කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ලබන

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ලබන

    කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ලබන ජනවාරියේ ජනසතු කිරීමට තීරණයක්

    ශ්‍රී ලංකාවේ ඉදිවන පළමු බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර මෙය 2018 ජනවාරි මාසය පමණ වනවිට විවෘත කිරීමට රජය සැලසුම් කර ඇත. මෙම විවෘත කිරීමත් සමග ආරම්භයේදී මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ දුම්රිය සහ බස්රථ නතර කෙරෙන අතර මාලඹේ දක්වා දැනට ඉදිකිරීමට සැලසුම් කර තිබෙන සැහැල්ලු දුම්රිය මාර්ගයද මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා අනාගතයේදී දීර්ඝ කිරීමට සැලසුමක් ඇතැයි වාර්තා වෙනවා.
    මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කළ පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන මේ වනවිට මහරගම නතර කරන බස්රථ මෙහි නතර කිරීමට සැලසුම් කර තිබෙන අතර කොට්ටාව බස් නැවතුම්පොළින් කොටසක්ද මෙම ස්ථානයට ගෙන එනු ඇත.
    අළුතින් ඉදිවන අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ කොළඹට ඇතුළු වීමට තිබෙන පිවිසුම් ස්ථාන දෙක වන්නේ කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන පිවිසුම් ස්ථාන දෙකයි.
    මේ අනුව, දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, ඉදිකරමින් තිබෙන මහනුවර අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන මගීන්ට මෙම පිවිසුම් ස්ථාන දෙක ඔස්සේ කොළඹට ඇතුළු වීමට පුළුවන්.
    මේ නිසා, අනාගතයේදී කොට්ටාව මාකුඹුර සහ අතුරුගිරිය පෝරේ යන ප්‍රදේශ ආශ්‍රිතව මහා පරිමාණ සංවර්ධනයක් සිදුවනු ඇතැයි උපකල්පනය කළ හැකියි.
    මේ වනවිටත්, මෙම ප්‍රදේශ රජයේ මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ විවිධ සංවර්ධන කටයුතු සඳහා හඳුනාගෙන තිබෙන කලාපයකි.
    මේ අනුව බලන විට, කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වැදගත්කම අනාගතයේදී වඩාත් වැඩිවනු ඇත.
    මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය සහිතව කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ 2015 මැයි මාසයේදී වන අතර කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 845 කි.
    සම්පූර්ණ භූමිය සංවර්ධනය කිරීම සඳහා තවත් රුපියල් මිලියන 140 ක් වැයකර තිබෙනවා.
    මේ සඳහා 50% ක අරමුදල් ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුවෙන් ලැබී තිබෙන අතර ඉතිරිය දේශීය වශයෙන් ලබා ගත් අරමුදල් වෙනවා.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පිස්සුද බං...මං වැඩ කරන කම්පැනි එක තමයි ඕකේ එන්ට්‍රස් තියෙන පාර හදන්න අරගෙන තියෙන්නේ...තවම වැඩ පටන්ගන්න ඇඩ්වාන්වත් දීලා නැද්ද කොහෙද...ඕක ඉවර කරන්න තව අවුරුද්දවක්වත් යනවා....:P:P:P:P:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    පිස්සුද බං...මං වැඩ කරන කම්පැනි එක තමයි ඕකේ එන්ට්‍රස් තියෙන පාර හදන්න අරගෙන තියෙන්නේ...තවම වැඩ පටන්ගන්න ඇඩ්වාන්වත් දීලා නැද්ද කොහෙද...ඕක ඉවර කරන්න තව අවුරුද්දවක්වත් යනවා....:P:P:P:P:P

    ඒවා හෙමෙන් හදනවලු බන් .ඔක්කොම හැදෙනකම් හිටියොත් චන්දෙට විවුර්ත කරන්න දෙයක් නැති වෙනවනේ හිටං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පිස්සුද බං...මං වැඩ කරන කම්පැනි එක තමයි ඕකේ එන්ට්‍රස් තියෙන පාර හදන්න අරගෙන තියෙන්නේ...තවම වැඩ පටන්ගන්න ඇඩ්වාන්වත් දීලා නැද්ද කොහෙද...ඕක ඉවර කරන්න තව අවුරුද්දවක්වත් යනවා....:P:P:P:P:P
    පාර ඕනේ නෑ බිල්ඩිම හදල විවෘත කරයි :P පාර හදල ඉවරවුනාම ආයෙත් උත්සවයක් තියල දෙවනි අදියර කියල විවෘත කරයි :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    පාර ඕනේ නෑ බිල්ඩිම හදල විවෘත කරයි :P පාර හදල ඉවරවුනාම ආයෙත් උත්සවයක් තියල දෙවනි අදියර කියල විවෘත කරයි :yes:

    :yes::yes:

    පොනිල කරන්නේ කොහොමත් විකුණන එකය් පරණ ඒවගේ බෝඩ් මාරු කරන එකය් බැංකු සුද්ද කරන එකය් විතරනේ .එහෙම එකේ මේවා මොනවද
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,525
    113
    Arkham City
    පිස්සුද බං...මං වැඩ කරන කම්පැනි එක තමයි ඕකේ එන්ට්‍රස් තියෙන පාර හදන්න අරගෙන තියෙන්නේ...තවම වැඩ පටන්ගන්න ඇඩ්වාන්වත් දීලා නැද්ද කොහෙද...ඕක ඉවර කරන්න තව අවුරුද්දවක්වත් යනවා....:P:P:P:P:P

    :rofl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒවා හෙමෙන් හදනවලු බන් .ඔක්කොම හැදෙනකම් හිටියොත් චන්දෙට විවුර්ත කරන්න දෙයක් නැති වෙනවනේ හිටං

    පාර ඕනේ නෑ බිල්ඩිම හදල විවෘත කරයි :P පාර හදල ඉවරවුනාම ආයෙත් උත්සවයක් තියල දෙවනි අදියර කියල විවෘත කරයි :yes:

    මට පෙන්නෙ එහෙම තමයි...බස් ටිකක් පුරවල ඔපනින්ග් එක කරයි...තවම ඒ පාරවල් අයිනේ කැඩෙන ගෙවල් කඩවල් වලට වන්දි ගෙවලත් නෑ... අපිට තමයි උන් රෙද්ද උස්සන් බනින්න එන්නෙ වන්දි ඉල්ලගෙන...:dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට පෙන්නෙ එහෙම තමයි...බස් ටිකක් පුරවල ඔපනින්ග් එක කරයි...තවම ඒ පාරවල් අයිනේ කැඩෙන ගෙවල් කඩවල් වලට වන්දි ගෙවලත් නෑ... අපිට තමයි උන් රෙද්ද උස්සන් බනින්න එන්නෙ වන්දි ඉල්ලගෙන...:dull::dull:
    චන්දෙට කලින් මොකක්හරි පෙන්නන්නත් එපැයි :yes: ඒ හින්ද ඉක්මනට හදන්න කියල ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes::yes:

    පොනිල කරන්නේ කොහොමත් විකුණන එකය් පරණ ඒවගේ බෝඩ් මාරු කරන එකය් බැංකු සුද්ද කරන එකය් විතරනේ .එහෙම එකේ මේවා මොනවද
    උඹට හෙන මල නේද *නිල් එක්ක :D
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පිස්සුද බං...මං වැඩ කරන කම්පැනි එක තමයි ඕකේ එන්ට්‍රස් තියෙන පාර හදන්න අරගෙන තියෙන්නේ...තවම වැඩ පටන්ගන්න ඇඩ්වාන්වත් දීලා නැද්ද කොහෙද...ඕක ඉවර කරන්න තව අවුරුද්දවක්වත් යනවා....:P:P:P:P:P

    ගොඩක් හදලා ඉවරයි නේ බන් දැන්. pizza hut එකට එහා පැත්තේ තියෙන්නේ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පිස්සුද බං...මං වැඩ කරන කම්පැනි එක තමයි ඕකේ එන්ට්‍රස් තියෙන පාර හදන්න අරගෙන තියෙන්නේ...තවම වැඩ පටන්ගන්න ඇඩ්වාන්වත් දීලා නැද්ද කොහෙද...ඕක ඉවර කරන්න තව අවුරුද්දවක්වත් යනවා....:P:P:P:P:P

    ඒවා හෙමෙන් හදනවලු බන් .ඔක්කොම හැදෙනකම් හිටියොත් චන්දෙට විවුර්ත කරන්න දෙයක් නැති වෙනවනේ හිටං

    26.gif

    හඃ... හඃ......හා......!!.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕව හදල නිකන්ම වැහිලා යයි ටික දවසකින්.. වාහන පාර්ක් කරලා යන්න කොච්චි අලුතින් දැම්මේ නෑනේ.. වික්කාමසිංහගේ මොනෝ රේල් හිතාගෙන මනෝ පාර ගහගෙන තමයි ඉන්න වෙන්නේ :rofl:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ගොඩක් හදලා ඉවරයි නේ බන් දැන්. pizza hut එකට එහා පැත්තේ තියෙන්නේ.

    ඇතුල බිල්ඩින් හදලා ඉවර උනාට ස්ටැන්ඩ් එකට එන එන්ට්‍රස් හදන්න තියෙනවා බං...තවම ඇස්පෝල්ට් දාලත් නෑ සමහර ඒරීයා වල...කොහොමත් ඔක්කොම හදලා කම්ප්ලීට් කරන්න තව අවුරුද්දක්වත් යයි අවම...පාරවල් වල දෙපැත්තෙ ගෙවල් වල මිනිස්සුන්ට වන්දී දීලත් නෑ...ඒ නිසා උන් අතක්වත් තියන්න දෙන්න නෑ වන්දි දෙනකන්...
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,854
    2,689
    113
    Kadawatha, Sri Lanka
    පිස්සුද බං...මං වැඩ කරන කම්පැනි එක තමයි ඕකේ එන්ට්‍රස් තියෙන පාර හදන්න අරගෙන තියෙන්නේ...තවම වැඩ පටන්ගන්න ඇඩ්වාන්වත් දීලා නැද්ද කොහෙද...ඕක ඉවර කරන්න තව අවුරුද්දවක්වත් යනවා....:P:P:P:P:P

    Oka 2015 da ban patan gaththe? Mata nikan sahenna kal wage. Oke borehole wagayak kalaa. Settlement plates wagayakuth install kalaa. Mata nikan hena kaalayak giyaa wage ban :oo::confused:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,376
    5,511
    113
    Panadura
    කොට්ටාව මහ ගොන් ටවුන් එකක්. හන්දිය මහා පිස්සුවක්. ගුවන් පාලමක් වත් නැතුව ඔතන මහ අවුල්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගෙ ප්‍රොජෙක්ට් කොපි කරල හදන්ඩ හැදුවට ඔය පොල් බූරුවො දෙන්නට කරන්ඩ පුලුවන් ලබ්බක් නැ..