කොටස් වෙලඳපලේ ආයෝජනය කරමු
කොහොමද කොටස් වෙලඳපලේ ආයෝජනය කරන්නේ?ඒක ඕනි කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන්.මුලින්ම අපි කොටස් වෙලඳපලේ ගිනුමක් ආරම්භ කරන්න ඕනි. ඒකට කරන්න තියෙන්නේ තැරැව්කාර සමාගමක් හොයාගන්න එක.තැරැව්කාර සමාගමක් නැත්නම් අපිට කොටස් වෙලඳපලට සම්බන්ද වෙන්න බෑ.ඉතින් මේකට ලියාපදිංචි වුනු තැරැව්කාර සමාගම් 24ක් දැනට තියනවා.මේ ඕනි එකකින් CDS ගිනුමක් හදා ගන්න පුලුවන්.
ඒත් හොඳ තැරැව්කරුවෙක් හොයාගැනීම වැදගත් වෙනවා.මොකද ඔවුන්ගේ උපදෙස් හරහා තමයි ගනුදෙනු කරන්න වෙන්නේ.වෙලඳපල ආයෝජකයන්ගේ ගනුදෙනු මෙහෙයවන්නේත් ඔවුන්ගේ ගිනුම් වාර්ථා මධ්‍යම තැන්පතුව වෙත යවන්නේත් මේගොල්ලො තමයි.කොටස් ගනුදෙනුවට සුලු මුදලක් මේගොල්ලො අයකරගන්නවා.කොහොම උනත් හොඳ තැරැව්කරුවෙක් තෝරාගන්න එක වටිනවා.අපි බලාපොරොත්තුවෙන සේවාවට උපරිම සේවාවක් ලබාදෙන ගත් යුතු කොටස් මොනවද,විකිනිය යුතු කොටස් මොනවද කියලා අපිට පුලුල් අවබෝදයක් දෙන, වගේම සහතිකලත් ආයෝජන උපදේශකයෙක්ගේ සේවය ලබාදෙන තැරැව්කාර සමාගමක් හොයාගන්න එක වටිනවා.ඒ වගේම තමන්ට පහසුවෙන්ම ලඟාවෙන්න පුලුවන් තැනක සමාගම හෝ ඒකෙ කාර්යාලයක් තියනවද කියලත් බලන එක වැදගත්.
වැඩි විස්තරයක් තැරැව්කරුවන් ගැන කිව්වේ ඔවුන් තමා ඔබට උපදෙස් දෙන්න ඉන්නේ.ඉතින් ඔබේ අවශ්‍යතාවයට අනුව වෙලඳපලත් එක්ක ගනුදෙනු සිදුවන්නේ ඔවුන් හරහා නිසා හොඳ තැරැව්කරුවෙක් තෝරා ගැනීම වැදගත්.
කොහොමහරි ගිනුමක් ආරම්භ කරල ඒකට සල්ලි දැම්මට පස්සේ අපිට කොටස් මිලදී ගන්න පුලුවන්.ඒක වෙන්නේ අර මුලින් කියපු තැරැව්කාර සමාගම හරහා.අපිට කැමති සමාගමක කොටස් මිලදීගන්න පුලුවන් අපේ ගිනුම හරහා.ඔවුන්ට දන්වන එක විතරයි තියෙන්නේ.දුරකථනය හරහා අපිට කොටස් ඉල්ලන්න පුලුවන්.කොටසක අගය රුපියල් දෙකට තුනට වගේම රුපියල් දාහ දෙදාහ වගේ මිලටත් කොටස් මිලට ගන්න පුලුවන්.මේකෙදි සලකා බලන්න ඕනි ප්‍රධාන කාරනය තමයි කාලයට අනුව වෙලඳපලේ හැසිරීම.
උදාහරනයක් විදියට මේ දවස් වල ලංකාවේ සංචාරක හොටල් වල ආයෝජන සුභදායී වෙන්න පුලුවන්.අපි මොකක් හරි හෝටලයක කොටස් 500ක් ගත්ත කියමුකො එකක් රුපියල් 20ට.ඒකෙ මිල රුපියල් 50ට ඉහල යනව කියල හිතමු.එතකොට කොටස් විකුනුවොත් තමයි මේකෙන් ලාබ ලබන්න ප්ලුවන්.එතකොට අපි මුලින් යොදවපු 10000ට රුපියල් 25000ක් අතට ලැබිලා.ඒ කියන්නේ 15000ක් ලාබයි.
හැබැයි කොටස් වල මිල උස් පහත් වෙන්න පුලුවන්.මිල පහල ගියොත් අපිට පාඩු විදින්නත් සිද්ද වෙනවා.එතකොට මෙතන අවදානමකුත් තියනවා.ඒත් ඒ අවදානමෙන් බේරෙන්න තමයි අපේ තැරැව්කාරුවන් ඉන්නේ.කොහ්ම උනත් වෙලඳපල ගැන හොඳ අවබෝදෙකින් ඉන්නවනම් වඩාත් පහසුවෙන් මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් තමයි කොටස් වෙලඳපල කියන්නේ.අනික කිසිම මහන්සියක් වෙන්න දෙයකුත් නැ මේ වැඩේට බහින්න.ඔන්න ඉතින් මේ ගැන මම දන්න විදියට දැම්මා.මමත් තාම වැඩේට අලුත් නිසා ඒ තරම් විස්තරයක් නම් දන්නේ නැ