කොටි යානයක් සුන් කළා - ගුවන් හමුදාව කියය

007-Bond

Member
Jun 5, 2008
2,439
10
0
කොටි යානයක් සුන් කළා - ගුවන් හමුදාව කියය

සැප්. 09 - අද අලුයම මුලතිව් ඉහළ අහසේදී එල්ටීටීඊ ගුවන් යානයක් විනාශ කළ බව ගුවන් හමුදාව පවසයි.
එහි මාධ්*ය ප්*රකාශක විං කමාන්ඩර් ජනක නානායක්කාර මහතා ඊතලයට පැවසුවේ, අදාළ යානය හඹා ගිය ගුවන් හමුදා ප්*රහාරක යානා ගුවනේදීම ඊට පහර දුන් බවය.
අද අලුයම 4 ට පමණ වව්නියාව ගුවන් හමුදා කඳවුරට ප්*රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි අදාළ එල්ටීටීඊ යානය ප්*රතිප්*රහාර මධ්*යයේ පලා ගිය බව ගුවන් හමුදා ප්*රකාශකවරයා පැවසීය.
පසුව පිටත් කර යැවුණු ගුවන් හමුදා ප්*රහාරක ජෙ*ට් යානා මගින් එය නිරීක්*ෂණය කොට ප්*රහාර එල්ල කෙරිණ.