කේන්දර

topkollek

Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    moko uneh?
    පොඩි පොඩි නොගැලපීම් තියෙනව බන්. මම ඉන්ගිරිසි සිංදු වලට කැමති එයාට සිංහල සිංදු අහන්න ඕනෙ. ඒවගේ වෙන්නෙ නැතිවෙයි පොරොන්දම් බලල 100%ක් ගැලපුවා නම්.
     
    • Haha
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මට තියෙන ප්‍රශ්නේ ඇයි බෞද්ධයෝ වශයෙන් හින්දු විශ්වාස මත යැපෙන්නේ කියල.
    කවුද කියන්නේ හින්දු විශ්වාසයක් කියල සහෝ ?
    බෞද්ධයා යනු කවරෙක්ද ? (උප්පැන්නෙට 1972 පසු නෑ) දෙමාපියෝ බෞද්ධ නිසා නේද අපිත් එහෙම කියන්නේ. ඒ වුනත් සැබෑ බෞද්ධකම පෙළපතින් එන දෙයක් නෙවෙයි.

    කේන්ද්‍රය ඉවත් කලත් අපි ජිවිතයේ නොදැන ජෝතිෂ්‍යය හා හින්දු විශ්වාස කොපමණ ක්‍රියාත්මක කරනවද ?
     
    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    Machan methana kauda කේන්දර vishvasa karanne? Kendare galapenne nathuwath marry karala hodin inna aya innavada? Kendare galapenne nathnm marry karanna hodama nadda?
    Mokada hithanne meka gena? Eka thanakin galapenne nah kiyala thava thanakin galapenava kiyalath thiyenavada?

    කේන්දර බලන එක හොදයි. හැබයි හොඳ තැනකින්. දෙදෙනාගේ ගැලපීම thamai balannai. Kaluarchi නෝනා.
    071 818 9914. MN මෙතැනින් බලලා තියෙනවා. කිව්ව දේවල් ගොඩක් හරි.
    දිනයක් දමාගෙන යන්න.

    හැබයි තව මාර්ගයක් තියනවා. දෙදෙනාම අවංකවම බුදු රජාණන් වහන්සේ දේශනා කල margayai ගියොත් waradinnai නැ. එතකොට මොන තිබ්බත් ඒවා විසදා ගන්න පුළුවන් වෙයි. එතකොට දෛවය වෙනස්‌ වෙනවා. හිතයි සතුට ඇති වෙනවා. ප්‍රශ්න දිහා බලන widiha වෙනස් වෙනවා

    Mn dewhidihatama කරලා අත්දැකීම් තියෙනවා. හැබයි hithai සතුට ඇති wannai බුද්ධ desanwan පමණයි. Nonath darmayamai හැසිරෙන නිසා තෙරුම් ganeem සරලයි.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    රිදුනට කරන්න දෙයක් නැහැ, කොයි තරම් සංකීර්ණ විදියට ගනන් හැදුවත් කරන්නෙ බොරුවක් නං ඉතිං බොරු කියලා කියන්නෙ නැතුව පිලිගන්නයැ
    පරණ උනත් අලුත් උනත්, සම්ප්‍රදායෙන් ආවත්, අපේ රටේම දෙයක් උනත් බොරුව නං බොරුව තමයි
    ඕව නිසා තමයි වැඩක් කරන් මිනිහෙක්ට වත් හරියට කරන්න දෙන්නෙ නැත්තෙ,
    වෙන රටවල් වල එවුන් සූර්යග්‍රහ මන්ඩලෙන් එලියට චන්ද්‍රිකා යවනකොට, ග්‍රහලෝක හොයා ගන්නකොට අපේ රටේ එවුන් ඒව අටවලා මොකක් හරි බොරුවක් හදලා මිනිස්සු රවට්ටනවා, තව 2500යෙ අහවල් එක ගැන කියවනවා

    මම නැවත ඔබට යෝජනා කරනවා.... ඔබ රාජ් සෝමදේවයන් විසින් කරන විඩියෝව හොදින් බලන්න. තව ඒ මහතා සෑම සදුදා රාත්‍රී 7.30 ට නෙත් FM සමග කරන Unlimited History වැඩසටහනය සවන් දෙන්න. YouTube එකේ එම වැඩසටහන් පෙළ සියල්ලම තියනවා.

    ඔබ බොහෝම අවඥාවෙන් ඔබගේ රටේම ඉතිහාසයට ගරහන පුද්ගලයෙක් බව පේනවා. මම එහෙම කිව්වේ ඔබ වචන භාවිතයේදී "තව 2500යෙ අහවල් එක ගැන කියවනවා" වගේ වචන භාවිතය නිසා. මේ රටේ ඉපදුන එකෙක් විදියට තරයේ දෙයක් හිතට ගන්න අපගේ ඉතිහාසය වසර 2500 ට ලිමිට් වෙලා නෑ කියන එක.... ඒකට වසර 140,000 කට වඩා ඉතිහාසයක් තියනවා. ලංකාවේ පුරා විදයාඥයින් විසින් අපේ ලිමිට් කරලා තියන වසර 2,500 ඉතිහාසය ලොකු කැපවීමක් කරලා තර්කාණුකූලව සහ සාක්ෂි සහිතව ඉන් ඉදිරියට අරන් යනවා. අන්න ඒ ගැන දැන ගන්න ඔබට නැවතත් යොජනා කරනවා ඉහත මම කිව්ව විඩියෝ දර්ශණ සමුහය නරඹන්න කියලා. එතකොට තේරේවි.

    සමහර විට ඊට පස්සේ ඔබ විසින් මට කියයි රාජ් සෝමදේවට කඩේ ගිහින් රාවණ ගැන කථා කරනවා කියලා.... රාවණා ගැන ලංකාවේ ඉන්න එක එක පිස්සෝ සෙට් එකක් බහුබුත කියෙව්වට මම කියන්නේ වසර 140,000 කට විතර කලින් බලංගොඩ මානවයා වගේ ගල් යුගයේ හිටපු අපේ මුතුන්මිත්තන් ක්‍ර‍මාණුකුලව දැනුම පරම්පරාගතව එකතු කරලා වසර 5,000 කට පමණ උඩකදි එකිනෙකට වෙනස් ක්‍ර‍ම 14 කට වඩා වැඩි ප්‍ර‍මාණයකින් තම මළවුන් විධිමත්ව හා චාරිත්‍රානුකූලව ආදාහනය කරමින්ද, වසර 5,000 කට පමණ පෙර මුතුන් මිත්තන්ගේ කාන්තාවන් තම රූප කාය රැක ගන්න රූපලාවණ්‍ය කටයුතු සිදු කරන ලද, වසර 3,000 ත් 5,000 ත් අතර කාලයේ හිටපු මුතුන්මිත්තන්ගේ කාන්තාවන්ගේ ගෙල පලදන්න ආභරණ සකස් කරපු, කාන්තාවන්ට පෙන්ඩන්ට් හදාපු, අය සිටි බව විද්‍යාත්මකව හා සාක්ෂි සහිතව ඔප්පු කර අවසන්.

    ඉහතින් මම සදහන් කලේ අපේ රටේ මුතුන් මිත්තෝ මිනිස් පරිණාමයේ ශිෂ්ඨ සම්පන්නවීමක් නෙවෙයිද? අපේ මුතුන්මිත්තන් ශිෂ්ඨ සම්පන්න කරන්න විජය ඉන්දියාවෙන් ගෙනල්ලා කියලා පට්ටපල් පරගැති අදහසක් සමාජගත කරලා බහුතරයක් ඔබ වැන්නවුන් වසර 2,500 ක ව්‍යාජ ඉතිහාසයකට සීමා කරලා තියනවා. දැන්වත් ඇස් ඇලා බලන්න... තමන් ඉපදුන බිමට ආදරය කරන්න... අපේ පෞඩ ඉතිහාසයට හා මුතුන්මිත්තන්ට ගෞරව කරන්න. ඒක නොකරන එකා මෙලොවටත් පරලොවටත් නැති රටේ පවට උපන් කල්ලතෝනි කාලකන්නියෝ වන බව සැම විට සිහි තබාගන්න.

    අපේ මුතුන්මිත්තන් සෑම විටම පරිසරයේ ස්වාභාවධර්මයේ රිතියට අවනතව ජීවත් උන මිනිස්සු. ඔබ කියලා තියන විදියට අපේ මුතුන්මිත්තන් හෝ දැන් ඉන්න අය පරිසරය විනාශ කරමින් ඉරට හදට තරුවලට රොකට් ඇරියේ නෑ. බුදුන් කිව්ව විදියට මැදුම් පිළිවෙත අනුගමනය කරමින් තමන් ඉන්න පරිසරයට අනුවර්ථනය වෙමින් නොනැසී ජීවත් උනා. සුද්දෝ කැලේ ඉන්න කාලේ අපේ අත්තම්මලා අබ ඇට යොදාගෙන මුත්‍රා සාම්පල් වල Pregnancy Test එක කරලා තියනවා. වින්නඹු අම්මා නක්ෂාස්ත්‍රයේ සහ ඇගේ තියන අත්දැකීම් යොදාගෙන දරුවා බිහිවෙන දවස ටක්කෙටම කියලා තියනවා. දෙමස්සිනාලා දෙන්නා එකතු වෙලා අපේ පරිසරයේ වැවෙන ස්වාභාවික දේ යොදාගෙන දරුවා ආරක්ෂිතව බිහි කරන්න Operating Theater එක හදලා තියනවා. මේවා මොකුත් නොදන්න උබලා උබලගෙම විශිෂ්ඨ මුතුන්මිත්තන් දෙකේ කොලේට දාලා පරගැත්තන්ට ආවඩමින් තම උපන් බිමට දිගට හරහට ගරහනවා... ඉතින් උබලට හරියයිද?

    උබ කියන විදියට උබට හරි ගිහින් ඇති නමුත් ජීවිතයේ උබට දැන් ඔය තියන සැප සදාකාලිකවම තියෙයි කියලා හිතන්න එපා... ඒක තාවකාලිකයි කියලා බුදු බණේ කියලා තියනවානේ. ඒක කියන්න විශේෂඥ ජෝතිර්වේදියෙක් වෙන්න ඔිනේ නැ..... උබට මෙකෙන් ඉගන ගන්න දෙයක් තියනවානම් ඉගෙන ගනින්. නැත්නම් නිකන් හිටපන්.... මම ඒකට උබට බලපෑම් කරන්න එන්නේ නෑ. නමුත් යම් විෂයක් හරියට නොදැන ඒක ගැන උබ පොර ටෝක් දෙන්න යන්න එපා.

    මෙම ත්‍රෙඩ් එක දාපු සහෝදරයට කියන්න තියෙන්නේ..... මලයෝ විවාහ ජීවිතය වෙලාවකට පට්ටම ආතල් වෙලාවකට පට්ටම කුණක්. කේන්දර, වෙලා කොළ ගැන විශ්වාස නම් බලපන් නැත්නම් අතහැරලා දාපන්. ඒක උබේ චොයිස් එක.... උබේ සහකාරිය හරියටම තෝරගෙන පණ වගේ රැකපන්, ආදරේ දීපන්.... කවදාවත්ම තම බිරිදට අතක් උස්සන්න යන්න එපා. ඒක පිරිමිකම නෙවෙයි. ගැණියෙකුට අතක් උස්සනවා කියන්නේ පොන්න කම. අනික කවමදාවත් ගෑනිගෙන් කන්න අදින්න බලාගෙන කසාද කරගන්න යන්න එපා. උබ පිරිමියෙක් නම් උබේ ගෑනිව හා දරුවන්ව පෝෂණය කරන්න උබට හැකියාව තියෙන්න ඔිනේ. ඔය විදියට උබ තමන්ගේ බිරිද රැක්කොත් උබගේ සැපේදි සහ දුකේදි උබේ බිරිද උබේ අම්මා වගේ උබව බලා ගනිවි....

    අවසානයට කියන්න තියෙන්නේ මේකේ ඉන්න මම වැනි සහ ජෝතිෂය ගැන විවේචනය සිදු කල එකා වැනි බක පණ්ඩිත හුත්තලාගෙන් විවාහය වැනි ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් සදහා උපදෙස් ගන්න යන්න එපා. උබ් අම්මගෙන් සහ තාත්තගෙන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් උපදෙස් ගන්න.

    ඔබට ජය වේවා!
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    කේන්දර ගැන විශ්වාස කරන එකා විශ්වාස කරපුදෙන්... අවිශ්වාස කරන එකා අවිශ්වාස කරපුදෙන්. නමුත් දැනට අවුරුදු දහස් ගණනක් පවතින ශ්‍රාස්ත්‍ර‍ක් හෑල්ලුවට ගන්න එපා....

    මමත් ජෝතිශ්‍ය කියන විෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. ඒත් ඒක ගැන අනවශ්‍ය පරිදි විවේචනය කරන්න යන්නේ නෑ.

    ජෝතිශ්‍ය කියන විෂය හිරු, සදු, තාරකා රටාවන් සහ කාලය කේන්ද්‍ර‍කර ගනිමින් සංකීර්ණ ගණිතමය ක්‍ර‍ම ඔස්සේ ගණනයක් සිදු කර එමගින් ලැබෙන පිලිතුර වසර දහස් ගණනක් මිනිසාගේ පරම්පරාගතව අත්දැකීමේන් ලබා ගත් හේතු ඵල හා සම්බන්ධ කර ඒවා ගැලපීමෙන් ලැබෙන ප්‍ර‍තිඵල මත මිනිසාගේම යහපත උදෙසා සකස්කරගත් සුවිශේෂී උපදේශණ සේවාවක්.

    ඒත් දැන් වෙලා තියෙන්නේ මේක වාණිජකරණය කරගත්ත මුදලාලිලා සෙට් එක නිසා මිනිසුන් සෑහෙන්න නොමග ගිහින් තියන එක.

    විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේක ගැන විවේචනාත්මකව අදහස් දක්වපු තැනැත්තාට මේ විෂය ගැන දැනුවත්භාවයක් නැත්නම් ඒක ගැන විවේචනය කරන්න යන්න එපා. මොකද කිව්වොත් මේ විෂය හරියට කරන අය ගාව ඉතාමත් සුරක්ෂිතව යම් මිනිසෙක් මැරෙන වෙලාව පවා කියන්න පුළුවන් විදියට ලියලා තියන වරා මිහිර වැනි පුස්කොළ පොත් වල මේක බොරුවක් කියන්න බැරි විදියේ සංකීර්ණ කරුණු රාශියක් අන්තර්ගත වෙලා තියනවා.

    වරා මිහිර කියන පුස්කොළ පොත ලිව්වා කියන කොත්මලේ ගණිතයා කියන අපේ මුතුන්මිත්තා කොත්මළේ ජලාශයේ බැම්ම ඉදි වෙන බවට අනාවැකි ඵල කරලා තියෙන්නේ ජලාශය ඉදිවෙන්න වසර 400 කට පමණ පෙර. ඒ බව පැහැදිලිව කොත්මලේ ගණිතයා පිලිබදව ලියවුනු පුස්කොළපොත් වල සදහන් වෙලා තියනවා.

    අපේ පැරණි දේවල් දෙස කවමදාවත් අවඥාවෙන් බලන්න එපා. විවේචනය කරපු කෙනාට මම යෝජනා කරනවා රාජ් සෝමදේවයන් විසින් තර්කාණුකුලව අපේ උරුමය අපිට කියා දෙන පහත විඩියෝව නරඹන්න කියලා. (ඒකේ ජෝතිශ්‍ය ගැන නම් නෑ) ජෝතිශ්‍ය / නක්ෂාස්ත්‍ර‍ තියන්නේත් අපිට අතිතයේ ඉදන් ජන සමාජය හා බැදී පවතින දෙයක් නිසා ඒක ගැන දැනුමක් නැතිව නිකන් බොරුවට සිය‍ළු දේ දත් වගේ විවේචනය කරන්න එපා

    කේන්දර කියන්නෙ consultantancy ද එහෙමත් නැත්නම් Entertainment ද?
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    jothysha kiyanne ape deyak neme bn,indiawen aapu ekakne,anika budu hamuduruwo kiyala naa jothishya kiyala ekak gana,wade thiyenne owa passe yana godak un buddhistla

    uba methana jothysha wishwasa naa kiwwata eeka defend karana ekane karanne
     
    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    කේන්දර කියන්නෙ consultantancy ද එහෙමත් නැත්නම් Entertainment ද?
    😆😆😆 නැ මහත්තයා bio data එකක්, full blood report එකක්, consultation report එකක්, feelings ගැන report ekak.... සරලව කිව්වොත් අපි ගැන විස්තරයක්
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    jothysha kiyanne ape deyak neme bn,indiawen aapu ekakne,anika budu hamuduruwo kiyala naa jothishya kiyala ekak gana,wade thiyenne owa passe yana godak un buddhistla

    uba methana jothysha wishwasa naa kiwwata eeka defend karana ekane karanne

    කොහෙද මම ඩිෆෙන්ස් කලේ... මම ඩිෆෙන්ස් කලේ මගේ රටේ ඉතිහාසය... කරුණාකර මගේ දෙවැනි අදහස් දැක්වීම කියවලා බලන්න. ඔබට තේරෙයි මම ඩිෆෙන්ස් කලේ 2,500 හිරවුනු අතිතයක වහල් මානසිකත්වයක් තියන කෙනෙක් අපේ ඉතිහාසයට ගරහද්දි ඒකට සැර උත්තරයක් පුළුවන් තරම් සරල විදයට කියන්න උත්සාහ කරපු එක.

    ජෝතිර්වේදය, ආයුර්වේදය කියන්නේ අපිට ඉන්දියාවෙන් ලැබුන දෙයක්.. ඒක ඔබ කියන හැටියට නිවැරදියි. නක්ෂස්ත්‍ර‍ය, ගුප්ත ශාස්ත්‍ර‍ය සහ හෙල වෙදකම කියන්නේ අපේ උරුමය. මේ දේවල් වලට ඉන්දියාවේ ජෝතිර්වේදය සහ ආයුර්වේදය සතු ඇතැම් කරුණු එක්ක සම්මිශ්‍ර‍ණය වෙලා තියනවා. ඒක ඈත අතිතයේ සිටම වෙලා තියන දෙයක්.

    අතිතයේ දෙයක් අපේ අතීත උරුමය හා බැදී පවතිනවා. ඒ ගැන විධිමත් අධ්‍යනයකින් තොරව හෝ කිසිදු දැනුමක් නොමැතව විවේචනය කරන්න යන්න එපා කියලයි මගේ අදහස් දැක්වීමෙන් කියලා තියෙන්නේ. වෙලා කොළ, කේන්ද, වේලපත්කඩේ කියන්නෙත් අපේ රටේ ඉතිහාසය හා බද්ධව පවතින දෙයක්. ඒක මොකුත්ම නෑ කියලා නිකන්ම බැහැර කරන්න බෑ. මොකද මිනිසා විසින් ක්‍ර‍මාණුකූලව එකතු කරගත්ත දැනුම හා අත්දැකීම එහි අන්තරගත වෙලා තියනවා. ඒ විෂය ගැන දැනුමක් නැත්නම් විවේචනය කරන්න යන්න එපා කියලයි මම කියලා තියෙන්නේ.

    මම නැවතත් කියනවා මමත් වෙලා කොල, කේන්දර කියන දේවල් විශ්වාස කරන්නේ නෑ. නමුත් මම ඒ ගැන දන්නේ නැති නිසා විවේචනය කරන්න යන්නෙත් නෑ.

    මිනිසාගේ ඉරණම තීරණය කරගන්නේ මිනිසා විසින්මයි.... මම අදහන ධර්මතාවය ඒක.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බෞද්ධයෙක් නම් කේන්දර විශ්වාස කරන්න එපා.

    කේන්දර ගලපලා බැන්දා කියලා ප්‍රශ්න නැති වෙන්නේ නෑ. බදින්න ඉන්න කෙනාව අඩුම අවුරුද්දක්වත් ලගින් ආශ්‍රය කරන්න. එතකොට දෙන්නටම දෙන්නගේ අඩුපාඩු තේරෙනවා. මොකද ඕනිම මනුස්සයෙක්ව ලගින් ඇසුරු කරද්දි තමයි අඩුපාඩු දුර්වලකම් තේරෙන්නේ. ඒවා හදාගෙන ජීවත් වෙන්න පුලුවන්නම් කසාද බදින්න.නැත්තම් වෙන අතක් බලා ගන්න. ("සරුංගල්" චිත්‍රපටිය බලන්න.)

    නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථෝ බාලං උපච්චගා
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා”

    නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන
    අනුවණ තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු කුමක් කරයිද?
    (ජාතකපාලිය, නක්‌ඛන්ත ජාතකය)
     
    Last edited:
    • Love
    Reactions: Heisenberg

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කේන්දර කියන්නෙ consultantancy ද එහෙමත් නැත්නම් Entertainment ද?

    සමාවෙන්න මම ජෝතිෂය හෝ නක්ෂස්ත්‍ර‍ ගැන දැනුමක් නැති නිසා අදහස් දක්වන්නේ නෑ. මෙතනදී අපේ ඉතිහාසයේ ඇති යම් උරුමයක් වෙත අවඥාවෙන් අදහස් දැක්වීමක් වෙලා තිබුනා. ඒකයි මම මැදිහත්වීමක් සිදු කර මේ විෂය ගැන දන්න දැනුමෙන් අදහස් දැක්වීමක් කලේ. මගේ දෙවන අදහස් දැක්වීමෙන් දීර්ඝ පිලිතුරක් ලබා දුන්නා... ඒක පහලින් දෙන්නම්. මම දන්නේ නෑ ඒකෙන් ඔබට පිළිතුරක් ලැබේද කියලා.

    ---------------------
    රිදුනට කරන්න දෙයක් නැහැ, කොයි තරම් සංකීර්ණ විදියට ගනන් හැදුවත් කරන්නෙ බොරුවක් නං ඉතිං බොරු කියලා කියන්නෙ නැතුව පිලිගන්නයැ
    පරණ උනත් අලුත් උනත්, සම්ප්‍රදායෙන් ආවත්, අපේ රටේම දෙයක් උනත් බොරුව නං බොරුව තමයි
    ඕව නිසා තමයි වැඩක් කරන් මිනිහෙක්ට වත් හරියට කරන්න දෙන්නෙ නැත්තෙ,
    වෙන රටවල් වල එවුන් සූර්යග්‍රහ මන්ඩලෙන් එලියට චන්ද්‍රිකා යවනකොට, ග්‍රහලෝක හොයා ගන්නකොට අපේ රටේ එවුන් ඒව අටවලා මොකක් හරි බොරුවක් හදලා මිනිස්සු රවට්ටනවා, තව 2500යෙ අහවල් එක ගැන කියවනවා
    ------------------------

    මම නැවත ඔබට යෝජනා කරනවා.... ඔබ රාජ් සෝමදේවයන් විසින් කරන විඩියෝව හොදින් බලන්න. තව ඒ මහතා සෑම සදුදා රාත්‍රී 7.30 ට නෙත් FM සමග කරන Unlimited History වැඩසටහනය සවන් දෙන්න. YouTube එකේ එම වැඩසටහන් පෙළ සියල්ලම තියනවා.

    ඔබ බොහෝම අවඥාවෙන් ඔබගේ රටේම ඉතිහාසයට ගරහන පුද්ගලයෙක් බව පේනවා. මම එහෙම කිව්වේ ඔබ වචන භාවිතයේදී "තව 2500යෙ අහවල් එක ගැන කියවනවා" වගේ වචන භාවිතය නිසා. මේ රටේ ඉපදුන එකෙක් විදියට තරයේ දෙයක් හිතට ගන්න අපගේ ඉතිහාසය වසර 2500 ට ලිමිට් වෙලා නෑ කියන එක.... ඒකට වසර 140,000 කට වඩා ඉතිහාසයක් තියනවා. ලංකාවේ පුරා විදයාඥයින් විසින් අපේ ලිමිට් කරලා තියන වසර 2,500 ඉතිහාසය ලොකු කැපවීමක් කරලා තර්කාණුකූලව සහ සාක්ෂි සහිතව ඉන් ඉදිරියට අරන් යනවා. අන්න ඒ ගැන දැන ගන්න ඔබට නැවතත් යොජනා කරනවා ඉහත මම කිව්ව විඩියෝ දර්ශණ සමුහය නරඹන්න කියලා. එතකොට තේරේවි.

    සමහර විට ඊට පස්සේ ඔබ විසින් මට කියයි රාජ් සෝමදේවට කඩේ ගිහින් රාවණ ගැන කථා කරනවා කියලා.... රාවණා ගැන ලංකාවේ ඉන්න එක එක පිස්සෝ සෙට් එකක් බහුබුත කියෙව්වට මම කියන්නේ වසර 140,000 කට විතර කලින් බලංගොඩ මානවයා වගේ ගල් යුගයේ හිටපු අපේ මුතුන්මිත්තන් ක්‍ර‍මාණුකුලව දැනුම පරම්පරාගතව එකතු කරලා වසර 5,000 කට පමණ උඩකදි එකිනෙකට වෙනස් ක්‍ර‍ම 14 කට වඩා වැඩි ප්‍ර‍මාණයකින් තම මළවුන් විධිමත්ව හා චාරිත්‍රානුකූලව ආදාහනය කරමින්ද, වසර 5,000 කට පමණ පෙර මුතුන් මිත්තන්ගේ කාන්තාවන් තම රූප කාය රැක ගන්න රූපලාවණ්‍ය කටයුතු සිදු කරන ලද, වසර 3,000 ත් 5,000 ත් අතර කාලයේ හිටපු මුතුන්මිත්තන්ගේ කාන්තාවන්ගේ ගෙල පලදන්න ආභරණ සකස් කරපු, කාන්තාවන්ට පෙන්ඩන්ට් හදාපු, අය සිටි බව විද්‍යාත්මකව හා සාක්ෂි සහිතව ඔප්පු කර අවසන්.

    ඉහතින් මම සදහන් කලේ අපේ රටේ මුතුන් මිත්තෝ මිනිස් පරිණාමයේ ශිෂ්ඨ සම්පන්නවීමක් නෙවෙයිද? අපේ මුතුන්මිත්තන් ශිෂ්ඨ සම්පන්න කරන්න විජය ඉන්දියාවෙන් ගෙනල්ලා කියලා පට්ටපල් පරගැති අදහසක් සමාජගත කරලා බහුතරයක් ඔබ වැන්නවුන් වසර 2,500 ක ව්‍යාජ ඉතිහාසයකට සීමා කරලා තියනවා. දැන්වත් ඇස් ඇලා බලන්න... තමන් ඉපදුන බිමට ආදරය කරන්න... අපේ පෞඩ ඉතිහාසයට හා මුතුන්මිත්තන්ට ගෞරව කරන්න. ඒක නොකරන එකා මෙලොවටත් පරලොවටත් නැති රටේ පවට උපන් කල්ලතෝනි කාලකන්නියෝ වන බව සැම විට සිහි තබාගන්න.

    අපේ මුතුන්මිත්තන් සෑම විටම පරිසරයේ ස්වාභාවධර්මයේ රිතියට අවනතව ජීවත් උන මිනිස්සු. ඔබ කියලා තියන විදියට අපේ මුතුන්මිත්තන් හෝ දැන් ඉන්න අය පරිසරය විනාශ කරමින් ඉරට හදට තරුවලට රොකට් ඇරියේ නෑ. බුදුන් කිව්ව විදියට මැදුම් පිළිවෙත අනුගමනය කරමින් තමන් ඉන්න පරිසරයට අනුවර්ථනය වෙමින් නොනැසී ජීවත් උනා. සුද්දෝ කැලේ ඉන්න කාලේ අපේ අත්තම්මලා අබ ඇට යොදාගෙන මුත්‍රා සාම්පල් වල Pregnancy Test එක කරලා තියනවා. වින්නඹු අම්මා නක්ෂාස්ත්‍රයේ සහ ඇගේ තියන අත්දැකීම් යොදාගෙන දරුවා බිහිවෙන දවස ටක්කෙටම කියලා තියනවා. දෙමස්සිනාලා දෙන්නා එකතු වෙලා අපේ පරිසරයේ වැවෙන ස්වාභාවික දේ යොදාගෙන දරුවා ආරක්ෂිතව බිහි කරන්න Operating Theater එක හදලා තියනවා. මේවා මොකුත් නොදන්න උබලා උබලගෙම විශිෂ්ඨ මුතුන්මිත්තන් දෙකේ කොලේට දාලා පරගැත්තන්ට ආවඩමින් තම උපන් බිමට දිගට හරහට ගරහනවා... ඉතින් උබලට හරියයිද?

    උබ කියන විදියට උබට හරි ගිහින් ඇති නමුත් ජීවිතයේ උබට දැන් ඔය තියන සැප සදාකාලිකවම තියෙයි කියලා හිතන්න එපා... ඒක තාවකාලිකයි කියලා බුදු බණේ කියලා තියනවානේ. ඒක කියන්න විශේෂඥ ජෝතිර්වේදියෙක් වෙන්න ඔිනේ නැ..... උබට මෙකෙන් ඉගන ගන්න දෙයක් තියනවානම් ඉගෙන ගනින්. නැත්නම් නිකන් හිටපන්.... මම ඒකට උබට බලපෑම් කරන්න එන්නේ නෑ. නමුත් යම් විෂයක් හරියට නොදැන ඒක ගැන උබ පොර ටෝක් දෙන්න යන්න එපා.

    මෙම ත්‍රෙඩ් එක දාපු සහෝදරයට කියන්න තියෙන්නේ..... මලයෝ විවාහ ජීවිතය වෙලාවකට පට්ටම ආතල් වෙලාවකට පට්ටම කුණක්. කේන්දර, වෙලා කොළ ගැන විශ්වාස නම් බලපන් නැත්නම් අතහැරලා දාපන්. ඒක උබේ චොයිස් එක.... උබේ සහකාරිය හරියටම තෝරගෙන පණ වගේ රැකපන්, ආදරේ දීපන්.... කවදාවත්ම තම බිරිදට අතක් උස්සන්න යන්න එපා. ඒක පිරිමිකම නෙවෙයි. ගැණියෙකුට අතක් උස්සනවා කියන්නේ පොන්න කම. අනික කවමදාවත් ගෑනිගෙන් කන්න අදින්න බලාගෙන කසාද කරගන්න යන්න එපා. උබ පිරිමියෙක් නම් උබේ ගෑනිව හා දරුවන්ව පෝෂණය කරන්න උබට හැකියාව තියෙන්න ඔිනේ. ඔය විදියට උබ තමන්ගේ බිරිද රැක්කොත් උබගේ සැපේදි සහ දුකේදි උබේ බිරිද උබේ අම්මා වගේ උබව බලා ගනිවි....

    අවසානයට කියන්න තියෙන්නේ මේකේ ඉන්න මම වැනි සහ ජෝතිෂය ගැන විවේචනය සිදු කල එකා වැනි බක පණ්ඩිත හුත්තලාගෙන් විවාහය වැනි ජීවිතයේ වැදගත්ම අවස්ථාවන් සදහා උපදෙස් ගන්න යන්න එපා. උබ් අම්මගෙන් සහ තාත්තගෙන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් උපදෙස් ගන්න.

    ඔබට ජය වේවා!
     
    • Love
    Reactions: indika_sam

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    කවුද කියන්නේ හින්දු විශ්වාසයක් කියල සහෝ ?
    බෞද්ධයා යනු කවරෙක්ද ? (උප්පැන්නෙට 1972 පසු නෑ) දෙමාපියෝ බෞද්ධ නිසා නේද අපිත් එහෙම කියන්නේ. ඒ වුනත් සැබෑ බෞද්ධකම පෙළපතින් එන දෙයක් නෙවෙයි.

    කේන්ද්‍රය ඉවත් කලත් අපි ජිවිතයේ නොදැන ජෝතිෂ්‍යය හා හින්දු විශ්වාස කොපමණ ක්‍රියාත්මක කරනවද ?
    jothysha kiyanne hindu wishwasayak,eeka apita aithi deyak neme
    කොහෙද මම ඩිෆෙන්ස් කලේ... මම ඩිෆෙන්ස් කලේ මගේ රටේ ඉතිහාසය... කරුණාකර මගේ දෙවැනි අදහස් දැක්වීම කියවලා බලන්න. ඔබට තේරෙයි මම ඩිෆෙන්ස් කලේ 2,500 හිරවුනු අතිතයක වහල් මානසිකත්වයක් තියන කෙනෙක් අපේ ඉතිහාසයට ගරහද්දි ඒකට සැර උත්තරයක් පුළුවන් තරම් සරල විදයට කියන්න උත්සාහ කරපු එක.

    ජෝතිර්වේදය, ආයුර්වේදය කියන්නේ අපිට ඉන්දියාවෙන් ලැබුන දෙයක්.. ඒක ඔබ කියන හැටියට නිවැරදියි. නක්ෂස්ත්‍ර‍ය, ගුප්ත ශාස්ත්‍ර‍ය සහ හෙල වෙදකම කියන්නේ අපේ උරුමය. මේ දේවල් වලට ඉන්දියාවේ ජෝතිර්වේදය සහ ආයුර්වේදය සතු ඇතැම් කරුණු එක්ක සම්මිශ්‍ර‍ණය වෙලා තියනවා. ඒක ඈත අතිතයේ සිටම වෙලා තියන දෙයක්.

    අතිතයේ දෙයක් අපේ අතීත උරුමය හා බැදී පවතිනවා. ඒ ගැන විධිමත් අධ්‍යනයකින් තොරව හෝ කිසිදු දැනුමක් නොමැතව විවේචනය කරන්න යන්න එපා කියලයි මගේ අදහස් දැක්වීමෙන් කියලා තියෙන්නේ. වෙලා කොළ, කේන්ද, වේලපත්කඩේ කියන්නෙත් අපේ රටේ ඉතිහාසය හා බද්ධව පවතින දෙයක්. ඒක මොකුත්ම නෑ කියලා නිකන්ම බැහැර කරන්න බෑ. මොකද මිනිසා විසින් ක්‍ර‍මාණුකූලව එකතු කරගත්ත දැනුම හා අත්දැකීම එහි අන්තරගත වෙලා තියනවා. ඒ විෂය ගැන දැනුමක් නැත්නම් විවේචනය කරන්න යන්න එපා කියලයි මම කියලා තියෙන්නේ.

    මම නැවතත් කියනවා මමත් වෙලා කොල, කේන්දර කියන දේවල් විශ්වාස කරන්නේ නෑ. නමුත් මම ඒ ගැන දන්නේ නැති නිසා විවේචනය කරන්න යන්නෙත් නෑ.

    මිනිසාගේ ඉරණම තීරණය කරගන්නේ මිනිසා විසින්මයි.... මම අදහන ධර්මතාවය ඒක.
    jothishaya kiyanne ape history ekata aithi deyak neme kiyalai mata hithenne,jothishya piliganne na kiyanne ape ithihasayata garahanawa kiyana eka neme

    jothishya boruwak neme wenna puluwan,ee unata dn inna godak kendarakarayo kendara balanne danne naa,eeka hinda boruwak hari kiyala minissunge salli kadaganna hadanne,hariyata karana ayath athi etha bohoma aduwen aththe
     
    • Like
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    jothysha kiyanne hindu wishwasayak,eeka apita aithi deyak neme

    jothishaya kiyanne ape history ekata aithi deyak neme kiyalai mata hithenne,jothishya piliganne na kiyanne ape ithihasayata garahanawa kiyana eka neme
    හිතන්න දෙයක් නෑ.. ජෝතිෂ්‍ය ඉන්දියාවෙන් ලංකාවට ආපු ශාස්ත්‍රයක්. ජොතිෂ්‍යකාරයෝ ටික බුදු දහමත් පටලවා ගෙන ගජරාමෙට ඕක කරගෙන යනවා. දේව වන්දනය කරනවා. අපල දුරුවෙන්න පළතුරු වට්ටි ගණන් කතරගමටයි, සීනිගමටයි උස්සන් යනවා. අපේ හාමුදුරුවරු ටිකත් පංසල අස්සේ දේවාල හදනවා.
     
    • Love
    Reactions: Heisenberg

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මම නැවත ඔබට යෝජනා කරනවා....
    සමාවෙන්න මම ජෝතිෂය හෝ නක්ෂස්ත්‍ර‍ ගැන දැනුමක් නැති නිසා අදහස් දක්වන්නේ නෑ.

    1 - මම කිවුවෙ ඇත්ත, මං මේ අපේ ඉතිහාසෙට හරි මොකකට හරි ගරහන්න ගියේ නැහැ, මම කිවුවෙ අපි මොකක් හරි දේකට කාත් එක්ක හරි තර්ක කරන්න ගියාම එක්කො ඇදලා ගන්නවා බුද්ධාගම(එතකොට වටේ ඉන්න කාගෙත් සපෝට් එක එනවා අරූ බුදධාගම චාටර් කරනවා මූ ඒක ඩිෆෙන්ඩ් කරනවා කියලා), උදාහරනයක් විදියට අපි ඔය කේන්දර බොරුයි කියල කිවුවම ගොඩක් තැන් වලදි කියන්නෙ එහෙනං මේ ලංකාවෙ ඉඳපු කොයි තරම් ප්‍රසිද්ධ හාමුදුරුවරු කේන්දර බලලා තියනවද, බුදුහාමුදුරුවොන්ගෙ කාලෙත් කේන්දර බලලා තියනවා උඹ කේන්දර විස්වාස කරන්නෙ නැත්නං බුද්ධාගමත් බොරුයි කයලා නේද කියන්නෙ etc etc
    එක්කෝ ඇදලා ගන්නවා අපේ තියන ඉතිහාසෙ මොකක් හරි එකක්, අර වගේම තමයි අපේ රටේ අවුරුදු දහස් ගනන් තිබුනු කේන්දර විස්වාස කරනනෙ නැහැ, ඒ කියන්නෙ අපේ රටේ අවුරුදු 2500 හරි 140000 හරි ඉතිහාසෙ බොරුයි කයල නේද මේ කියන්නෙ ඊට පස්සෙ කිසිම පදනමක් නැතුව හිතට එන ඒව සේරම කියාගෙන යනවා. දැන් උඹ කරලා තියෙන්නෙත් ඒකම නේද කියලා පොඩ්ඩක් බලපන්, මම කොතනවත් අපේ ඉතිහාසෙ තියන මොනවටවත් ගරහලා නැහැ උඹ තමයි ඒව මෙතන ඇදගෙන දැඟලුවෙ
    මම කිවුවෙ කේන්දර බොරුයි කියලා සහ අපේ රටේ මිනිස්සු හැම එකටම(අදාල වේවා හෝ නොවේවා) අපිට හරි හොඳ ඉතිහාසයක් තියනවා කියලා කට මැත දොඩවන එක ගැන.

    2 - ජෝතිෂය හෝ නක්ෂස්ත්‍ර‍ දැනුමකුත් නැත්නම් ඕව ඔය තරම් ඇත්ත කියලා දඟලන්නෙ ඇයි. ඕව ඇත්ත නම් ඇයි මේ තරම් දියනු තාක්ශනික දේවල් තියන කාලෙ කවුරුවත් ඕක සයන්ටිෆිකලි ඇත්ත කියලා prove කරන්නෙ නැත්තෙ. ඕක ලොකුවටම පිලිගන්නෙ අපේ රටෙයි ඉන්දියාවෙයි තමයි(අනෙක් රටවලත් එහෙන් මෙහන් තිබුනට මේ රටවල් දෙකේ තමයි ජීවිතේ හැම මගුලටම ඕක අල්ලගන්නෙ)

    3 - TV/Radio ප්‍රෝගැම් කරන්නෙ මොකක් හරි පොපියුලර් ටොපික් එකකට, සල්ලි හම්බ කරන එක තමයි උන්ගෙ මූලික අරමුණ, ඒකෙ කියන සේරම දේවල් ඇත්ත වෙන්න ඕන නැහැ, උන්ගෙ ටාගට් එක වැඩිපුර මිනිස්සු ගානකට ඕක අස්සවන එක, ඒක නිසා කාලෙන් කාලෙට වයිරල් වෙන ටොපික් වලට උන් ප්‍රෝගෑම් කරනවා, ඕක ලංකාවෙ විතරක් නෙමයි ලෝකෙම කරන දෙයක්
    ඒක නිසා ඔවයෙ කියන දේවල් ටිකක් හිතලා බලල විශ්වාස කරන්න ඕන
    හොඳම උදාහරන අර රාවනා සීන් එක නැගල ගියපු කාලෙ සහස්‍රමුක රාවනාද මොකද්ද මගුලක් ගියා නේ, දැන් ඔය උඹ කියන එක නැගලා යනවා, ඔය වගේ ඒව ගොඩක් කාලෙකට කලින් වෙන රටවල කරලා තියනවා History channel එකේ ගියපු ancient aliens කියන එක ඒ වගේ එකක්, ඒක තියන සේරම දේවල් වගේ බොරු, history channel එකේ credibility එක 0ටම කෙල වුනු ප්‍රෝගෑම් එකක්, නමුත් ඕව විස්වාස කරන එවුන් ඕක අදහගෙන බලපු නිසා උන් ඒක දිගටම කරන් ගියා

    කේන්දර බලන එක, දේවාල සීන් සේරම සෑහෙන ලොකු බිස්නස්, උඹල ඒවයෙ ඇත්ත තේරුම් ගන්නෙ නැහැ, ඒක නිසා හැමදාම ඕව කරන එවුන්ට සාමාන්‍ය මිනිස්සු රවට්ටලා ලක්ශ ගනන් කෝටි ගනන් හොයන එක දිගටම කරන් යන්න පුලුවන්
    කවුරු හරි බොරුයි කිවුවොත් උන්ව ඩිෆෙන්ඩ් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්න නිසා අරුන්ට සදා කල් මිනිස්සුන්ව රවට්ටන එක කරන් යන්න පුලුවන්
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    jothysha kiyanne hindu wishwasayak,eeka apita aithi deyak neme

    jothishaya kiyanne ape history ekata aithi deyak neme kiyalai mata hithenne,jothishya piliganne na kiyanne ape ithihasayata garahanawa kiyana eka neme

    jothishya boruwak neme wenna puluwan,ee unata dn inna godak kendarakarayo kendara balanne danne naa,eeka hinda boruwak hari kiyala minissunge salli kadaganna hadanne,hariyata karana ayath athi etha bohoma aduwen aththe

    මගේ කියමනට හින්දු විශ්වාසයක්. අපිට අයිති නෑ කියලා ඊට යටින් මට හිතෙන්නේ කියල ලිව්වේ ඇයි ? ඔබට ඔබවත් විශ්වාස නැතිනම්, ජ්‍යෝතිෂය ගැන කිසිවක් දන්නෙත් නැතිනම් ඒ ගැන නොලියා සිටිනවානම් කියවන අයට පහසුවක් නේද ?

    හිතන්න දෙයක් නෑ.. ජෝතිෂ්‍ය ඉන්දියාවෙන් ලංකාවට ආපු ශාස්ත්‍රයක්. ජොතිෂ්‍යකාරයෝ ටික බුදු දහමත් පටලවා ගෙන ගජරාමෙට ඕක කරගෙන යනවා. දේව වන්දනය කරනවා. අපල දුරුවෙන්න පළතුරු වට්ටි ගණන් කතරගමටයි, සීනිගමටයි උස්සන් යනවා. අපේ හාමුදුරුවරු ටිකත් පංසල අස්සේ දේවාල හදනවා.

    ඔබට ඔප්පු කරන්න සාධක තියෙනවද ඉන්දියාවෙන් ආපු බවට ? ජ්‍යෝතිෂය තුල බුදුදහම නෑ. ලං කරන්නත් බෑ. අබ්බ ගොබ්බ මෝඩයෝ, බොරුකාර හොර තක්කඩි (බොරු නැකතිකරුවෝ) කියන දේවල් අහලා ඒවා පිළිගත්තාට අපි මොනවා කරන්නද ?

    සාක්ෂි සහිතව ඔප්පු කරොත් ජ්‍යෝතිෂය අපේ දෙයක් කියල ඔබල මොකද කියන්නේ ?

    පන්සල අස්සට දේවාල එන්න හේතුව අපි වඳින පුදන සියලු දෙවිවරු මේ රටේ හිටපු අපේ මුතුන් මිත්තෝ නිසයි.

    අනුරාධපුර, පොළොන්නරු යුගයේ කෝවිල් පන්සලට ගෙනාවේ රජවරු භාරතයෙන් ගෙනාව බිසෝවරු නිසයි.

    දේවාල හා කෝවිල් පටලගන්න එපා.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මගේ කියමනට හින්දු විශ්වාසයක්. අපිට අයිති නෑ කියලා ඊට යටින් මට හිතෙන්නේ කියල ලිව්වේ ඇයි ? ඔබට ඔබවත් විශ්වාස නැතිනම්, ජ්‍යෝතිෂය ගැන කිසිවක් දන්නෙත් නැතිනම් ඒ ගැන නොලියා සිටිනවානම් කියවන අයට පහසුවක් නේද ?

    ඔබට ඔප්පු කරන්න සාධක තියෙනවද ඉන්දියාවෙන් ආපු බවට ? ජ්‍යෝතිෂය තුල බුදුදහම නෑ. ලං කරන්නත් බෑ. අබ්බ ගොබ්බ මෝඩයෝ, බොරුකාර හොර තක්කඩි (බොරු නැකතිකරුවෝ) කියන දේවල් අහලා ඒවා පිළිගත්තාට අපි මොනවා කරන්නද ?

    සාක්ෂි සහිතව ඔප්පු කරොත් ජ්‍යෝතිෂය අපේ දෙයක් කියල ඔබල මොකද කියන්නේ ?

    පන්සල අස්සට දේවාල එන්න හේතුව අපි වඳින පුදන සියලු දෙවිවරු මේ රටේ හිටපු අපේ මුතුන් මිත්තෝ නිසයි.

    අනුරාධපුර, පොළොන්නරු යුගයේ කෝවිල් පන්සලට ගෙනාවේ රජවරු භාරතයෙන් ගෙනාව බිසෝවරු නිසයි.

    දේවාල හා කෝවිල් පටලගන්න එපා.
    baila gahanna epa oii,jothishaya apita adala deyak neme,buduhamudurwoth borui kiyala kiyana ekak uba kohomnada aththa kiyala kiyanne

    kendarakarayo thamai mee rate minissunge olu bageta bagayak kanne ude idan raa wenakan,thawa methana ubala rawana kiyala ekekuth ussagena awilla ape ithihasayata garahanna epa kiya kiya boru begal minissunge oluwata danawa

    ithihasaya ekak,rawana wenama ekak,jothisya thawa ekak
    owa ekinekata connected naa

    mama ape rate piliganne history ekai buddhist philosophy ekai witharai
     
    • Haha
    Reactions: indika_sam

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට බුදුරජාණන්වහන්සේට වඩා ලොකු කෙනෙක් නැහැ. උන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ මෙහෙම...

    "නක්ඛකතං පතිමානෙන්තං
    අතෙථා බාලං උපචචගා
    අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා”

    නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු වලින් ඇති ඵලය කිම?

    මේක මම මුලින්ම අහපු දවසෙ 2007 අවුරුද්දෙ මම ගෙදර ඇවිත් කේන්දරේ පුච්චලා දැම්මා. අප්පච්චි මුකුත් කීවෙත් නැහැ. කසාද බඳිද්දි වෙලාවල් හැදුවෙ නෑ, පොරොන්දම් ගැලපුවෙ නෑ...කේන්දර ගැලපුවෙ නෑ.ඉතිං ඒක මගෙ පුද්ගලික මතය. දරුවටත් කේන්දරයක් හැදුවෙ නැහැ. මමත් වයිෆ් දෙන්නම ඕවා ගැන අදාල කරගන්නෙ නැහැ.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    baila gahanna epa oii,jothishaya apita adala deyak neme,buduhamudurwoth borui kiyala kiyana ekak uba kohomnada aththa kiyala kiyanne

    ඔබේ දැනුම ගැන මම ඔබට අනුකම්පා කරනවා මිතුර. බුදුහාමුදුරුවෝ ජ්‍යෝතිෂය බොරු කිව්වේ කොතනද ? උන්වහන්සේගේ දේශනයකින් උපුටා දක්වන්න පුලුවන්ද ?

    kendarakarayo thamai mee rate minissunge olu bageta bagayak kanne ude idan raa wenakan,thawa methana ubala rawana kiyala ekekuth ussagena awilla ape ithihasayata garahanna epa kiya kiya boru begal minissunge oluwata danawa

    මම ලියපු හැමතැනම ලිව්වේ පළපුරුදු කෙනෙකුගෙන් කේන්දරය බලවා ගන්න කියලයි. ඔබ මාධ්‍ය තුලින් දකින අයවලුන් ගැන කතා කරාට මම ඔවුන් හඳුන්වා තියෙන ආකාරය දුටුවා නේද ? ඔවුන් ගැන මම කතා නොකරමි. එහෙත් නියම වැඩකාරයෝ මේ රටේ ඕනෑතරම් ඉන්නවා. ඔවුන් ප්‍රසිද්ධ තමන් ජිවත්වන ප්‍රදේශයේ පමණයි.

    ithihasaya ekak,rawana wenama ekak,jothisya thawa ekak
    owa ekinekata connected naa

    මම මෙලෙස කොතනකවත් ලියා නොමැත. ඔබ කියන දේ නිවැරදිය. ඔබ කොහේ හෝ නැට්ට පාගාගෙන ඇත. ඒ ගැන මම වගනොකියමි.

    mama ape rate piliganne history ekai buddhist philosophy ekai witharai

    ඔබ දන්නා buddhist philosophy එක පැහැදිලි කරන්න පුලුවන්ද ? බුද්ධ දේශනාවේ නිතර කියවෙන තුන් දොර සංවර කරගැනීමවත් ඔබට නොහැකිය. "oii," "uba" "ubala" "ekekuth" මෙවැනි වදන් තුලින් ඔබේ කෝපය හෝ උද්වේගකර බව පෙන්නුම් කරනවා නේද ? වාග් සංවරය ඇතුව තම අදහස් ප්‍රකාශ කල නොහැකි ඔබ කෙසේ බුදු දහම පිලිපදින්නෙකු ලෙස පිලිගන්නද ?

    අපේ මිනිස්සු භාරතයෙන් ගෙනාවා (ඇත්ත එය නොවේ) යයි ජ්‍යෝතිෂය ප්‍රතික්ෂේප කරයි. එහෙත් බුදු දහම හිස මුදුනේ තබා ගනියි. මෙයත් "කන්න ඕනනම් කබරත් තල ගොයා" කරගැනීමක් නොවේද ?

    ජ්‍යෝතිෂය මෙරටේ බවට එක සාක්ෂියක් ඉදිරිපත් කරමි. ඔබ කේන්දරයක් සෑදීමට උපන් වෙලාව දෙන්නේ ඔරලෝසු වෙලාවයි. කේන්දරය සකස් කරන පුද්ගලයා මේ ඔරලෝසු පැය සිංහල පැයවලට හරවයි. මන්ද කේන්දරයක් සෑදීම කරන්නේ සිංහල පැයවලිනි.

    මේ ගැන නොදන්නවානම් දන්නා කෙනෙකුගෙන් අසා දැනගන්න.

    සුද්දගේ ඔරලෝසුවේ පැය 24 වූවාට සිංහල ක්‍රමයට දවසට පැය 60 තිබේ. ජ්‍යෝතිෂය භාරතයේ නම් දවසක හෝරා බෙදීම ඇයි සිංහල පැය කියන්නේ ? (විමසුමට) සුද්ද "hour" වදන හදන්නෙත් අපේ "හෝරා" වචනය භාවිතා කොටගෙනය.

    එසේම, ඔබලා බහුතරයක් ඉන්දියාවට පටවා ඇති බොහෝ දේ නියම උරුමක්කරුවෝ අපය. මේ උතුම් හෙළ දීපයය. එසේ වීමට හේතුවත් ඔබලා වැනි මේ රටේ වටිනාකම නොසොයන, ඒවායෙහි වටිනාකමක් තේරුම නොගත් මුග්ධයන් මෙයට බොහෝ කලකට පෙර මේ රටේ ඉපදීමයි. අප මේ සිදු කරන්නේ ඒ අතීත වටිනාකම්, තාක්ෂනය, දැනුම හා ඉතිහාසය මේ රටට නැවත ලබා දීමට යම් උත්සාහයක් ගැනීමයි.

    ඒ නිසා නොදන්නා දෙයක් වේ නම්, අප සමග සුහදව සාකාච්චා මාර්ගයෙන් දැනුවත් වෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ජ්‍යෝතිෂය තුල බුදුදහම නෑ. ලං කරන්නත් බෑ.
    නෑ කියලා තමයි ඉතින් අපිත් කියන්නේ. ඒ වුණාට ඔය ජොතිෂ්‍ය ගැන කතා කරණ ඈයෝ හැමදාම බුදු දහම පළිහක් විදිහට පවිච්චි කළා.

    ඔබට ඔප්පු කරන්න සාධක තියෙනවද ඉන්දියාවෙන් ආපු බවට ?
    ඉන්දියාවෙන් ආවේ නෑ කියලා කියන්න සාධක තියෙනවද? මෑත සියවස් කිහිපය හැරුණාම ජොතිෂ්‍ය ගැන සිංහලෙන් ලියපු පොත් මොනවද? ලංකාවේ ජොතිෂ්‍ය කාරයන්ට පෙන්නන්න තියෙන්නෙත් පොත් අතළොස්සක් විතරයි. ඒවාත් සංස්කෘත පොත්. ඔය අතරින් ලංකාවේ ජෝතිෂ්‍යකාරයන්ට කතා කරන්න පුළුවන් පොතකට කියලා තියෙන්නේ දෛවඥ කාමධේනුව විතරයි. ඒකත් ලංකාවේ ලියැවුණාට සංස්කෘත භාෂාවෙන් ලියලා තියෙන්නේ.

    "හින්දු දහම තුල බොහො විට ජෝතිෂ්‍ය සංකල්ප දක්නට ඇත. බුදු දහමටද ජොතිෂ්‍ය සංකල්ප පැමිණියේ හින්දු දහමින් බව විශ්වාස කෙරේ."

    source- wikipedia https://bit.ly/2XRmGHz

    සාක්ෂි සහිතව ඔප්පු කරොත් ජ්‍යෝතිෂය අපේ දෙයක් කියල ඔබල මොකද කියන්නේ ?
    ඔප්පු කළොත් පිළිගන්නවා. මාගේ මතයම නිවරදියැයි අල්ලාගෙන ඉන්නමට අවශ්‍ය නෑ. ඔබට පුළුවන්නම් ඔප්පු කරන්න.

    පන්සල අස්සට දේවාල එන්න හේතුව අපි වඳින පුදන සියලු දෙවිවරු මේ රටේ හිටපු අපේ මුතුන් මිත්තෝ නිසයි.
    ඔය කියන විදිහට බැලුවහම. විෂ්ණු දෙවියෝ අපේ මුත්තෙක්ය. කතරගම දෙවියොත් මුත්තෙක්ය. සරස්වතී ඔය මුත්තෝ දෙන්නගේ කවුරු හරි වෙන්ට ඕනෑ.

    දේවාල හා කෝවිල් පටලගන්න එපා.
    කෝවිල් හා දේවාල යැයි දෙකක් ඇති බව සැබෑවක්. නමුත් කොවිල් තුළ දෙමලුන්ද දේවාල තුළ සිංහලයෝ ද එකම දෙවියන්ව අදහන්නේ නැද්ද?
    සිංහල ලේබලය අලවාගත් දෙවියෝ නැතිවා නොවේ. ඔවුන්ගෙන් සාතිශය මෑත කාලයෙහි දේවත්වයට පත් වූවෝය. මින්නේරිය වැව හැදු මහසෙන් රජු ද අපේ එවුන්ට මින්නේරිය දෙවියන් වූහ. මහවිහාරය කඩා දමා, එහි භික්ෂූන්ට දානය දීම නවතා දැමූ රජෙක් දෙවත්වයට පැමිණියේ කෙසෙදැයි අසන්නට එකෙක් නැත.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    jothysha kiyanne hindu wishwasayak,eeka apita aithi deyak neme

    jothishaya kiyanne ape history ekata aithi deyak neme kiyalai mata hithenne,jothishya piliganne na kiyanne ape ithihasayata garahanawa kiyana eka neme

    jothishya boruwak neme wenna puluwan,ee unata dn inna godak kendarakarayo kendara balanne danne naa,eeka hinda boruwak hari kiyala minissunge salli kadaganna hadanne,hariyata karana ayath athi etha bohoma aduwen aththe

    මම කේන්දර කඩ කාරයෝ ගැන පැහැදිලිවම සදහන් කරලා තියනවා... ඔබ වගේම මමත් කේන්දර ගැන කිසිම විශ්වාසයක් නෑ.. ඒක මගේ පුද්ගලික මතය. ඒත් මම ඒ විෂය ගැන හරියට දන්නේ නැති නිසා ඒ ගැන විවේචනය කරන්න යන්නේ නෑ.

    අපේ ඉතිහාසයට අයිති නැත්නම් වරා මිහිර වැනි වසර 400 ක් 500 ක් පැරණි පුස්කොළ පොත් වල නක්ෂස්ත්‍ර‍ විෂය ගැන ගැඹුරින් විග්‍ර‍හ කරලා තියනවා. පරම්පරාගතව මෙවැනි පුස්කොළ පොත් සුරක්ෂිතව තවමත් තියාගෙන ඉන්න අය ලංකාවේ ඉන්නවා. ඒක නිසා නක්ෂස්ත්‍ර‍ විෂය අපේ ඉතිහාසයත් එක්ක බැදිලා තියනවා. ඔබත් මමත් ඒ ගැන නොදන්න නිසා අපි ඒ ගැන විවේචනය නොකර ඉමු.
     
    • Love
    Reactions: indika_sam