කොටි_නැගිටින්නේ_නැහැ_අවා_ගියෝ

dmk695

Member
Dec 4, 2015
550
44
0
කොටි_නැගිටින්නේ_නැහැ_අවා_ගියෝ

සම්බන්දන් රටේ සංහිඳියාව උපරිමයෙන් බුක්ති විඳියි..දෙමළ සන්ධාන මැතිවරණ වේදිකාවේ එල් ටී ටී ඊ ගීත

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් යාපනය පළාත් පාලන ආයතන වෙනුවෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ ජයග්‍රාහණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්දන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ පැවැත්වුණු ජන හමුවකදී එල් ටී ටී ඊ සංවිධානයේ ගීත ගායනා කර ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්දන් හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වු වේදිකාවේ අදාළ එල් ටී ටී ඊ රණවිරු ගීත ගායනා කර ඇති බවයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ වේදිකාවන්‍හි එල් ටී ටී ඊ සංවිධානයේ රණවිරු ගීත ගායනා කළ බවද යාපනය ආරක්ෂක අංශ පැවසූවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්ද අදාළ ක්‍රියාව හෙළ දැක මීට පෙර එල් ටී ටී ඊ රණවිරු ගීත ගායනා කිරීම නවතා දමන ලෙසට නියෝගද නිකුත් කර ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානය එල් ටී ටී ඊ සංවිධානයට හිතවත් ජනතාව සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සහභාගි කරවා ගැනීමට එල් ටී ටී ඊ ගීත ගායනා කිරීම හා එල් ටී ටී ඊ සංවිධානයේ ගුණ වැයීම සිදුකරන බවට තොරතුරු පවතින බවද යාපනය ආරක්ෂක අංශ පවසනවා