කේලමා_අතුරුදන්

signshop

Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    කේලමා_අතුරුදන්

    වනජීවී රක්‍ෂිත ප්‍රදේශ ගුවනේ සිට සියුම්ව පරීක්‍ෂා කිරීමේ පුහුණුවක යෙදී සිටි නියමුවන් රහිත දුරස්‌ථ පාලන ගුවන් යානයක්‌ (කේලමා) පෙරේදා (23 දා) පාලන නිලධාරියාගෙන් මිදී යාල වනෝද්‍යානයේ කලාප අංක තුන ප්‍රදේශයේදී අතුරුදන්ව ඇත.

    බොහෝ විට මෙම යානය මැලේසියාව දෙසට යාත්‍රා කරන්නට ඇති බව විශ්වාස කෙරේ.

    ඊට හේතුව යම් හෙයකින් යානාව පාලනයෙන් මිදුණහොත් එය අදාළ රටේ නිශ්චිත ස්‌ථානකට ගමන් කිරීම සඳහා යානාවට දත්ත කවා තිබීම යන්න වනජීවී අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

    එහෙත්, බැටරි බලය මත යානාවේ ගමන් දුර තීරණය වන නිසා යානාව කඩාවැටීමේ ඉඩකඩ වැඩි බැවින් මෙම යානාව යාල ප්‍රදේශයට හෝ මුහුදට කඩා වැටීමේ ඉඩකඩක්‌ පවතින අතර හමු වූ කෙනකු වෙතොත් පොලිසිය හෝ වනජීවී දෙපාර්තමේන්තුව වෙත බාර දෙන ලෙස බලධාරීහු ඉල්ලා සිටිති.

    මෙම යානාවෙන් උඩවලව ජාතික උද්‍යානය තුළදී පෙර දින කරන ලද සමීක්‍ෂණ කටයුතු ඉතා සාර්ථක වී ඇති අතර පෙරේදා (23 දා) ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුළදී කරන ලද පරීක්‍ෂණ මෙහෙයුමේදී යානාව පාලනයෙන් ගිලිහී ගොස්‌ ඇත.
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අයියෝ කේලමාට..කෑල්ලක් වත් සෙට් උනාද දන් නෑ....:rolleyes::)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    පොඩ්ඩක් බලපල්ලා අපෙ එලකිරි එකෙ එකෙක්වත් ඔක හන්ගගෙන ඉන්නවද දන්නෙ නෑ :P