කොට ගවුම

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ලංකාවේ සමහර මියුසික් විඩියෝ කාරයන්ට / කළාකරුවන්ට / විඩියෝ අධ්‍යක්ෂකලාට පහත සඳහන් අරමුණු සඳහා ජනතාව දැනුවත් කිරීමේ කෙටි විඩියෝ කරන්න දුන්නා නම් ....

    1. ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් -
    තරුණ කාන්තාවක් දුහුල් කොට ගවුමක් ඇඳගෙන බැල්කනියක ඇති මල් පෝච්චි වලට හෝස් පයිප්පයකින් වතුර දමමින් සිටියි.....එයට යටින් පාරේ තරුණයෙකු ඈ දෙස බලා සිටියි......තරුණියද ඔහු දෙස වරින් වර හොරැහින් බලා සිනා සෙමින්, අතින් මුහුණට වැටුණු කොණ්ඩය පස්සට කරයි....... හදිසියේ සුළං රැල්ලක් විත්, ඇගේ ගවුම උඩ යයි.....( ඇයගේ යටි කයෙන් සියට අසූවක් පමණ දර්ශණය වේ ) ...ඇය කට "ඕ" අකුරේ හැඩේට ඇරගෙන, හෝස් පයිප්පය අතහැර ගවුම අල්ලා ගනියි.....හෝස් පයිප්පයේ වතුර බැල්කනියෙන් ඔබ්බට ගොස්, පහත ඇති වැහි පීල්ලක් දිගේ රූටා, යෝගට් කෝප්පයක් මතට වැටේ......යෝගට් කෝප්පයේ ඊජිප්ටස් කීටයන් බෝවී, තඩි මදුරුවෙක් මතුවෙයි.... ( ඇනිමේෂන් )..... ඊළඟ දර්ශණ තලයේ, අර කොලුවා මල් පොකුරක් සොහොනක් අසළ තබා, දණින් වැටී හඬයි.....සොහොන් ගල මත තරුණියගේ ඡායාරූපයකි.....අන්තිම විනාඩි බාගයේ ඩෙංගු මර්ධන පණිවිඩය......( සෞඛ්‍ය අමාත්‍යංශයේ )

    2. පරිසර සංරක්ෂණ ( වැසි වනාන්තර ) -
    වැසි වනාන්තරයක් මැදින් තරුණ කැමරා ශිල්පියෙකු පාරිසරික ඡායාරූපකරණයක් සඳහා යයි..... කොලුවා තඩි බූට් දෙකක්, හොම්බ හොඬවැලක් බඳු කැමරාවක්, සහ සාක්කු එකසිය පහක් පමණ ඇති ජැකට්ටුවක් ඇඳ සිටි......හදිසියේම ඔහු ඉදිරියෙන් කොළ අතුවලින් සාදන ලද කොට ඇඳුමක් ඇඳ ගත් තරුණියක් විදුලි වේගයෙන් යනු පෙනේ..... කොලුවා කැමරාවත් අමෝරාගෙන, පඳුරෙන් පඳුරට පනිමින්, තරුණිය ගිය පාර සොයයි......මද වේලාවකින් ඌට ගී හඬක් ඇසෙයි......වනාන්තරය මැදින් ගලන ගඟ දෙසට ගී හඬ ඔස්සේ යන තරුණයාට, තරුණියගේ කොළ අතු ඇඳුම ගලක් උඩ තියෙන අයුරුත්, ඈ ගඟේ නිරුවතින් නාන අයුරුත් දිස්වෙයි.......( තරුණියගේ මුහුණ සහ පිට දැක ගත හැක.......ඒ පෙනුම අනුව ඒකී වනයක ජීවත් වූ තරුණියක් නොව, පැරිසියේ සුපර් මොඩ්ල් කෙනෙක් තරමට නිකැළැල්, පැහැපත්, සීරීමකින් හෝ තොර සමකින් යුතුය.. )..... තරුණයා පඳුරු ගොල්ලකට මුවාවී තරුණියගේ පින්තූර ගනියි......
    මඳ වේලාවකින් ගොඩට විත් ඇඳුම ඇඳ ගන්නා තරුණිය, ඊට පසුව වනාන්තරයේ චාරිකාවක් පැමිණ, මත්පැන් බොමින් සිටි දාමරිකයන් පිරිසකට කොටුවේ.....ඔවුහු ඇයව රැගෙන ගොස් අතවර කරන්නට උත්සාහ කරද්දි, ඡායාරූප ශිල්පී තරුණයා එතනට පැන, "අකාළ සන්ධ්‍යා" නාට්‍යයේ නාගසිංහ සේ සුපිරි අංගම් පාරවල් ටිකක් ගසා, අර චණ්ඩින්ව පත බාවා, තරුණිය බේරා ගනියි.....ඉන් පසුව ඇයව ඔහුගේ මෝටර් සයිකලයේ හිඳුවාගෙන නගරයට කැඳවාගෙන යයි.....( මෙම දර්ශණයේදී සයිකලයේ පට්ට සෙක්සි විදියට ඉඳගන්නා කැලෑ කෙල්ලගේ නිතඹ පිටුපසට ඉලිප්පී, දෙපා යුග කළවා තෙක් පෙනෙන ලෙස රූගත කරන අතර, මෝටර් සයිකලය පිටත් වී මඳ වේලාවකින් ඇය තරුණයාගේ පපුවට දෙ-අත් යවා, පිටට හිස හේත්තු කර ගනියි )....
    අර බිම වැටී සිටින මැරයන්ගෙන් එක් අයෙකුගේ අත තිබූ බියර් කෑනයක් පෙරළී ගොස් දොළට වැටෙන ආකාරය අවසාන දර්ශණයේ පෙන්වන අතර, " වැසි වනාන්තර වලට දිරාපත් නොවන අපද්‍රව්‍ය එක් කරන්න එපා" යන පණිවිඩය ඒ රූප රාමුවේ පසෙක සටහන් වේ......

    3. ආදායම් බදු නිසි පරිදි ගෙවීම -
    නාන කාමරයක, නාන බේසමක බැස තරුණියක් නාමින් සිටියි......ඇය සබන් පෙණ අතරින් එක කකුළක් උඩට උස්සා, ඒ කකුළේ කලවය දෙසට කටින් සබන් බෝළ යවයි......නාන බේසම අසළ වයින් පිරවූ වීදුරුවක්ද ඇත.... මඳ වේලාවකින් බෙන්ස් රථයකින් පැමිණෙන තරුණයෙකු අර නිවසට ඇතුලුවී, කෙළින්ම නාන කාමරයටද ඇතුලු වී, ටයි ගැටය බුරුල් කරමින්, තරුණියගේ නාන බේසමේ ගැට්ට උඩින් ඉඳ ගනියි.....( ගෙදර ඉදිරිපස දොරේ සිට නාන කාමරයේ දොර දක්වා ඇති සියලු දොරවල් වල මෙලෝ අගුලක් දමා නොමැත.....) ... තරුණිය ඔහු දෙස සරාගී බැල්මක් හෙලා, වයින් වීදුරුව ඔහුගේ අතට දෙයි......ඔහු එයින් වයින් ස්වල්පයක් තරුණියගේ දෙතොල් මත වක් කරයි..... එකෙණිහිම දොරෙන් ඇතුලුවන පොලීසිය අදාළ තරුණයාව අත් අඩංගුවට ගෙන, ගෙන යයි......බියපත් තරුණිය තුවායකින් විලි වසාගෙන ඇස් ලොකු කරගෙන සිටියි....
    තිරයේ "වසර හතකට පසුව" කියා වැටෙයි......අර තරුණිය කකුල් වලට තෙල් ගාලා බස්සන්න වෙන තරම් තද ඩෙනිමක් කිටි කිටියේ ඇඳගෙන, වෙනත් තරුණයෙකු සමග සුපිරි සාප්පු සංකීර්ණයක දොරෙන් මතුවෙයි.....එහි දොරකඩ, අර සිරගත වූ තරුණයා, නිදහස් වී අවුත්, යාචකයෙකු වී, වැරහැලි ඇඳගෙන ඉඳගෙන සිටියි......ඔහුව පසු කර යන අතරේ, අර තරුණිය ඔහුගේ මුහුණ හඳුනාගෙන, අව් කණ්නාඩි යුගල මඳක් උස්සා ඔහු දෙස බලයි.......එම තරුණියගේ නව පෙම්වතා "හොන්ඩා වෙසල්" රථයකට නගින ගමන්, සිඟන්නා දෙස බලමින් පමාවෙන තරුණියට මඳක් සැරෙන් අඬ ගසයි.....තරුණිය වෙසල් රථයේ දොර ළඟ සිටින නව පෙම්වතා සහ පැරණි පෙම්වතා දෙස මාරුවෙන් මාරුවට දෙවරක් බලා, දුවගොස් රථයට ගොඩවෙයි......රථය පිටත්ව යයි........අවසන් රූප රාමුවේ " ආදායම් බදු වංචා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි" කියා වැටෙයි.....

    4. ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය -
    ගමක වැලි මිදුලක, පට්ට කොට චීත්ත ගවුම් ඇඳගත් කෙල්ලන් රංචුවක් බට්ටො පනිති......පනින විට ඔවුන්ගේ ගවුම් ඉස්සී ඇතැම් අවයව වල බාහිර සීමා දර්ශණය වෙයි......ඔතන ඉණි වැටක් ඇති අතර, ඒ වැට අද්දරට තැපැල් නයින්ටියකින් කොලුවෙක් පැමිණෙයි.....බට්ටො පනින කෙල්ලන් අතර ඉන්නා එක කෙල්ලක්, අරූ දැක්ක වහාම වැට අද්දරට දුවගොස්, වැට ඉන්නක එල්ලී, කෝච්චියේ ෆුට්බෝඩ් ඉන්නා එකියක් සේ, ඒ අතට මේ අතට වැනෙයි......අනිත් කෙල්ලන් ටික එක තැනකට රොක්වී, සැමගේම කම්මුල් වල එකම ස්ථානයට ඇඟිල්ල තබාගෙන, අරකීට එකම දිශාවකට හිස සලමින් ඔච්චම් කරති......
    දෙවනි දර්ශණය පරිදි, අරකී වැවේ දිය නාමින් සිටිද්දී, මේ තරුණයා පැල් රැකීම සඳහා එතනින් යයි......අර කෙල්ල දිය රෙද්ද තදට ඇඟට ඇලී තියෙද්දී, ඒක පිටින්ම ගොඩට ගොස්, අර තරුණයාට වැවෙන් නෙළා ගත් මලක් දික් කරයි......ඕක දකින එතැනින් ගිය වැඩිමහලු කාන්තාවක් වහා ගොස්, අර තරුණියගේ අම්මාගේ කනේ ඕක තියයි......තරුණිය ගෙදර පැමිණි පසු, තරුණියගේ තාත්තා ඇයගේ කොණ්ඩයෙන් ඇදගෙන ගොස්, කාමරයක දමා සිර කරයි......තරුණිය ඇඳක් මත වැටී හඬයි......
    කෙල්ල නැති සාංකාවෙන් අර තරුණයා රැවුල වවාගෙන, පාරක් අයිනේ ගහක් යට ඉඳගෙන, හොම්බේ අත තබාගෙන කල්පනා කරයි.....එවිට තරුණයාට කැස්සක් සෑදෙයි.....කැස්ස සමග ලේන්සුවේ ලේ දකින්නට ලැබෙයි......මේ විඩියෝවේ අධ්‍යක්ෂක වරයා එතනින් ප්‍රාඩෝ ජීප් එකකින් යයි......තරුණයා දකින ඔහු බැස ඇවිත්, ප්‍රශ්ණය කුමක්දැයි අසා, ඔහුව ජීප් රියේ නංවාගෙන ටවුමේ රෝහල වෙත ගෙන යයි....
    සිද්ධිය කණ වැකෙන අදාළ තරුණිය සාරියකුත් ඇඳගෙන රෝහලට කඩා වැදී, රෝහලේ කොරිඩෝ දිගේ දුවයි......අවසානයේ ඇය දැඩි සත්කාර ඒකකයේ දොරෙහි වීදුරුව ළඟට එනවිට, ඒක ඇතුලේ සිටින රෝගියෙකුට සවි කර ඇති ECG මොනිටර් එකක අගය "0" ලෙස සටහන් වනු පෙනන අතර, "ෆ්ලැට් ලයින්" එකක් තිරය හරහා ඇඳී යයි......තරුණිය දොරේ අත ගසාගෙන, දොර හරහා පහළට රූටා වැටී හඬයි......එතකොට විඩියෝවේ සහ මියුසික් වල අධ්‍යක්ෂක වරයා ඇයගේ උරහිසට අතක් තබා, ඇය නැගිට්ටවා, යාබද කාමරය පෙන්වයි......
    බලනකොට මැරී ඇත්තේ වෙන ලෙඩෙකු වන අතර, ඇයගේ පෙම්වතා බෙහෙත් බී, ඇඳක් මත ඉඳගෙන සිටියි......ඇයව ඔහු වෙත කැඳවාගෙන යන අධ්‍යක්ෂක වරයා, ඔහුගේ අත ගෙන ඇයගේ අත මත තබා "තම්බ්ස් අප්" එකක් දමයි.....එතකොට කාමරයේ දොරෙන් මතුවන තරුණියගේ දෙමව්පියන් මේ එකතුව අනුමත කරන්නා සේ හිස සළමින් සිනාසෙන අතර, ඇගේ අම්මා සාරි පොටගෙන සතුටු කඳුළක් පිසියි.....
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    පට්ට බන්. අර ආදායම් බදු සීන් එක සුපිරි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවසන් රූප රාමුවේ " ආදායම් බදු වංචා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි" කියා වැටෙයි.....