කොටකෙතන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    (2015 ජූනි මස 22 12:02:57 | ලංකාදීප කර්තෘ මණ්ඩලය)

    13-Page-02-S2-1P.jpg


    123.jpg



    මුළු රටම කැළඹ වූ කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන රැල්ලට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් තිදෙනෙකු සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව කොටකෙතන ගිනිදලූ යළි නැග එමින් පවතින ආකාරයක් දැකගත හැකිය. එම අධිකරණ තීන්දුවට එරෙහිව මේ වනවිටත් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොණුකර තිබීමෙන් මෙම සිදුවීම තවතවත් දුරදිග යන ආකාරයක් ද පෙනෙන්නට තිබේ. ඒ අනුව පෙනී යන්නේ කොටකෙතන මෙම ඝාතන සම්බන්ධයෙන් තවමත් නොවිසඳුණු ගැටලූවක් ඉතිරිව තිබෙන බවය.


    මෙම සියලූ ඝාතන සම්බන්ධයෙන් මෙතෙක් රටට හෙළි නොවූ කරුණු රැුසක් තමන් සතුව ඇති බැවින් එම කරුණු නීතිය හමුවට ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස මේ වන විට රිමාන්ඞ් සිර භාරයෙහි පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රජයෙන් ඉල්ලා සිටියි. ඔහු මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ලියන ලද දීර්ඝ ලිපියක් ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ගුණවර්ධන මහත්මිය මාර්ගයෙන් ‘ඉරිදා ලංකාදීප’යට එවා ඇත. එම ලිපිය කිසිදු සංස්කරණයකින් තොරව අප මෙසේ පළකරමු.

    ‘‘2008.07.21 වන දින උඩ කොටස ඕපාතවත්ත අංක 9 ලැයිමේ පදිංචිව සිටි සෙල්ලයියා මාරියා යන අයගෙන් පටන්ගත් කහවත්ත කොටකෙතන ඝාතන රැුල්ල අවසන් වූයේ කාන්තාවන්ම 17ක් ඝාතනය වීමෙන් පසුවය.

    මෙම කාත්නා ඝාතනවලින් 2008.11.19 වන දින සිදුවූ උඩතම්මිටගේ ආරියවතී (52) ඝාතනය සම්බන්ධයෙන් 2008.11.26 වන දින බෝපිටියාගම ඇතිගේ ගාමිණී වික‍්‍රමසිංහ, උක්වත්තගේ අභය පි‍්‍රයන්ත, මාකඳුර බඩල්ලගේ ලලිත් ප‍්‍රියන්ත, කපුගේ විජිත් ශි‍්‍රයානන්ද යන අය සැකපිට අත්අඩංගුවට ගත්ත ද එම අපරාධ ස්ථානයේ සැකකරුවන් හඳුනාගැනීමට කොතෙකුත් සාක්‍ෂි තිබුණ ද ඒවා හඳුනාගැනීමට උනන්දු නොවීම නිසා එම සැකකරුවන් 2010.02.26 වන දින නිදහස් වූහ.

    මොවුන් එසේ නිදහස් වී පැමිණි පසු 2010.10.24 වන දින ශාන්තිපුර කොටකෙතන පදිංචි වයස අවුරුදු 48ක් වූ දේශබඩල්ගේ බේබිනෝනා ඝාතනයට ලක්වූවාය. එතැන් සිට පිළිවෙළින් 2012.10.31 වන දින දක්වා බෝඹුවල දේවගේ චන්ද්‍රාවතී තෙක් කාන්තාවන් එකොළොස් දෙනෙකු ඝාතනයට ලක්වූහ.
    මෙම කුරිරු ඝාතන රැුල්ල ඇතිවීමට පෙර මෙම කොටකෙතන ප‍්‍රදේශය ඉතාම සාමකාමී ජන කොට්ඨාසයක් ජීවත් වූ අතර ඔවුන් තමන්ගේ ශ‍්‍රමයෙන් ජීවත් වූ අය වෙති. මේ ගමේ අය නිරුවත්ව යම් යම් ස්ථානවල දිය නාන බවත්, මෙ ගම ජීවත් වූ අය ඉතා කුරිරු ජන කොට්ඨාසයක් වූ බවත් එකල යම් යම් මාධ්‍යවලින් හුවා දැක්වීය.

    නමුත් කොටකෙතන පරීක්‍ෂණ බාරගත් මා කහවත්තට ගොස් මෙම ඝාතන සම්බන්ධයෙන් මාස හයකට අධික කාලයක් විමර්ශනවල යෙදී සිටි අතර, එහිදී කිසිම අවස්ථාවක එවැනි ආකාරයේ සිදුවීම් ගැන මා හට දැන ගැනීමට ලැබුණේ නැත. මේ ගම්වැසියන් ඉතාම අහිංසක පිරිසක් බවට මා ඒ වනවිට හඳුනාගෙන සිටියෙමි.

    මෙම ඝාතන රැල්ලේ අංක 3 සිට අංක 6 දක්වා වූ ඝාතන සිදුවන තෙක්ම කහවත්ත පොලිසිය මෙම අපරාධ ගැන නිසි විමර්ශනයක් සිදු කිරීමට උනන්දු නොවූ බව මා වගකීමෙන් ප‍්‍රකාශ කරමි. ඒ අනුව හයවැනි ඝාතනයෙන් පසුව කහවත්ත ජනතාව උද්ඝෝෂණයකට යොමු වීම හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායම කොළඹින් යැවීමට සිදුවිය. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි අංශය එම විමර්ශන කණ්ඩායම් වූහ.

    මෙම විමර්ශනවල ප‍්‍රතිඵලය වූයේ 2008.07.21 වන දින සිදුවූ කොටකෙතන පළමු ඝාතනයට ද ඉන්පසුව 2010.06.24 වන දින සහ 2012.12.21 වන දින සිදුවූ ඝාතන සඳහා ද සැකපිට අංක 2 උඩකොටසේ ඕපාතවත්තේ පදිංචි වික‍්‍රම ආරච්චිගේ ධනපාල යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමය.

    ධනපාල නමැත්තා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙහිදී අලූත් කතා පුවතක් නිර්මාණය වූ අතර එය එකල ජනමාධ්‍යයේ පවා ඉතා ඉහළින් පළ කරන ලදී. එය නම් තම මිත්තනිය සමග කුඩා කල සිට හැදී වැඩුණු මෙම ධනපාල නමැත්තා තම මිත්තණිය සමග ලිංගිකව හැසිරුණු බවය. පසුව ඒ නිසාම ඔහු තම මිත්තණිය ඝාතනය කිරීමට පෙළැඹුණු බවත්ය. මෙය ඉතා අසත්‍ය කතාවකි. මෙම සැකකරු මේ කිසිවකට සම්බන්ධ නැති බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි.

    ඉන්පසුව 5 සහ 6 වැනි ඝාතනයන් සඳහා ඕපාතලාගේ ධනංජය මධුරංග සහ රණසිංහ ආරච්චිලාගේ චිත‍්‍රානන්ද අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනලදී මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව ද එකම ආකාරයටම කාන්තා ඝාතන නැවත නැවත සිදුවන්නට විය. මෙවැනි ඝාතනයක් සිදුවූ වහාම එහි පරීක්ෂණ සඳහා ගිය නිලධාරීන් කවුරුන් හෝ සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධය විසඳූ බවට ජනමාධ්‍යය ප‍්‍රකාශකොට එම සැකකරුවන් ආපසු එවා තිබුණි.

    මේ කරුණුවලට අනුව පසුගියදා කොළඹ මහාධිකරණ අංක 1 මගින් ලබාදුන් තීන්දුව ඉතාම නිවැරදි තීන්දුවක් බව මම ප‍්‍රකාශ කරමි. නමුත් ඒ සම්බන්ධයෙන් කහවත්ත ජනතාව දැනුම්වත් නොවී සිටීම පිළිබඳව මා කනගාටුවෙමි. වරදකරුවන් දහසක් නිදහස් වුවද එක් නිවැරදිකරුවකු වැරදිකරුවකු වීමේ අධිකරණ සම්මතය අනුව ක‍්‍රියාකරමින් එම සැකකරුවන්ව නිදහස් කිරීම ඉතා අගනේය.

    මෙම ඝාතන රැුල්ලේ සියලූම විමර්ශන 2012.11.13 වැනි දින මා බාරගත් අතර එම විමර්ශනයන් සම්බන්ධව මා විසින් ප‍්‍රකාශ කර ඇති පරිදි එකම කණ්ඩායමක් විසින් සිදුකළ අපරාධ බවට මා තවදුරටත් ප‍්‍රකාශ කරමි.

    මෙම ඝාතන රැල්ලට කහවත්ත පොලිස් ස්ථානය නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් වගකීම බාරගත යුතුය. එයට හේතු ඇත. මා කහවත්තේ සිටි සමයේ දී දැන ගන්නට ලැබුණේ එහි සිටි එක් ස්ථානාධිපතිවරයෙක් රාත‍්‍රියට නිදාගන්නේ එක් අතක් නිල නිවසේ ජනේලයෙන් එළියට දමාගෙන බවය.

    කොටකෙතන කාන්තා ඝාතනවලට වගකිව යුතු බවට මා විසින් හඳුනාගෙන සිටි අයකු (නම සඳහන් වේ), ඔහු විකුණන මාළු ඉතිරිවුවහොත් ඒවා කහවත්ත පොලිසියට දී එම දිනවල දී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙන කසිප්පු පොලිසියෙන් ලබාගෙන ඒවා ගමට ගෙනගොස් විකුණන බව ද අනාවරණය විය. මේ නිසාම මොවුන් හා සම්බන්ධ වූ කිසිදු අපරාධයක් විමර්ශනය කිරීමට කහවත්ත පොලිසිය ඉදිරිපත් නොවූ අතර, එනිසාම ගම්වල ඔවුන්ට යම් බලයක් හිමිවූ බව ද මා හෙළිකරගන්නා ලදී.

    එසේම සහකාර ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ධර්මසිරි යන අය ද මේ ගම්වල දේශපාලන බල අධිකාරියක් ගොඩනගාගෙන සිටි අතර ඔහු සම්බන්ධයෙන් ද නීතිය ක‍්‍රියාත්මක කිරීමට කහවත්ත පොලිසිය උත්සාහකර නැති බව ද පෙනී යයි. ධර්මසිරි ද පසුව කාවින්ද්‍යා හා ඇයගේ මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරන ලදී.

    එම නිදහස් කිරීමට විරුද්ධව විශාල ජන විරෝධයක් ද පසුව ගොඩ නැගුණි. නමුත් මාගේ විමර්ශනවලදී හෙළිවූයේ ධර්මසිරි නමැත්තා මෙම ඝාතන සඳහා වගකිවයුතු නැති බවය.

    මුලින් අනාවරණය වූ පරිදි, මාධ්‍යයෙන් ප‍්‍රචාරය වූ පරිදි කිසිදිනෙක කහවත්තේ කුඩු ව්‍යාපාරයක් තිබුණේ නැත. ධර්මසිරි කොළඹ සිට කහවත්ත කොටකෙතනට කුඩු ගෙන ආවේ නම් එතැන් සිට ආපසු ඒවා රත්නපුරයට ගෙන යාමට තවත් කිසිවකු අවශ්‍ය වෙනවාද? යන්න සැකසහිතය. ඔහු එම අවස්ථාව වන විට විශාල දේශපාලන බලයක් ගොඩනගාගෙන සිටියේය.

    අවසාන වශයෙන් මෑතක දී ඝාතනයට ලක්වූ පේ‍්‍රමාවතීගේ පුරුෂයා කපුගේ විජිත ශ‍්‍රියානන්දය. ඔහු 2008.11.19 වන දින ඝාතනයට ලක්වූ උඩ කම්මලේ ආරියවතීගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අයෙකි. ඔහු සමග මාකඳුර බඩල්ලගේ ලලිත් ප‍්‍රියන්ත ද බන්ධනාගාරගතව සිටියේය. පේ‍්‍රමාවතීගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ඇයගේ පුතා සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටියි. සත්‍ය වශයෙන්ම පුතා මෙම ඝාතනයට සම්බන්ධදැයි සොයා බැලිය යුතුය. මිනීමරුවන් නිදැල්ලේ සිටිය හැකිය. එබැවින් මෙම ඝාතනය මරණකාරියගේ පුතා පිටම පටවා ඒ සම්බන්ධව තවදුරටත් සොයා නොබලන්නේ නම් එම කරුණම තවත් ඝාතනවලට ද මුල විය හැකිය.

    එමනිසා මේ අවස්ථාවේදී රජයේ බලධාරීන් මේ පිළිබඳව උනන්දු වී මේ පරීක්‍ෂණ ගැන අවධානය යොමු කළ යුතු බව මගේ නිගමනයයි.

    කොටකෙතන ජනතාවට ජනමාධ්‍ය සම්බන්ධයෙන් යම් කිසි විරෝධයක් ඇති වුයේ ජනමාධ්‍යයේ වරදින් නොව ජනමාධ්‍යයට කොටකෙතන පිළිබඳව, ජනතාව පිළිබඳව වැරදි අවබෝධයක් ලබාදුන් විමර්ශන ක‍්‍රියාකලාපය නිසාය. නිවැරදි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිට වරද පැටවීමට ජනතාව පිළිගන්නා කරුණු ජනමාධ්‍යයට ලබාදී තිබූ අතර, එමනිසා ගොතන ලද කරුණු මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම හේතුවෙන් කොටකෙතන ජනතාව ඇතැම් මාධ්‍ය සමග කලකිරීමට පත්ව සිටියහ.

    සත්‍ය වශයෙන්ම මෙහි නියම අපරාධකරුවන් කවුරුන්ද යන්න ජනතාව දැනගත යුතුය. එසේ නොමැති නම් කහවත්ත ජනතාව සමග රටේ සමස්ත ජනතාවම අධිකරණය කෙරෙහිද, අධිකරණ තීන්දු සම්බන්ධයෙන් ද යම් අවිශ්වාසයක් ගොඩනගාගත හැකිය. මෙවැනි අඩුපාඩු සහිත විමර්ශන හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව ද මේ වනවිට අපහසුතාවයට පත්ව ඇත. එයට හේතුව එම විමර්ශන සිදුකළ ආකාරය පොලිස්පතිතුමා නිසි පරිදි නොදැන සිටීමය. විමර්ශන නිලධාරීන් පොලිස්පතිතුමාට පවසා තිබුණේ කොටකෙන නියම මිනීමරුවන් මෙම සැකකරුවන් බවය.

    පොලිස්පතිතුමා විශ්වාස කරණුයේ තම නිලධාරීන් විසින් ලබාදෙන විමර්ශන වාර්තාය. මෙම විමර්ශන වාර්තා සම්බන්ධයෙන් නැවත විමර්ශනයක යෙදීමට එතුමාට හැකියාවක් සේම කාල වේලාවක් ද නැත. දැන් සිදු කළ යුත්තේ නැවත මෙම ඝාතන සිදුවීම් පිළිබඳව විමර්ශනයක් විධිමත්ව සිදුකර සත්‍ය ජනතාවට හෙළිකර පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය යළි ලබාදීමය.

    කොටකෙතන සිදුවූ කාන්තා ඝාතනවලින් ඝාතන 14 කටම වගකිව යුත්තේ එකම කණ්ඩායමක් බව මාගේ විමර්ශන මගින් ඔප්පු කළ හැකිය. එසේ කරුණු ඔප්පු කර පෙන්වීම සඳහා තවත් වැදගත් කරුණු රැසක් තිබෙන බැවින් මා හට නීතිමය අවකාශයක් තිබේ නම් ඒ සඳහා මා ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමාගේ නියෝජිතයෙකු, අගමැතිතුමාගේ නියෝ්ජිතයෙකු, අගවිනිසුරුතුමාගේ නියෝ්ජිතයෙකු, නීතිපතිතුමාගේ නියෝජිතයෙකු හා අධිකරණ වෛද්‍යවරයෙකු ඉදිරිපිට දී මවිසින් අනාවරණය කරගත් සත්‍ය තොරතුරු අනාවරණය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසය.

    මා මෙවැනි ඉල්ලීමක් කර සිටින්නේ රජය මේ සඳහා මැදිහත්ව දැන්වත් කොටකෙතන ජනතාවට ජීවිතයක් ගත කිරීමට සැලැස්වීමත් ඔවුන් ආරක්‍ෂිත බවක් පෙන්වාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවය.

    එකල මා විසින් ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳව ඔවුන්ට සහතිකයක් ලබාදුන්නෙමි. එබැවින් කොටකෙතන සත්‍ය මිනීමරුවන් කවුද යන්න රටට හෙළිකිරීමේ හැකියාව මා හට ඇත.’’

    වාස් ගුණවර්ධන
    හිටපු නියෝජ්‍ය පොලිස්පති
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ධනපාල සහ ධර්මසිරි නම් දෙකම එක වගේ.. :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    "සේයා ඝාතනය වගේ තමයි ඝාතනයක් වුනාම අරගෙන යනවා. පස්සේ අධිකරණයෙන් ඒ අය නිදහස් වෙනවා. ඒ නිදහස් වෙලා ආපු අය පස්සේ ගමෙන් කොන්කරනවා. ඒ අයට සමාජයට මුහුණදෙන්න බැරි පරිසරයක් ඇතිකරනවා," ඔහු පැවසීය.

    "වස පානය කරලා. ගෙල වැලලාගෙන මැරිච්ච දෙන්නෙකුත් ඉන්නවා. ඝාතන කිහිපයකුත් වුනා. අධිකරණයෙන් නිදහස් වෙලා හෝ ඇප අරන් ආපු අය තමයි එහෙම ඝාතනය වුනේ. සමහර අය අතුරුදහන් වුනා."
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    "මේ සේරම ප්‍රශ්න වෙන්නේ මේ කොටකෙතන වසමේ. අන්තිම සිද්ධි තුනම වුනේ මාස 5න් 5ට. දැන් අපි බලාගෙන ඉන්නේ ඊළඟ මාස 5න් පස්සේ මොකද වෙන්නේ කියලා."
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    "ඒක ගැන නම් පුදුම හිතෙනවා. 2008 ඉඳල සිද්ද වුන මේ මරණ 19 ගැන පරීක්ෂණ කරනවා පරීක්ෂණ කරනවා කිව්වට, මේ එක සිද්ධියකටවත් කාටවත් දඬුවමක් දීලා නැහැ."
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    "මේ මෙතන තියෙන්නේ නාතන් පාපුට කලින් මරපු කෙනාගේ ගේ. එයාගේ මරණ ගෙනල්ල දාල තිබ්බේ මේ ඇලේ," බුද්ධික රත්නකුමාර අප කැඳවාගෙන යමින් විස්තර කළේය.
    "මේ අර බේබි නෝනා කියල මරපු කෙනාගේ ගේ. මේක තිලකරානි කියල මරපු කෙනාගේ ගේ," කොටකෙතන ඇල මත්තේ සිට එම ස්ථාන පෙන්වා දුන් බුද්ධික පවසන පරිදි කොටකෙතන ඇල සහ මේ ඝාතන අතර සෘජු සම්බන්ධයක් පවතී.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    "මේ ගොඩක් සිද්ධීන්වල මරල ගෙනල්ල දාල තිබ්බේ මේ ඇල පැත්තට. මේ ගම්මානේ හරහා තමා මේ ඇල ගලන්නේ. ගොඩක් මරණ සිදුවෙන්නේ මේ ඇල දෙපැත්තේ. සමහර සිරුරු කබරයෝ, සත්තු කාල විනාශ වෙලා තිබුනා."
    මේ ඝාතන ගැන සැකපිට පොලිසිය වරින් වර විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තත් ඒ කිසිවෙකුත් තවමත් වරදකරුවන් වී නැහැ. නිදහස් වූ ඇතැම් සැකකරුවන් ඝාතනයට ලක්වූ අවස්ථාත් තිබෙන බව මාධ්‍යවේදී බුද්ධික රත්නකුමාර විස්තර කළේය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වාස් කියනෙ හොද මිනිහෙක්ද බන්?? විශ්වාශ කරන්න පුලුවන්ද මිනිහව
    ස්ලිට් එකෙ කොල්ලට බොම්බයක් දාලා කොටිය කියලා හිරෙ දානන්න හඩපු එකානෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පහත දැක්වෙන්නේ දියුනු රටවල පොලිසිය ක්‍රියා කරන පිලිවෙලයි:nerd:

    Police duties include a wide range of activities such as education, crime prevention, directing traffic and managing their own resources. However, their principal duty is to investigate crime or possible crimes. In criminal investigations, the duty of the police (just like that of the prosecutors) is to serve the interests of justice and not just to obtain convictions.
    In their investigation of crime it is necessary for the police to work with a wide range of technical and specialist people. Among the most important of those are the forensic scientists and pathologists. The word ‘forensic’ is derived from the Latin word forens, meaning a ‘tribunal’. It means ‘in connection with the courts’; it does not of itself mean ‘scientific’. Forensic scientists are those who use their science training for the investigation of crime. For example, biologists and chemists who examine blood, fluid or powder residues from a crime scene. Their expertise helps the police determine what might have happened and who may have been involved. The forensic pathologist is a medical doctor who has specialised in the study of pathology and works in the court environment. This often involves the examination of a dead person to collect appropriate samples or evidence. Forensic pathologists generally do not work with living victims such as those of sexual or other assaults, fires or road accidents. This is normally the province of a police medical officer.

    Read more

    http://netk.net.au/CrimJustice/Policing.asp
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    වාස් කියනෙ හොද මිනිහෙක්ද බන්?? විශ්වාශ කරන්න පුලුවන්ද මිනිහව
    ස්ලිට් එකෙ කොල්ලට බොම්බයක් දාලා කොටිය කියලා හිරෙ දානන්න හඩපු එකානෙ

    :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කිසිම පොලිස් කාරයෙක් ලොක්කෙක් හොඩයි කියලා හිත්න්න එපා බන්. උබ් කරන තරමක් කරන්නෙ බොරුව අපරාද, උන්ට කාකි කොට් එකෙන් ලයිසන් එකක් දිලා තියනවා. වාස් මහින්ද එක්ක ඉන්න් කලෙ කරන තරම්ක් මහින්දගෙ කුපඩි වඩ කලට සපොට් කලා. එට පස්ස අර රත්තරන් කේ සකේ අල්ලුවනේ එකෙන් තමයි මිනිහට හෙනහුරා ලැබුවේ
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කහවත්ත පොලිසිය කියන්නේ ජරා ගුහාවක් ...එක මම අත්දැකීමෙන් කියන්නේ ...!
     

    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    Media කාරයො තමයි රටේ වෙන ගොඩක් දෙවල් වලට වග කියන්න ඔනෙ. බල්ලො මරල හරි target cover කරන්න තම්යි උන් බලන්නෙ. උන්ට එක news එකක් තව මිනිහෙක්ගෙ ජිවිතයක් කියල ගානක් නෑ :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Media කාරයො තමයි රටේ වෙන ගොඩක් දෙවල් වලට වග කියන්න ඔනෙ. බල්ලො මරල හරි target cover කරන්න තම්යි උන් බලන්නෙ. උන්ට එක news එකක් තව මිනිහෙක්ගෙ ජිවිතයක් කියල ගානක් නෑ :no:

    කහවත්තෙ ගෑනු හෙලුවෙන් නානව කියල බොරුවට කතා ගෙතුවෙත් මීඩියා කාරයො තමා...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    කිසිම පොලිස් කාරයෙක් ලොක්කෙක් හොඩයි කියලා හිත්න්න එපා බන්. උබ් කරන තරමක් කරන්නෙ බොරුව අපරාද, උන්ට කාකි කොට් එකෙන් ලයිසන් එකක් දිලා තියනවා. වාස් මහින්ද එක්ක ඉන්න් කලෙ කරන තරම්ක් මහින්දගෙ කුපඩි වඩ කලට සපොට් කලා. එට පස්ස අර රත්තරන් කේ සකේ අල්ලුවනේ එකෙන් තමයි මිනිහට හෙනහුරා ලැබුවේ

    ඔව් බං, ඒක හරි
     

    Similar threads