කේ.පී විසුම්පායේ සැපගනියි

Charithtm

Member
Aug 5, 2008
2,540
26
0
කේ.පී විසුම්පායේ සැපගනියි

කේ.පී විසුම්පායේ සැපගනියි


එල්.ටී.ටී.ඊ යේ නායකයෙකු වූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී කොළඹ-කොල්ලුපිටියේ"විසුම්පායේ"විශේෂ අමුත්තන්ගේ නිල නිවසේ රඳවා සැප ලබාදෙන බවත්,ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගෙයි දුක් විඳින බවත් එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා විසින්"විසුම්පාය"ගොඩ නඟන ලද්දේ විදේශයන් ගෙන් මෙරටට පැමිණෙන රාජ්‍ය සම්භාවනීය අමුත්තන් සඳහා වුවත් වත්මන් ආණ්ඩුව එල්.ටී.ටී.ඊ නායකයෙකුට නවාතැන් සැපසීම සඳහා විසුම්පාය යොදාගෙන තිබීම කනගාටුවට කරුණක් බවත් මහ ලේකම් වරයා කියා සිටියි. කේ.පී නුදරු කාලයේදී උතුරේ මහ ඇමති වන බවට පුවත්පත් වල වාර්තා පළ වන බව පෙන්වා දුන් ඔහු කෝටි 20,000 ට අධික එල්.ටී.ටී.ඊ වත්කම් හා නැව් හතළිස් ගණනක් ගෙන්වන බවට වහසි බස් දෙඩූ ඇමතිවරුන් දැන් කියන්නේ මෙනාවාදැයි පැහැදිලි නොවන බවද සඳහන් කළේය.

පසුගිය දිනෙක වව්නියාවේ සංචාරයක් සඳහා කේ.පී යවන ලද්දේ විශේෂ වූ රජයේ හෙලිකොප්ටර් යානයකින් වග පෙන්වාදුන් අත්තනායක මහතා එහෙත් ෆොන්සේකා මහතාට ආරක්ෂිත වාහනයක් ලබා දෙන්නට ආණ්ඩුව කටයුතු නොකරන බවත් කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

මෙවර අයවැයෙන් 63% ක් පමණ වන වැඩිම මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ අමාත්‍යංශ වලට බවත්,ඒ පිළිබඳ අනෙක් අමාත්‍යවරුන් කුමක් කියන්නේදැයි තමන් විමසන බවත් හෙතෙම ප්‍රශ්න කරයි.

මේ තත්ත්වය යටතේ රටේ අනාගතය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් උද්ගතව ඇති බවත් ඔහු කියා සිටියි.

එ.ජා.ප පාලන සමයේ විදේශයන්ගෙන් ණය ලබාගැනීමට ක්‍රියා කළේ සහන ණය යටතේ වුවත් වත්මන් ආණ්ඩුව ලබා ගනිමින් සිටින්නේ කොන්දේසි සහිත ණය බවත් එය ඉදිරියේ රට තව තවත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමක් බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.

http://www.adaderana.lk/sinhala/news.php?nid=9318
 
Last edited:

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
අත්තනායක කියන ඒවා පිළිගන්නේ කවුද??

අපිටත් පුලුවන්නේ හිතලා ඕන දෙයක් කියන්න....
 

Similar threads