කොටපු පච්චෙ පෙන්නගන්න බැරි දුක........

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සිංදුවෙන් කියලා තියෙන විදිහ බලපන්කො..


    මරතොණ්ඩිය රටා ඇඳේ අතේ කැකුළු හිතේ
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
    මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා


    ❇️☘️🌹🍀Music ☘️🌹☘️❇️

    වාංගු හඬ පූජාවේ තුන් යමටම ඇසෙනා
    තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
    කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
    හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා

    හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා


    මරතොණ්ඩිය රටා ඇඳේ අතේ කැකුළු හිතේ
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
    මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා


    ❇️☘️🌹🍀Music ☘️🌹☘️❇️

    එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
    මුන්දානිය ගෙල එතුණා නුඹ ගෙයි සිර කරලා
    පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
    හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා

    හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා


    මරතොණ්ඩිය රටා ඇඳේ අතේ කැකුළු හිතේ
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
    මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මොට්ටැක්කිලිය ලෙස හදුන්වන්නෙ අව්වෙ වැඩ කරන කාන්තාවන් හිසේ බඳින රෙදිකඩ යි. එය දෙපැත්තෙන් රැගෙන හිස පිටුපසට ගැටගසා පිට දිගටත් වැටෙන ලෙස දවටන රෙද්ද. ගොයම්කපන ළඳුන් මෙසේ මොට්ටැක්කිලිය බදිනව
    ලස්සනයි නේ...
     
    • Like
    Reactions: lahirufx+