කොත්තුවේ ඉතිහාසය

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    කොත්තුවේ ඉතිහාසය

    අපි නොදන්න කොත්තුවේ ඉතිහාසය

    kotthu.jpg

    මැදපෙරදිග රටවල බොහෝමයක්‌ මිනිස්‌සු බායි රොටි, පරෝටා රොටි කෑලි කෑලිවලට කඩා මස්‌ හොදි සමග මිශ්‍ර කර රසවත් ක්‍ෂණික කෑමක්‌ ලෙස අතීතයේ ආහාරයට ගත්හ. ක්‍රමයෙන් ඒ ආහාර වේල තව තවත් රස කරගැනීමට ඔවුන් බිත්තරයක්‌ ද එයට එකතු කළේය. පසුකාලීනව ඔවුහු ඒ කෑම වේලට බිත්තරයක්‌ සමග එළවළු ස්‌වල්පයක්‌ ද එකතු කර තෙම්පරාදු කරගනිමින් වඩාත් රසවත් කෑම වේලක්‌ බවට පත් කර ගත්හ. කල්ගත වීමත් සමග එය මැදපෙරදිග රසවත්ම ක්‍ෂණික කෑම වේලක්‌ බවට ජනප්‍රිය විය.

    මැදපෙරදිග රටවල ගෘහ සේවයට ගිය අපේ මිනිසුන්ගේ ද රසවත්ම කෑම වේල එය විය. ඔවුන් මෙරටට පැමිණිය ද ඒ කෑම වේලේ රස අමතක නොවීය. එහෙත් බායි රොටි, පරෝටා රොටි අපේ රටේ නොතිබිණි. ඔවුහු ඒ වෙනුවට ගෝතම්බ රොටි එකතු කරගනිමින් ඒ රසවත් කෑම වේල සාදාගත්හ. ක්‍රම ක්‍රමයෙන් ඒ කෑම වේල වැඩි දියුණු වෙමින් රත් වුණු යකඩ තැටියක තවත් තහඩු කෑලි දෙකකින් කොටන කොත්තු රොටියක්‌ බවට පත් විය. මෙය මඩකලපුවේ ඉපැදුනු බවට ද නිල නොවන සාක්‍ෂි ඇත.

    එසේ නම් කොත්තු රොටියේ සුජාත අයිති හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට නොවේද?

    කොත්තු වර්ග දෙකකි, තාච්චියේ දාන කොත්තුව තාච්චි කොත්තුව වන අතර, ගලේ කොටන කොත්තුවට කළු කොත්තුව කියයි.

    උපුටා ගත්තේ දිවයින ඉරිදා සංග්‍රහයෙන්

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    sampoorna weradi.

    meda peradika kisima rataka speaacially arabs gewal wala ho arab resturantwala kottu roti nehe. (Man Meda peradiga hema ratakatama gihin thiyenawa,denatath inne meda peradiga)

    Man danna taramata Kottu roti sehenda famouse. Yaapane saha Indiwe tamil naduwe.

    wediharaiyak Demala Muslim kattiya inna thenwala thamai oka famous.

    arabiye kisima hotel ekaka Kottu rotiya nehe.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    දැන් ඉස්සර වගේ රසට කොත්තු දෙන්නේ නෑ ලංකාවේ නේ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    චීස් කොත්තු
    ඩෙවල් චිකන් කොත්තු & රෝස්ට් චිකන් කොත්තු
    මතක් කරන්න එපා දෙන්නම් තොත්තු

    පිලවුස් එකේ චීස් කොත්තුයි
    ෆැමිලි චෙෆ් එකේ ඩෙවල් චිකන් සහ රෝස්ට් චිකන් කොත්තු වලටයි ගහන්න ලංකාවේ වෙන කොත්තු තියෙනවද
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    චීස් කොත්තු
    ඩෙවල් චිකන් කොත්තු & රෝස්ට් චිකන් කොත්තු
    මතක් කරන්න එපා දෙන්නම් තොත්තු

    පිලවුස් එකේ චීස් කොත්තුයි
    ෆැමිලි චෙෆ් එකේ ඩෙවල් චිකන් සහ රෝස්ට් චිකන් කොත්තු වලටයි ගහන්න ලංකාවේ වෙන කොත්තු තියෙනවද

    :yes::yes::yes::yes:
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Patta macho!!aththatama kottu kewata,mewa danan hitiye na!!ela ela!!
    rep denna balu macho!!!

    You must spread some Reputation around before giving it to ranga_uoc again.

    153Mata_kottu.jpg
     
    Dec 13, 2011
    63
    3
    0
    අපි නොදන්න කොත්තුවේ ඉතිහාසය

    kotthu.jpg

    මැදපෙරදිග රටවල බොහෝමයක්‌ මිනිස්‌සු බායි රොටි, පරෝටා රොටි කෑලි කෑලිවලට කඩා මස්‌ හොදි සමග මිශ්‍ර කර රසවත් ක්‍ෂණික කෑමක්‌ ලෙස අතීතයේ ආහාරයට ගත්හ. ක්‍රමයෙන් ඒ ආහාර වේල තව තවත් රස කරගැනීමට ඔවුන් බිත්තරයක්‌ ද එයට එකතු කළේය. පසුකාලීනව ඔවුහු ඒ කෑම වේලට බිත්තරයක්‌ සමග එළවළු ස්‌වල්පයක්‌ ද එකතු කර තෙම්පරාදු කරගනිමින් වඩාත් රසවත් කෑම වේලක්‌ බවට පත් කර ගත්හ. කල්ගත වීමත් සමග එය මැදපෙරදිග රසවත්ම ක්‍ෂණික කෑම වේලක්‌ බවට ජනප්‍රිය විය.

    මැදපෙරදිග රටවල ගෘහ සේවයට ගිය අපේ මිනිසුන්ගේ ද රසවත්ම කෑම වේල එය විය. ඔවුන් මෙරටට පැමිණිය ද ඒ කෑම වේලේ රස අමතක නොවීය. එහෙත් බායි රොටි, පරෝටා රොටි අපේ රටේ නොතිබිණි. ඔවුහු ඒ වෙනුවට ගෝතම්බ රොටි එකතු කරගනිමින් ඒ රසවත් කෑම වේල සාදාගත්හ. ක්‍රම ක්‍රමයෙන් ඒ කෑම වේල වැඩි දියුණු වෙමින් රත් වුණු යකඩ තැටියක තවත් තහඩු කෑලි දෙකකින් කොටන කොත්තු රොටියක්‌ බවට පත් විය. මෙය මඩකලපුවේ ඉපැදුනු බවට ද නිල නොවන සාක්‍ෂි ඇත.

    එසේ නම් කොත්තු රොටියේ සුජාත අයිති හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට නොවේද?

    කොත්තු වර්ග දෙකකි, තාච්චියේ දාන කොත්තුව තාච්චි කොත්තුව වන අතර, ගලේ කොටන කොත්තුවට කළු කොත්තුව කියයි.

    උපුටා ගත්තේ දිවයින ඉරිදා සංග්‍රහයෙන්

    Pai kottu kiyanne e wage jathiyakata neda?

    ;)

    thx for the info.