කොටින්ගේ අඩි 35 ක භූගත බංකරයක් කිලිනොච්චිය&#35

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    කොටින්ගේ අඩි 35 ක භූගත බංකරයක් කිලිනොච්චිය&#35

    කොටින්ගේ අඩි 35 ක භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවෙයි

    (රොමේෂ් මධුෂංඛ)

    කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේ දී කොටි සංවිධානය යුද සමයේ දී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ සොයාගෙන තිබේ.

    අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේදී අදාළ භූගත බංකරය දැක යුද හමුදා කඳවුර වෙත දැනුම් දීමෙන් පසුව යුද හමුදා සෙබළුන් පිරිසක් අදාළ ස්ථානයට පැමිණ බංකරය පරික්ෂා කර ඇත.


    යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයන්ගේ බේරීම සඳහා කොටි සාමාජිකයින් විසින් මෙම බංකරය අඩි 35 ක් තරම් වූ ගැඹුරකට කපා බංකරය උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා තිබේ.

    යුද සමයේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද සැඟවී සිටියේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි මෙවැනි වූ බංකරකය.

    මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී කොටි කඳවුරක්ද තිබූ බවටද සැක පල වන බවටද භූගත බංකරය ඉදිරියේ දී විනාශ කර දැමීමට පියවර ගන්නා බවද යුද හමුදා නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

    image_f2013bb324.jpg


    image_85594a185a.jpg


    image_7db51c1200.jpg


    image_02d2cb63a0.jpg