කොත්තුව_ගැන නොදත් දේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    කොත්තුව_ගැන නොදත් දේ

    82.jpg


    1973 අවුරුද්දේ සිට පාකිස්‌තාන් ජාතිකයන් ඩුබායි යැමට පටන් ගැනීමත් සමඟ එහිදී ක්‍ෂණික කෑමක්‌ ලෙස බායි රොටි, පරෝටා රොටි කෑලි කෑලිවලට කඩා මස්‌ හොඳි මිශ්‍ර කර ආහාරයට ගත්හ. ක්‍රමයෙන් එම ආහාර වේල තව තවත් රස කර ගැනීම සඳහා ඔවුන් බිත්තරයක්‌ ද එයට එකතු කර ගත්තේය. ටික කලකට පසු ඔවුහු ඒ කෑමට බිත්තරයක්‌ සහ එළවළු ස්‌වල්පයක්‌ ද එකතු කර තෙම්පරාදු කර ගත්හ. කාලය යත්ම එම ආහාරය මැදපෙරදිග රසවත්ම ක්‍ෂණික කෑම වේල ලෙස ජනප්‍රිය විය. මැදපෙරදිග ගෘහ සේවයට ගිය අපේ මිනිසුන්ගේ ද රසවත්ම ආහාර වේල එය විය. ඔවුන් මෙරටට පැමිණිය ද එකී කෑම වේලේ රස අමතක නොවීය. එහෙත් අද මෙන්ම බායි රොටි, පරෝටා එදා නොතිබිණි. ඔවුහු ඒ වෙනුවට ගෝදම්බ රොටි එකතු කරගනිමින් ඒ රසවත් කෑම වේල සාදාගත්හ. ක්‍රම ක්‍රමයෙන් එම කෑම වේල වැඩි දියුණු වෙමින් ආපනශාලාවල රත්වෙන යකඩ තැටියකට අඩුම කුඩුම දමා තවත් යකඩ කෑලි දෙකකින් කොටා ගන්නා තත්ත්වයට පත් විය. පසුව එම කෑම වේලට කොත්තු රොටිය යනුවෙන් නමක්‌ ද එකතු විය. මෙරට ප්‍රථම වරට කොත්තුව මඩකලපුවේ ඉපදුණු බවට නිල නොවන සාක්‍ෂි තිබේ. එහෙත් කොත්තු බාස්‌ලා කිහිප දෙනෙකුම අපට පැවසුවේ කොත්තුවේ ආරම්භය ඉන්දියාවේ කියාය. එහෙත් රත්වුණු යකඩ තහඩුවක්‌ මත තවත් යකඩ කෑලි දෙකකින් කොටන්නේ අපේ රටේ පමණක්‌ බවද, ඉන්දියාවේ කොත්තු සාදන්නේ තාච්චියේ බව ද ඔවුහු අප සමඟ පැවසූහ.

    පළපුරුදු කොත්තු බාස්‌ කෙනෙක්‌ කියන විදිහට කොත්තුවක්‌ සාදාගැනීමට අවශ්‍ය දෑ වන්නේ රොටි ග්‍රෑම් 300 ක්‌, එළවළු ග්‍රෑම් 150 ක්‌, මිරිස්‌ කුඩු ටිකක්‌, කෑලි මිරිස්‌, ලුණු කුඩු සහ ගම්මිරිස්‌ ස්‌වල්පයකි. බිත්තර කොත්තුවක්‌ නම් බිත්තර දෙකක්‌, මස්‌ කොත්තුවක්‌ නම් බැදපු මස්‌ කෑල්ලක්‌, මාළු කොත්තුවක්‌ නම් බැදපු මාළු කෑල්ලකි. මස්‌ හෝ මාළු කොත්තුවට ද බිත්තරයක්‌ එකතු කර ගන්නේය. මේ සියලුම දේ රත් වුණු යකඩ තැටියට දමා මස්‌ හෝ මාළු හොදි මිශ්‍ර කර කෑලි කුඩු වෙන ගානට කොටනු ලැබේ. කෑලි, කෑලි පොඩි වුණු තරමට කොත්තුව රසය. එළවළු කොත්තුවට නම් කිරි හොදි චුට්‌ටක්‌ එකතු කිරීම වඩාත් රසවත්ය. ඒ අවශ්‍ය දේවල් පදමට එකතු වුණා නම් වෙන කිසිම රසකාරකයක්‌ අවශ්‍ය නැත. කොත්තු දෙවර්ගයකි. තාච්චි කොත්තු සහ ගලේ කොටන කොත්තුය.කොත්තුවක නියම බර ග්‍රෑම් 800 කි. එහෙත් ගොඩක්‌ හෝටල්වල හදන කොත්තුවල නියම බර නැත. එමෙන්ම කොත්තුවලට වඩාත්ම සුදුසුම රොටි පරාට බව කොත්තු බාස්‌කෙනෙකු අපට කීවේය.

    'අපේ මිනිස්‌සු කොත්තුව රස කරන්න එක එක ජාතියේ රසකාරක එකතු කරනවා. කෑම රස කරන්න හෝටල්වල හදන හැම කෑමකටම වගේම රසකාරක දානවා. මමත් කඩේක වැඩ කරන කොත්තු බාස්‌ කෙනක්‌. ඒත් ඇත්ත කියන්න ඕනෑ. ඔය රසකාරක මිනිස්‌සුන්ට හොඳ දෙයක්‌ නෙමෙයි. මම හදන කොත්තුවලට නම් රසකාරක දාන්නේ නෑ. කෑම රස කරන්න රසකාරක ඕන නෑ. අවශ්‍ය දේවල් පදමට දානවා නම් කෑම රස වෙනවා...' මනුස්‌සකම හඳුනන මිනිස්‌සු කොහෙත් සිටිති. අපට කතා කළ කොත්තු බාස්‌ කියන දේ කරන කෙනෙක්‌ නම් ඔහු යහපත් මනුස්‌සයෙකි. එහෙත් අපේ රටේ හෝටල්වල කොත්තු කියා විකුණන්නේ දවසේ ලට්‌ට, පට්‌ට එකතු කරලා රසකාරක, සෝස්‌, චිලි පේස්‌ට්‌, ගම්මිරිස්‌, ලුණු මිශ්‍ර කර හදන පිළුණු ඉඳුල් සම්බෝලයකි.

    බොහෝ හෝටල්වල විකුණන කොත්තු මළ ජරාව බව සැබෑය. මස්‌, බිත්තර, පාන් පිටි, රසකාරක, මිරිස්‌, සෝස්‌ එක ගුලියට අනා කෑ විට ඇඟට දැනෙන අපහසුතාව කොත්තු කෑ ඕනෑම බත් කන හරකෙකු අත්විඳ ඇති. අපි කන කොත්තුවක කැලරි, මේද ප්‍රමාණය දවසකට මිනිසකුට අවශ්‍ය කැලරි, මේද ප්‍රමාණයට වඩා හය, හත් ගුණයකින් වැඩිය. රාත්‍රි ආහාර වේලට එවැනි කෑමක්‌ බඩට දාගත් විට හැදෙන ලෙඩේ අමුතුවෙන් පැහැදිලිs කිරීමට අවැසි නැත. පාන් පිටි කෑම කොලෙස්‌ටරෝල්, දියවැඩියාව වැනි රෝගවලට අත වැනීමකි. කොත්තුවලට ගන්නේ ගෝදම්බ රොටිය. එයද පිටි ගුලියකි. එහෙත් රසකාරක ගුලි වී තැටියේ තැලෙන කොත්තුවේ පුසුඹ හිය මොළ රත් කරන විට මේ කෙටෙන්නේ දවස මුළුල්ලේ ඉතිරි ඉඳුල් බව බඩජාරීන්ට මතක්‌ වෙන්නේ නැත. කොත්තු කන්නේය. අන්තිමේ සල්ලි දී ලෙඩ ගන්නේය. දැන් කොත්තු කෑ තරුණයන් ද මැරෙන්නේය. එහෙත් රටේ කොත්තු හැදෙන එක නතර නොවේ. අපි කන කෑම ගැන තේරුම් ගත යුත්තේ අපමය. ලෙඩ හැදෙන්නේ අපටය.




    තරංග රත්නවීර/දිවයින
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලියපු එකාට එකෙන් ම වැරදි ඇත.......
    කොත්තු උපත ලබන්නේ ලංකාවේ කාත්තන්කුඩියේ ය.....
    එය ලංකා-මුසල්මාන නිශ්පාදනයකි.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ශ්‍රිලංකාවේ ජීවත් වෙන මිනිස්සු හැටියට වෙන හරියක් චාටර් වැඩ, ගොන් වැඩ,
    එපා කරපු වැඩ , එකී මෙකි නොකී සියලු දේ වෙන්නේ අපිටමයි. ජීවිතේ කියන්නේ
    ඒ වෙච්ච වැරදීම් හදාගෙන අත්දැකීම් එකතු කරන ඉදිරියට යන එක.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම නම් අහල තියෙන්නේ කොත්තු කියන්නේ වතුකරයේ දෙමළ මිනිස්සුන්ගෙන් ආපු එකක් කියලය.

    විවිද අය එක එක විදිහට කොත්තු රොටිය උපත ලබා තිබෙන බව පවසයි. ඒ කෙසේ නමුත් කොත්තුව නම් ශරීරයට ගුණ නැති අගුණම ආහාරයකි. ඒ කොහොම උනත් අපිට කොත්තු රොටිය සහ ඕල්ඩ් අරක්කු බාගය නැතුවම බැරි ගජ මිත්‍රයෝ දෙන්නෙකි.


     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඒ මාත් අහල තියෙන්නේ මේක ලංකාවේ වැඩක් කියලා...
    හොඳට කොත්තු දාන උනුත් ඉන්නවා.
    දවස ගානේ කන එකනේ අවුල... ඉදල හිටලා කෑවට වරදක් නෑනේ.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    kauru monawa kiwwath raata koththuwak kana eka taram athal kaamak man jiwitheta kaala na..patta..mama danna widihata kaththankudi thama koththuwe aranbaya...koththu saddeth ati matanam bada pirenna..
     

    pusa07

    Junior member
  • Aug 24, 2007
    463
    3
    18
    Lost
    This guy has obviously got it wrong. I live in middle east (Dubai) and Pakistanis dont eat like that. Kottu is known as a Sri Lankan food in Dubai, although there are a few malabari restaurants who has Kottu in their menu. I have seen a Malabari menu where Kottu was mentioned as Ceylon Kottu.