දඹුල්ල-හීන්මොරගොල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසෙහි පිටුපස තැනූ කුඩා කාමරයක මාස ගණනක් තිස්සේ හිරකොට තැබූ 84 වියැති මවක ඊයේ(30) පොලීසිය විසින් මුදාගෙන තිබේ. ඉඳහිට ආහාරයට යමක් කාමරයට වීසිකරන නමුත් ශරීර කෘත්‍යය කිරීමට හෝ පහසුකමක් නොදීමට ඇගේ පුත්‍රයා කෘර වී ඇත. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මාර්ගයෙන් ලැබුණු තොරතුරක් අනුව පොලීසිය පැමිණ දොර ගලවා දුක්ඛිත ලෙස මළ මුත්‍ර මධ්‍යයේ සිටි ඇය මුදාගෙන රෝහලට බාරදුන් බව පොලීසිය පවසයි
LTN


