කොණ්ඩෙ ඩයි කරන්නේ පරිස්සමින්..!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    කොණ්ඩෙ ඩයි කරන්නේ පරිස්සමින්..!

    පහුගිය දවසක දන්න කියන මැදවියේ කාන්තාවක් හදිස්සියෙම ලඟපාත ඉන්න දොස්තර කෙනෙක් හොයාගෙන ඇවිදිනවා. හේතුව තමයි හදිස්සියේම ඇයගේ මුහුණ අසාමාන්‍ය විදිහට ඉදිමීම. වෛද්‍යවරයා විමසලා තිබෙනවා මොනවාහරි බෙහෙතක් බිව්වද? නැත්නම් නුපුරුදු කෑමක් කෑවද? එහෙමත් නැත්නම් සතෙක් දෂ්ට කරාද කියලා.

    ඒත් ඒ කිසිම දෙයක් නෙවෙයි, කාන්තාවගේ පිළිතුර වුනේ ‘කොණ්ඩය ඩයි කලා‘ කියලා විතරයි. ඒ කියන්නේ ඇය කොණ්ඩය කළු පැහැ වර්ණ ගන්වලා තිබෙන්නේ පළවෙනි වතාවටයි. ඇය පාවිච්චි කරපු Hair Dye එක විෂවීම නිසා තමයි මෙහෙම මුහුණ ඉදිමෙන්න හේතුවෙලා තිබෙන්නේ. හිස්කබල නිසා හිස ඉදිමෙන්න බැරිනිසා විෂ හේතුවෙන් අසාත්මිකතාවයක් ඇතිවෙලා මුහුණ ඉදිමිලා.

    තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් ජීවිතය පවා නැතිවෙන්න ඉඩතිබුණා. කොහොමවුනත් මේක හොඳ පාඩමක් සමාජයටම තිළිණ කරන දෙයක්. කොණ්ඩය ඩයි කිරීම කියන එක ආවට ගියාට අපරිස්සමෙන් කරන්න ඕන දෙයෙක් නෙවෙයි කියන එක මේ සිද්ධියෙන් සන්නිවේදනය වෙනවා. එහෙනම් කොණ්ඩය ඩයි කරන්නේ කොහොමද?

    සාමාන්‍යයෙන් මැදිවියට පැමිණිලා කොණ්ඩය ටික ටික සුදුවෙන්න ගත්තම ඇතැම් අය කොණ්ඩය ඩයි කරන්න පෙළඹෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ද තමන්ගේ කොණ්ඩයේ පැහැය වෙනස් කරගන්න කොණ්ඩය ඩයි කරන්න පෙළඹෙනවා. එහෙම ඩයි කරන්න තීරණය කලාට පස්සේ ඔබ මුලින්ම කළ යුත්තේ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙක් හෝ හිසකෙස් සම්බන්ධ විශේෂඥයෙක් හමුවෙලා හිස කෙස්වලට ගැලපෙන නිවැරදි ඩයි වර්ගයක් මුල්ම වතාවට භාවිතා කිරීම.

    එහිදී පලපුරුදු රූපලාවන්‍ය ශිල්පීණ් ඩයි වර්ගය හිසේ ගල්වන්න කලින් වෙනත් රෝග පිළිබඳ විමසීම් කරලා, ඩයි වර්ගය සමේ සංවේදී තැනක ආලේප කරලා හෝ වෙනත් තාක්ෂණික උපකරණයක් භාවිතා කරලා මේ ඩයි වර්ගය ඇලජික් වේවිද කියලා පරික්ෂා කරලා බලනවා. එහෙම ඇලජික් නැත්නම් ඩයි වර්ගය ආලේප කරලා හිසකෙස් වර්ණය වෙනස් කරනවා. පස්සේ දිගටම තමන්ටම වුනත් මේ ගැලපෙන ඩයි වර්ගය නිවැරදිව මිලට ගෙන ඩයි කරගන්න පුළුවන්.

    එහෙම තමන්ම ඩයි කරගන්න ගියත් හිසේ ගල්වන්න කලින් කණ පිටිපස්සේ ඩයි පොඩ්ඩක් ගාලා සමට හානියක් හෝ අසාත්මිකතාවක් සිදුවේවිද කියලා පරික්ෂා කරලා බැලිය යුතුමයි. එහෙම නැතිව කලබලේට සහ අවබෝධයෙන් තොරව කොන්ඩය ඩයි කරන්න ගියොත් ඔබේ ජීවිතය පවා අහිමිවීමේ අවදානමක් තිබෙනවා.

    උපුටා ගැනීම - www.her.lk
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    Samahara ayata Ammonia tyena dye allergic. Patch test ekak hariyata kranna kiyanne ekai. Kohoma karath godak kalpnawen inna one dye karala 48 hrs yanakan. Allergic ayata ammnia free dye tibbath Lankawe tyena godak dye sell karaganna witarak ammonia free kiyala gahanawa. E nisa parissamen. Allergy ekak wei kiyala sekayak tyenwanan allergy walata ganna pettak wath lanaga tyaganna. E.g. Piriton. Mokade godak welawata hisma ganna amaru wenne puluwn