කොටළුවා

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

අපිට නොයෙක් සත්තු, දේවල් දකින්න ලැබෙනවා. ඒ වගේම ඒ ගැන අහන්න ලැබෙනවා. ඉතින් මන් හිතුවා ඒ සත්තු කීප දෙනෙක් දිහා බැලුවම අපිට ගන්න පුළුවන් දේවල් මොනවා හරි තියෙනවාද කියලා. ඒ අනුව කල්පනා කලාම හැම සතෙක් ලඟම අපේ අරමුණට ඒ කියන්නේ නිර්වාණය ලබා ගන්න අපට උපකාර වෙන මොනම හරි ගුණාංගයක් තියෙනවා. ඔයාලත් ඒ බව දැකලා ඇති. ටිකක් විමසිල්ලෙන් බලන්නකො, ඔයාලටත් ඒ බව දක්නට ලැබෙයි.

ටිකක් බලන්නකො ඔයාලා අහල තියෙනවා නේ කොටළුවා ගැන. ඌ කිසිම වටිනා කමක් නැති සතෙක්.ඒත් නිවන් අවබෝධ කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙක්ට උගෙනුත් ගන්න දේවල් තියෙනවා. මේ කොටළුවා කියන සතා කොතනකට ඇවිල්ලා නිදා ගත්තත් තදට නිදියන්නේ නෑ. හොඳ සිහියෙන් තමයි නිදා ගත්තත් ඉන්නේ. පුංචි ශබ්දයකදි වුනත් ඇහැරෙන්න පුළුවන් විදියට.

නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙන කිසියම් කෙනෙක් ඉන්නවානම් ඒ කෙනාට මේ සතා ලඟ තියෙන මේ කියපු ගුණය හුඟක් වැදගත් වෙනවා. ඒ කොහොමද?

නිවන් බලාපොරොත්තුවෙන් කටයුතු කරන කෙනා අඩුවෙන් නිදා ගන්න ඕනා. නිදාගත්තත් ඒ වෙලාවෙදිත් හොඳ සිහියෙන් ඉන්න ඕනා. ඒ කියන්නේ නින්දෙදි වුනත් සිහිය මනා ලෙස පිහිටුවාගන්න අපි දැනගන්න ඕනා. දන්නවානේ බුදුහාමුදුරුවන්ට විජ්ජා චරණ කියලා අපි හඳුන්වනවා. ඒ කියන චරණ ධර්මයන්ගෙන් එකක් තමයි අඩු නින්ද. බුදුන්ට පමණක් නොවෙයි, උන්වහන්සේගේ ශ්‍රාවකයෝත් එහෙම තමයි. ඉතින් ඒ උත්තමයො එහෙමනම් අපිටත් නිවන් දකින්නට පුංචි හරි ආශාවක්, බලාපොරොත්තුවක් තියෙනවා නම් අපිත් මේ ගුණාංග අපේ ජීවිතයට එක් කරගන්න ඕනා.

කොටළුවා කියන සතාගේ වටිනාකමක් නැති වුනාට ඌ ලඟ තියෙන මන් මේ ඉහත කියපු ගුණය අපිට හුඟක් වටින බව මතක තියාගන්න. සසර ගමන කෙටි කරන්න ඒ ගුණය ලං කර ගන්න අත්‍යවශ්‍යමයි.

තමන් ජීවත් වෙන ලෝකය ගැන විමසිලිමත් වෙන්න. ඇස් ඇර ගන්න. ධර්මයේ හැසිරෙන්න. ආලෝකය පහල වේවා.