කොත්තුව_ගැන නොදත් දේ
1973 අවුරුද්දේ සිට පාකිස්‌තාන් ජාතිකයන් ඩුබායි යැමට පටන් ගැනීමත් සමඟ එහිදී ක්‍ෂණික කෑමක් ලෙස බායි රොටි, පරෝටා රොටි කෑලි කෑලිවලට කඩා මස් හොඳි මිශ්‍ර කර ආහාරයට ගත්හ. ක්‍රමයෙන් එම ආහාර වේල තව තවත් රස කර ගැනීම සඳහා ඔවුන් බිත්තරයක් ද එයට එකතු කර ගත්තේය. ටික කලකට පසු ඔවුහු ඒ කෑමට බිත්තරයක් සහ එළවළු ස්‌වල්පයක් ද එකතු කර තෙම්පරාදු කර ගත්හ. කාලය යත්ම එම ආහාරය මැදපෙරදිග රසවත්ම ක්‍ෂණික කෑම වේල ලෙස ජනප්‍රිය විය. මැදපෙරදිග ගෘහ සේවයට ගිය අපේ මිනිසුන්ගේ ද රසවත්ම ආහාර වේල එය විය. ඔවුන් මෙරටට පැමිණිය ද එකී කෑම වේලේ රස අමතක නොවීය. එහෙත් අද මෙන්ම බායි රොටි, පරෝටා එදා නොතිබිණි. ඔවුහු ඒ වෙනුවට ගෝදම්බ රොටි එකතු කරගනිමින් ඒ රසවත් කෑම වේල සාදාගත්හ. ක්‍රම ක්‍රමයෙන් එම කෑම වේල වැඩි දියුණු වෙමින් ආපනශාලාවල රත්වෙන යකඩ තැටියකට අඩුම කුඩුම දමා තවත් යකඩ කෑලි දෙකකින් කොටා ගන්නා තත්ත්වයට පත් විය. පසුව එම කෑම වේලට කොත්තු රොටිය යනුවෙන් නමක් ද එකතු විය. මෙරට ප්‍රථම වරට කොත්තුව මඩකලපුවේ ඉපදුණු බවට නිල නොවන සාක්‍ෂි තිබේ. එහෙත් කොත්තු බාස්‌ලා කිහිප දෙනෙකුම අපට පැවසුවේ කොත්තුවේ ආරම්භය ඉන්දියාවේ කියාය. එහෙත් රත්වුණු යකඩ තහඩුවක් මත තවත් යකඩ කෑලි දෙකකින් කොටන්නේ අපේ රටේ පමණක් බවද, ඉන්දියාවේ කොත්තු සාදන්නේ තාච්චියේ බව ද ඔවුහු අප සමඟ පැවසූහ.
පළපුරුදු කොත්තු බාස් කෙනෙක් කියන විදිහට කොත්තුවක් සාදාගැනීමට අවශ්‍ය දෑ වන්නේ රොටි ග්‍රෑම් 300 ක්, එළවළු ග්‍රෑම් 150 ක්, මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස්, ලුණු කුඩු සහ ගම්මිරිස් ස්‌වල්පයකි. බිත්තර කොත්තුවක් නම් බිත්තර දෙකක්, මස් කොත්තුවක් නම් බැදපු මස් කෑල්ලක්, මාළු කොත්තුවක් නම් බැදපු මාළු කෑල්ලකි. මස් හෝ මාළු කොත්තුවට ද බිත්තරයක් එකතු කර ගන්නේය. මේ සියලුම දේ රත් වුණු යකඩ තැටියට දමා මස් හෝ මාළු හොදි මිශ්‍ර කර කෑලි කුඩු වෙන ගානට කොටනු ලැබේ. කෑලි, කෑලි පොඩි වුණු තරමට කොත්තුව රසය. එළවළු කොත්තුවට නම් කිරි හොදි චුට්‌ටක් එකතු කිරීම වඩාත් රසවත්ය. ඒ අවශ්‍ය දේවල් පදමට එකතු වුණා නම් වෙන කිසිම රසකාරකයක් අවශ්‍ය නැත. කොත්තු දෙවර්ගයකි. තාච්චි කොත්තු සහ ගලේ කොටන කොත්තුය.කොත්තුවක නියම බර ග්‍රෑම් 800 කි. එහෙත් ගොඩක් හෝටල්වල හදන කොත්තුවල නියම බර නැත. එමෙන්ම කොත්තුවලට වඩාත්ම සුදුසුම රොටි පරාට බව කොත්තු බාස්‌කෙනෙකු අපට කීවේය.
'අපේ මිනිස්‌සු කොත්තුව රස කරන්න එක එක ජාතියේ රසකාරක එකතු කරනවා. කෑම රස කරන්න හෝටල්වල හදන හැම කෑමකටම වගේම රසකාරක දානවා. මමත් කඩේක වැඩ කරන කොත්තු බාස් කෙනක්. ඒත් ඇත්ත කියන්න ඕනෑ. ඔය රසකාරක මිනිස්‌සුන්ට හොඳ දෙයක් නෙමෙයි. මම හදන කොත්තුවලට නම් රසකාරක දාන්නේ නෑ. කෑම රස කරන්න රසකාරක ඕන නෑ. අවශ්‍ය දේවල් පදමට දානවා නම් කෑම රස වෙනවා...' මනුස්‌සකම හඳුනන මිනිස්‌සු කොහෙත් සිටිති. අපට කතා කළ කොත්තු බාස් කියන දේ කරන කෙනෙක් නම් ඔහු යහපත් මනුස්‌සයෙකි. එහෙත් අපේ රටේ හෝටල්වල කොත්තු කියා විකුණන්නේ දවසේ ලට්‌ට, පට්‌ට එකතු කරලා රසකාරක, සෝස්, චිලි පේස්‌ට්, ගම්මිරිස්, ලුණු මිශ්‍ර කර හදන පිළුණු ඉඳුල් සම්බෝලයකි.
බොහෝ හෝටල්වල විකුණන කොත්තු මළ ජරාව බව සැබෑය. මස්, බිත්තර, පාන් පිටි, රසකාරක, මිරිස්, සෝස් එක ගුලියට අනා කෑ විට ඇඟට දැනෙන අපහසුතාව කොත්තු කෑ ඕනෑම බත් කන හරකෙකු අත්විඳ ඇති. අපි කන කොත්තුවක කැලරි, මේද ප්‍රමාණය දවසකට මිනිසකුට අවශ්‍ය කැලරි, මේද ප්‍රමාණයට වඩා හය, හත් ගුණයකින් වැඩිය. රාත්‍රි ආහාර වේලට එවැනි කෑමක් බඩට දාගත් විට හැදෙන ලෙඩේ අමුතුවෙන් පැහැදිලිs කිරීමට අවැසි නැත. පාන් පිටි කෑම කොලෙස්‌ටරෝල්, දියවැඩියාව වැනි රෝගවලට අත වැනීමකි. කොත්තුවලට ගන්නේ ගෝදම්බ රොටිය. එයද පිටි ගුලියකි. එහෙත් රසකාරක ගුලි වී තැටියේ තැලෙන කොත්තුවේ පුසුඹ හිය මොළ රත් කරන විට මේ කෙටෙන්නේ දවස මුළුල්ලේ ඉතිරි ඉඳුල් බව බඩජාරීන්ට මතක් වෙන්නේ නැත. කොත්තු කන්නේය. අන්තිමේ සල්ලි දී ලෙඩ ගන්නේය. දැන් කොත්තු කෑ තරුණයන් ද මැරෙන්නේය. එහෙත් රටේ කොත්තු හැදෙන එක නතර නොවේ. අපි කන කෑම ගැන තේරුම් ගත යුත්තේ අපමය. ලෙඩ හැදෙන්නේ අපටය.
තරංග රත්නවීර/දිවයින