කේලමා_අතුරුදන්
වනජීවී රක්ෂිත ප්‍රදේශ ගුවනේ සිට සියුම්ව පරීක්ෂා කිරීමේ පුහුණුවක යෙදී සිටි නියමුවන් රහිත දුරස්ථ පාලන ගුවන් යානයක් (කේලමා) පෙරේදා (23 දා) පාලන නිලධාරියාගෙන් මිදී යාල වනෝද්‍යානයේ කලාප අංක තුන ප්‍රදේශයේදී අතුරුදන්ව ඇත.
බොහෝ විට මෙම යානය මැලේසියාව දෙසට යාත්‍රා කරන්නට ඇති බව විශ්වාස කෙරේ.
ඊට හේතුව යම් හෙයකින් යානාව පාලනයෙන් මිදුණහොත් එය අදාළ රටේ නිශ්චිත ස්ථානකට ගමන් කිරීම සඳහා යානාවට දත්ත කවා තිබීම යන්න වනජීවී අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එහෙත්, බැටරි බලය මත යානාවේ ගමන් දුර තීරණය වන නිසා යානාව කඩාවැටීමේ ඉඩකඩ වැඩි බැවින් මෙම යානාව යාල ප්‍රදේශයට හෝ මුහුදට කඩා වැටීමේ ඉඩකඩක් පවතින අතර හමු වූ කෙනකු වෙතොත් පොලිසිය හෝ වනජීවී දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.
මෙම යානාවෙන් උඩවලව ජාතික උද්‍යානය තුළදී පෙර දින කරන ලද සමීක්ෂණ කටයුතු ඉතා සාර්ථක වී ඇති අතර පෙරේදා (23 දා) ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුළදී කරන ලද පරීක්ෂණ මෙහෙයුමේදී යානාව පාලනයෙන් ගිලිහී ගොස් ඇත.