නෙ කියලා. ඇය කියනවා ඇගේ ප්‍රියාදර මිණිබිරිය මිය ගියා, දැන් මේ එන්නෙ ඇයව අමුසොහොනට දාලා කියලා. ඉතින් මේ වෙලාවෙදි බුදුරජාණන්වහන්සේ ඇයට ධර්ම දේශනයක් කරනවා. මේක හරි ලස්සන ධර්ම දේශනයක්. ඛුද්දක නිකායේ උදානපාලියේ පාටලීගාමියවග්ගයේ විශාඛා සූත්‍රය විදියට මේ ධර්ම දේශනය තියෙනවා. කැමැති කෙනෙක්ට කියවන්න පුළුවන්. සාරාංශයක් විදියට ගත්තම විශාඛාවට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ ප්‍රියදේවල් නිසා දුක ඇති වෙනවා කියන එක. මේ දේශනාවේ අන්තිමට බුදරජාණන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් දේශනා කරනවා. ඒ මෙහෙමයි.
“සත්ව ලෝකයෙහි යම් කිසි ශෝකයෝ හෝ කිසි වැලපීම් හෝ කායික දුක්ඛයෝ හෝ නානාවිධවූ දුක් හෝ වෙද්ද, ඒ සියලු දුක් ප්‍රිය ස්වභාවය කරන්නාවූ ඡන්දරාගය ඇති කල්හි ප්‍රිය ස්වභාවය ඇති දෙය නිසා උපදිත්, ප්‍රිය ස්වභාවය කරන ඡන්ද රාගය නැති කල්හි ප්‍රහීනවූ කල්හි මේ දුක් නො උපදිත්.”
“යම් ආර්ය කෙනෙකුන්ගේ ප්‍රියයෙක් නැද්ද, එහෙයින්ම ආර්යයෝ සුවපත් වූවාහු වෙත්, පහව ගිය ශොක ඇත්තාහු වෙත්, එහෙයින් ශොක නැති බවවූ නොඇලෙන බවවූ ශෝකයගේ නොවීමට හේතුවන බැවින් අශොක නම් වූ කෙලෙස් ධූලි නැති නිවන පතන්නේ ලෝකයෙහි කිසි ප්‍රියවීමක් නොකරන්නේයි.”
අද ඔයාට යම් දුකක් දැනෙනවා නම් හිතලා බලන්න. ඒ සඳහා මේ කිව්ව හේතුව පදනම් වෙලා ඇති. අප්‍රිය දේවල් නිසා දුක දැනෙන්නෙ, අප්‍රිය දේවල් ජීවිතේට එකතු වුනාම. එතැනදි දුක දැනෙන්නෙත් ඒක ප්‍රිය නැති නිසා. යම් කිසි දෙයක් ප්‍රිය නම් අපි ඒකට බැඳීමක් ඇති කරගන්නවා. කැමැති වුනත් අකමැති වුනත් හේතුවකින් හට ගත් දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේක අපි දන්නවා. මොකද නිතරම අහන්න ලැබෙන නිසා. අහලා තියෙන නිසා. හැබැයි කොච්චර ඇහුවත් බහුතරයකට මේ තත්ත්වය අවබෝධ වෙන්නෙ නැහැ. දැනුමයි අවබෝධයයි කියන්නෙ දෙකක්. අවබෝධ වෙනවානම් ඉතින් දුකක් නැහැනෙ කාටවත්. රහතුන්වහන්සේලාට දුකක් නැත්තෙ ඒ නිසා. මොකද උන්වහන්සේලා මේ තත්ත්වය අවබෝධ කරන් තියෙන්නෙ.