කොකේන් කිලො 800ක්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අධිකරණ නියෝගයක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම නෞකාව සොයා ගෙන තිබේ.

එම කාර්යංශය ප්‍රකාශ කළේ, දැව ප්‍රවාහනය කරන එම නෞකාව ඉක්වදෝරයේ සිට පැමිණ ඇත්තේ, ඉන්දියාව බලා යාත්‍රා කිරීමට බවය.

අදාළ නෞකාවේ කොකේන් ඇති බවට ලද ඔත්තුවක් මත පරීක්ෂා කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය.

කොකේන් තොගයේ වටිනාකම බිලියන 12ක් බව වාර්තා වෙයි.

එමෙන්ම එම කොකේන් තොගය දකුණු ආසියාවේ සොයා ගත් වැඩිම වටිනාකමකින් යුතු කොකේන් තොගය බවද සඳහන්ය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගැනීමටද තීරණය කර තිබේ.
 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දුමින්දයාගේ බිස්නස් එක දැන් කරන්නේ රනිල්ගේ සෙට් එක ඔන්න ඕකයි වෙනස
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕව විකුනල අපිට බැරිවෙයිද තියෙන ණය ටික ගෙවාගන්න :oo:
    ඔව් යකො. එක කිලො එකක් ලක්ශ 150ක්ලු.. නැව වරායවල් තුනක් පහුකරගෙන සෞදිය හරහා ඇවිත් තියෙන්නේ. කන්ටේනර් දෙකක් ඉන්දියාවට බාලා.. ලන්කාවට නෙමෙයි ගෙනත් තියෙන්නේ.
     

    Similar threads