කොටින්ට අවි දුන් රටවල් හෙළිකරනවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කොටින්ට අවි දුන් රටවල් හෙළිකරනවා

    ශ්‍රී ලංකාවට එරෙහි චෝදනාවක්‌ ජිනීවා සමුළුවට ගෙනාවොත්

    කොටින්ට අවි දුන්
    රටවල් හෙළිකරනවා


    ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ පිහිටුවීමට බටහිර රටවල් උත්සාහ කළහොත් කොටි ත්‍රස්‌තවාදීන්ට අවි - ආයුධ, සන්නිවේදන උපකරණ සහ භාවිත කිරීමට තහනම් වූ අවි - ආයුධ සැපයූ රටවල් සහ ආයතන හෙළිදරව් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

    කොටි ජාත්‍යන්තර නායක කස්‌ත්‍රොaගේ බංකරයේ තිබී මේ රටවල් ගැන හෙළිවී තිබේ. ලබන මාර්තු මස ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ගෙනඒමට බටහිර රටවල් තුනක්‌ සැලසුම් කර ඇතැයි රජය වෙත වාර්තා වී තිබේ.

    මේ සැලසුමේ පූර්ව පියවරක්‌ ලෙස ඇමරිකානු නව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වූ වික්‌ටෝරියා නූලන්ඩ් විසින් ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධ ගැන කඩිනමින් පරීක්‍ෂණ කළ යුතු යෑයි සඳහන් කර ඇත.

    රුපියල් මිලියන 300 ක අවි - ආයුධ, සන්නිවේදන උපකරණ හා භයානක අවි කොටි ළඟ තිබී අපි සොයා ගත්තා. ඒත් ප්‍රහාරක අවි විශේෂයක්‌ බටහිර රටකට අයත් බව එම අවියේම සඳහන් කර තිබුණා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

    මේ හැර සී. 4 සහ ටී. එන්. ටී. අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ 6000 ක්‌ සපයා ඇත්තේ තවත් ප්‍රබල රටක්‌. මේ අතිවිශාල පුපුරන ද්‍රව්‍ය තොගයද අපි සොයාගත්තා. යෑයි හෙතෙම සඳහන් කළේය.


    divaina
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    obama_hitler1.jpg