කොටින්ගේ ෆේස්බුක් ප්‍රචාරක ජාලය යළිත් සක

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    කොටින්ගේ ෆේස්බුක් ප්‍රචාරක ජාලය යළිත් සක

    කොටින්ගේ ෆේස්බුක් ප්‍රචාරක ජාලය යළිත් සක්‍රීයයි. මරාගෙන මැරෙන කොටි කතුන් ඔබ පිටුපසත්!

    අවුරුදු තිහක් සිංහල දේශය ලෙයින් තෙත්කළ රුදුරු ලේ පිපාසිතයා උගේ ව්‍යාජ ඊළාම් සිහිනයත් සමගම නන්දිකඩාල් කලපුවේ ගිල්ලවා දමා වසර හතරක් ගත වෙත්දී දැන් සියල්ලම හරිය කියමින් සතුරා‍ගේ තරමත් අමතක කර යුධ ජයග්‍රහණය ගැන අපි උදම් අනමින් සිටිමු. එහෙත් අමතක නොකළ යුතු කටුක යථාර්ථය වන්නේ 26.000ක් අපේ වීරෝධාර සෙබළුන් ජීවිත පරිත්‍යාගයෙන් පරාජය කළේ දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ පෙරමුණ පමණක් බවයි. ද්‍රවිඩ ඊළාම් මතවාදීමය පෙරමුණත්, දේශපාලන , ප්‍රචාරක හා ජාත්‍යන්තර පෙරමුණ තවමත් සක්‍රීය ය. යුද්ධය නිම කළ රණවිරුවනුත් සේනාධිනායකයා ඇතුළු යුධ ප්‍රධානීනුත් රටත් ජාත්‍යන්තර මානව හිමිකම් උගුලේ හිර කිරීමට තරම් ප්‍රබලම ‍හේතුව වී තිබෙන්නේ කොටින්ගේ ප්‍රචාරක ජාලයයි.

    බටහිර බලකායත් කොඩි ඩයස්පෝරාවෙනුත් ගලන ඩොලර් කොටි ගණනක් හරහා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන පවා මිලට ගනිමින් ශ්‍රී ලංකා විරෝධි කොටි ප්‍රචාරක මෙහෙයුම ක්‍රියාත්මක වෙත් දී ෆේස්බුක් කොටි ප්‍රචාරක ජාලයද යළිත් වරක් සක්‍රීය වී තීබේ. මීට පෙර කොටි ෆේස්බුක් කොටි ප්‍රචාරක ජාලය ක්‍රියාත්මක වූයේ දෙමළ තරුණ සමාජය ඊළාම් මතවාදය වටා එක්රැස් කර ගැනීමට වුවත් මෙවර ඊටත් වඩා ඉදිරි පියවරක් තබමින් සිංහල සමාජය ඉලක්ක කර තිබේ. දමිළ හා සිංහල කාන්තා හා පිරිමි නම් කිහිපයකින් එළි බැස ඇති ෆේස්බුක් එකවුන්ට් හරහා රාජ්‍ය විරෝධි හා යුධ හමුදා විරෝධි මතවාදයක් සූක්ෂම ලෙස ප්‍රචලිත කරමින් පවතින බව අපට නිරීක්ෂණය වී තිබෙන අතර කිසිම ආගමක් නොඅදහන මාක්ස්වාදී අදහස්වලින් ඔලුගෙඩි කුණු කරගත් (පෙරටුගාමීන් ලෙස හදුන්වා ගන්නා කල්ලියක් සිංහල බෞද්ධ විරෝධි පදනමක් මත කොටි සංවිධානයටත්, ඉස්ලාමීය අන්තවාදයටත් සහය දක්වන බව ප්‍රසිද්ධ රහසක් වේ.) තරුණ කල්ලි ඔවුන් ‍විශේෂයෙන් ඉලක්ක කරන බව පෙනී යයි.

    මෙම නොවැම්බර් 27 වැනිදා මැරුණු කොටින්ගේ සමරුවක් ලෝකය පුරා පැවැත්වීමට ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව සූදානමින් සිටින අතර ඒ හා සමගාමීව ෆේස්බුක් ප්‍රචාරක ක්‍රියාකාරකම්ද උත්සන්න කර තිබේ. මෙම කල්ලියේ සාමාජිකාවක් වන හිටපු කොටි ත්‍රස්ත ක්‍රියාකාරිනියක් වූ හර්ෂිණී දේවස්මීතා නමින් හදුන්වා ගන්නා ගැහැනියක් ක්‍රියාත්මක වී තිබෙන අතර සිංහල තරුණයන් මිතුරු ලයිස්තුවට එකතු කරගනිමින් රාජ්‍ය විරෝධී මත ප්‍රචාරය කරමින් මොළ ශෝධනයේ යෙදෙයි. සම්මා සම්බුදුරජානන්වහන්සේගේ රුව සපත්තුවට, යට කලිසමට දමූ ඡයාරූප පෙන්වමින් ඒවා සාධාරණීකරණය කරයි. අවසන් ප්‍රාණ වායුවත් තම මව්බිම වෙනුවෙන් පූජාකළ රණවිරුවන් දේශපාලන හෙන්චයියන් ලෙස හදුන්විමින් ඔවුන් යුධ අපරාධකරුවන් ලෙස හදුන්වයි. කොටි කාඩරයනුත් හමුදා සෙබළුනුත් අතර වෙනසක් නැති බව කියයි. පශ්චාත් යුධ සමයේදී කොළඹට පලා ආ මරාගෙන මැරෙන කොටි කතක් වන මැය රාගම ප්‍රදේශයේ සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ. යුද්ධය නිමා වීමෙන් පසු බොරු මානවහිමිකම් පෙරට දමාගෙන මළකුණු විකුණාගෙන කෑමේ එන් ජී ඕ ව්‍යාපාරයේ නිරතව සිටින මුන් සිංහලයන් අතරට රිංගාගෙන නටන්නට හදන නාඩගම ගැන ආරක්ෂක අංශවල අවධානය වහාම යොමු කළ යුතුය.

    කිසි සේත්ම මෙය සරලව සිතා අහක බලා ගත යුතු කරුණක් නොවන අතර මේ පිටුපස ක්‍රියාත්මක වන්නේ පුද්ගලයන් කිහිප දෙනෙකු නොව සංවිධානාත්මක ක්‍රියාවලියක් බවද පැහිදිලිය. කොටි ප්‍රචාරක ජාලය අතිෂය සූක්ෂම හා නොමග යවන සුළු එකක් වන නිසා සිවිල් පුරවැසියන් වශයෙන් අපි ඒ ගැන අවධානයෙන් සිටිමු. ෆේස්බුක් හරහා රාජ්‍යවිරෝධී දේශද්‍රෝහී ඊළාම් මතවාදයට හිස එසවීමට ඉඩ නොතබමු. දේශද්‍රෝහී, සිංහල බෞද්ධ විරෝධී මත පතුරවන කොටි කාඩරයන්, කොටින්ට ආවඩන පල්ලියේ එන් ජී ඕ බත් බැලයන් සහ පෙරටුගාමී හිපාටුවන් ෆේස්බුක් මිතුරු හවුලට එකතු කරගැනීමෙන් වලකින්න. එවැනි ද්‍රෝහීන් සිටීනම් පන්නා දමන්න. සිංහල බොදු විරෝධී. දේශද්‍රෝහී මත (රිපෝර්ට්) කර මුහුණු පොතෙන් ඉවත් කර දමන්න.

    https://www.facebook.com/dewasmitha?fref=ts