කොත්තුවේ ඉතිහාසය
අපි නොදන්න කොත්තුවේ ඉතිහාසය
මැදපෙරදිග රටවල බොහෝමයක් මිනිස්සු බායි රොටි, පරෝටා රොටි කෑලි කෑලිවලට කඩා මස් හොදි සමග මිශ්ර කර රසවත් ක්ෂණික කෑමක් ලෙස අතීතයේ ආහාරයට ගත්හ. ක්රමයෙන් ඒ ආහාර වේල තව තවත් රස කරගැනීමට ඔවුන් බිත්තරයක් ද එයට එකතු කළේය. පසුකාලීනව ඔවුහු ඒ කෑම වේලට බිත්තරයක් සමග එළවළු ස්වල්පයක් ද එකතු කර තෙම්පරාදු කරගනිමින් වඩාත් රසවත් කෑම වේලක් බවට පත් කර ගත්හ. කල්ගත වීමත් සමග එය මැදපෙරදිග රසවත්ම ක්ෂණික කෑම වේලක් බවට ජනප්රිය විය.
මැදපෙරදිග රටවල ගෘහ සේවයට ගිය අපේ මිනිසුන්ගේ ද රසවත්ම කෑම වේල එය විය. ඔවුන් මෙරටට පැමිණිය ද ඒ කෑම වේලේ රස අමතක නොවීය. එහෙත් බායි රොටි, පරෝටා රොටි අපේ රටේ නොතිබිණි. ඔවුහු ඒ වෙනුවට ගෝතම්බ රොටි එකතු කරගනිමින් ඒ රසවත් කෑම වේල සාදාගත්හ. ක්රම ක්රමයෙන් ඒ කෑම වේල වැඩි දියුණු වෙමින් රත් වුණු යකඩ තැටියක තවත් තහඩු කෑලි දෙකකින් කොටන කොත්තු රොටියක් බවට පත් විය. මෙය මඩකලපුවේ ඉපැදුනු බවට ද නිල නොවන සාක්ෂි ඇත.
එසේ නම් කොත්තු රොටියේ සුජාත අයිති හිමිව ඇත්තේ ශ්රී ලංකාවට නොවේද?
කොත්තු වර්ග දෙකකි, තාච්චියේ දාන කොත්තුව තාච්චි කොත්තුව වන අතර, ගලේ කොටන කොත්තුවට කළු කොත්තුව කියයි.
උපුටා ගත්තේ දිවයින ඉරිදා සංග්රහයෙන්