කොටි පෙම් කෙළිති - ගැමුණු දොරවල් කඩයි
මේ යාලේ එක් දිනයක දුටු දෑය
ජලාශ ජලයෙන් පිරී ගොස්‌ය. පෙරදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා යාල තවමත් සීතලය. හිමිදිරියේම අප රැගත් සෆාරි රථය යාල උද්‍යානය තුළ පළමු කලාපයේ බොහෝ දුර ගමන් කරමින් තිබිණි.
අතු අගිසිවලින් වැහි බිඳු තවමත් රූරා වැටේ. තණ උණා කන මුව රංචු, අලි ඇතුන් ඈතින් ඈතට නෙත ගැටිණි. කුරුල්ලන්ගේ ගීතවත් හඬ සොඳුරු වන පෙත තව තවත් ප්‍රබෝධවත් කරති. සෆාරි රථය හිමි හිමින් ඉදිරියට ඇදේ. අපගේ දෙනෙත් තුරු වදුළු අතරින් රිංගා යමින් ජලාශයක දිය නාමින් සිටි කුළු හරකුන් රංචුවක් අතර නතර වී ඇත. තව තවත් විවිධ සතුන් දිය කඩිතිවලට බැස දිය බොති. ඇතැම් ජලාශ සුදු නෙළුම් මල්වලින් පිරී ගොස්‌ය. බලන්න ලස්‌සනය. යාල හරිම සුන්දරය.
යාල යනු රෝහණ රාජ්‍යයේ තිබූ සක්‍රීය ගමකි. පසුකාලීනව ඒ ගම්මානය වන ගත වී අද විවිධ වන සතුන්ගෙන් ගහන සුන්දර වන උද්‍යානයක් බවට පත්ව ඇත. යාල වියළි කලාපීය ප්‍රදේශයක් වුවද ජල තටාක විශාල සංඛ්‍යාවකින් පොහොසත් වනපෙතකි. මහා පෑවිල්ලකට වුවද නොහිඳෙන ජල තටාක දොළහක් පමණ ඒ අතර වේ.
යාල කලාප පහකින් සහ අධි රක්‍ෂිත කලාපයකියන් ද සමන්විතය. කුමන කුරුලු උද්‍යානය ද යාලට සම්බන්ධ භූමි ප්‍රදේශයකි. ඒ සියල්ල එකතු වූ විට යාල වන උද්‍යානයේ භූමි ප්‍රමාණය හෙක්‌ටයාර් එක්‌ලක්‍ෂ හැට දහසකි. එහෙත් බොහෝමයක් සංචාරක පිරිස් වන සතුන් නැරඹීමට පැමිණෙන්නේ යාල පළමු කලාපයට පමණි.
අප යාලේ උදෑසන සුන්දරත්වය විඳිමින් සිටියදී, අප රැගත් සෆාරි රථය තව තවත් බැද්දට ගමන් කරමින් තිබිණි. අපගේ යාල සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ කොටි දැකගැනීමය. යාල ප්‍රසිද්ධව ඇත්තේ ද කොටින්ටය. අප මෙන්ම යාලට එන ඕනෑම සංචාරකයකුගේ ප්‍රධාන අරමුණ වන්නේ කොටි දැක ගැනීමය. එහෙත් මුළු යාල කැලේම ගමන් කළද කොටි දැක ගැනීමට නොහැකි වන අවස්‌ථාද නැතුවාම නොවේ. කෙසේ හෝ අපි වාහනයට නැගුණු මොහොත සුබ නම් කොටි දැකගැනීමට නොහැකි වන එකක් නැත. දැන් අපි යාල පළමු කලාපයේ ඓතිහාසික ස්‌ථානයක් වන අකාශ චෛත්‍යය පිහිටි ගල් තලාව පසු කරමින් ගමන් කරමින් සිටිමු.
"ගොඩක් වේලාවට මේ ගල් තලාවේ කොටි අම්මා කෙනෙකුයි පැටව් දෙන්නෙකු ඉන්නවා. මේ වේලාවට ගොඩක් දුරට කොටි එළිපෙහෙළියට එනවා. ගල් තලාව මතට ඇවිත් හිටියොත් අපේ වේලාව තමයි"
අප සමග යාල සංචාරයට එකතු වුණු ප්‍රවීණ වනජීවි ඡායාරූප ශිල්පියකු වන චිත්‍රාල් ජයතිලක මහතා එසේ කියමින් යාල වන උද්‍යානයේ ඓතිහාසික ස්‌ථාන ගැන අපට විස්‌තර කරන්නට පටන් ගත්තේය. සෆාරි රථය හිමි හිමින් ඉදිරියට ඇදේ.
'අර.. ගලේ කොටියෙක් නේද ඉන්නේ...' අප සමග ගමන් ගත් එක් සගයෙක් ගල් තලාව මතට අත දිගු කළේය. අපි සියලුම දෙනා ඒ දෙස බැලුවෙමු. ගල් තලාව තරමක් ඈතය. චිත්‍රාල් දුරදක්‌නයෙන් කොටියෙක් ඇතැයි කියන ඉසව්ව නිරීක්‍ෂණය කළේය.
"කොටි එකෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා. මට හිතෙන විදිහට කොටියයි, කොටි දෙනකු වෙන්න ඕනා ඉන්නේ. වාහනය නවත්වලා අපි බලාගෙන ඉමු." චිත්‍රාල් එසේ කියා දුරදක්‌නය අප වෙතට දිගු කළේය.
අපි දුරදක්‌නයෙන් කොටි දෙදෙනා නැරඹුවෙමු. සීතලට කොටි දෙදෙනා සැපට නිදිය. චිත්‍රාල් නැවත පහත්ම ස්‌වරයෙන් හඬ අවදි කළේය.
"මට හිතෙන විදිහට නම් මේ දෙන්නා සංසර්ගයේ යෙදිලා ඉන්නෙ. එහෙම වුණොත් තව ටික වේලාවකින් නැවත මෙයලා සංසර්ගයේ යෙදෙනවා. ඒක අනිවාර්යයි"
කොටි සංසර්ගයේ යෙදෙන කාලයට එක දිගට දින තුනහමාරක් පමණ සංසර්ගයේ යෙදෙයි. ඒ දිනවලදී කොටි කෑම ගැනවත් තැකීමක් නැත. මුළු දිනය පුරාම වරින් වර සංසර්ගයේ යෙදේ. ඒ කාලසීමාව අවසන් වන විට බොහෝ දුරට කොටි දෙන ගැබ් ගෙන තිබේ. බොහෝ විට කොටින් සංසර්ගයේ යෙදෙන්නේ දෙසැම්බර්-ජනවාරි මාසවල සහ ජුලි-අගෝස්‌තු මාසවලය. කලාතුරකින් වෙනත් මාසවලදී ද කොටි සංසර්ගයේ යෙදෙන අවස්‌ථා නැතුවාම නොවේ. මේ අපි දකින දර්ශනය ද එවැන්නක් විය හැක.
කොටි පිරිමි සතෙක් වර්ග කිලෝ මීටර් 8-12 ක භූමි භාගයක උගේ අණසක පතුරවාගෙන සිටියි. ඇතැම් විට ඊට ඔබ්බට ගිය භූමි ප්‍රමාණයක්‌ද කොටි තම අණසකට යටත් කර ගෙන සිටියි. ඒ බල ප්‍රදේශය තුළ කොටි ගැහැනු සතුන් තිදෙනකුට ජීවත් වීමට අවසර ලැබේ. ඒ තිදෙනා සමගම කොටියා එකතු වනු ලැබේ.
දැන් කොටි දෙන නින්දෙන් අවදි වී කොටියාගේ ඇඟ උඩ නගිමින් ගොරවමින් කොටියාව අවදි කරවීමට උත්සාහ කරති. නොදුටු දේ දකින්න අපේ දෙනෙත් නොවිසිලිමත්ය. එහෙත් කොටියා තවමත් සුව නින්දේය. යාල පළමු කලාපයේ ස්‌පිල් මාර්ගයේ ගමන් කරන සෆාරි රථ කිහිපයක්‌ම දැන් අපගේ රථය ළඟ නතර කර තිබේ. ක්‍ෂණයෙන් කොටි දෙන අප සිටින ඉසව්වට තියුණු බැල්මක් හෙළති.
"ශබ්ද කරන්න එපා. අපි කොච්චර දුර ඉඳගෙන කතා කළත් එයාට ඇහෙන්න පුළුවන්. ශබ්ද කළොත් එයාලා ඔතනින් යන්න පුළුවන්. කොටින්ට ඇසීම පෙනීම ඉතාම දියුණුයි." චිත්‍රාල් කොටින්ගේ චර්යා රටාවන් එසේ විස්‌තර කරන්නට විය. දැන් කොටියාද අවදි වී සිටියි. නැවත කොටි දෙන කොටියාගේ ඇඟ උඩ නගිති. අවදි වූ කොටියාගේ රාගික සිත ද අවදි විය. කොටි දෙන දෙසට තියුණු බැල්මකි. අපගේ දෙනෙත් නොවිසිලිමත්ය. කොටියා ක්‍රියාත්මක විය. දුර්ලභ දසුනක් ජීවමානව දැන් අප ඉදිරියේ දිස් වේ. කොටියා කොටි දෙනගේ බෙල්ල තදින් සපාගෙන සිටියි. ගෙවී ගියේ ඉතාම සුළු මොහොතකි. කොටි දෙන වැරෙන් උගේ එක් අතකින් කොටියාට පහරක් එල්ල කරයි. කොටියා එය ගණන් නොගෙන හිස පහත් කර ඉවතට යයි.
කොටියා සහ දෙන සංසර්ගයේ යෙදී වෙන්වීම ගැහැනු සතාට තරමක් වේදනාකාරීය. කොටි දෙන කොටියාට වැරෙන් පහරක් එල්ල කරන්නේ ද එහෙයිනි. දැන් කොටි දෙදෙනාම ගල් තලාව මත නැඟී සිට එක වරක් එකට වෙලී ඒ ගල් තලාවේම වෙනත් ඉසව්වකට ගමන් කරමින් සිටිති. අපිදු වාහනය පණ ගන්වමින් එතැනින් ඉදිරියට ගමන් කළෙමු.
විවිධ වන සතුන්ගේ චර්යා රටාවන් ගැන චිත්‍රාල් අපට විස්‌තර කරන්නට විය. යාල වන උද්‍යානය කොටින්ට සේම අලි ඇතුන්ට ද විශේෂ ප්‍රසිද්ධියක් උසුලන වන උද්‍යානයකි. යාල මහ පූට්‌ටුවා, පොඩි පූට්‌ටුවා, යාල නැගෙනහිර දළ පූට්‌ටුවා වැනි සද්ධන්තයන් ඒ අතර කැපී පෙනේ. මේ දිනවල යාලේ ජනප්‍රියම අලි චරිතය වී සිටින්නේ ගැමුණුය. ගැමුණු තරමක් කලහකාරීය. කැලණියේ ගැමුණු සේම දාමරිකය. වන සතුන් නැරඹීමට යාල වන උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ට 'ගෙම්බර්' පෙන්වමින් සෆාරි වාහනවලට හොඬ වැල දමා ගැමුණු සංචාරකයන්ව භීතියට පත් කරන්නේය. ඒ සෆාරි වාහන තුළ පලතුරු ඇද්දැයි සොයන්නටය. වාහනය තුළ පලතුරු නැති වූ විට ගැමුණු උරණ වන්නේය. වාහන හොල්ලා ගෝරනාඩු කර සංචාරකයන්ට විවිධ හිරි හැර කරන්නේය. එහෙයින් මේ දිනවල යාල වන උද්‍යානයට පැමිණෙන බොහෝ දෙනාගේ කතාබහට ලක්‌වන්නේ ගැමුණුය.
ගැමුණුව මෙලෙස දාමරිකයෙක් බවට පත් කර ඇත්තේ ද මිනිසුන්මය. යාල වන උද්‍යානයට පැමිණෙන සංචාරකයන් ගැමුණු හුරතලයට පුංචි කාලේ එයාට පලතුරු ලබාදී අ ඇත. දිගින් දිගටම මේ දේ සිදු වී ඇත. සංචාරකයන්ගේ හුරතලා වූ ගැමුණු කෙමෙන් කෙමෙන් උස් මහත් වී දැන් තරුණ සද්ධන්තයෙකි. එහෙත් ඌට පලතුරුවල රස තවමත් අමතක වී නැත. දැන් ගැමුණු යාලට පැමිණෙන සෆාරි වාහන තුළට හොඬ වැල දමා එම වාහන තුළ ඇති පලතුරු කොල්ලකෑමට පටන් ගෙන තිබේ. චිත්‍රාල් ගැමුණුගේ වගතුග එසේ පවසද්දී අපගේ නෙත් මානයේ වල් ඌරෙක් දිස් වන්නේය. යාල උද්‍යානය තුළදී වල් ඌරන් ඕනෑතරම් දැක ගැනීමට හැකිය. එහෙත් මේ වල් ඌරාගේ විශේෂත්වයක් ඇත. ඌ තනිකරම සුදුය. එමෙන්ම ඉතාම කලාතුරකින් දැකගන්නට පුළුවන් සතෙක් බව චිත්‍රාල් අපට පැවසීය.
දැන් දැන් හිරු යාල රත් කරමින් සිටියි. ආහාර සොයාගෙන එළිපෙහෙළියට පැමිණ සිටි සතුන් ද හිමින් සීරුවේ ඝන කැලෑවට ඇදෙමින් සිටිති. එහෙත් අප තවමත් උදෑසන ආහාරය බුක්‌ති විඳ නැත. විවිධ වන සතුන්ගේ චාර්යා රටාවන් ගැන කතාබහ කරමින් සිටියදී උදෑසන ආහාර ගැනීම සඳහා සෆාරි රථය පටනන්ගල මුහුදු වෙරළ දෙසට ගමන් කරමින් තිබිණි. පටනන්ගල යනු අති සුන්දර වෙරළ තීරයකි. ඒ සුන්දර වෙරළ තීරයද සුනාමිය ඇවිත් අමු සොහොනක් කළේය. එදින පටනන්ගල බංගලාවේ සිටි සියලුම දෙනාව සුනාමිය අදටත් අතුරුදන් කර ඇත. එමෙන්ම පටනන්ගල බංගලාව ද නටබුqන් බවට පත් කර ඇත. අතුරු කතා අතර තුර අපගේ වාහනය පටනන්ගල සුනාමි ස්‌මාරකය ආසන්නයට සේන්දු වෙමින් තිබිණි. හඬ නගමින් මුහුදු රළ උස්‌ව නැගේ. තවත් වාහන කිහිපයක්‌ම එතැන නවතා තිබේ. විදේශීය සංචාරකයෝ ගමන් විඩාව නිවා ගැනීම වස් ගල් පඩිවලට බර දී මුහුද දෙස බලා සිටිති. තවත් කිහිප දෙනකු වෑන් රථයක් වට කරගෙන මොන මොනවාදෝ කතා කරමින් සිටිති. වාහනයෙන් බැස ගත් අපිදු ඒ ඩොල්පින් රථය අසලට කිට්‌ටු කළෙමු.
'මොකද වෙලා තියෙන්නෙ' අපි එතැන සිටි එක් තරුණයකුගෙන් විමසුවෙමු.
"ගැමුණු ගහලා" ඔහුගෙන් කෙටි පිළිතුරකි.
ගැමුණු සැබෑම වැඩකාරයෙකි. වෑන් රථයේ මැද දොර හිල් කරගෙන යන්නට පහර දී ඇත. වාසනාවකට වාහනය තුළ ගමන් ගත් කිසිවකුට හානියක් නැත. එහෙත් වාහයනට දැඩි ලෙස හානිය. ගැමුණුගේ හයිරන්කාරකම් දිනෙන් දින, මොහොතින් මොහොත වැඩි වන්නේය. එහෙත් ගැමුණු මෙල්ල කිරීමට තවමත් හරි හැටි පිළියමක් නැත. වාහන තුළින් පලතුරු සොයන ගැමුණු 'මලේ මල පැන' මිනිහකුට ගසා මරා දමන තුරු පිළියම් යොදන එකකුත් නැත. යාල වන උද්‍යානයට එන බොහෝ සංචාරකයන් විදේශිකයන්ය. ඔවුන්ට ගැමුණුගෙන් කිසියම් දරුණු කරදරයක් වුවහොත් එහි 'බ්ලැක් මාක්' එක වදින්නේ ද අපේ රටටය. මෙරට සංචාරක කර්මාන්තයටය. එසේ නම් ගැමුණු ඉස්‌සර වීමට පෙර වනජීවී නිලධාරීන් ඉස්‌සර වුවහොත් අගනේය.
යාල සංචාරය කරන ඕනෑම කෙනෙකු මේ පටනන්ගල සුන්දර වෙරළ තීරයේ සුන්දරත්වය විඳගැනීමට අමතක නොකරන්නේය. එහෙයින් දිනකට පටනන්ගලට එන සංචාරකයන් ප්‍රමාණය අතිමහත්ය. එමෙන්ම යාල සංචාරය තුළ සංචාරකයන් සෆාරි වාහනයෙන් බිමට බහින්නේ ස්‌ථාන දෙකක පමණි. එකක් පරණ තොටුපළ (මැණික් ගඟ) ආසන්නයේ. අනෙක් ස්‌ථානය පට්‌ටන්ගල බංගලාවත්ත භූමියයි. දිනකට සංචාරකයන් විශාල පිරිසක් ගැවසෙන මෙම ස්‌ථානයේ කාලයක සිට විශාල අඩුපාඩුවක් තිබේ. එනම් සංචාරකයන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් ඉටු කරගැනීමට මෙම ස්‌ථානයේ වැසිකිළියක් නැත. බොහෝ සංචාරකයන් ඔවුන්ගේ අවස්‌ථා ඉටු කරගන්නේ කැලෑ රොදකට වහං වෙලාය. එහෙයින් අති සුන්දර මේ ඉසව්ව මළ මුත්‍රා දුගඳින් පිරී ගොස්‌ය. එමෙන්ම සතා සිව්පාව ලගින මේ වන පෙතේ කැලෑ රොදකට දොට්‌ට පිළට යනවා කියන්නේ සැබැවින්ම අවදානමකි. සංචාරකයන් වෙනුවෙන් අපි ඔබට අඩුපාඩුව පෙන්වා දුන්නෙමු. පිළියම් යෙදීම ඔබගේ කාර්යයකි.
උදේ ආහාරයෙන් බඩ පුරවාගත් අපි නැවත යාලේ සුන්දරත්වය රිසි සේ විඳීමට බැද්දට යැමට පිටත් වුණෙමු. ගමන තරමක් දුෂ්කරය. හිරු මුදුන්ව ඇත. එහෙත් අප ගිනි මධ්‍යහ්නයේ හෝරාවකට වැඩි කාලයක් යාලේ විවිධ පැතිවලට ගමන් කළේය. දැන් නම් ගත මෙන්ම සිතද තෝන්තු වී ගොස්‌ය. එහෙයින් අපි යාලෙන් සමුගෙන එදින රාත්‍රිය ගත කරන නවාතැන් පළට යැමට පිටත් වුණෙමු. ඒ යාල වන උද්‍යානය ආසන්නයේ පිහිටි 'චයා වයිල් සෆාරි' හෝටලයටය. එහෙත් මෙම ලිපිය පළවන විට මේ සොඳුරු නිවාඩු නිකේතනයේ නම වෙනස් වී තිබේ. ඒ 'සිනමන් වයිල් යාල' යනුවෙනි. එනම් මැයි පළමු වෙනිදා සිට 'චයා වයිල් සෆාරි' සිනමන් වයිල් යාල' වේ.
දැන් අපි සිටින්නේ කැලෑ රොදින් වැසී ගිය ඒ අති සුන්දර නිවාඩු නිකේතනය තුළය. පරිසරයේ සමතුලිතතාව රැකගනිමින් ගහ කොළට කිසිදු හානියක් නොකර වන රොද මැද ඉදි වී තිබෙන මෙම හෝටල් භූමිය සැබැවින්ම රමණීයයි. කාමර හැට අටකින් සමන්විත මේ හෝටලයේ සියලුම කාමරය පිහිටා ඇත්තේ වෙන වෙනමය. එමෙන්ම හෝටලයේ එක් පසක් මහ මුහුදට මායිම්ව ඇති අතර අනෙක් පස ප්‍රතාපවත් යාල උද්‍යානයට මායිම්ව ඇත. හෝටල් භූමිය පුරා නිදහසේ ඇවිද යන වන සතුන්ය. අපි ඒ හෝටල් භූමිය පුරා ඇවිද ගියෙමු. වල් ඌරන් අප අසලින් දුව යති. වඳුරෝ රංචු පලු ගස් උඩින් ශබ්ද නගමින් පැන යති. එහෙත් උන්ගෙන් මිනිසුන්ට හානියක් නැත. එතරම්ම වන සතුන් 'සිනමන් වයිල් යාල' හෝටලයට සමීපය. හෝරා කිහිපයක් යාලේ ඇවිද වෙහෙසකර අපේ ගතට යම් විවේකයක් ලබාගැනීමේ අදහසින් අපට සූදානම් කර ඇති කාමරය වෙතට ගමන් කළෙමු.
divaina
තරංග රත්නවීර
ප්‍රභාත් විතාන
ඡායාරූප - චිත්‍රාල් ජයතිලක

. machan baagayay kiyewwe. ithuru tikata sorry thamai 