කොටියගේ යාළුවෙක්

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොටියගේ යාළුවෙක්

    කාගෙ යාළුවෙක්ද?

    චන්ද්‍රසේන සහ පියල් එකම කාර්යාලයක වැඩ කළ මිතුරෝ දෙදෙනෙකි. පඩි දවසේ බාර් එකට ගොඩවැදී හීන් අඩියක් ගැසූ දෙදෙනා වල්පල් දොඩමින් නිවෙස් බලා යාමට පිටත්වූහ.
    ’උඹ කැලෑ පාරක තනියම යද්දී හදිස්සියෙම කොටියෙක් කඩා පැන්නොත් උඹ මොකද කරන්නෙ?’ පියල් සිනාසෙමින් චන්ද්‍රසේනගෙන් ඇසීය.
    ’මං පණ එපයි කියලා දුවනවා’ චන්ද්‍රසේන වහා පිළිතුරු දුන්නේය.
    ’කොටියා බොහොම වේගෙන් පස්සෙන් එලෙව්වොත්..’ පියල් ඇසීය.
    ’මං ගහකට නැඟගන්නවා.’ චන්ද්‍රසේන කීවේය.
    ’ඌත් ගහට නැග්ගොත්?’ පියල් නැවතත් ඇසීය.
    ’මං ඉක්මනට වළකට පනිනව..’ චන්ද්‍රසේන කීය.
    ’කොටියත් වළට පැන්නොත්..?’ පියල් තවත් ප්‍රශ්නයක් නැඟීය.
    ’ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ කලින් මේක මට කියපං. උඹ මගෙ යාළුවෙක් ද, එහෙම නැත්තං කොටියගෙ යාළුවෙක් ද?’ චන්ද්‍රසේන කේන්තියෙන් ඇසීය.

    :angry:

    අනාගත වටිනාකම

    නිවාස තැනීමේ නව ව්‍යාපෘතියක මූලික කටයුතු සඳහා වෙහෙසෙමින් සිටි ව්‍යාපාරික ලලිත් තම සුඛෝපභෝගී වාහනයෙන් හදිසි ගමනක් යද්දී කුඩා වහු පැටියෙක් ඔහුගේ වාහනයට හසුවී මියගියේය. අනතුර දැක කෑගසමින් එතැනට දුව ආ වසුපැටවාගේ අයිතිකරු වෙත ගිය ලලිත් තම වරද පිළිගනිමින් වහුපැටවා වෙනුවෙන් තමා ගෙවිය යුතු වන්දිය කොපමණදැයි කාරුණිකව විමසීය.
    ’දැනට නං ඌ රුපියල් දාහක් හමාරක් වටියි මහත්තයො. ඒත් තව අවුරුදු පහකින් ඌ ස්ථිරේටම රුපියල් පහළොස් දාහක් වටිනවා.’ වහු පැටියාගේ අයිතිකරු කීවේය.
    වහා වාහනය වෙත ගිය ලලිත්, තම චෙක්පොත ගෙන ඉන් චෙක්පතක් ලියා, සතාගේ අයිතිකරු අත තබමින් මෙසේ කීවේය.
    ’ලොකු උන්නැහේ මෙතන රුපියල් පහළොස්දාහක චෙක් එකක් තියෙනවා. තව අවුරුදු පහකින්, මේක බැංකුවෙන් මාරු කරගන්ඩ. මම දිනේ දාල තියෙන්නෙ.’

    :oo:

    ඊට කලින්

    පෙම්වතුන් යුවළ මුහුදු වෙරළේ ගල් තලාවකට වී එකිනෙකාට ළංව පෙම්බස් දොඩමින් සිටියෝය.
    ’ඔයා මට ගොඩක් ආදරේද?’ අමිතා තම පෙම්වතාගෙන් තොෙඳාල් බසින් ඇසුවාය.
    ’ඔව්’ කරූ ප්‍රේමාන්විත සිනාවක් මුවඟට නංවා ගනිමින් කීවේය.
    ’මං මළොත් ඔයා අඬනවද?’ අමිතා නැවත්ත ඇසුවාය.
    ’නැතුව?’ කරූ කීවේය.
    ’එහෙනං අඬලා පෙන්නනන්න’ අමිතා හිස ඇලකර කීවාය.
    ’ඊට කලින් ඔයා මැරිලා පෙන්නන්න’ කරූ කීවේය.

    :P

    ඉරිතැලීමේ රහස

    ’මොකද හලෝ මේ පීරිසි කුට්ටම මේ තරං ඉරි තලලා’ වේටර්වරයා තමා වෙත දිගු කළ තේ කෝප්පය සහ පීරිසිය දෙස අවඥාවෙන් බැලූ කොළඹගේ වේටරගෙන් ඇසීය.
    ’ඇයි සර් දන්නෙ නැද්ද? දැන් අපේ හෝටලේ තේ ගහන්නෙ කරාටේ මාස්ටර් කෙනෙක්නේ’ වේටර් කීවේය.

    :(

    ප්‍රතිකාර කරනු ලැබේ

    හන්දියේ දී මුහුණට මුහුණ හමුවූ සිරිල් සහ මනෝ එකිනෙකාට තර්ජනය කර සිටියෝය. මනෝ අත වැටකින් ගලවාගත් ඉන්නක් තිබූ අතර සිරිල් තරමක ලොකු මිටියක් සුරතේ දරා සිටියේය. ඔවුන් දෙදෙනා දැන් දැන් එකිනෙකාට පහර දෙතැයි පෙනුණු මුත් එම සිද්ධිය බලා සිටි කිසිවෙක් එය වැළැක්වීමට උත්සාහ නොකළෝය.
    හදිසියේම පිරිස අතරින් මතුවූ මැදිවියේ පුද්ගලයෙක් කොළ කැබලි දෙකක් කලහකරුවන් දෙදෙනා අත තබා යන්නට ගියේය. දෙදෙනාම ගෝරිය මඳකට නවත්වා මහත් කුහුලකින් ඒවා කියවා බලන්නට වූහ. එම කොළ කැබලි දෙකේම මෙසේ ලියා තිබුණි.
    ’ඕනෑම දරුණු කැපුමක්, තැල්මක් හෝ තුවාලයක් වහා සුවකර දෙන්නෙමි. මගේ බෙහෙත් ශාලාව හන්දියෙන් ගඟට යන පාරේ වංගුව අසල පිහිටා ඇත.’

    :dull:

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    කාගෙ යාළුවෙක්ද?

    චන්ද්‍රසේන සහ පියල් එකම කාර්යාලයක වැඩ කළ මිතුරෝ දෙදෙනෙකි. පඩි දවසේ බාර් එකට ගොඩවැදී හීන් අඩියක් ගැසූ දෙදෙනා වල්පල් දොඩමින් නිවෙස් බලා යාමට පිටත්වූහ.
    ’උඹ කැලෑ පාරක තනියම යද්දී හදිස්සියෙම කොටියෙක් කඩා පැන්නොත් උඹ මොකද කරන්නෙ?’ පියල් සිනාසෙමින් චන්ද්‍රසේනගෙන් ඇසීය.
    ’මං පණ එපයි කියලා දුවනවා’ චන්ද්‍රසේන වහා පිළිතුරු දුන්නේය.
    ’කොටියා බොහොම වේගෙන් පස්සෙන් එලෙව්වොත්..’ පියල් ඇසීය.
    ’මං ගහකට නැඟගන්නවා.’ චන්ද්‍රසේන කීවේය.
    ’ඌත් ගහට නැග්ගොත්?’ පියල් නැවතත් ඇසීය.
    ’මං ඉක්මනට වළකට පනිනව..’ චන්ද්‍රසේන කීය.
    ’කොටියත් වළට පැන්නොත්..?’ පියල් තවත් ප්‍රශ්නයක් නැඟීය.
    ’ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ කලින් මේක මට කියපං. උඹ මගෙ යාළුවෙක් ද, එහෙම නැත්තං කොටියගෙ යාළුවෙක් ද?’ චන්ද්‍රසේන කේන්තියෙන් ඇසීය.

    :angry:

    අනාගත වටිනාකම

    නිවාස තැනීමේ නව ව්‍යාපෘතියක මූලික කටයුතු සඳහා වෙහෙසෙමින් සිටි ව්‍යාපාරික ලලිත් තම සුඛෝපභෝගී වාහනයෙන් හදිසි ගමනක් යද්දී කුඩා වහු පැටියෙක් ඔහුගේ වාහනයට හසුවී මියගියේය. අනතුර දැක කෑගසමින් එතැනට දුව ආ වසුපැටවාගේ අයිතිකරු වෙත ගිය ලලිත් තම වරද පිළිගනිමින් වහුපැටවා වෙනුවෙන් තමා ගෙවිය යුතු වන්දිය කොපමණදැයි කාරුණිකව විමසීය.
    ’දැනට නං ඌ රුපියල් දාහක් හමාරක් වටියි මහත්තයො. ඒත් තව අවුරුදු පහකින් ඌ ස්ථිරේටම රුපියල් පහළොස් දාහක් වටිනවා.’ වහු පැටියාගේ අයිතිකරු කීවේය.
    වහා වාහනය වෙත ගිය ලලිත්, තම චෙක්පොත ගෙන ඉන් චෙක්පතක් ලියා, සතාගේ අයිතිකරු අත තබමින් මෙසේ කීවේය.
    ’ලොකු උන්නැහේ මෙතන රුපියල් පහළොස්දාහක චෙක් එකක් තියෙනවා. තව අවුරුදු පහකින්, මේක බැංකුවෙන් මාරු කරගන්ඩ. මම දිනේ දාල තියෙන්නෙ.’

    me 2 nam pattamai machan..