13 සම්පූර්ණයෙන්ම දෙන්න එන්ද්‍රිකා එකඟ වේ.. කොටි සන්ධානය මෛත‍්‍රීපාලටයි..
විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අතර පැවති සාකච්චා සාර්ථක වී ඇතැයි දෙමළ මාධ්‍ය වාර්තා කරයි.
පදිවු වෙබ් අඩවි වාර්තාවක දැක්වෙන්නේ සිරිසේන මහතාට සහයෝගය දැක්වීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්පුර්ණයෙන් ක්‍රියාවට නැංවීම, උතුරු සහ නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරු මාරුකිරීම, නැගෙනහිර පළාත් සභාවේ වෙනස්කම් ඇති කිරීම ආදියට මෙහිදී හිටපු ජනාධිපතිනිය සම්බන්ධන් මහතාට එකඟතාවය පල කර ඇති බවයි.