කොටස් වෙලඳපල සහ අනාගතය

gepa

Well-known member
  • කොටස් වෙලඳපල සහ අනාගතය

    කොටස් වෙළෙඳ‍පොළ අනාගතය පිළිබඳ පුරෝකථනය කිරීමේදී බොහෝ ආයෝජකයින් සේම විශ්‍ලේෂකයින් මේ වන විට ප්‍රශ්නාර්ථයකට මැදි වී සිටියි. එනම් මින් ඉදිරියට වෙළෙඳ ‍පොළ දිශානතිය පිළිබඳ ප්‍රශ්නයයි. එනම් එය ඉහළ යයිද නැතිනම් තවදුරටත් පහළ යයිද යන ප්‍රශ්නාර්ථයයි. නමුත් විදේශීය ආයෝජන දිගින් දිගටම ඉහළ යමින් පවතින බව වෙළෙඳ‍පොළ විශ්‍ලේෂණයේදී අපට පෙනී යයි. ඔවුහු මූල්‍යමය අතින් ස්ථාවර ශක්තිමත් සමාගම් කෙරෙහි දිගින් දිගටම ආයෝජනය කරමින් සිටිති. මෙම ශුද්ධ විදේශ විනිමය ගලා ඒම් කොටස් වෙළෙඳ‍පොළ අනාගතය කෙරෙහි යම් සුබවාදී බලා‍පො-රොත්තුවක් තැබිය හැකි සලකුණක් වේ.

    කොටස් වෙළෙඳ‍පොළ ආයෝජනය සඳහා අත්‍පොත් තබන්නන්ටද මෙම කාලය තරමක් දුරට සුදුසු කාල පරිචිජේදයකි. මන්ද බොහෝ සමාගම් හි කොටසක මිල ප්‍රමාණය එහි ‍පොත් අගයට (Book Value) වඩා පහළින් දක්නට ලැබේ. එසේම හොඳ මූල්‍ය ස්ථාවරත්වයක් වර්ධනය විය හැකි යැයි අපේක්ෂිත නව සමාගම් ද වෙළෙඳ‍පොළ තුළ ලැයිස්තු ගත වී තිබේ. මේ නිසා ඒ සඳහා කුඩා මුදලකින් පටන්ගෙන ආයෝජනයේ අත් දැකීම් ලැබිමට සුදුසු කාලයකි. කොටස් වෙළෙඳ‍පොළ ආයෝජනයට යොමු වී සිටින සහ අනාගතයේ යොමුවන්නට බලා‍පොරොත්තු වන සැමට දිය හැකි ආදර්ශයක් වොරන් බුෆේ න්‍යාය තුළින් අපට ඉගෙනගත හැක. එදාමෙදා තුළ ලෝකයේ බිහි වූ කොටස් වෙළෙඳ‍පොළ ආයෝජකයින්ගේ මුල්තැන සිටින සේම ලෝකයේ ඉහළම ධනවතුන් ගේ ලැයිස්තුවේ මුල් කිහිප දෙනා අතර සිටින වොරන් බුෆේ මෙසේ පවසයි.

    “ආයෝජනයට සුදුසුම අවස්ථාව වන්නේ කොටස්වල සැබෑ අගයට වඩා පහළින් කොටස් ගනුදෙනු වන අවස්ථාවන් සහ බහුතරයකගේ අවධානය ඒ සඳහා යොමු නොවී පවතින අවස්ථාවන් වේ.”
    වර්තමානයේ කොළඹ කොටස් වෙළෙඳ‍පොළ තුළ දක්නට ලැබෙනුයේද මෙවැනි අවස්ථාවකි. කොමර්ෂල් බැංකුව හැටන් නැෂනල් බැංකුව, කීල්ස් හෝටල් සමූහය, ටෙක්වර් පර්සි, රෝයල් සෙරමික්, එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමූහය මෙන්ම පීපල්ස් ලීසිං වැනි සමාගම් මධ්‍ය කාලීන ආයෝජනය සඳහා සුදුසු බව විශ්‍ලේෂකයින් පෙන්වා දී ඇත. මීට අතිරේකව නිෂ්පාදන අංශයේ මෙන්ම බලශක්ති කාණ්ඩයේ කොටස් ද ඉදිරි අනාගතය සඳහා සුදුසු මිල ගණන්වල පවතී. ආයෝජනය කුමන පදනමක් මත කළත්, ඒ සඳහා සුදුසු එකම න්‍යාය වන්නේ “අඩු මිලට ගන්න වැඩි මිලට විකුණන්න” යන්නයි. මන්ද වෙළෙඳපළ උත්තේජනයන් හමුවේ අප යමක් වැඩි මිලට ගතහොත් එය අපට විකිණීමට සිදුවනුයේ අඩු මිලටය. එහෙයින් ආයෝජනයේදී සූක්ෂ්ම බව මෙන්ම වෙළෙඳ‍පොළ හැසිරීම පිළිබඳ දැනුමත් භාවය ඉතා වැදගත්වේ. සුභවාදී ඉහළ යන කොටස් වෙළෙඳ‍පොළක් කෙරෙහි අප බලා‍පොරොත්තුවේ දෑස් දල්වා සිටිමු.

    lakbima
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ලන්කවෙ මිලියන 20+ මිනිස්සු. මිලියන එකක් වත් මර්කෙට් එකට එන්ටර් වෙලා නැහැ තාම .කට්ටියට එන්ටර් වෙන්න හොඳම කාලයක් දැන් තීන්නෙ .එලකිරි එකෙ මර්කෙට් එක ගැන් ඒ කිව්වෙ එන්ටර් වෙන හැටි වගෙ ඒව ගැන සරලව කෙටියෙන් හරියට නූලක් ඩන්න ඕන
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ලන්කවෙ මිලියන 20+ මිනිස්සු. මිලියන එකක් වත් මර්කෙට් එකට එන්ටර් වෙලා නැහැ තාම .කට්ටියට එන්ටර් වෙන්න හොඳම කාලයක් දැන් තීන්නෙ .එලකිරි එකෙ මර්කෙට් එක ගැන් ඒ කිව්වෙ එන්ටර් වෙන හැටි වගෙ ඒව ගැන සරලව කෙටියෙන් හරියට නූලක් ඩන්න ඕන

    ai ban thief dala tiyenne :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1160456&highlight=thief