කොකා කෝලා සමග කැරපොත්තෙකු නොමිලේ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කොකා කෝලා සමග කැරපොත්තෙකු නොමිලේ

    කොකා කෝලා සමග කැරපොත්තෙකු නොමිලේ

    Lankaanews 2015-09-21

    coca-cola.jpg




    කැලණි ගඟට රසායනිකයක් මුසු කර විරෝධයට ලක්වූ කොකා-කෝලා සමාගම විසින් මෙවර තවත් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබෙනවා. ඒ කොකා බෝලා බෝතලයක් තුල කැරපොත්තකු ඇතුලත් කර පාරිභෝගිකයින් වෙත එවීමෙනුයි.


    මෙකී අගනා අවස්ථාව ලැබී ඇත්තේ වත්තල පදිංචි ජනක පුෂ්පකුමාර මහතාටයි. පසුගියදා ඔහු විසින් මිලදී ගත් කොකා-කෝලා බෝතලයක් තුළ අමුතු යමක් තිබෙනු දැක ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වී ඇත්තේ මියගිය කැරපොත්තෙකු එ් තුල සිටින බවයි.


    ජනක පුෂ්පකුමාර මහතා මේ බව කොකා-කෝලා බෝතලය මිලදී ගත් වෙළඳසැල හරහා කොකා-කෝලා ඒජන්තවරයාට දැනුම් දුන්විට බෝතලයෙහි සඳහන් බැච් අංකය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය තම කර්මාන්තශාලාවෙහි නිෂ්පාදනය කරන ලද්දක් බව අදාළ සමාගම පිලිගෙන තිබෙනවා.මේ පිළිබද තොරතුරු හෙලි නොකරන ලෙස ඉල්ලමින් වන්දි මුදලක් රහසිගතව ගෙවීමටද එම සමාගම කැමැත්ත පල කර ඇති බවයි වාර්තාවන්නේ.