යම් පුද්ගලයෙක් ධර්මය උගෙන
භාවනා කිරීම සහ ධර්මානුකූලව නිවැරදිව හැසිරී
උතුම් වූ නිවන් අරමුණු කරගනිමින් කටයුතු කරනවානම්
ඒ කියන්නේ මම යම් දිනක බුදුවෙමි
මේ ආත්මභවයේදීම මාර්ගඵල වලට පත්වෙමි වැනි අරමුණු සහිතව කටයුතු කරනවානම්
ඔවුන් නිවන් අරමුණු කරතාක් කල් ඔවුනගේ කාර්යයට සහය වීම පිණිස සහ ආරක්ෂාව සැපයීම පිණිස
යම් යම් දේව කොටස් කටයුතු කරනවා
මෙය ප්‍රායෝගික සත්‍යක්දැයි බැලීමට
ඔබ ජීවිතයෙන් එක සතියක් වෙන්කරගෙන
සියලු දුසිරිත් වැඩ නවතා
ධර්මානුකූල ජීවිතයක් ගෙවන්න
නිතරම ධර්ම හාදාරමින්
බුදු වීම/රහත්වීමග/මාර්ගඵලවලට පැමිණීම ආදී විශේෂිත අරමුණක් සිතේ තබාගෙන
ඒ අනුව කටයුතු කරන්න
භාවනා කරමින්
කටයුතු කරන්න
දෙවියන්ට පිං පමුණුවා
ඔවුනට නිවනින් සැනසීම ලබන්නට පාර්ථනා කරන්න
ඔබට සැබෑ වෙනසක් දැනෙන්න පටන් ගනීවි
තමා සමග පිරිවරක් යන බව දැනෙන්න පටන් ගනීවි
නිතරම තමා දිහා කවුරුන් හෝ බලා සිටිනවා දැනෙන්න පටන් ගනීවි
තමන්ගේ ආරක්ෂාවට කවුරුන්හෝ සිටිනා බව දැනේවි
හැබැයි නමට පන්සල් ගිහින්
බෝගහ වටේ කරකැවුනට දෙවියෝ පිහිට වෙන්නේ නෑ





kyapu dewal mama krala tyanawa mchan 

ජෝතිශ්‍ය කියන්නේ ඉතා පැරණි ශාස්ත්‍රයක්. ඒක බුදු දහම වගේ අකාලිකෝ යන ගතිය නෑ. ඉතින් මේ කාලෙට අනුව සංශෝධන තිබිය යුතුයි. හුඟක් අය කරන්නේ බාගෙට දැනගෙන බලන්න එන එක්කනෙගා කටින් අල්ලගෙන පලාපල කියන එක. ජන්ම ප්ත්‍රයක් බලාගෙනනේ කියන්නේ. ඉතින් ඒකට අපි මේ ආත්මේ කරන කුසල අකුසලයන් අහු වෙනවාද කියන එකත් ගැටලුවක්. මොකද ඒවා අනුවත් අපිට බලපාන්න තියෙන කර්ම වෙනස් වෙන නිසා
අනේ බන් මේ කේන්දර කෙහෙල් මල් වල නම් අකාලික නෙමෙයි මොනම ගතියක් වත් නෑ. පට්ට පල් බොරු.
ඔව්ව පිළිගන්න බෞද්ධයන්ට බුදුහාමුදුරුවෝ කිව්වේ උපාසක චන්ඩාලයෝ කියල. හොඳම නැකත තමයි සුදුසු වෙලාව බොලව්.
භූත විද්‍යාවේ නම් පොඩි පොඩි ඇත්ත තියෙනවා. ඒ වුනාට එක කිසි විටකත් ප්‍රොයෝජන ගැනීමට යොදා ගනඩ හොඳ සාස්තරයක් නම් නේමේ බොලව්. ඔය දේවාල වල පුජා වට්ටි ගන්නේ දෙවියෝ නෙමෙයි ,.භූතයෝ වගේ පහත් අමනුස්සයෝ. දෙවියන්ට උඹල අරන් එන කුනුවෙච්චි පලතුරු පුසුඹ ඉඹ ඉඹ ඉන්ඩ උඹල හිතුවද දෙවියලොකෙත් ලංකාව වගේ රුපියල් 2500 න් ජීවත් වෙන තැනක් කියල. උන් සමහර විට උදව් කරයි ,හැබැයි තව බලි බිලි ගන්ඩ උන්මයි කෙළවන්නේ. ඔය අදුන් ,සාස්තර බලන් තැන වලට එන පෙරේතයෝ උඹේ ගෙදර ගැන හරි ,නම ගැන හරි මොකක් හරි පිළිගන්ඩ පුළුවන් දෙයක් කියල ටොම් පච තොගයක් අතාරිනවා. පුද පූජා අරක දෙන්ඩ මේක දෙන්ඩ එක එක ජාති ඉල්ලනවා.ඉතින් ඒවාට යන එවුන්ට බඩුම තමයි.
මචෝ ධර්මයේ හැසිරෙන එවුන්ට සතර මහා දෙවියන්ගේ බැල්ම තියෙනවා කියලනේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඔය එක එක අමනුස්සයෝ පස්සේ යන එවුනුත් උපාසක චන්ඩාලයෝ ම තමයි.
බුදු හාමුදුරුවෝ මේ කාලයේ වැඩ සිටින්නේ නැති නිසා බුදු හාමුදුරුවන්ට බෑ අපිට ධර්මය අවබෝධ කරවන්න.. එක ඇත්ත... මම අහල තියෙන විදිහට ඉස්සර බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ධර්මය දේශනා කරන්න කලියෙන්, උන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් මනසින් සොයල තමා, එම කෙනා/පිරිස ලගට වැඩම කොට ධර්මය දේශනා කොට ඔවුන්ට හට ධර්මය අවබෝධ කෙරෙව්වේ... ඇත්තටම බුදුහාමුදුරුවන්ට ඒ දක්ෂතාවය/ගුණය තිබ්බ... බුදු හාමුදුරුවන්ට එහෙම අන් කෙනෙක්ට ධර්මය අවබෝධ කරවන්න බෑ කිව්ව එකට තමා මම මේ අදහස පල කලෙ...මං ඒක තේරුම් කරන්නම්
බුදුහාමුදුරුවන්ට පුලුවන්ද ඔයාට ධර්මය අවබෝධ කරවන්න
බෑ නේද
.
.
.
ඒ අනුව තේරෙනවා නේද උන්වහන්සේට ධර්මව අවබෝධ කරවන්න බෑ
.
.
.

මගේ අදහසක් පල කලාවිතරයි, මොකද මෙය අන්‍ය ආගමිකයන් වුනත් දකින්න පුළුවන් නිසාවෙන්... අපි අපේ බුදු හාමුදුරුවෝ ගැන දෙයක් ප්‍රකාශ කරනවානම් එය පරිස්සමට කරන්න ඕනි දෙයක්නේ... මගේ අදහසේත් වරදක් ඇත්තනම් වෙන කෙනෙකුන් එය නිවැරදි කරන්න.. 