කොටු 10 පැනපු සතුටට .......සාරන්‍යා

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    කොටු 10 පැනපු සතුටට .......සාරන්‍යා


    ඔන්න මං කොටු 10 ටත් පැන්නා.



    thanks-43-92427.gif



    ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි.



    ඒ සතුට බෙදාගන්න මං බලන බ්ලොග් එකක තිබුන මගේ හිත ගත්ත කතාවක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා. බ්ලොග් එක අයියෝ සල්ලි... කතාව සාරන්‍යා

    සාරන්‍යා


    boy-looking-out-window-in-the-rain1.jpg




    ඉඩ ලද සෑම විටකම කාර්යාලයේ දිග ජනේලයෙන් මුහුණ ඔබා සුවිශාල ගොඩනැගිලි අතරින් පෙනෙන අහස දෙස ඔහේ බලාගෙන සිටීමට මා පුරුදුවූයේ නිරායාසයෙනි.

    ඒ අහස වැඩිපුරම ලස්සනට පේන්නේ ඉර බහින හැන්දෑවටය. විඩාබර දෙනෙතට ඒ අළු අහසනම් රසදුනකි. වැසි දිනකදී එම ජනේලයෙන් පිටත බලා සිටීම තරම් සොදුරු දසුනක් තවත් නැත. තව තට්ටු දෙකක්වත් ඉහලින් කාර්යාලය පිහිටා තිබුනේනම් මුළු කොළඹම මෙතනට දිස්වන්නට ඉඩ තිබුණි.දැහැන බිදුනේ ජංගම දුරකථනය සාක්කුව තුල දෙදරුම් කෑමෙනි. ඇමතුම සාරන්‍යාගෙන්. දිග සුසුමක් හෙලා දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

    "කියන්න සාරන්‍යා.."


    "ඔයා වැඩකද?"


    "නෑ.. වැඩ ඉවරයි. ටිකක් රෑ උන නිසා ගෙදර යනවද නැද්ද කියලා මම මේ කල්පනා කර කර හිටියෙ.."


    "ඇයි මේ වෙලාවට බස් නැද්ද?"


    "බස්නම් තියෙනවා. ඒත් ගම්පහ ඉදන් ගෙදරට යන්න බෑනෙ. නවයෙන් පස්සෙ හන්දියෙ තී‍්‍රවීල්වත් නැහැ, ඔයා කොහෙද ඉන්නෙ හොස්ටල් එකේද?"


    "හ්ම්..."


    "ඇයි හ්ම්? "


    සාරන්‍යාගේ හඩ වෙනදාට වඩා අමුතුය. ජනේලයෙන් පිටතින් එන සීතළ සුළඟත් එන්න එන්නම වැඩිය.


    "මම ඔයාට දෙයක් කියන්න ගත්තෙ.."


    "කියන්න සාරන්‍යා"


    "මම අර කිව්වෙ කැම්පස් එකේ අයියා කෙනෙක් ගැන..."


    "ඉතිං..."


    "මම අද ගෙදර ඉදන් එනකොට, පේරාදෙණිය ස්ටේෂන් එකේදී ඒ අයියාව හම්බුනා..."


    "එහෙනම් අදත් ඔයාගෙන් ඇහුවා... මම හරිද?"


    "හ්ම්...."


    ජනේලය ගාව තවත් ඉන්නට බැරිය. උදුවප් සීතල දැන් ඉදන්ම පටන් ගෙන ඇත. සීතල හිටි ගමන් වැඩිවූයේ ජනේලය විවෘතව තිබෙන නිසාද, නැත්නම් සාරන්‍යා කියූ දෙය නිසාදැයි හිතාගැනීමට නොහැක.මම ජනේලය වසාදමා පුටුවකට බර උනෙමි.


    "ඉතිං ඔයා මොකද කිව්වෙ..."


    "මම මුකුත් කිව්වෙ නැහැ... මම මොකද කරන්නෙ"


    සාරන්‍යා මීට වසර දෙකකට පෙර මගෙ පෙම්වතියයි. වසර දෙකක පේ‍්‍රමය මීට මාස තුනකට පෙර නිමාවූවත්, ඇයත් මමත් ඉඩලද සෑම විටෙකම කතාබහ කලේය. මුලදී ඇයටත් වඩා මා ඇය ඇමතුව වාර ගණන වැඩිවන්නට ඇත. මන්ද එකවරම ඇයගෙන් ඈත්වීමට මට අපහසුවූ බැවිනි.පසුව ඇයට මිතුරෙක් පමණක්වීමට මම හිත හදාගත්තමි.


    "මේකයි සාරන්‍යා.. ඔයාට හොදක් වෙනවනම් මගේනම් ඕකට ඇකමැත්තක් නැහැ. හැබැයි හොදට හොයලා බලලා, හොදට හිතලා බලලා කරන දෙයක් කරන්න. නැත්තම් වෙන්නෙ ආයෙමත් දුක්විදින්න.."


    මා එය කීවේ හිතේ දැඩි සංවේගයක්ද කැටිකරගෙනය. මන්ද අද තත්ත්වය කෙසේ උවද පෙරදිනයක ඇය මාගේ පෙම්වතියයි.


    "ඔයා හරි හොදයි අකිල.. ඉස්සර ප‍්‍රශ්නයක් උනාම කොහොමද ඔයා හැසිරුනේ.. මටනම් පුදුමයිත් එක්ක..."


    මම මේසය උඩට කකුල් දෙක ගත්තමි. දුම්වැටියක අවශ්‍යතාවය තදින් දැනේ.

    ඇය මේ කියන්නේ පෙර මම ඕන එකට මෙන්ම එපා එකටද රණ්ඩුවූ හැටි මතක්වී විය යුතුය.

    "දැන් පරණ දේවල් කතාකරලා වැඩක් නැහැනෙ.. වෙන්න තියෙන දෙයක් බලමු. ඔයාට හොදක් වෙනවානම් එච්චරයි.."


    ඇය ඉන්නේ සතුටින්ද දුකෙන්දැයි හරිහමන් නිගමනයක් මට නැත. නමුත් ඇය පෙරට වඩා සැනසීමෙන් ඇති බවනම් මට විශ්වාසය.කෙසේ උවත් ඇයව සතුටින් තියන්නට මම ඉටාගත්තේ අප වෙන්වූ පසුවය.


    "මම ඔයාට අකිල අයියෙ කියන්නද? "


    "ඔයාට මාව ඔයාගෙ අයියා කෙනෙක් වගේ දැනෙනවද? "


    "ඇත්තටම ඔවු අකිල.. අපි හැමදාමත් මේ විදියට ඉමු."


    හිත තුළ ඇත්තේ හිස් හැඟීමකි. අමුතු සතුටක් මෙන්ම අමුතු දුකක්ද නැත.මේසය උඩ ඇති පැන්සලයකින් පැරණි ෆැක්ස් කොලේක බලි ඇන්දෙමි.


    "හිතලා බලලා හොදම තීරණේ ගන්න. මාව අයියා කෙනෙක් විදියට දැනෙනවානම් කරන දෙයක් කියලා කරන්න. මොකද ඔයා අයෙමත් දුකින් ඉන්නවා බලන්න මම ආස නැහැ. මම කැමතියි ඔයා හොද කෙනෙක්ගෙ වෙනවානම්.. ඔයාගෙ දේවල්වලට කරදරයක් වෙන්නෙනම් නැහැ, පුළුවන් හැමදේටම උදව් කරන්නම්, ඔයා සතුටින් ඉන්නවානම්..."


    වෙලාවකට බොළද වැඩිවූවාදැයි සිතුනත් ඇත්තෙන්ම මට ඇය කෙරෙහි වූවෙ එවන් හැඟීමක් පමණි. අපගේ පේ‍්‍රමය අවසන් වන දින තෙක්ම මට ඇයට හොදින් සලකන්නට, කතාකරන්නට නොහැකිවිය. ඇය බලාපොරොත්තුවූ උත්තරීතර ආදරය ඇය වෙනුවෙන් විකසිත කරන්නට මට නොහැකි විය. නමුත් එම පේ‍්‍රමයට කණකොකා හැඩූ දින පටන් මට ඇගේ දුරස්වීම දරාගත නොහැකිවිය. ජනේලයෙන් දුර ඈත අහස බලාසිටීමටත් මා හුරුවීමට එක හේතුවක් එයද වන්නට ඇත.ලෝකයේ සිදුවන්නනේ සිදුවන්නට තිබෙන හොදම දෙයනම්, සාරන්‍යා මා හැරයාමෙත් ඇයට අළුතින් පෙම්වතෙකු හමුවීමෙත් ගුණ පමණක් දකින්ට මම ඉටා ගත්තෙමි.

    source :- http://dreamnirosh.blogspot.com/2012/04/01.html
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    015664.jpg


    එදින නිවාඩු දිනයක් වූ බැවින් ටිකක් වැඩිපුර නිදගන්නට ලැබුණි. අද කරන්නට විශේෂ යමක් නොතිබූ බැවින් තවත් ටික වෙලාවක් ඇදේ දිග පලල මැන්නේය. ජංගම දුරකථනය බෙරිහන් දෙන්නට වූයෙන් මිනුම් කටයුතු නිමාකරන්නට සිදුවිය.ඉස්සර දුරකථනය නාදවීම තරම් පි‍්‍රයජනක සංගීතයක් තුන්ලෝකයේම නැතත් දැන්නම් එය දස වදයකි. නිදිමතේම අතපතගා දුරකථනය ගෙන බලන විට ඇමතුම සාරන්‍යාගෙනි. එක්වරම හිත අතීතයට දිව ගියේය.

    "ගුඩ් මෝර්නින් මහත්තයෝ.."

    "මෝර්නින්.. මෝර්නින්.. ඇයි දෙයියනේ මහ පාන්දර,
    ඔයාට නින්ද යනවා හොරයිද? "

    "හොද පාන්දර, නැගිටිනවා කම්මැලියා..
    දැන් වෙලාව අටයි, කීයටද ක්ලාස් යන්නෙ..

    "අනේ මට බැරියෝ... මම තියනෝ......"

    වෙනදාට ඇහැරෙන්නේ ඇගේ ඇමතුමෙනි. නින්දට යන්නේද ඇගේ ඇමතුමෙනි. දැන් ඒ මල්සමය නිමවී බොහෝ කල්ය.

    "ගුඩ් මෝර්නින්"

    වෙනසකට ඇත්තේ දැන් අමුවෙන්ම ගුඩ් මෝර්නින්ය.ඉන්පසුව විශේෂණ පදත් සමග කියැවෙන මගේ නම නැත.
    කෙසේ උවද ඇගේ හඩ වෙනදාටත් වඩා ප‍්‍රබෝධමත්ය.

    "ගුඩ් මෝර්නින්.. ඇයි මේ ගොඩ කාලෙකින් උදේම call කලේ? "

    "ඔයා නිදාගෙනද හිටියේ? Sorry අකිල.. මම පොඩි පණිවිඩයක් කියන්න ගත්තෙ.."

    "නෑ ඒකට කමක් නැහැ, ඔයා කියන්න.."

    පණිවිඩය පොඩි එකක් වන්නට බැරිය.

    "අකිල ඊයෙ මම අරක ගැන තීරණයක් ගත්තා. පස්සෙ අයියාට මම ඒ ගැන කිව්වා"

    "මොකක් ගැනද? "

    "එයා අහපු දේ ගැන,මම ඒකට කැමතියි කියලා"

    මෙය නම් සොදුරු උදෑසනකි.ඉබේම ඇදේ ඉන්දවුනි. දැන් මම මොන ආකාරයේ පිළිතුරක් දෙන්නද?

    "අකිල.."

    "ඔවු කියන්න"

    "ඔයා අහගෙනද ඉන්නෙ.."

    "හ්ම්..."

    "ඔයා දුකෙන්ද? "

    ඇයට මගේ වෙනස තේරෙන්නට ඇත.ඇය වසර දෙකක් කුළුදුලේම ඇසුරුකල පිරිමියා මමය.

    "නැහැ සාරන්‍යා.. තාම නිදිමතේනෙ, ඒකයි. ඔයා හිතලා බලලානම් තීරණය ගත්තෙ, මම wish කරනවා ඔයාට.. හොදින් ඉන්න.."

    "මම අයියට ඔයා ගැනත් කිව්වා. එයා කිව්වා ඔයත් එක්ක කතා කරන්න ඕනෙ කියලා.."

    මේ මොන හෙණ ගෙඩියක් පහත් වෙන්න එනවාද? ප‍්‍රශ්න ගොඩක වැටී කොහොල්ලැ බබා බදාගත්තාක් මෙන් ඉන්න මට නැති ප‍්‍රශ්නය.

    "ඒ මොකද.. ඒ මාත් එක්ක මොනවා කතාකරන්නද? "

    "විශේෂ දෙයක් නෙවෙයි, යාළුවෙක් වගේ කතා කරන්න. මම කැමතියි ඔය දෙන්නා යාළුවො වෙනවානම්"

    මගේ කටට ආවෙ කුණුහරුපය.සිල්ගත්ත නයාගේ කතාව සිහියට ආවේ නිරායාසයෙනි. ඒත් ඇයගේ සිත රිදවීමට නොහැකිය.අනික ඒකත් එක්ක කතා කලා කියලා මම මැරෙනවායැ.

    "අයියා දවල්වෙලා ඔයාට ගනියි, කතා කරන්න හොදේ..."

    මම නිරුත්තරය.සාරන්‍යාට කැමැත්තකට ඉඩදුන් මට ඇගේ අළුත් පෙම්වතා සමග කතාබස්කර මිතුරුවන්නට කියන්නේ ඇයි? අවංකවම ඇයට ඇත්තේ ඒ උවමනාවද? නැත්නම් මා රිදවීමටද? අප වෙන්වූයේ අපට අප නොගැලපෙන බව තේරුම්ගත් නිසාවෙනි.සාරන්‍යාත් මාත් ඒ දිනවල අසීමිතව රණ්ඩු උනෙමු. හේතු ඇතුව රණ්ඩුවූ අප පසුකාලීනව අහේතුකව රණ්ඩුවන සිල්ලර තත්ත්වයට ඇද වැටුණි.නමුත් කිසිදිනෙක සාරන්‍යා මා හැර නොයන බවට මා තුළ දැඩි විශ්වාසයක් විය.ඒ විශ්වාසය නිසාම බියෙන් සැකෙන් තොරව මා ඇය සමග සිත්සේ රණ්ඩුවිය.මට අවශ්‍යවූයේ මා කැමති දේ පමණක් සාරන්‍යා කරනු දැකීමයි.එය කෙතරම් අසාධාරණ හැසිරීමක්දැයි මා තේරුම් ගන්නා විට සාරන්‍යා මට සැතපුම් සිය ගණනක් දුරින්ය.කෙතරම් රණ්ඩු සරුවල් උවත් සාරන්‍යා හට මා අසීමිතව ආදරය කලේය.ඒ ආදරය ආත්මාර්ථකාමීවූ තැන බහින්බස්වීම් ඇතිවූයේ මගේම පවකට විය යුතුය.

    පැයකට පමණ පසු නැවතත් නොදන්නා අංකයකින් ඇමතුමකි.එම අංකය සාරන්‍යාගේ අංකයට බොහොදුරට සමානය.වෙනස ඇත්තේ අවසන් අංක දෙක පමණි.
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    couple_sri+lanka.jpg



    නිවාඩු දින ගත කිරීමට සිටි සැහැල්ලුව සතුට උදෑසනින්ම සාරන්‍යා විසින් උඩුහුලගේ පා කළාය. ඒ මදිවට දැන් අයියලා එක්කත් යාළු මිත‍්‍රකම් පැවැත්වීමට සිදුවී ඇත. වෙන දෙයක් වෙන්න කියා මම දුරකථනය අතට ගත්තෙමි.

    "හෙලෝ.."


    "මේ අකිලද? "


    මගේ දුරකථනයට
    නම් ඇමතුවේ "මම අකිල නැතුව තොගෙ ***ද" අහන්න සිතුනත් ආයාසයෙන් එය මැඩගත්තේ අනෙක් පසෙන් ආවේ නොදන්නා හඩක් නිසාවෙනි.

    "ඔවු අකිල තමයි.. මේ කවුද? "


    "මම සංජය.. සාරන්‍යා නංගි කියන්න ඇති නේද මං ගැන "


    මේ සාරන්‍යාගේ පෙම්වතා වන්නට ඇත. දැන් මම මොනවා කතාකරන්නද?


    "ආ ඔවු සංජය.. මට කියලා තියෙනවා ඔයා ගැන.. ඉතින් කොහොමද? "


    "වරදක් නැහැ අද වැඩද? "


    "නැහැ සංජය.. අද off එක"


    සංවාදයක් පවත්වාගෙන යාමේ පිරියක් මට නැත. එබැවින් කටට එන්නේම කෙටි පිළිතුරුය.


    "සංජයට මට කතා කරන්න ඕනෙ කිව්වෙ විශේෂ දේකටද? "



    "නැහැ එහෙම විශේෂ දෙයක් නැහැ.. මට සාරන්‍යා ඔය දෙන්නාගෙ සම්බන්ධෙ ගැන කියලා තියෙනවා."


    'ඉතිං' කියලා අහන්න සිතුණි. සංජය කතා කරන විලාශයට මට හිනා යන්නටම එයි. දකුණු පළාතේ උග‍්‍ර ග‍්‍රාමීය ප‍්‍රදේශයක හැදුන කෙනෙක්වත් මෙතරම් ඇද ඇද කතාකරන්නේ නැත.


    "සංජය කොහෙද? "


    "මම මාතර.."


    අයියෝ සල්ලි. මම හිතුවා හරියටම හරිය..


    "ඔයාලගේ සම්බන්ධෙ කොච්චරකල් තිබුනද? "


    "අවුරුදු දෙකක් විතර සංජය.."


    "ලොකු කාලයක් නේද? "


    "හ්ම්.."


    "එතකොට ඔයාලා අතර තිබුනේ මොනවගේ සම්බන්ධයක්ද? "


    අනේ මගේ කටට එන දේවල් ඇයි දෙයියනේ නිදහසේ කියන්න ඉඩක් නැත්තේ.. අඩුතරමේ නිදහසේ සිනාසෙන්නවත්.. සාරන්‍යාත් මාත් අතර තිබුනේ මාපිය දූදරු සම්බන්ධයක් කියා කියමුද?


    "මට තේරුන්නෑ සංජය ඔයා අහනදේ ගැන.."



    "නෑ මම කියන්නෙ මේකයි.. මටත් මීට කලින් සම්බන්ධයක් තිබුණා. අපි දන්නවනෙ ඉතිං, ඒවගේ දෙකදි මොනවා මොනවද වෙන්නෙ කියලා.. ඔයත් කොල්ලෙක් මාත් කොල්ලෙක්නෙ, ඒ ගැනයි මම ඇහුවෙ.."


    මූ නම් මාරම පොරකි. යකඩෝ දැකලාවත් නැති මගෙන් අහන ප‍්‍රශ්න. අනික මේකට මෙච්චර හයියක්..


    "මේකයි සංජය, ඔයා අහන්නෙ තේරුමක් නැති ප‍්‍රශ්නයක්. අපේ affair එක ඇතුලෙ මොනවා උනත්, ඒක දැන් අදාල නැහැනෙ. සාරන්‍යා දැන් ඉන්නෙ ඔයත් එක්ක. ඔයාට එයා හොද නිසා වෙන්න ඇතිනෙ ඔයා එයත් එක්ක affair එකක් පටන් ගත්තෙ.. ඊයෙ ඔයා මෙච්චර දවස් සාරන්‍යාගෙන් අහපුදේට උත්තර ලැබුනනෙ. ඒනිසා දැන් ඔය දෙන්නා හොදින් ඉන්න. පරණ කුණු අදින්නෙ නැතුව. ඔයවගේ නැති ප‍්‍රශ්න අදින එක ඔයාට ඇති වැඩකුත් නැහැ, මටත් ඇති වැඩක් නැහැ.."


    තරමක ආවේගයෙන් නමුත් පැහැදිලි හඩින් මම එක දිගට කීවෙමි.


    "තරහ ගන්න එපා අකිල.. මම නිකමට ඇහුවෙ, අනික ඔයා මොකක්ද මේ කිව්වෙ ඊයේ උත්තර ලැබුන කතාවක්? "


    "මම මොකක්ද කිව්වෙ කියන්නෙ? සාරන්‍යා ඊයෙනෙ ඔයාගෙ යෝජනාවට කැමති උනේ, ඒ ගැනයි මම කිව්වෙ.. "


    "අකිලට පිස්සුද? සාරන්‍යාගෙයි මගෙයි සම්බන්ධෙට අනිද්දට මාස තුනක්..."

     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    rabnetheater.jpg



    අදනම් පුදුමාකාර දිනයකි. ඇහැරුන වෙලේ ඉදන් ඇහෙන්නේ හතරබීරි කතාය. සංජය නම් නිගන්ඨයා මේ ඇද බාන්නේ ගල් පැලෙන බොරුවක්ද? මාස 03ක් වන පේ‍්‍රම සම්බන්ධතාවයක් සාරන්‍යා මගෙන් වසන් කරන්නේ අහවල් එකකටද? එසේ කිරීමට ඇයට ඇති උවමනාව කුමක්ද? අනෙක කිසි දිනෙක දැක නැති පුද්ගලයෙකුගේ ඇමතුමකට මා කලබලවන්නේ ඇයි...

    "මම හිතන්නේ සංජය හොදට විහිළු කරන්නත් දන්නවා..."


    "මොන විහිළුවක්ද, මේවා විහිළුවට ගන්න ඕන දේවල් නෙවෙයිනෙ අකිල,

    කවුද ඔයාට කිව්වෙ ඊයෙ සාරන්‍යා මට කැමතියි කිව්වා කියලා? සාරන්‍යාද ? "

    "නැතුව ඉතිං කැම්පස් එකේ VC මට කතා කරන්නෙ නැහැනෙ සංජය.."


    "සාරන්‍යා ඇයි එහෙම බොරුවක් ඔයාට කිව්වෙ.. සාරන්‍යා මට කැමතියි කිව්වෙ අපි Batch Trip එක ගියපු දවසෙ, ඒ මීට මාස තුනකට කලින්. ඒක මුලු Batch එකම දන්නවා.."


    "සංජය ඔයා ඔය ඇත්තමද කියන්නෙ?


    බැරිම තැන මම ඇහුවෙමි.


    "මම ඔයාට බොරු කියලා කඩන්නවත් ඔයාලගෙ දැන් affair එකක් නැහැනෙ අකිල, සාරන්‍යා කොහොමටත් මගේ, එහෙම එකේ ඇයි මම ඔයාට බොරු කිය කියා කාලෙ නාස්ති කර ගන්නෙ? එයා මට හරිම ආදරෙයි.."


    මටනම් මෙහි අගක් මුලක් නොතේරේ.


    "කැම්පස් එකේ කැන්ටිමේ කෑම කටේ තියන්න බැහැ. දවසක් මම ඕක සාරන්‍යාට කිව්වා. පහුවෙනිදා ඉදන් එයා හොස්ටල් එකේ උයලා මටත් කෑම එකක් දෙනවා. ඊයෙ ජිම් එකේදි පොඩි තැලීමක් උනා. හවසම එයා ඇවිත් ඇස්වල කදුළු පුරවන් බාම් ගාලයි ගියේ.. එහෙම එකේ මම ඔයාට බොරු කියලා මොනා කරන්නද? අනෙක ඉතිං ඔයාටම මේක අහන්නත් පුළුවන්නෙ.එයා ඔයාට කතා කරනවනෙ"


    පොලු පාරක් වැදුන කලෙක මෙන් මම තෝන්තුවී ගියේය. බත් උයාගෙන කන්න බැරිනම් කෝම්පිට්ටු හදන් කෑවත් මට කමක් නැත,මන්ද මම නැති උවද සාරන්‍යාටද ජීවිතයක් තිබුය යුතු නිසාවෙනි. නමුත් සාරන්‍යාට මට බොරු නොකර ඉන්නට තිබුනි. මේවන තුරුත් කවදාවත් ඇය මට බොරුකියානම් නැත. සංජය කියනවාක් මෙන් ඔහුටද මට බොරුකීමේ අවශ්‍යාතාවයක් නැත. කවදා පටන්ගත්තද දැන් ඔවුන් පෙම්වතුන්ය. මෙතන ඇත්තේ මට 'අයියේ' කියලා කතා කරන්නද සූදානම් වූ සාරන්‍යාගේ බොරු කලේ ඇයිද යන උබතෝකෝටික ප‍්‍රශ්නයයි.


    "මම හිතන්නෑ සංජය සාරන්‍යා ඒ තරම් බොරුවක් මට කියයි කියලා, ඔයා ෆෝන් එක තියන්න. මම එයාට ගන්නම්"

    මට තවමත් සාරන්‍යා විශ්වාසය.


    "ඔයා ඇහුවත් නැතත් මම එයාගෙන් අහනවා, මොකද මටත් ලැජ්ජයිනෙ මේ කතාව ඇත්තනම්. මම තියනවා අකිල.."


    "ok bye..."


    මම තත්පරයක්වත් නාස්ති නොකර සාරන්‍යාට ඇමතුවෙමි. පාන්දරම ඔළුව විකාරවී උතුර දකුණ මාරුවී ඇත.අද ඇයගේ දුරකථනයේ Ringing Tone එකකුත් වාදනය වෙයි .


    'Tujh mein rab dikhta hai

    Yaara mein kya karu..'


    "Rab Ne Banadi Jodi.......... "
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    33835822.jpg


    දිගුවේලාවක් දුරකථනය නාදවීමෙන් අනතුරුව සාරන්‍යා සම්බන්ධ විය.

    "ඔවු අකිල.."

    "මට පොඩ්ඩක් කතාකරන්න පුළුවන්ද? "

    "Sure.."

    කොහෙන් පටන්ගෙන මොනවා අහන්නදැයි මටම නොතේරේ.

    "සංජය මට Call කලා.."

    "ආ.. අයියා ඔයාට ගත්තද? ඒ කියන්නෙ දැන් දෙන්නා යාළුවො.."

    සිහින් සිනාවක් සමගින් සාරන්‍යා කීවාය. 'ඔවු ඕනවටත් වඩා' යැයි කියන්නට සිතුණි.

    "සාරන්‍යා මම ගත්තේ ඔයාගෙන් පොඩි දෙයක් අහන්න, ඔයා මට ඇත්තම කියනවානම් මම කැමතියි.."

    "ඒ මොකක් ගැනද? "

    "ඔයාගෙ Affair එක පටන් ගත්තෙ ඊයෙ ඉදන් නෙවෙයි නේද? "

    ක්ෂණික පිළිතුරක් බලාපොරොත්තු වූවත් එය තත්ත්පර දහයකටත් වඩා ප‍්‍රමාද විය.

    "ඇයි අකිල එහෙම අහන්නෙ? "

    වෙලා අරගෙනද ඇය දුන්නේ උත්තරයක් නොව තවත් ප‍්‍රශ්නයකි.

    "ප‍්‍රශ්නෙකට ප‍්‍රශ්නෙකින් උත්තර දෙන්නෙපා සාරන්‍යා, ඇත්තම කතාව ඔයාගෙ Affair එකට දැන් මාස 03ක් වෙනවා, මම හරි නේද? ඇත්ත කිව්වනම් ඔයාට පවු පිරෙනවද? "

    "ඇයි අකිල මේ කලබල වෙලා,ඔයාට පිස්සුද, මොනාද මේ කියවන්නෙ.."

    තවමත් මට ලැබෙන්නේ උත්තර නොව ප‍්‍රශ්නය.

    "මේකයි සාරන්‍යා.. මට ඒක කවදා පටන්ගත්තත් කමක් නැහැ, ඒත් මට දැනගන්න ඕනෙ මෙච්චරයි, ඔයාට මට බොරු කියන්න තිබ්බ උවමනාව මොකක්ද? "

    සාරන්‍යා අද පිළිතුරු දීමට වැඩි කාලයක් ගැනීම මට මහත් කුතුහලයකි.

    "දැන් කවුද ඔයාට ඔය බොරුව කිව්වෙ? "

    "කිව්වෙ ඔයාගෙ අයියා .."

    සාරන්‍යා නැවතත් නිහඩය.

    "මේ මොන විකාර කතාවක්ද? ඉන්න මම එයාගෙන් අහන්නම්. අනික ඔයාට මට වඩා දැකලාවත් නැති කෙනෙක් ලොකු උනාද? "

    ඇයව තවමත් මට උවමනාටවත් වඩා විශ්වාසය. සාරන්‍යා අසනීප වූ දින සිට මා ඇයගේ සතුට වෙනුවෙන් නොකල දෙයක් නැත.ඇය කැමති කෙනෙකු සමගින් නැවත සම්බන්ධයක් ඇතිකරගැනීමට ඉඩදී මා හිත හදාගත්තේද ඇයගේ සතුට වෙනුවෙනි.

    "ඔයාලා කැමති දෙයක් කතාබහ කරගන්න. මට ඕනඋනේ හැමදේටම ඉඩදීපු මට ඔයා බොරුකිව්වද කියලා දැනගන්න විතරයි.."

    "මම ඔයාට බොරු කරනවද අකිල.."

    "හ්ම්.. මට ඔයාව විශ්වාසයි.."

    "ඒකනෙ.. පිස්සු විකාර හිතන්න එපා, උදේට කාලද ඉන්නෙ?

    "තව නැහැ සාරන්‍යා.."

    "හරි එහෙනම් දැන් ගිහින් කන්න, මම අයියාට Call කරලා දවල්වෙලා ඔයාට ගන්නම් හොදද..
    ආ... කියනකොටම එයා මට ගන්නවා. මම එහෙනම් තියන්නම් අකිල,අනං මනං හිතන්න යන්නෙපා.
    බුදු සරණයි..."

    "බුදු සරණයි.."

    සංජය මට බොරු කියන්නට ඇතැයි කියා සිත හදාගන්නද? සාරන්‍යා මට අවිශ්වාස කිරීමට තරම් දෙයක් මේවන තුරුත් ඇය මට කර නැත. නමුත් මගේ සිතට නැගෙන්නේ විස්තර කිරීමට නොහැකි ගුප්ත ස්වභාවයකි. සාරන්‍යාට මෙන්ම සංජයටද මාහට බොරුකිරීමට ඇති අවශ්‍යතාවය කුමක්ද? මට නැවත මතක්වූයේ සංජයගේ අංකයයි.දුරකථනය අතට ගෙන Received call List එකේ සංජයගේ අංකය නැවත බැලූවෙමි. මට හීන් දාඩිය දැම්මේ එවෙලෙහිය. සාරන්‍යාගේ අංකයෙන් අවසන් අංක දෙකෙන් පමනක් වෙනස් වන ඔහුගේ අංකය නිසැකයෙන්ම කපල් පැකේජ් එකක් වන්නට ඇත. සාරන්‍යා නව අංකය භාවිතා කරන්නට ගත්තේද මීට මාස දෙකකට පමණ පෙර සිටය.එසේනම් සාරන්‍යා මට මේ කියන්නේ ගල් පැලෙන බොරුද?

     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    closeupofablindfoldedbo.jpg



    මට සංජය පිළිබද ඇතිවූයේ කියාගත නොහැකි තරහවකි. උදේ පාන්දරම මගේ දවස කා දැම්මා පමණක් නොව ඔලුවද විකාර කර දැම්මේය. සංජය කරන බොරුව ගැන මට ඔහුගෙන්ම ප‍්‍රශ්න කරන්න හිතුනත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් වන නිසා ඔහුට කතාකොට පලක් නැත. අනෙක් අතට සාරන්‍යාගේ කතාද පරස්පරය. මට එක්වරම සිහියට ආවේ විමාෂාය. ඇය සාරාන්‍යාගේ හොදම යෙහෙළියයි. එම නිසාම මගේද ළඟම යෙහෙළියක වී සිටියද සැලකිය යුතු කාලෙකින් ඇයට දුරකථන ඇමතුමක්වත් දීමට නොහැකිවිය. මෙම ගැටළුව ලිහාගැනීමට හොදම කෙනා විමාෂා බැවින් ලැජ්ජාව පසෙකින් තබා ඇයට ඇමතුමක් ගත්තෙමි.

    "හෙලෝ විමූ..."

    "දෙයියනේ... තාමත් අපේ නොම්මර ඔය ෆෝන්වල තියෙනවා එහෙනම්.."

    "හරි හරි.. නෝන්ඩියට කතා කරන්න ඕනෙ නෑනෙ. පහුගිය දවස්ටිකේ එකදිගට වැඩ විමූ, කාටවත් Call එකක්වත් දෙන්න බැරි උනා. කොහෙද ඉන්නෙ, campus එකේද? "

    "නැහැ අකිල නිවාඩු නිසා යාළුවෙක්ගෙ ගෙදර ආවා. ඒක නෙවෙයි, මුලින් කියලා ඉමුකො තකහනියක් අපිව මතක් උනේ මොකද කියලා. මට proposal එකක්වත් ගේන්නද? අනේ රජෝ දැන්නම් ඒකට too late, අන්න අපේ ගෙදරින් මට එකක් හොයලා..."

    විමාෂා සුපුරුදු හිනාව සමගින් එකදිගට පැවසුවාය. ඇයගේ කතුරු කටනම් තවමත් වෙනස්වී නැත.

    "අනේ මේ.. උඹට proposal ගේන්න මගේ ඇස් වපරයි කියලා හිතුවද? මම ගත්තෙ නම් පොඩි පණිවිඩයක් දැනගන්නත් එක්ක.."

    "ආ... ඒ කියන්නෙ මේ අපේ දුක සැප බලන්න නෙවෙයි call කරලා තියෙන්නෙ..
    කමක් නැහැ.. කමක්නැහැ.. කියමුකො බලන්න මොකක්ද කියලා.."

    "හැබැයි විමූ ඔයා මට කිසිම දෙයක් හංගන්නෙ නැතුව ඇත්තම කියන්න ඕනෙ.."

    "ආ... ඒ මොකක් ගැනද? "

    විමාෂාගෙ කෙලිලොල් හඩ වෙනස්විය. මෙය බරකර කීවොත් මට ඇත්ත කතාව දැනගැනීමට හැකිවන්නේ නැත.

    "නෑ.. නෑ.. ලොකු දෙයක් නෙවෙයි, campus එකේ මගේ යාළුවෙක් කිව්වා සාරන්‍යාට boy කෙනෙක් ඉන්නවා කියලා ඒක ඇත්තද? එයාගෙන් කෙලින් අහන එක හරි නැහැනෙ, ඒකයි ඔයාගෙන් ඇහුවෙ.."

    විමාෂා නිහඩය. ඇය මේ ගැන සහසුද්දයෙන්ම දන්නවා විය යුතුය.

    "විමූ.."

    "ඔයා අප්සෙට් ගන්නැත්තම් මම උනදේ කියන්නම් අකිල, හැබැයි සාරන්‍යාම මේක ඔයාට කියනකං හිටියානම් තමයි හොද, මොකද නැත්තම් සාරන්‍යාත් මම ගැන වැරදියට හිතයි.."

    "නැහැ විමූ.. මට ලොකු දෙයක් දැනගන්න ඕනෙ නැහැ. මට දැනගන්න ඕනෙ අපේ එකා කිව්වෙ පචයක්ද කියලා දැනගන්න විතරයි.මොකද ඒකා ඉදපු ගමන් හෙන බේගලුත් අතඅරිනවා"

    මට අවශ්‍යවූයේ මෙය මට ඒතරම් ප‍්‍රශ්නයක් නොවන බව විමාෂාට ඇගවීමටය.

    "හ්ම්... ඔයා දන්නවා නේද සංජය අයියාව? "

    "ඔවු.. සාරන්‍යා මට ඒ දවස්වල ඉදන්ම කියලා තියෙනවා, රැග් සීසන් එකේදී සාරන්‍යාව ෂේප් කලෙත් සංජයනෙ.."

    "ඔවු එයා තමයි. සාරන්‍යා සංජය අයියාට කැමති උනා.."

    හද ගැස්ම වැඩිවූයේ ඇයිදැයි මමම නොදනිමි.

    "ළඟදීද? "

    මෙතෙක්වෙලා පූර්විකා දුන්නේ මේ ප‍්‍රශ්නය ඇසීමටයි.

    "නැහැ.. අපි Batch Trip එක ගියපු දවසෙ.."

    මම නිරුත්තර වීමි. මෙය විශ්වාස කල හැකි දෙයක්ද?

    "ඔක්තෝම්බර්වල ගිය Trip එකද? "

    "ඔවු අකිල.."

    තවත් මොනවානම් අසන්නද? මේනම් මා දැනසිටි සාරන්‍යා වන්නට බැරිය. මට බොරු කෙරූ හේතුව කුමක් උවත් ඒ බොරුව වහන්නට මේ දින කිහිපයට පමණක් ඇය කිවූ බොරු තොගය ටොන් ගණනක්ය. මට සාරන්‍යා ගැන ඇති වූයේ තදබල පිළිකුලකි.

    "විමූ.. මට office එකෙන් call එකක් එනවා, මම ඔයාට පස්සෙ ගන්නම්.."

    මට තවදුරටත් විමාෂාත් සමග කතා කිරීමේ අපහසුවක් ඇතිවුණි.

    "හරි අකිල, අප්සෙට් ගන්න එපා.."

    "ඒක අප්සෙට් ගන්න දෙයක් නෙවෙයි විමූ, සාරන්‍යා කාවම උනත් Marry කරන්න එපැයි. මම ඔයාට නිවාඩු පාඩුවෙ ගන්නම්.."

    මට සාරන්‍යා ගැන ඇතිවූ කලකිරීම කියා නිමකල නොහැකි එකකි. මේ තරම් කාලයක් ඇය කිවූ දේවල් බොරුබව තවමත් ඇදහීමටවත් නොහැක. ඇය කෙතරම් අහිංසකද. ගන්ධබ්බ අවස්ථාවක සිටින කලෙක මෙන් මාව පාවෙමින් තිබුනේ විශ්වාසය පිළිබදව ඇතිවූ කෙලවරක් නොමැති සංව්ගය නිසාය. සාරන්‍යා මේ තරම් හපන්කමක් කලේ කෙසේද? නොදැනීම පැයක් පමණ ගතවී ඇත. කරන්නම දෙයක් නැති තැන සාරන්‍යාට ඇමතුවත් ඇය දුරකථනය විසන්ධි කලාය. නැවත නැවතත් ඇමතුවත් ඇය විසන්ධි කලාය. වෙනදාට ඇය ඇමතුමක් විසන්ධි කරන්නේ දේශනයක සිටින විටදී පමණි. නමුත් අද ඇය නිවසේය. විනාඩි පහකට පසු කෙටි පණිවිඩයක් ලැබුණි.

    Akila oya mokakda me ehatai mehatai call kara kara karanne? ayyath dan mata call karala hodatama benna. oyata one mage ayyawa mata nethi karannada? mata mage paduwe inna denna. mata hemadetama wada ayyawa watinawa.


    සමාප්තයි !

    "සාරන්‍යා" නමින් මෙතෙක් දිනක් දිගහැරුන කතාව අදින් අවසන්වෙයි. සාරන්‍යාලා, අකිලලා, සංජයලා ඔබත් මමත් ජීවත්වන සමාජයේ කෙතෙකුත් ඇත. ඇතැම්විට ඔබට මුණගැසීද ඇත. ඇතැම්විට ඔබ මින් එක් චරිතයක් වන්නටද ඇත. ඉදින් අප සාරන්‍යාලා, අකිලලා මෙන්ම ඔවුන්ගේ චරිත ස්වභාවයන්ද, ඔවුන්ගේ ආශාවන්ද, ඔවුන්ගේ බලාපොරොත්තුද තේරුම්ගෙන ඔවුන්ම සමගින් ජීවත්වමු.

    නිරෝෂ් මෛති‍්‍ර
    source :- http://dreamnirosh.blogspot.com/2012/04/01.html

    තවත් ලස්සන නිර්මාණ තියන බ්ලොග් එකක්. කාගේ උනත් ලස්සන අදහසක්. ලස්සනනම් බම්ප් එකක් දාල කමෙන්ට් එකක් කොටලා යන්න. මගේම නිර්මාණ වගයක් කරමින් ඉන්නවා. වෙලාව මදි ඉවර කරගන්න. ඉක්මනට ඒවත් දාන්නම්.

     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    95.gif

    rep hawasata hode...:):)

    තැන්ක්ස් යාළු. ඔයා දන්නවද එළකිරියේ කෙනෙක් කොටුවක් පැනල, රෙප් එකක් වැඩිවෙලා තැන්ක්ස් කරන්න ත්‍රෙඩ් එකක් දාපුවම මුල් පොස්ට් 10 ඇතුලේ බොහෝ විට ඔයා ඉන්නවා.

    මං උදේ රෙප් දුන්නා
    You must spread some Reputation around before giving it to Ereshaz77 again
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    සුදු මහත්තයා;13604721 said:
    bookmarked. passe balannam. dan hitha na. kalin love karapu kella Amma kenek wenna yanawai kiyanne. ada dawase breaking news eka eka tama mata labunu. :(

    ඔයාගේ ඒ කෙල්ල කොහෙහරි සතුටින් ඉන්නවනම් ඒක නේද ඔයාගෙත් සතුට....:)
    සුභ පතන්න අමතක කරන්න එපා.

    මේක පස්සේ බලන්න.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තැන්ක්ස් යාළු. ඔයා දන්නවද එළකිරියේ කෙනෙක් කොටුවක් පැනල, රෙප් එකක් වැඩිවෙලා තැන්ක්ස් කරන්න ත්‍රෙඩ් එකක් දාපුවම මුල් පොස්ට් 10 ඇතුලේ බොහෝ විට ඔයා ඉන්නවා.


    congratulations machan....


    uba oya kiyapu kathaawa nam hariyatama hari.. uba comment karapu mage thread eket 1st comment eka daala thiyenne me yaluwa thamai.. :):)
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සුදු මහත්තයා;13604721 said:
    bookmarked. passe balannam. dan hitha na. kalin love karapu kella Amma kenek wenna yanawai kiyanne. ada dawase breaking news eka eka tama mata labunu. :(

    ado sudu.. uba koheda hatiye mechchara kal.. after long time.. :shocked: